IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ගැටළු සාකච්ඡා කිරීමේ තුන් බිය

 

ගෙවුනු සතිය වාස් ගුණවර්ධනට එතරම් සුබදායක නොවූවා පමණක් නොව අන්තර්ජාතික තලය සැළකීමේදී, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපයට අහිතකර ප‍්‍රචාරණයක්ද හිමිකර දුන්නේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ ලෙස හදුන්වාදෙමින් ශී‍්‍ර ලංකාව ද වර්තමානයේ අනුගමනය කරන පිළිවෙත්වලට ආදර්ශය ද දුන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව, පසුගිය සතියේ සුරයෙන් නිරයට වැටුණේය. ඒ හිටපු අධීක්ෂණ මන්තී‍්‍රවරයා, ඔහුගේ ඉතාම වටිනා ජයග‍්‍රහණයක් ලෙස උදම් ඇනූ, ශී‍්‍ර ලංකා ජනතාවගේ මුදල් ලක්ෂ ගණනින් යොදවා දිනාගත් පුද්ගලයකු නිසාය.

ඔහු නමින් රිචර්ඩ් කයිල් පෙයිස්ලිය.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උතුරු අයර්ලන්තය නියෝජනය කරන මන්තී‍්‍රවරයකු වන ඔහුගේ පක්ෂය වනුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘත්තික පක්ෂයයි.

බි‍්‍රතාන්‍යයේ වර්තමාන අගමැතිනි තෙරේසා මේ යටතේ වන කොන්සර්වටිව් පක්ෂය සුලූතරයක් හිමිකරගෙන සිටිය දී එම පක්ෂයට බහුතරය දිනා දී රජයක් තැනීම සඳහා ආධාර කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘත්තික පක්ෂයේ සාමාජිකයන් 10 දෙනාගෙන් එක් අයකු වන පෙයිස්ලි, දිගටම කටයුතු කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙසය. එහෙත් පාර්ලිමේන්තු දින 30ක කාලයකට ඔහුට මේ වන විට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තහනම් කර තිබෙන අතර, ඔහුගේ කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන තෙක් පෙයිස්ලිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘත්තික පක්ෂය පියවර ගෙන තිබේ.

මේ තත්ත්වය හමුවේ අතුරු මැතිවරණයකට ඉදිරිපත්ව ජනතා කැමැත්ත විමසා සිටීමට පෙයිස්ලිට බොහෝ විට සිදුවනු ඇති අතර, එයට සූදානම් බවද ඔහු ප‍්‍රකාශ කර තිබේ.

ඉයන් පෙයිස්ලි (ජ්‍යෙෂ්ඨ) වන ඔහුගේ පියා උතුරු අයර්ලන්තයේ ප‍්‍රකට ප්‍රොතෙස්තන්ත ආගමික නායකයකු පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෘත්තික පක්ෂයේ ආරම්භක නායකයා ද වේ. බි‍්‍රතාන්‍යයේ ප‍්‍රථම උතුරු අයර්ලන්ත අමාත්‍යවරයා වන්නේ ද ඔහුය.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ තත්ත්වය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු කොමසාරිස්වරයා - කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශී‍්‍රමත් කෙවින් බැරන්, කරුණු තුනක් අභිමුඛයෙහි පෙයිස්ලි වැරදිකරු වන බව තීන්දු කළේය. බැරන් නායකත්වය දරණ මෙම කොමිසමෙහි සාමාජිකයන් 14 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 7 දෙනෙක්ම කතෝලික පල්ලිය හා සම්බන්ධ සාමාජිකයන් වීම විශේෂය.

2017 සැප්තැම්බර් මාසයේ ප‍්‍රකාශිත ඩේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පත් අනාවරණයක පදනමේ සිට ඔවුහු පෙයිසිල්ගේ කටයුතු විමසුමට ලක් කළහ. අනෙක් දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මෙම කමිටුවේ ඉතිරි සාමාජිකයෝය. රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් අනුග‍්‍රහය දිනාගැනීමට පසුගිය රජය උත්සාහ කර තිබෙන බවත් එහිලා ඉතාම නින්දා සහගත ලෙස අසමත්ව තිබෙන බවත් පැහැදිලිව තහවුරු කරන එම කරුණු තුනකි. ඒවා මෙසේය.

  • ගෙවීමක් මත පක්ෂපාතීත්වය දැක්වීම අරබයා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අනුගමන කරන නීතිය පෙයිස්ලි උල්ලංඝණය කර ඇත.
  • 2014 මාර්තු මස 19 වැනිදා බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඩ් කැමරන් වෙත ලිපියක් යොමු කර තිබෙන ඔහු, එයින් ශී‍්‍ර ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව තිබෙන යෝජනාවලියට විරුද්ධව පෙනී සිටින මෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබෙන අතර, එය මෙම නීතිය උල්ලංඝණය කිරීමකි.
  • ශී‍්‍ර ලංකාව වෙනුවෙන්ම වන ප‍්‍රතිලාභයක් මෙසේ දිනාදීමට ඔහු උත්සාහ කර තිබෙන්නේ ගෙවුනු මාස 12ක කාලයේ දී පෙයිස්ලි හට ශී‍්‍ර ලංකා රජයෙන් පෞද්ගලික ප‍්‍රතිලාභයන් සහ ආගන්තුක සත්කාරයන් ලැබී තිබියදීය.

සටහන - බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තුවේ තත්ත්වය සදහා වන පාර්ලිමෙන්තු කොමසාරිස්වරයා සදහන් කළ ආකාරයට මෙම ලිපිය යවා තිබෙන්නේ වසරක් ගතවන තෙක් ශී‍්‍ර ලංකාව වෙනුවෙන්ම වන ප‍්‍රතිලාභයන් දිනාදීමට කටයුතු කිරීම පෙයිස්ලි හට තහනම් කළායින් පසුවය. ශී‍්‍ර ලංකා රජයෙන් ඔහු ප‍්‍රතිලාභයන් ලබාගෙන ඇතැයි තහවුරු වී ඇත.

මෙම සමස්ත සිදුවීමෙන් අනාවරණය වන කාරණය නම්, ශී‍්‍ර ලංකාව වෙනුවෙන් හඩ නැගීමට එකදු හෝ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු දිනාගැනීමට එරට ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයට නොහැකිව තිබෙන බවය. ඒ වෙනුවට පෙයිස්ලිගේ සහාය මිලයට ගැනීමට ඔවුනට සිදුව ඇත.

තානාපති කාර්යාලයේ නිලධරයන් එසේ කටයුතු කර තිබෙන්නේ ඔවුන් වෙනුවෙන් වසරක් පාසා ශී‍්‍ර ලංකාව ස්ටර්ලිං පවුම් මිලියන ගණන් වියදම් කරන විටය. දේශපාලනයේ ආනුභාවයෙන් පත්වීම් ලැබ තිබෙන බහුතරයක් වන ඔවුන් රාජකාරියේ අදක්ෂයෝය. දැනුදු, එම තත්ත්වයේ වැඩි වෙනසක් නැත.

එම අවස්ථාවේදීම බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ නීති ප‍්‍රකාරව, තමන්ට ශී‍්‍ර ලංකා රජයෙන් හිමිවූ වරප‍්‍රසාදයන් සහ ආගන්තුක සත්කාරයන් ප‍්‍රකාශයට පත්කිරීමට, 2014 මාර්තු 29 වැනිදා බි‍්‍රතාන්‍ය අගමැතිවරයාට ලිපියක් යොමු කළද ඔහු අපොහොසත්ව තිබේ.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුගමනය කෙරෙන ලියාපදිංචි කිරීමේ නීති ප‍්‍රකාරව කටයුතු කිරීම ඔහු පැහැර හැර ඇත. 2013 වසරේ මාර්තු - අපේ‍්‍රල් මාස දෙක ඇතුළත සහ ජූලි මාසයේ ඔහු තම පවුලේ සාමාජිකයන් සමඟ දෙවරක් ශී‍්‍ර ලංකාවේ සංචාරය කර තිබෙන අතර දින 28ක් ඉක්ම යෑමට මත්තෙන් එවන් සංචාරයන් ලියාපදිංචි කළ යුතු බවට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ එකඟතාවයක් පැවැතියද, ඔහු එම එකඟතාවය පරිදි කටයුතු කර නොමැත.

සටහන - 2013 නොවැම්බර් මාසයේ 11 සිට 15 වැනිදා දක්වා පෙයිස්ලි ශී‍්‍ර ලංකාවේ රැදී සිටියදී එය මෙම විමර්ශනයෙන් විමසුමට ලක් කර නොමැත. එයට හේතුව වන්නේ පෙයිස්ලිගේ එම සංචාරය, බි‍්‍රතාන්‍ය පාර්ලිමෙන්තු සාමාජිකයන්ගේ ලැයිස්තුවේ, මුල්‍ය සම්බන්ධයෙන් වන කටයුතු යටතේ නියමාකාරයෙන් වාර්තාකර තිබීම නිසාය. එදවස කොළඹ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගීවීම සඳහා පෙයිස්ලි දිවයිනට පැමිණ සිටි අතර, වාස් ගුණවර්ධන ඔහු වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ආරාධනයක් කර තිබිණි. නමුත් පෙයිස්ලි, ඔහු ඊට පෙර ශී‍්‍ර ලංකාවේ කළ සංචාරයන් නිසි පරිදි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව යටතේ ලියාපදිංචි කර නොමැත.

ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයක් වන මහින්ද රාජපක්ෂ හිතවාදීන්ට පෙයිස්ලිගේ ජවනිකාව පැහැදිලි කරදීමට, අඩුම තරමේ ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය හෝ පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයට පත්කිරීමට නොහැකි විය.

දැනටම පැහැදිලිව තිබෙන ආකාරයට, ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින්, ඔවුන් අතරේ සිටින කතාවේ දක්ෂ විමල් වීරවංශ සහ තවත් තරුණ දේශපාලඥයින් කිහිපදෙනෙකු හැරෙන්නට, ඔවුන්ට විපක්ෂව අසුන්ගෙන සිටින රජයේ පාර්ශවකරුවන්ට එරෙහිව අදහස් දක්වන්නේ නම් ඒ ඉතාම මෘදු ආකාරයෙන්ය.

සාකච්ඡාවට ගතයුතුම දේශපාලන ගැටළු ඔහේ වැළලී යන්නට ඉඩ හරින්නේ ඒ සම්බන්ධයෙන් මිමිනීමකින්ද තොරවය. ඔවුන් මෙසේ කටයුතු කරමින් සිටින්නේ තමන්ගේ අතීත කටයුතු සිහිපත්ව බියපත්ව සිටින නිසාද, නායකත්වයේ ගැටලූ නිසාද, එසේත් නැතිනම් දෙපාර්ශවය අතර ඇතිකරගෙන තිබෙන එකඟතාවයක් නිසාද, යන්න පැහැදිලි නැත.

ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටීමේ අරමුණ වෙනුවෙන් සහ ශක්තිමත් විපක්ෂයෙක් ලෙස පෙනී සිටිමින් අනෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් මෙන් රජයේ කටයුතු ප‍්‍රශ්න කිරීමට සහ විමසුමට ලක්කිරීම වෙනුවෙන්, ඒකාබද්ධ විපක්ෂය කටයුතු නොකළ අවස්ථා එමටය. දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ, දේශපාලන ගැටලූ බොහෝමයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන වාතාවරණයක, ඒකාබද්ධ විපක්ෂය ද අකී‍්‍රය පිළිවෙතක් අනුගමනය කිරීම පාර්ලිමේන්තුවේ කාර්යසාධනය අසමතුලිත වීමට එක් ප‍්‍රධාන හේතුවකි.

වර්තමානයේ දී දෙපාර්ශවය අතර දේශපාලන ගැටළු සහ අර්බුදයන් ඉස්මතු වේ නම් ඒ පුවත්පත් සාකච්ඡාවලදී සහ රූපවාහිනී සංවාද වැඩසටහන්වලදී පමණකි. දැඩි මතවාදීව කටයුතු කළ රජයක් සහ බලවත් මෙන්ම බලපෑම් කිරීමේ සමත් ප‍්‍රබල විපක්ෂයක් පැවැති අතීතය දැන් කාලයේ වැලිතලාවෙන් යටව ගොස් ඇති සෙයකි. ඒ වෙනුවට අද ඇත්තේ සම්මුතීන් ඇතිකරගැනීම හෝ කිසිවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටීමය.

තත්ත්වය එසේ තිබියදීත් තමන් විපක්ෂය ලෙස පිළිගන්නා මෙන් ඒකාබද්ධ විපක්ෂය කතානායක කරූ ජයසූරිය මහතාගෙන් නැවත නැවතත් ඉල්ලීම් කරමින් සිටින බව ද සඳහන් කළ යුතුමය.

පසුගිය සතියේ ඒකාබද්ධ විපක්ෂයේ මුල් පෙල සාමාජිකයකු වන ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ලිපියක් යොමු කළේ ය. විපක්ෂය ලෙස පාර්ලිමෙන්තුවේ පෙනී සිටීම අරභයා, විශේෂයෙන් 2020 වසරේ එන ජනපතිවරණය සැළකිල්ලට ගැනීමේදී, ඒකාබද්ධ විපක්ෂයේ බලවත් යැයි සැළකෙන කණ්ඩායම් කිහිපයකම දැඩි අවධානය යොමුව තිබේ.

 



අදහස් (0)

ගැටළු සාකච්ඡා කිරීමේ තුන් බිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 169 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1111 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site