IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


කැබිනට් අමාත්‍ය පදවි 15ක් අප වැනි රටකට මදිද?

ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම දිගින් දිගටම ඇදෙන දේශපාලන ප්‍රශ්නයක් බවට හැරී තිබේ. එය දේශපාලන ප්‍රශ්නයක් වන්නේ රටේ ජනතාවට වඩාත් වැදගත් වන්නේ ආණ්ඩුවේ සිටිය යුතු අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව නොව කැබිනට් මණ්ඩලය හරහා සිදුවන කාර්යභාරය බැවිනි.

මේ වනවිට පත්කරනු ලැබ සිටින 22ක් වන කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව30 දක්වා ඉහළ දැමීමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ සැලසී තිබේ. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද දැනට 38කි. ඒ සංඛ්‍යාව ද ඉහළ යාමට නියමිතය. මේ පසුබිමේ ආණ්ඩුව තුළ සිටින අමාත්‍ය ධුර නොලැබූ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් බලවත් සේ විස්සෝපයට පත්ව සිටින බවක් ද පසුගිය දා මාධ්‍යවල සිරස්තල මවා තිබිණි.

රටේ දේශපාලනික සහ සමාජ ආර්ථික තොරතුරු පිළිබඳ අධ්‍යයනය කරන ස්වාධීන ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය ශ්‍රී ලංකාවට ගැළපෙන අමාත්‍යංශ සංඛ්‍යාව සහ එම අමාත්‍යංශවලට වෙන්විය යුතු කාර්යභාරය පිළිබඳ කළ සමීක්ෂණයක වාර්තාවක් පසුගියදා එළි දක්වා තිබිණි. එම වාර්තාව පදනම් වී තිබුණේ කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ඇතිකර ගැනීම සඳහා නිරාකරණය කරගත යුතු ගැටලු හඳුනා ගැනීම මූලික කර ගනිමිනි.

ඒ සඳහා පසුගිය කාලය තුළ සිදුකළ පර් යේෂණ මත පදනම්ව රටට ගැළපෙන අමාත්‍යංශ 15ක ආදර්ශ නියැඳියක් වෙරිටේ රිසර්ච් ආයතනය මගින් ඉදිරිපත් කර තිබිණි. එම නියැඳියට අනුව කාර්යක්ෂම සහ ඵලදායී ලෙසට ආණ්ඩුවක් ක්‍රියාත්මක කිරීම සඳහා එක් එක් අමාත්‍යංශවලට වෙන් කෙරෙන කාර්යභාරය ද වෙන් වෙන් වශයෙන් දක්වා තිබීම ද විශේෂත්වයකි.

මෙරට බලයට පත් ආණ්ඩු කෙදිනකවත් රටේ පාලනය කාර්යක්ෂමව කිරීමේ පදනම මත කැබිනට් අමාත්‍යවරුන් පත්කර නැත. අමාත්‍යවරුන් කිහිප දෙනකුට ඇතැම් ආණ්ඩු මගින් ඒ ආකාරයට සැලසුම් කර පත්වීම් ලබාදී තිබුණත් බොහොමයක් රාජ්‍ය නායකයන් කළේ වඩාත් ජ්‍යෙෂ්ඨ සහ තමන්ගේ මතයට එරෙහිව නොයනු ඇති බවට විශ්වාස කරන පුද්ගලයන් හට කැබිනට් තනතුරු ප්‍රදානය කිරීමය.

එසේම රජය පවත්වාගෙන යාමට සහාය දක්වන සුළු පක්ෂවල නායකයන් සතුටු කිරීම වෙනුවෙන් ද ඉතා වැදගත් අමාත්‍යංශ ගණනාවක් වෙන් කිරීම ද චාරිත්‍රයක් බවට පත්ව තිබේ. මේ තීන්දු ගැනීම්වල අවසානය නිදහස ලබා වසර75ක් ගතවන විට ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත් වීමය. 

කැබිනට් අමාත්‍ය ධුරවලින් පිදුම් ලැබූ දේශපාලනඥයන්ගෙන් මේ රටට කිසිදු සේවයක් සිදු නොවී යැයි පැවසීමට අපි ඉක්මන් නොවෙමු. ඇතැම් අමාත්‍යවරුන් ඉතා දූරදර්ශීව ක්‍රියාත්මක වෙමින් රටේ දේශපාලනික, සමාජ සහ ආර්ථික දිශානතිය වෙනස් කිරීමට ප්‍රබල දායකත්වයක් දක්වා ඇති බව සඳහන් කළ යුතුය. එහෙත් බහුතරයක් අමාත්‍යවරුන්ගේ බඩගෝස්තරවා දී තීන්දු තීරණ කාර්යක්ෂම ඵලදායී පාලනයක් ගෙන යාමට උපකාරී වී නැත. සංඛ්‍යාත්මකව අමාත්‍යංශ ප්‍රමාණය වැඩිවීම කිසිසේත් කාර්යක්ෂම පාලනයට උදව් කරන්නේ නැත.

මේ බව උපුටා දක්වා වෙරිටේ රිසර්ට් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ 2010 සහ 2020 කාලය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල සහ අස්ථාවර කැබිනට් අමාත්‍යංශ පිහිටුවා තිබීම කාර්යක්ෂම සහ ඵලදායී ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා කිසිදු දායකත්වයක් දක්වා නොමැති බවය. ඒ හරහා ඇති වූ ගැටලු හඳුනා ගනිමින් රටට ගැළපෙන අමාත්‍යංශ 15ක ආදර්ශ නියැඳියක් ඔවුන් සකසා ඇත්තේ ඒ ඒ විෂයට වැදගත් වන අමාත්‍යංශ තෝරා බේරා ගනිමිනි.

එම වාර්තාව ගෙඩි පිටින් ආදර්ශයට ගත යුතු යැයි අප කියන්නේ නැත. එහෙත් අති විශාල කැබිනට් මණ්ඩලයක් පවත්වා ගෙනයාම රටේ ගැටලු තවත් උග්‍ර කළා මිස ඒවාට විසඳුමක් ලබා නුදුන් බව පැහැදිලිව පෙනෙන සත්‍යයයි. ඒ තත්ත්වය දැන්වත් වෙනස් විය යුතු නොවේද?

මේ රටේ කැබිනට් අමාත්‍ය ධුර වෙන්වීම අඩුම තරමින් ජනගහන අනුපාතය සමඟ හෝ සමපාත වන්නේ නැත. මිලියන 22ක ජනතාවක් සිටින අපේ රටට කැබිනට් අමාත්‍ය ධුර 30ක්ද රාජ්‍ය අමාත්‍ය ධුර 45ක් ද වෙන්වී තිබේ. එහෙත් අධික ජනගහනයක් සිටින ලොව බලවත් සහ ධනවත් රටවල් බොහොමයක අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉතා අඩුය.

කෝටි 142ක් සිටින චීනයේ කැබිනට් අමාත්‍ය ධුර 26කි. එවැනිම ජනගහනයක් සිටින ඉන්දියාවේ අමාත්‍ය ධුර29කි. අමෙරිකාවේ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර හා සමාන වන ලේකම් ධුර ඇත්තේ 15ක් පමණි. එසේනම් අපේ රට අපේ ආර්ථිකයට ගැළපෙන සේ කුඩා අමාත්‍ය මණ්ඩලයකින් පාලනය කළ නොහැක්කේ මන්ද?

අපේ රටේ අමාත්‍ය ධුර යනු විශාල වරප්‍රසාද සහිත පදවි වීම ඊට හේතුවය. මේ අධි වරප්‍රසාදිත ධුරය රටේ ආණ්ඩු බලය හසුරුවයි. ඒ සඳහා වාර්ෂිකව වැයවන බිලියන ගණනක මුදල් ගෙවා දමන්නේ මහජනතාවගේ බදු මුදලිනි. වෙනත් රටවල එවැනි වරප්‍රසාද කැබිනට් අමාත්‍යවරුන්ට නැත. ඒ රටවල් දියුණු වෙද්දී අපේ රට පරිහානියට පත්වීම පිළිබඳ තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.

(***)



අදහස් (0)

කැබිනට් අමාත්‍ය පදවි 15ක් අප වැනි රටකට මදිද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නවක ලේඛකයන්ට නිසි මපෙන්වීමක් නෑ
2023 සැප්තැම්බර් මස 26 49 0

‘මගේ මතක’ ඔබේ චරිතාපදානය කෘතියයි. ලේඛන දිවියේ පනස් වසරක අත්දැකීම් සමඟ මෙවන් චරිතාපදානයක් පළකිරීමට කල්පනා කළේ ඇයි?


උගතුන් උපන් රට හැරයෑම
2023 සැප්තැම්බර් මස 26 169 0

විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යන පුවත් මේ දිනවල වැඩියෙන් අසන්නට ලැබේ. මේ ආකාරයට බුද්ධිගලනය ඉහළ යෑමට රටේ පවතින ආර්ථික අර්බු


නිලධාරි පෙළන්තියේ නිල රථ ගායට බෙහෙත් දෙමු
2023 සැප්තැම්බර් මස 26 303 0

මේ රටේ නිල රථ සම්බන්ධ අපූරු කතාවක් පසුගිය දිනෙක වාර්තා වූයේය. බුද්ධි අංශ මගින් මේ සම්බන්ධයෙන් රජයට ලබාදුන් වාර්තාවක සඳහන් වී ඇත්තේ නිල රථ දෙදහසකට ආසන්


අපනයන ආදායම් නැංවීමේ ක්‍රමවේද ඕනෑ
2023 සැප්තැම්බර් මස 25 134 1

උද්ගත වූ ආර්ථික අර්බුදයට මේ වන විට වසරක් ඉක්ම වූ කාලයක් ගතව තිබේ. එම අර්බුදය පැතිකඩ කිහිපයකින් සමන්විත වේ. ඩොලර් හිඟය, රුපියල් හිඟය සහ ණය අර්බුදය වශයෙන්


සමාජ විරෝධී ක්‍රියාවලට දරුවන් යොදාගන්න එපා
2023 සැප්තැම්බර් මස 25 176 0

බාල වයස්කාර දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් අසභ්‍ය වීඩියෝ දර්ශන මුදලට විකුණූ බව කියන හිමිනමක හා ඊට ආධාර අනුබල දුන් බව කියන කුලී රථ රියදුරකු රක්ෂිත බන්ධනා


උතුරේ දකුණේ සැමරීම්
2023 සැප්තැම්බර් මස 23 523 0

වසර 36කට පෙර 1987 සැප්තැම්බර් 26 වැනිදා දින 12ක මාරාන්තික උපවාසයකින් පසු මියගිය කොටි සංවිධානයේ එවක යාපනයේ දේශපාලන අංශ ප්‍රධානියා වූ රාසයියා පාර්තිපන් හෙවත්


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1763 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 719 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site