IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


කවදා ඉටුවෙයිද මේ ඡන්ද පොරොන්දු?

  36

 

මේ අපේ රටේ තවත් තීරණාත්මක මැතිවරණයක් කට මුල සිටින දවස්ය. ඒ නිසා මේ දිනවල අපට බඩ කට පුරා හැම වෙලේම ඡන්ද පොරොන්දු අඩුවක් නැතිව ලැබේ. ඡන්ද පොරොන්දුවලින් දැන් අපේ කන් ගොඩවෙලා වගේ දැනේ. විශේෂයෙන්ම හැමදාම සුපිරි ඡන්ද පොරොන්දු දෙන්නේ අපේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකේ උදවියයි. මෙවරද එහි අඩුවක් නැත.

 


මැතිවරණයත් සමග මැතිවරණ පොරොන්දු ජනතාව අතට පත්වෙන්නේ ආකර්ශණීය දවටනයන් සහිත ‘‘ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන’’ නමින්ය. මෙවරත් ප‍්‍රධාන පක්ෂ තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන හෙවත් ඡන්ද පොරොන්දු මාලාව ඉදිරිපත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂය මෙවර ‘‘මාස 60කින් අලූත් රටක් හදන පංචවිධ ක‍්‍රියාවලිය’’ නමින්ද නිදහස් සන්ධානය ‘‘අනාගතයට සහතිකයක්’’ නමින්ද ඡන්දදායකයින් අතට පත්කර ඇත.


බැලූ බැල්මට මේ පොරොන්දු ඉටු වෙන්නේ නම් මේ රට කොයි තරම් සුරපුරයක් වනේන්දැයි සිතේ. නමුත් අතීත උදාහරණ අනුව මෙසේ පක්ෂ විසින් දුන් පොරොන්දුවලින් මේ දක්වා ඉටු වී ඇත්තේ කංහැන්දක් තරම් සොච්චමකි. හැමදාම ඡන්ද කාලෙට ලැබෙන මේ කැරට් අල රස බලා ඇති ඡන්දදායකයින්ද මේවා මේ සම්මජාතියේ ඉටු නොවන ඒවා බව දැන දැනම පක්ෂවලට ඡන්දය ද දෙති. ඊට පසු ඒ දුන් පොරොන්දු ඉටු කරන්නේ නැතැයි කියා ඊළඟ අවුරුදු කීපය නහයෙන් අඬ අඬා සිටිති. මේ ඡන්ද පොරොන්දු සෙක්කුවේ අපේ ඡන්දදායකයින් වටා කාලයක් තිස්සේ කැරකෙමින් සිටී.

d
මෙවරද හිනායන ජාතියේ ඡන්ද පොරොන්දු මල්ලක් දෙපැත්තෙන්ම අත පුරා ලැබී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේද එක්සත් ජාතික පක්ෂ වේදිකාවේද මේ ඡන්ද පොරොන්දු දෝරෙ ගලා යන හැටි අපට මේ දිනවල දැකගත හැකිය. මහින්ද රාජපක්ෂ රජයේ සේවකයින්ට රුපියල් විසි පන්දාහක් දෙනවායැයි කියන විට රනිල් වික‍්‍රමසිංහ රැකියා දස ලක්ෂයක් දෙනවා යැයි කියයි. හැමදාමත් වගේ රජයේ සේවකයින් මේ ඡන්ද පොරොන්දුවලින් අඩු නැතුවම බයිට්වේ. එළුවාගේ මොකක්දෝ වැටෙන තුරු පසුපස යන නරියාගේ තත්ත්වය මේ ඡන්ද පොරොන්දු නිසා රජයේ සේවකයින් වැටිලාය.


කසාඳ බඳින අයට ලක්ෂ දෙක ගානේ දෙනවා යැයි මහින්ද රාජපක්ෂ කියන විට කසාද බඳින ගාස්තුව රුපියල් පන්දහස දක්වා වැඩි කළේ මේ අප්පච්චිම නේදැයි අනෙක් පැත්තෙන් ප‍්‍රශ්න කෙරේ. රැකියා දස ලක්ෂය ගැන එක්සත් ජාතික පක්ෂය කියන විට යූඑන්පිය හැමදාම රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළා නොවේදැයි අනෙක් පැත්තෙන් අසයි.


මෙවර එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙළේ ‘‘මතින් තොර රටක්’’ ගැන කියා ඇත. පහුගිය ආණ්ඩුවෙ ‘‘මතට තිත’’ ජෝක් වී ගිය හැටි මතක් වෙන විට මේකටත් ඒ ඉරණම අත්විය හැකි බව විතරක් අනාවැකියක් ලෙස කිව හැක.

3
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ද මේ ඡුන්ද පොරොන්දුවලින් හොඳ හැටි රැුවටී ඇති පිරිසකි. මෙවරද දෙපැත්තම වැඩි හිටියන්ට සලකන්න මග බලාගෙන සිටින බව කියති. සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි මර්මස්ථාන මේ ඡන්ද පොරොන්දු අතර කැපී පෙනේ. හැමදාම දුන් පොරොන්දුවලට අනුව මේ ක්ෂේත‍්‍ර වර්ධනය වුණා නම් මෙය ඇත්තටම ලෝකයේ සුපිරිම රටක් වී හමාරය. හරියට බේත් ටිකක් දී ගන්න බැරි සෞඛ්‍ය සේවකයකුත් පහේ ශිෂ්‍යත්ව විභාගය පවා නිසියාකාරව පවත්වා ගැනීමට නොහැකි අධ්‍යාපනයත් අද අපට උරුම වී ඇත්තේ මේවා ඡන්ද පොරොන්දු නිසාය.


බඩු මිළ අඩු කිරීම තවත් නොම්මර එකේ ඡන්ද පොරොන්දුවකි. මෙවරත් බඩු ලැයිස්තු දෙපැත්තම ඉදිරිපත් කර ඇත. රුපියල් 3.50කට පාන් ගෙඩිය ලබාදෙන ඡන්ද පොරොන්දුවක් රටක ආණ්ඩු වෙනස් කළ අතීතයත් අපට උරුමය. හඳෙන් හාල් ගෙනත් දෙනවා යැයි කියු දේශපාලන නායිකාවක් ඇට අටක් දෙනවා යැයි කියූ දේශපාලන නායකයින් තට්ටු මාරු ක‍්‍රමයට අපේ රට පාලනය කර ඇත.


මෙවර මැතිවරණ සමයේ කරළියට ආ මැතිවරණ පොරොන්දු මලූද ලබන 17 වෙනිදායින් පසු දොරමුල්ලට වැටෙනු ඇත. එතැන් පටන් දුන් පොරොන්දු ඉටු කරන්නේ නැතැයි අවලාද කීමට විපක්ෂයටත් ඒ අවලාද අසා ඒවාට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කර ඇඟ බේරා ගැනීමට ආණ්ඩුවටත් තවත් වසර 5ක් ලැබෙනු ඇත. තවත් සුමානයක් යනතුරු ඡන්දදායකයාට මේ සුරම්‍ය සිහිනයේ සිටිය හැක. තව වසර පහකින් ඊළඟ ඡන්ද පොරොන්දු නාටකය රඟදැක්වීමට දේශපාලකයින්ට මේ වසර පහ තුළ ලකලෑස්ති වීමට  ඕනෑවටත් වඩා කාලය තිබේ. කෙසේ වෙතත් හැමදාමත් ඡන්දදායකයින් පොරොන්දු වූ උගුලේ හිරවීම අනිවාර්ය කාරණයකි.

m



අදහස් (0)

කවදා ඉටුවෙයිද මේ ඡන්ද පොරොන්දු?

අජිත් Tuesday, 11 August 2015 01:12 PM

හොඳයි. සන්ධාන රජය නෙමෙයිද එතකොට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකළ ආණ්ඩුව? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site