ගුරුළා /ගුරුළු රාස්ස බියකරු වෙසක් දක්වමින් පැමිණෙන අසාමාන්‍ය පක්ෂියෙකි ගුරුළා. සමුදුර කිමිදගෙන නාලොවට ගොස් සැණෙකින උරගුන් ගෙන තුඩින ඇවිත් අහසට නැගී සැණෙකින මුදුන සැදි ඔටුනූ සිරස නයිපෙන තුනකි මැවුණූ ගැසූ හඬ අකුණූ ඒය ගුරුළෙක් මෙ සැටි ලකුනූ පලා ගන සමුදුරය ජල දිය නාග භවනට වඩිමිනා වෙලා ගෙන සිටි නයි සියල්ලම ගුරළු රජු දැක බියවුණා හෙලා ගෙන බිම තුඩින් අල්ලා එකෙකු අරගෙන ඉගිළුනා මෙලා ගය දුටු උරගු තුන් දෙන මහත් හඬ ගසමින් පැනා වත ද ගිරා තුඩ සේ ගහනත රත්රන් අකුසු ලෙසේ වත ද එරන් පාට දිලෙන මුකයට ගත් නයෙකු ලෙසේ නෙත ද රවා පැන සබයට හඬක් ගසයි සෙන විලසේ හිත ද පිරිය වඩති ගුරුළු කෝලම දුටු සත මෙලෙසේ අනංග භහිරව අනග රුව මුදුනේ දෙවඟන දෙපිට සැදුනේ රුවින් නෙක වරුනේ අනග බහිරව නමක් සැදුනේ සුරඟනක විලසින් තෙරුවන් දරා සිරසින් මෙ බෙර හඬ නොලසින් අසා සබයට ඒය විගසින් මුදුන දෙවි රුවසේ දෙදෙන අඟනක් දෙපසේ තිදෙන මෙම සිරසේ දරා ගෙන එන මෙලඳ රුවසේ දෙපිට දෙවඟන අනග රුව මැද පෙදෙහි බබළන විසිතුරූ ගතට රන්වන් පැහැ සුදු කළු බරණ දිසිවන අමයුරූ වතට සොමිසිරි සපල කරමින් රඟන රැුකුමට පියකරු මෙ පිට මිහිසිරි කියා නිම නැත සැපැති මදනට සුරගුරූ මිරිස්ස දකුණ බදුගොඩ කෝලම් පිටපත අනගි රුව මුදුනේ දෙවඟන දෙපිට සැදුනේ රුවින් නෙක් සැදුනේ අනග බහිරය නමක් සැදුනේ සුදුවත් අඳිමිනේ ඔටුනු බරණින් සැරසුනේ සබය බසිමින්නේ අනග බහිරය ඒය මෙදිනේ රැුගුමට පසන්නා බෙර හඬ ඇසී එන්නා තාල සොඳ දන්නා අනගි බහිරව ලඳුන් එන්නා කාපිරි කෝලම අප්පි‍්‍රකා දේසේ වසනා රකුසු විලසේ කාපිරි නම් තොසේ ඒය අඹු සැමි දෙදෙන මෙලෙසේ මිනිසුන් දුටුව තැන තොලකට ලොවිය බලමින කටට කෙල උණමින බලයි වට පිට නිතර විගසින කැලයෙන් අල්ලගෙන නැටුමට පුරුදුකරගෙන වන සිව්පා ලෙසින ඒය සබයට බලනු සැනෙකින මූණ රවුම වට කුරුවට තොල් දෙක රතුවෙලා සොඳට මාන බලති නිතරම පැන මිනිසුන්ගේ මස කන්නට දීන ගතිය නිතරම ඇත වන මෘගයො මෙන් කදිමට සබයේ අද නට නට යන කාපිරි දෙස බලනු සොඳට දේවගිරි අසුර ලොව වැසෙමින අසුරන් හැමට රජවන මන රස විඳ නිතින දේව ගිරි යකු ඒය විගසින සිරස නයි වෙලෙමින දෙයැස රවා බලමින විදුර දත් පෙලෙකින බලයි වට පිට රකුසු උරණින මුදුන දෙවි රුවකී දෑල සුරඟන දෙදෙනකී මැද අසුර යකෙකී දෑල රකුසු දෙදෙනකී මුදුන වෙළු නයි පස් දෙන වෙළුනා යෙදුන මුඛය නයි සවනත වෙළුනා දුදන සිතින් සැම සත බියකරනා බලන් දේවගිරි යකු සබ නටනා කුවෙර එ වෙසමුනි වරමුත් ගන්නේ මර රුපු ඉසි වර විවරණ ගන්නේ උරිරු එපෝතක දේ දරන්නේ නපුරු එ යකු සබයේ රඟදෙන්නේ (මිරිස්ස උඩුපිල) සුදු සඟල ඇඳගෙන පිට වරල කරලාගෙන දෙව් රුව දරාගෙන රඟන විලසින් ඒය නොලසින දෙව් රුව තුනක් හිස දරමින් සැරසි නොවලස දේවගිරි නම් යස කෝලමක් ඒය නොවලස තිබේ සිරස උඩ තුනක් දෙවි රුව සුරත් පැහැයෙන් බබළන ඉබේ සැරසුන දඋත පැහැයෙන් පුන් සඳක් මෙන් මූණ දිලිසෙන ලබා තෑගිත් පගෝදි රුපියල් සිතා සැමගෙන් අලස නොවමින සබේ නටනා දේවගිරි කල්‍යාණ කෝලම් බලව සතොසින සබ මැද බැස නටන මෙ ලඳ දැක ලොබ බැද නොඑක දනා ලැබ ගන්නට පමණ නොලැබ රසමුසු බස් විය දුනිනා සුබ ගුණ දෙවවි තෙදනා මෙලඳ ඉස දරමින් රැුකවරනා ලොබ බැඳ මෙලඳ ගැන තරන සලෙලූන් සිත පොලඹවනා බඩ දරු කෝලම කවියෙන් අසන කවි උපදෙස් රැුගෙන කී කවි බෙලෙනේ සරසා කවි කියන් බඩදරු කෝලමේ කවි දරු සුරතල් නිතින් දකින ඇතොත් සිතපෙන් හිමි සඳිනි මනරන් මෙ දුක් දුරුවෙයි යකුන් නටවන් සලඹ දෙක ගනිමින උඩික්කිය උරෙහි ලාගෙන ඔහොරිය පොරවමින මෙලෙස පත්තතිනි කෙනෙක් දැන් එන සැරයටිය ගනිමින හැට්ටය උරයෙ ලාගන තැනින් තැන වැටෙමින මහළු අඟනෙක් ඒය විගසින එදා සිටම වඳට ඉඳේ පුදා පඬුරු යකුට යඳේ වදා ගන්ඩ කරපු වඳේ වදා ගතිමි දරු බිලිඳේ ඔන්න පුතේ අත්තන්ඩි දෙතෙයි පුතුට කිසිකන්ඩි නටාලා ගත් කාසිකන්ඩි අරන් ගෙදර යන් පුතන්ඩි නිම්මා විදි බස පෙම්මා වෙන්ව ගොසින් වැදුවෙමිමා මම් ම මෙදුක ඉවසම්මා ඔන්න පුතෙයි බාලම්මා අත්තක පිපි මලක් ලෙසේ පෙත්තක ඇඳි රුවක් ලෙසේ සත්තක මගේ පුතුගෙ යසේ නෙත් දෙක හැර බලන් මෙසේ මෙවන් තනේ කිරි නොතබා පොවන්ඩ මගෙ පුතේ ලොබා බලන්ට මගේ පුතුගේ සුබා නුවන් දෙ යැස මැවිය බඹා ඇගේ තවම ලේ පාටින් ඉගේ දැවටි පෙකනි වැලෙන් අගේ වඩන දෙවියෝ දුන් මගේ පුතා උඹ නාඩන් අනේ මගේ පුතූ මොකෝ තනේ බිබී නැළවියකෝ රණේ රුවසේ නැළවියකෝ නාඩන් සුරතැල් මැණිකෝ (කොග්ගල මලලගම කෝලම් පිටපත) ඇඳි වත බුරුල් කොට නිදිමත වෙමින් සැමවිට බුදිනට නොව සතුට ඉඳින ලඳ මෙලෙස දොල දුක් කොට කදිමට නිවෙසෙහි මම උන්විටා මෙදිගස කී බස් ඇසූ පමණටා විඳිනට බැරි දුක් පැමිණුනි මටා යදිනෙමි මම ලො රකින සුරිඳුටා මෙලියට පැමිණුනු තද වේදනා විලි ලජ්ජා නොවසෙමි මම කියමිනා පැලීයයි මගේ හදවත මේ දුකිනා පිළිසරණක් වෙනු දැන් සැමදෙනා යකදුරු රාලට කීවෙමි තොසින් දැක නොබලා ඉල්ලී මිල මගෙන් මොක කරලා මුත් දෙමි ගම දිනන් සැක හැරලා කියනෙමි නැති සෙයින් දෙමළ කෝලම ස්වාමියා සමඟ එන දෙමළ අඟනකි. කවි දෙමළ වචනද සහිතව සකස්කර තිබීම සාහිත්‍ය රසය කුළු ගැන්වේ. ලක ලකල වාරදු විපුල ගුණ කසිරදු නිමල ගුණ පාරදු දෙමළ අගනෙක් ඔන්න වාරදු පර නො එක දිරනන් සමගින් දෙමළ හිමියන් අත්වැල් බැඳ නිතින් දෙමළ ළඳ ලිය ඒ විගසින් ලොල් වූ හිමිට මම එ කියන ඉවතට හරවමිනා ඇල්වූ පදය මුවරද කරනට වාලම දෙතනා නිල්ළු පේසු කියා සබේ මැතින් සැමට සිිටිනා මල්ළු කාසි තාරු කියා නටයි දෙමළ අඟනා රත්න කූටය රත්නකූටය යන නමින් රකුසෙක් රුදුවන මහත් හඬ ගසමින ඇවිත් සබයට වදී විගසින බිරන් වෙස් රැුගෙනා දනන් බිය කරවමිනා තිරස යසි දරමිනා වදී සබයට රකුසු තොසිනා සෙන හඬ ගුගුරමින විලස රුදු හඬ ගසමින යකුන් බිය කරවමින මොහුට සරිවන යකෙක් නැත වෙන සිත් තුටු කරන්නේ ගත් උරිරු වෙසෙකින්නේ මෙත් ගුණ නොදන්නේ රත්නකූටව යකෙක් එන්නේ බෙර ගොස නද අසා ආලය කරයි විගසා වෙසමුනි අන නිසා මෙනර ලොව බැස කෙලී සතොසා දිලෙන තුරුවකී තිරස නයි පෙන පසකී රුදුරු ගුණ යකෙකී මෙරඟ මඬලට ඒ සැනෙකි අසුරයා සුරන් දුන් වරමින බිරන් වෙස් ගෙන නොලසින නරන් බිය කරමින මෙ දැන් එයි අසුර යකු විගසින කිරුලිස දරා ගන තෝඩු සඟලක් ලා ගන රත්පෑයග නෙතින බලයි වටපිට රවා දෙනයන මේග හඬ විලසින බීත කරවයි සැනෙකින ඈත සිට බලමින වාත මේගය ලෙසින් ඇවිදින වෙලී සිරස සිවු නයි පෙනයකින් වකා වෙලී දරන ඇද වල්ගය කමින් විකා වෙලී සිටින දෑත මේ අසුරණන් යකා යලි යයි බියෙන් දුටු හැම යන් නොයකා නරලොව ඇවිදින් කෙලි පුද ගන්නේ නරලොව නරයින් ලෙඩ නොකරන්නේ සබයෙන් ලැබෙනා පඬුරුත් ගන්නේ සුරපුර යකුනෙයි නොසිටම යන්නේ නාරිලතා (මිරිස්ස - උඩුපිල කෝලම්) රන්වන් පාටිනා සුදිලෙයි නිතර මුහුණා සුදුවත් අඳිමිනා මෙසේ මේ ලිය සබේ එන්නා හිස පිට මලක් වෙතී මලපිට රුවක් නම් වෙතී කළ පිනෙන් රුව ඇතී මෙසේ නාරිලතා නම් වෙතී ලතා වෙන් සැමදෙන මුලා වෙන් සිත බබළන කලාවෙන් සිත ගෙන බලාසිටිනේ සබේ සැම දන කැලේ පිපෙනා මලේ රුව දැන තපස් රැුකි සිල් බිඳෙමිනා හිසේ රැුඳි මල් පියුම පිට රුව දිලෙන අඟනෙකි බබළනා මෙසේ මේ ලඳ දුටුව සුදනන් රාගයෙන් මත් වෙලා තුටිනා සබේ නටනා නාරි කෝලම මෙහි මිසක් වෙන නැති තැනා මරුවා / මරු රාස්ස වේග දුරුවන්නා රාගයෙන් පොලඹන්නා යාග සිරි මෙන්නා වේග මරු රකුසු එන්නා මෙ බෙර හඬ ඇසුවා සතුටුව මොරක් ගැසුවා දුටු සතට දුටුවා මහා මරු රකුසු එනවා නෙතින් නෙත ඔරවා දතින් තලූ දෙක සොලවා සතන් බිය කරවා ඉ තින් එන්නේ කුරිරු මරුවා කුරිරු මරු කෝලම නොයෙක් ඇදුරන්නේ සිත් සතුටු කරවන්නේ කැප මේ ලෙසින්නේ කොහොලමකි සබේ එන්නේ රත්මල් පැලඳගෙන රන් නිල් පිළි ද ඇඳගෙන පිටිතොල දත් කමින බලයි වට පිට රතැස් හරිමින නෙත් දෙක රව රවා කන් දෙක ඔරව ඔරවා සෙන හඬ ගුගුරවා ඇවිත් සබයට පැනපි මරුවා දොඹේ රතැස් දෙක දස දිගද රවා තිබේ සුරත් ගත් යමගුර ද රවා අගේ වඩන දන සත බිය කරවා සබේ සැමට දැන් පෙන්නුය මරුවා රත් මුගුරක් එක් අතකට ගන්දෑ නෙත් දෙක රවමින් දුවගෙන එන්දෑ අත් කරගත් පණ දෙවනු පෙණෙන්දෑ සිත් බියකරු මරු සබේ නටන්දෑ භාෂයෙන්/දේශයෙන්/වේශයෙන්/ක‍්‍රියාවෙන් අමුත්තෝ වූ හෙට්ටියොද මරක්කලයො ද ලංසියොද දේශීයයන් අතර කෝලමුන් විය. හෙට්ටි කෝලම රට සිටම එන්නන් වස්තු පොදි බැඳ ගන්නන් වෙළෙඳම් කරන්නන් හෙට්ටි සබයට එන්ට එන්නන් ලත් තම බඩු සොඳට මහමින් ගෝනි ඇතුළට තබා ගෙන ගොන් පිටට පුදින හැම දෙන ගෙනත් ගෙදරට වෙළඳු පෙර නිතිනා ඇවිදින් සබේ සිටිනා වෙළෙඳාම් කරනා කියම් වෙළඳුන් උපත මෙයිනා බංගලිදේසේ වෙළදෝ ෂත්දෙන සමග කතා කරලා ලංකා වටිනා වස්තුව පටවා නැව් ෂත බර කර ලා සිංගා රම් බෙර දවුල් ද තම්මැට වස්දඬු ගෙන පිඹලා නංගා සැම බඩු මුදලූත් රැස්කර පිටත්ව වෙඩි සැර නද කරලා බාසේ දැනගෙන දේසෙන් ඇවිදින් මේ රට ගොඩ වෙන්නේ ආලේ පොළොවේ බැලූවත් පිහිටක් නැත උන්නේ බෝසේ තෙද මණිමේකල් දෙවිගල්පහුරක් මව මින්නේ මේසේ තෙදලත් වෙළඳෝ ෂත් දෙන සබයට බසිමින් නේ ලෝකාධිපති අගති දඹ දිවුලෙක මන්ද නන් දේසයක උපන් රුදු බල යකෙක ලෝකාදිපති යකෙක සිරස නයි පෙන පසෙක ගෙලෙහෙ නිල් නාගයෙක දෑත නයි පෙන දෙකක වෙලා ගන අත් දෙකක රකුසු යක් මොහොතිනා බයානක නොපමණා දෙදල ලෙල දෙවමිනා ලොකාදිපති යෙනා නැවත යකු මනනේ කුවෙර වෙසමුනි ගෙනේ වරන් ලා නොලසිනේ මෙසිරි ලක ඉපදුනේ රුදුරු ගුණ විලසට ලෙලවා මුගුරු ඉසවට බිය කරවා සතට හඬක් ගසමින්වදී සබයට ලිස්වා සවුසත උවදුරු දුන්දෑ තොස්වා සවුසිරි නිති ලෙස දෙන්දෑ සිස්වා හැමතැන සවුසිරි දෙන්දෑ කස්වා වනයට නොසිට දුවන්දෑ අයති දඹදිවු තලයෙක මැද්ද නම් දේසයක උපන් රුදු බල නොයෙක ලෝක අදිපති යකෙක මුදුනේ සිරසට නයි පටලන්නේ දෑසේ වට නයි දෙන්නකු වැන්නේ මුකයට දෑගත් නයෙකු ලෙසින්නේ ලෝක අදිපති යකෙකි නටන්නේ එ දඹදිව් තලයෙක මැද්ද නම් වූ දේසෙක උපන් රුදු බලනෙක ලෝක අධිපති නම් වූ එයකෙක වේග හඬ දෙන්නා නෙක රුදු ගුණය පෙන්නා ලෝක අධිපති නමිනා යකෙකු මෙරඟට එන්න එන්නා මේග හඬ උරඟුන් ඉසේ වට කර වෙලමින් ලෝක අධිපතිනන් යකෙක් මෙරඟට ඒය සැණෙකින් බීත කරවාගෙන දෑත සවරණ් ගනිමින වාත මේගය මෙන ලෝක අධිපති ඒය පැනගෙන රත් යමගුරු දෙක සුරතට ගන්දෑ නෙත් දෙක රවමින් දුව ගෙන එන්දෑ අත් කරගත් පණ දෙවනු පෙනෙන්දෑ සිත් බිය කරලා සබේ නටන්දෑ නරසිංහාවතාරය (මිරිස්ස - උඩුපිල) නොබිය සැරසෙන්නේ පිට වරල ලා ගන්නේ කුරිරු හඬ දෙන්නේ මහා නරසිහ යකෙකි එන්නේ වෙසමුනි රජුන් ගෙන් වරන් ලැබගෙන ඇවිදින් නර ලොවට බසිමින් නරන් බිය කරවාය සතොසින් සිරස ද දෙසවනේ ඇත් රුව දෙපස සැදුනේ සිංහ රුව උඩිනේ නරන්නේ උරිරු බොන්නේ මරක්කල කෝලම මරක්කලූන්ගේ හරක් මැරීමේ කි‍්‍රයාව ගැමියා ට විශේෂ අත්දැකීමකි. මරක්කල්ලූන් නේ නරක් කම් කව්ද දන්නේ හරක් මරමින්නේ මරක්කල කෝලමයි එන්නේ රැුවුල වවමින්නේ පවුල සමඟින් එන්නේ අවුල යොන්නුන්නේ කවුද නාසා සබේ ඉන්නේ බුලත් පයියක් ගෙන අටවැල් කුරු සමගින රෙදි ලේන්සු පොදි ගෙන මරක්කලයෙක් සබේ එති දෑන ලකල ලක වාරදු මෙකල ගුණ කයි වීරදු නිමල ගුණ වාරදු දෙමළ අඟනෙක් සමග න්‍ාාරදු උපන් දාම ලෙබ්බේලා ආගමකුත් කරති සපන් වෙලා සිටින කලට කසාදයක් බඳිති නිකන් දෙන්න පේව ගේක ෂත් දවසක් සිටිති ගුඳන් ගතන් දොන් කියමින් ආච්චිලා නටති ලීලේ මේ ලෙබ්බෙලාගෙ යුතුකම අහපල්ලා කෝලේ අත් ඇරලා දැන් මක්කම දැනගල්ලා කෝලේ ඇරලා කෝලම් මූණක් ඇඳගල්ලා තාලේ පය තියා ඇවිත් සබේ නටාපල්ලා කිවුල් වතුර තොටු පලවල් වලට ගොසින් නාති අවුල් සැරෙන් දෑත් දෙකින් දෙකෙක් අල්ල බඳිති කොවුල් කඩා වැටුණ ලෙසට පාත් වෙලා වඳිති රැුවුල් වලින් වතුර බින්දු බිමට කඩා වැටෙති නාගරාස්ස මුදුනත් දෙස යට නැයින් පස් දෙනෙකි ගහනත් දෙසවන නයි සිවු දෙනෙකි මුවටත් මෙ රකුසු උරගුන් යුවලකි රැුගුමුත් අමුතුව නාග රකුස්සෙකි නාග ලොව වැජඹෙති සක්වන ගලට දුවඑති සක්වළට ඇවිදිති සක් රකුසු රැුකුමට සබ එති නෙත් දෙක ඔරමින් තොල් දෙක රතු පාටින් විදුරු දත් ලෙලවමින් ඒය යක් හඬ ගසා සබ දැන් නෙත් දෙක රවමින් සත බියකර විමන රන් වන් පාටින් තොල් දෙක බබළන රන් වන් මුගුරක් සුරතට ගනිමින වත් තිරිසන් නා රකුසා නටමින වන්ත‍්‍රි යන්නා රකු වත සුබ‍්‍රවර්නෙත් බබලනා චිත්ත‍්‍ර වර්නනත් යම ගුරක්ගෙන සුරතයෙන් කරකවමිනා වස්ත‍්‍ර අඳිමින් පාටින් දෙපය නද දෙනා විස්ත‍්‍ර ගුණ රුදු රකුසු නා රජ ඇවිත් සබයෙ නටනා පංචනාරි ඝටය (මිරිස්ස-උඩුපිල) සිරස පිට සැදුනේ අගන පස් දෙන රුවිනේ ඝටය ලෙස දිලූනේ පංච නාරි ඝටය සැදුනේ පෙර පිනැති විලසින් හැඩ රුව බලා විගසින් ලතාවක විලසින් සබේ එන ලිය දකුව කරපෙන් ආත්ත - මුත්ත කටේ දත් සැලෙමින නිකටත් උල්ව යාමෙන ජරපත් වේසයෙන එන්න එන්නේ දෙමහළුන් දන හයිනැතිවම සිය ගත වැගිරයේ ගැසි ගැසි එයි අත දඬු විය ලියේ කයි පයි දොඩමින් විය අපියේ ඇයි කොයි යනවද නුඹ මැහැලියේ මහරාලේ නුඹ කොයි යන්නේ දා දහයිය වාගේ අවගුණ සදා මහළු කතුන් නොයිදින්නා සදා අහ ඇවිදින් දැන් කොතනදා ආඬිගුරු (මිරිස්ස-උඩුපිල) තුසි ගුණ මහිමෙන් රොසි සිත් නොව කුළුනෙන් දෙසි නෙක බරනින් කසිරට ගුරු දෙදෙන එති දැන් අළු ද ගාමින්නේ නව ගුණ වැලද ගන්නේ උඩැක්කිය ගන්නේ ආඬි නැටුමට සබේ එන්නේ ඉපිද බන් ගාලේ කන්සා වලට ආලේ වෙඩි සරඹ බාලේ පුරුදු කළ මා ගෙනකුඳ රාලේ වෙඩිලි ගෙන නොමසරු තඩි මුගුරු සුරතින දැරු වඩිග ගෝසන් දැරු ආඬි නැටුමට වරෙන් මහ ගුරු කාසි රට වැජඹෙන රුසි සිල්පද දැනගන වාසි නැටුමට දැන කාසි රට ගුරු වරෙන් විගසින සිකිපිල් සුරතින් ගෙනවට කරකව මින්නේ සිකිපිල් වත් සිතින් නිතර සිගමන් සපයන්නේ නෙකිලොල් කර කයට නිතර කන්ෂා මයි බොන්නේ සකි කුල්මත් නොව මෙ සබේ ආඬි නටාපන්නේ බඳිනා කළ ජටාව ගෙන ර පිලින් සදවා තදිනා ලබු උතු කටු ගෙන කෝවේ සොඳ දැරු වා පිඹිනා සක සකසුරු කටගෙන ඇස්ගෙඩි දෙක නෙරවා ඔබිනා මේ ආඬිගුරුට තෑගි දෙමුව නටවා වක්කගසා කොක්කනපයි උරකින් එල්ලන්නේ සොක්ක ඇගිල සක් ගෙඩියක් පිබ ගෝසා වන්නේ ඩැක්ක ඩොක්ක ගෙන ගුදිරිය ඉනවට බඳිමින්නේ සෙක්ක මුලින් තිබා තබා රොටි ද විකා කන්නේ මෙල්ල නොවී කන්ෂා බී උරපයි ගති පන රැුකෙඬ ගොල්ල සමග නැවක නැගී ගාළු පුරයට ගොඩ බසිඬ නල්ල කියා සින්හල රට කන තෙල් ගා රොටි කඬ දිල්ලි රටිං මහගුරු සබේ නටං තෑගි ගඬ වලසා වනතුරු නිති වසන සුඹස මුල බිම බුදිමින අස්මි ගෙණ බුදින කියන් වලසුන් රුදුරු මෙලෙසින මිනිසුන් දුටු කලට කිපි එතනින් නැගිසිට ගුගුරා ගොස් වෙතට දෑස උපුටා ගනී එමවිට සිංහයා ගනරන් ගිරිලෙනෙක සතියක් සැතපෙමි නා ගතගුන් ලෙස බිය කරවා තෙවිටක් සිංහ නද දෙමිනා පනිමින් මහ ගිගිඳුන් වෙත නියගින් වෙර බුදිනා දනමන් තොස වඩමින් සිංහ රජු බල දැන් නටනා කේසර සිංහ නද කරලා තම වෙර පල පාලා බෝදුර වසනා ගිගිඳුන් බීතය කරවාලා කා සිරබිඳ එම තවරණ මොල උදුරා ලා ලා කේසර සිංහ රාජයකුගේ පෑ රඟ බල ලීලා පෙරකල් අප බෝසත් සිංහ රජව ඉපිද අර නේ සුනිමල් ගුණ රුවින් සැපත් මුණිදුන් වෙත තොසි නේ එමකල් බුදු බවට පතා විවරණ ලත් එදිනේ එමකල් සිට පවතින ඔබx ගුණයෙකි සිංහ රජු නේ කොටියා (මිරිස්ස-උඩුපිල) සත් නසන දිවියා වල් වැද රකින දිවියා බියෙන් දුටු දිවියා කියන් ඇති රඟ ලකුණු දිවියා නිය පෙල අවි ලෙසේ දිග දල විදුරු පෙල සේ බල කෙසරිඳු ලෙසේ සිරුර සිතියන් කරන විලසේ අඳුන් තිත් දිවියා වල් වැද රකින දිවියා සත නසන දිවියා ඇවිත් සබයට වදියි කොටියා විදුරෙන් කල විලසින් දල වැනසුන් යන දිවියා නියතින් වන වෙසෙසින් නිති රකිමින් සිය දිවියා තෙමදින් බිය වදිමින් දුටු පමණින් සිත දිවියා දන කැන් තොස වඩමින් පැන රඟවන් ලෙස දිවියා චන්දකින්නර ජාතකය/සඳකිඳුරු කථාව මහසත් පෙර දවස උපන් මහ හිමවතෙහි නොවලස සඳකිඳුරුව යසස දෙදෙන පසුවෙති එකම පණ ලෙස සඳ කිඳුරන් දෙදෙන වීණා ගෑමෙන් ඇවිදින බඹදත් රජ එදින දැකල කුල්මත් වුණි කිඳුරඟන පැතිර ගත රාගෙන් කිඳුරි හට බැන්ද ආලෙන් ඈව ගෙන යන මෙන් දුන්න ගති කිඳුරා මරන මෙන් දුන්න ගෙන සුරතට ඇද උරපුරා තදකොට ඇරිය ඊ සැරයට වැදුණි කිඳුරගෙ රත් කිහිල්ලට තෙනෙන තෙනම් ද තෙන තෙනෙනම් ද තෙනෙ තෙනෙනම් ද තෙනෙ තෙනෙ නා වරල නිලෙන් ද සිකපිල මෙන් ද කලඹ ලෙසින් ද පිටට හෙලා නිමල දිලූන් ද අඩ සඳ මෙන් ද පුබුදින මෙන් ද බැම සඟලා විපුල නුවන් ද ඉඳුනිල මෙන් ද වත සොමිමෙන් ද රතු දෙතොලා කැකුළු සමන් ද පුබුදින මෙන් ද නිමල සුදෙන් ද දන්ත පෙලා බොහෝ සිරින් වත පුන් පතින් තිසරුන් නුවන් හරිමින් මනා ලොල් උදුල් සපුමල් දමින් ගෙතු මල් වඩම් ගෙල ලා ගෙනා නාලොවින් කන්‍යා ලියන් බට අන්දමින් රුසිරෙන් දිනා මේ බලන් කිඳුරන් රැුගුම් දෙන මන නුවන් හරිමින් මනා කර මොනරුන්නේ රුව දිලිසෙන්නේ ගෝමර උන්නේ තරු ලෙසිනා පියයුරු උන්නේ ලෙල දී සිටින් නේ රණහස ලෙසින්නේ දෙඅත වනා දුනු මිට වැන්නේ තුනු ඉඟ උන්නේ මල් දම් ලෙසිනේ දෙඅත වනා සඳ කිඳුරන්නේ නැටුම් බලන්නේ දන සතුටින්නේ හැර නොයනා සඳගිරි මුදුනා බසිමින් දෙදෙනා ගෙන මල් අමුණා සැරළි ලියේ තිරසර ලෙසිනා රඟ දෙන දෙදෙනා විණ ගායනා වන තුළයේ දිවපු වසනා සුරඹුන් ලෙසි නා නැටුමට ඔබිනා කිඳුරු ලියේ සිරි සර පෙන්නා සබතුළ නට නා බලසකි නටනා රුව සබයේ ලිල් වරල් සිකි පිල් ලෙසින් හෙළමින් සුරන් ගත සේ මනා ලොල් උදුල් සපුමල් දමින් ගොතමින් සුරන් ගත සේ මනා ලොල් උදුල් සපුමල් දමින් ගොතමින් සඳුන් ගත ලේපනා හෙල් සුනිල් මහනෙල් සමන් එකුසුම් වඩන් ගෙලෙ ලාගෙනා මෙම් බලන් කිඳුරන් රැුගුම් දන මන නුවන් හරිමින් මනා බඹදත් රජ බරණැස් පුර වසන බඹදත් නිරිඳු සසොබන සැරසි ගත බරණින විදින දුනු හී සමග කග ගෙන චක‍්‍රා වළල්ලද සමගින් රුදුරු හෙල්ලද සැරසි යම රජ ලෙද ඒය මුව දඩයමට ලොබ බැඳ ස\ කිදුරන් දෙදෙන විණා ගෑමෙන් ඇවිදින බරණැස් රජු එදින දැකල කුල්මත් උනේ කිදුරඟන පැතිර ගෙන රාගෙන් කිඳුරි හට බැන්ද ආලේන් ඈව ගෙන යන මෙන් දුන්න ගති කිඳුරා මරන මෙන් දුන්න ගෙන සුරතට ඇද උර පුරා තදකොට ඇරිය ඊ සැරයට වැදුනි කිඳුරගේ රත් කිහිල්ලට කිඳුරා ලගින්නේ  ඕ බඩ කැදැල්ලේ කිඳුරි ලගින්නේ කිඳුරගේ තුරුල්ලේ දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ කිඳුරා ගොසින් වැටුණයි වන කැදැල්ලේ කිඳුරියගේ අදෝනාව අයියෝ අහෝ හිමි හට මක් උනාදෝ ලෙයියෝ ඇවිල ගින්නය නිවනු කවුරුදෝ මෙ වියෝ දුකට පත් උනෙ මගෙ පවක්දෝ දෙවියෝ නොබලන්නෙ මම මක් කළාදෝ බැද්දේ ඇවිද වන පල බුදිමින් සිටිය සද්දේ ඇසී අප දෙදෙනගෙ ගී නදය ඇත්තෙත් නැත වෙන කිසියම් දොසක්මය වැද්දෙක් නොවෙයි විද්දේ පුර රජෙක්මය ගුණෙන් උතුම් පුන් සඳ වැනි මහිමි ස මැරුම් කළේ දුජනෙක් දුනු සැසේ විදා නුවන් දෑස් ඇර බලමින් සක් සුරිඳා මෙවන් දුකට පිටු පා ඉන්නේ කිමදා ශක‍්‍ර දෙවි වඩින කවි හිස නර පැසීගිය කොපුලත් දන්ත වැගිරිය ජරපත් මහලූවිය ලෙසින් ගත්තේ මහලූ වෙසකය මහලූ වෙස් දරමින් ගෙන සැරයටිය සුරතින් දෙතොල හප හපමින් එන්ඩ නික්මුණි ශක‍්‍ර භවනෙන් සඳ කිඳුරිට මෙවන් දුක දැක එසක් සුරිඳුන් කෙණ්ඩියක ගෙන පැන් එන්ඩ නික්මුණි ශක‍්‍ර භවනෙන් මා හද සෝක දුරලූ හට වෙයි මෙපින ඒවිද රජෙක් මගෙ හිමිහට දුනි මරන හිමිද පුබුදුවා පණ ගෙනවිත් දුන්න කවුද සුවාමිනි ඔබ පහදා කියන යව්වන කාලේ මෙමන් හොඳ හපනෙකි සැබවටමයි සව්සිරි පැහැර ගොසින් ජරා මහලූ වයසට පත්ව ගියයි ගින්දර වැනි දනන් නිරයට පත් වෙනවා නියතයි දෙව් ලොවටත් දැන ගන් අධිපති ශක‍්‍රයා මම්ම තමයි මන් පෙර කාලෙ පටන් නුඹලගේ දුකටත් පිහිට උනි බොලන් එන්නට බැරි විලසින් මහලූ වෙසක් ගත්තෙන් නන් නැති පාප හුගක එ බඹ රජ කරලා ගත්තෙන් සිල් රැුක පින් කරපන් දරුවනි මම යමි කඩිනමයෙන් සිතට නිදොස් වූ ලෙස වැස මෙවන ගත ලියට මෙසෙස් දී මා හට කලෙ විපත මාද පුබුදුවා පණ ගෙන දුන් නැවත ඔබට යසස් වේ සගමොක් සිරි සැපත ගරා යකා කීල ගරා, කළු ගරා, ඔකඳ ගරා, වැදි ගරා, මහ ගරා, මොලන් ගරා, සඳුන් ගරා, අඳුන් ගරා, පට්ටි ගරා, සොහොන් ගරා, දළ ගරා යනුවෙන් ගරා දොළසක් ඇත. කීල ගරා (මිරිස්ස-උඩුපිල) බුදින මස් උරිරු රැුගෙන මිනිසුන් නිතරු වන සත බියකරු කීල ගරවුන් ඒය රුදුරු විස දල පෙනයකි නලල දරන්නේ ඉස දරමින් මිනි මකුට දරන්නේ තොස කරමු දොස් දුරු කරමින්නේ යස කර ආසිරි දී රැුක දෙන්නේ පුලූුටු මසට කිරි රොටියට නිතිනේ සතුට වඩා සත ලෙඩ කරමින්නේ එතොටු පලේ තුන් මංසල සොහොනේ නොදුටු දනට බිය දෙයි මරු ලෙසිනේ ආල වෙමින් දෙන කෙලි පුද බලන්නේ නීල මලූත් සුවඳට පිරිය වන්නේ ජාල ලෙසට ගිනි කටින් අරින්නේ කීල ගරා යක් සෙත සලසන්නේ මහ ගරා විරාජිත කර පෙම ගරායකු ලෙස බැස බිම උරා ගෙන ලේ හැම ගරායක් කෝලමකි මනරම සිරස මිනි මකුටත් මූණ නයිපෙන තුනෙන් බබලත් ඇස් දෙක ගොපලූ වෙත් දෙතොල රත් පැහැ සුදුව නලදත් ආල වෙමින් දෙන පුද ලැබ ගන්නේ කෝල නැතුව පිදවිලිද බලන්නේ දීන පුළුටු මසමයි ඉල්ලන්නේ ගරා යකා දැන් හඬ දී එන්නේ ආශි‍්‍රත ග‍්‍රන්ථ කෝලම් නාටක චරිත ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති කේ.ජී.අමරසේකර කොලම් නාටක පුරාණය ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති කේ.ජී.අමරසේකර ශී‍්‍ර ලාංකේය කෝලම් සම්ප‍්‍රධාය සනූජා කස්තුරි ආරච්චි ජාතික කොෟතුකාගාර දෙපාර්තමෙන්තුව සිංහල විශ්වකෝෂ උද්ධෘත කෝලම් සිංහල විශ්වකෝෂ කාර්යාලය සිංහ කෝලම ගුරුළු රාක්ෂ