IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


කෙලින් කතා කරන පිරිමි කටහඬක් ඇති කෙනෙක් මගේ පෙම්වතා වේවි

හිරුණිකා යනු වෙඩි උණ්ඩයක් නිසා ජීවිතය අහිමි වූ දේශපාලනඥයකුගේ දියණියකි. ඒ වෙඩි උණ්ඩය අපට කියා දෙන්නේ දේශපාලන ත‍්‍රස්තවාදයක් මිස අනෙකක් නොවේ. භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සමුගැනීමෙන් පසු ඔහු වෙනුවෙන් උපන් දේශපාලන බලවේගය හිරුණිකාය. මහ සුළඟට ගල් පර්වත නෙසෙල්වෙන්නේ යම් සේද ඇයද බොහෝ රැවුම් ගෙරවුම්, අසාධාරණකම් ජයගනිමින් පෙරට පැමණ සිටී.
හිරුණිකා යනු දේශපාලන කරළියේ නව මගකි. හුදෙක්ම අසාධාරණය මගින් උපන් සාධාරණ කාන්තා බලවේගයකි. බස්නාහිර පළාත් කොළඹින් වැඩිම මනාප දිනූ ඇගේ කතාබහට අපි ඉඩක් වෙන් කරමු.

 


ප‍්‍රශ්නය - හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියට දේශපාලනයට එන්න  ඕනෑ කියන අදහස ආවේ කවදාද?
පිළිතුර -
ඇත්තටම දේශපාලනයට එන අදහස පාසල් යන කාලෙ ඉඳලම මගේ හිතේ තිබුණා. ඒක හදිසියේ ඇතිවුණු දෙයක් නෙවෙයි. තාත්තා ජීවත්ව

ඉන්න කාලෙත් මා දේශපාලනයට එනවා කියලා තාත්තට කියල තිබුණා. 2011 ප‍්‍රාදේශීය සභාවටත් ඉල්ලන්න අවශ්‍යතාව තිබුණා. ඒ වෙලාවෙ තරඟ නොකලෙ, එකක් මා නීති විභාගය කරල තිබුණෙ නෑ. අනික තාත්තා කිව්වා, ඔයා දේශපාලනයට පැමිණිය යුත්තේ විවාහ වෙලා මවකුත්වෙලා යම් ස්ථාවරත්වයකට ආවට පස්සෙ කියලා. නමුත් මගේ අරමුණ ඊට කලින් සිද්ධවුණා.

 


ප‍්‍රශ්නය - පියාගේ අහිමිවීම ඔබට ලොකු වේදනාවක් බවට පත් වුණා. නමුත් අද ඔබ පළාත් සභා මන්ත‍්‍රීවරියක්. මෙතැනින් ඔබේ පියාට සාධාරණයක් වුණා කියල ඔබ විශ්වාස කරනවද?
පිළිතුර -
තාත්තා අන්තිමට පාර්ලිමේන්තුවෙ හිටියෙ 2004 දී. ඊට පස්සෙ පාර්ලිමේන්තුවෙ හිටියෙම නෑ. ජනාධිපති තුමාගෙ වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් විදියට හිටියෙ. ජනතාව ඔහුට තියන ප‍්‍රසාදය ආයෙත් පෙන්වන්න තාත්තට ලොකු වුවමනාවක් තිබුණා. නමුත් එයාට ඊට අවස්ථාව ලැබුණෙ නෑ. පළාත් සභාවේ මේ විදියට තැනකට ඇවිත් මම පෙන්නුව ජනතාව සත්‍යය අසත්‍යය, යුක්තිය, අයුක්තිය ගැන හිතන බව. ඒ අතින් මා සතුටු වෙනවා මේ තරම් ඡන්ද මට ලබා දීමෙන් මගේ පියාට සාධාරණයක් වුණා කියලා.

නමුත් මේක හරි සාධාරණය නොවෙයි. ඒ සාධාරණය ඉෂ්ඨ වෙන්නේ ඔය මිනීමරුවන්ට දඬුවම් ලැබුණු දවසටයි. අපට සැනසිල්ලෙ නිදාගන්න ලැබෙන්නෙ ඔවුන් ඒ දඬුවම් විඳපු දවසටයි. මගේ තාත්තගේ ඔළුවට වෙඩි තියපු මිනිහ මගේ මූණ දිහා බලන්නෙ හරියට හපන්කමක් කළා වගේ. සමාජයේදීත් ඔවුන් මෙහෙමනෙ. අහවලා මැරුවෙ මා කියලනෙ කියන්නෙ. ඒක වීරකමක් වගේ අපටත් පෙන්නනවා. මා මන්ත‍්‍රීවරියක් වුණාට එදා තිබුණ දුක මට අදටත් තියනවා. මම හදවතින් අවංකව හිනා වෙන්නෙ මේ  වැරදිකාරයො දඬුවම් විඳින කොටයි.

 


ප‍්‍රශ්නය - පියාගෙ මරණින් පස්සෙ ඔබ දිගින් දිගටම මාධ්‍යයේ කිව්වා, කොළොන්නාවේ කුඩු වලට තිත තියනවා කියලා. දැන් කොහොමද ඒ කටයුතු?
පිළිතුර -
කොළොන්නාවේ කුඩු ගේන්නෙ, කුඩු ව්‍යාප්ත කරල තියෙන්නෙ එක පුද්ගලයෙක්. කොළොන්නාවට විතරක් නෙවෙයි මුළු කොළඹ දිස්ත‍්‍රික්කයටම වෙන තැනක් දුන්නොත් ඔහු මේ බිස්නස් එක එතනත් කරනවා. ඔහුට තියන එකම ආදායම් මාර්ගය කුඩු බිස්නස් එක. කොළොන්නාවේ මරණ ගෙවල් 10කට ගියොත් එයින් අටක්ම කුඩු බීල මැරිච්ච අය. කොළොන්නාවේ සිංහපුරේ බලන්න. කට් ඇන්ඞ් කලූ, දම්මිකා මේ සේරම කුඩු බිස්නස්... කාගේ අයද? තෙල් බාලල එහෙමත් එහෙමයි. තාත්තා මරන්න ප්ලෑන් කළෙත් තෙල් බාලලගෙ ගෙදරනෙ. හැබැයි වැල්ලම්පිටියෙ පොලිස් ස්ථානාධිපතිතුමා කුඩු මර්දනයට විශාල උත්සාහයක් දරනවා. මට පුළුවන් උපරිම සහාය ඒ සඳහා ලබා දෙනවා. නමුත් දේශපාලනය එක්ක ගෑවුණු කුඩු ප‍්‍රශ්නයක් කොළොන්නාවේ තියෙන්නෙ. බලමු ඉදිරියට.

 


ප‍්‍රශ්නය - ඔබ කිව්වා, ඔබේ පියාගේ ඝාතනය තෙල් බාලගෙ ගෙදරදී ප්ලෑන් කළා කියලා. ඒ කියන්නේ භාරත ලක්ෂ්මන් ඝාතනය සිදුවුණේ ක්ෂනිකව නෙමෙයි. සැලසුම් කිරීමක් මත.
පිළිතුර -
තෙල් බාලගෙ ගෙදරදී උදේ කට්ටිය කතා වෙලා තියනවා. අද දවස ඇතුළත භාරත මරණවා කියලා. මේ ගැන තාත්තටත් ටෙලිෆෝන් කෝල් ආවා. නමුත් ඔහු ඒවා ගණන් ගත්තෙ නෑ. මේ වගේ දෙයක් කරාවි කියලා තාත්තා හිතුවේ නෑ. නමුත් හැන්දෑව වෙද්දී ඒ සැලසුම ප‍්‍රසිද්ධියේ සිද්ධකළා.

 


ප‍්‍රශ්නය - ඔබට සංවිධායක කම ලැබිල තියෙන්නෙ එ.ජාප. යේ බල කඳවුරක් වන මැද කොළඹ. ඉදිරිය ඔබේ ගමනට පහසු වේවිද?
පිළිතුර -
ඇත්ත... පසුගිය මැතිවරණයේදී මට වැඩිම මනාප ලැබුණෙ කොළොන්නාවෙන්. දුමින්ද සිල්වාටවත් කොළොන්නාවෙන් මට තරම්  මනාප නෑ. මැද කොළඹින් වෙනදාට වඩා වැඩි ප‍්‍රවණතාවක් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණා. ඉදිරියට මගේ ජනතා සේවය කොළොන්නාව මැද කොළඹ මුල් කරගෙන විසිරී පැතිර යාවි. මම කොළොන්නාව අත අරින්නෙ නෑ.

 


ප‍්‍රශ්නය - කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලැබුවට ඔබට මොකුත් තනතුරක් ලැබුණෙ නෑ. ඒ ගැන දුකක් නැද්ද?
පිළිතුර -
නෑ මම අලූතින් ආපු කෙනා. තව ජ්‍යෙෂ්ඨ අය ඉන්නවනෙ. මම කොහොමත් ඇමතිකමක් බලාගෙන හිටියෙ නෑ. ඇමති කමක් ලැබුණත් නැතත් පළවෙනියා වීමේදී යම් වැඩි වරප‍්‍රදායක් ලැබෙනවා. මට දීර්ඝ කාලීනව ඇමතිකම් බලාගෙන වැඩ කරන්න අදහසකුත් නෑ, ඇමතිකම වුණත්, මන්ත‍්‍රීකම වුණත් කළ හැකි වැඩ කොටස කරනවා.

 


ප‍්‍රශ්නය - ඔබට ඡන්දය දීපු අයට සාධාරණයක් කිරීමේ ශක්තිය ඔබට තියනවද?
පිළිතුර -
මට මනාප ලැබුණෙ හේතු කීපයක් මත. එකක් තාත්තගෙ මරණින් පස්සෙ මම ගෙන ගිය සටනට දිරි දීපු පිරිසක්. තව අය ‘‘පවු’’ කෙල්ලෙක්නෙ කියල ඡුන්දෙ දීපු අය ඉන්නවා. තාත්තා වෙනුවෙන් ඡුන්දෙ දීපු අය හිටියා. පාවෙන ඡුන්ද තරුණ තරුණියන්ගෙ ඡුන්ද ලැබුණා. උදව් බලාපොරොත්තුවෙන් ඡන්දෙ දීපු අයත් ඇති. මෙතනින් සීයට 70ක් විතර කිසිම දෙයක් බලාගෙන ඡුන්දෙ දීපු අය නෙවෙයි. නිතරම මාව හමුවෙන්න එන්නෙ හැමදාම දකින මුහුණු. කොහොම වුණත් පක්ෂ පාට භේදයක් හිරුණිකාට නෑ. කළ හැකි උදව්ව මම කරනවා.

 


ප‍්‍රශ්නය - අපි දන්න හැටියට ඔබ කාලයක් නිරූපණ ක්ෂේත‍්‍රයේ හිටියා. ඒක සිද්ධ වුණේ කොහොමද? නිවසින් කැමැත්ත ලැබුණාද? නැත්නම් ඔබේ කැමැත්තටද ඒවා කළේ?
පිළිතුර -
ඇත්තටම මම කළේ මොඞ්ලින් නෙවෙයි. මම එංගලන්තෙ ඉන්නකොට එක මැගසින් එකකට හින්දි විදිහට ඇඳල පෙනී සිටියා. පස්සෙ ලංකාවට ආවට පස්සෙ අම්මට ලොකු වුවමනාවක් තිබුණා ශ්‍රී ලංකා රූ රැජින තරඟයට මාව ඉදිරිපත් කරන්නට තාත්තා ඒකට කැමති වුණේ නෑ. එයා කිව්වෙ ඔයා අනාගතේ දේශපාලනය කරනවා නම් කවදහරි ඔය දේ අවාසියක් විදිහට ඒවි කියලා. මා ඒකට තර්කත් කළා. තාත්තටත් ප‍්‍රශ්නයක් වේවි, නොයෙක් පින්තූර ගන්න තියනවනෙ කියලා. මම එයාට ගොඩක් කරදර කරල තමයි අන්තිමට කැමැත්ත ගත්තෙ. පස්සෙ මම ලංකා රූ රැුජින තරගෙට ඉඳල ජාත්‍යන්තර රූ රැජින තරගයටත් ගියා. තාත්තා නැතිවුණ දවසෙම පහුවදා රූ රැුජින එකට ගත්ත පින්තූර වෙබ් අඩවිවල පිළිකුල් විදිහට ප‍්‍රචාරය කරල තිබුණා පින්තූර ගත්තු අය කිව්වා ඒවා එකක්වත් එළියට යන්නෙ නෑ කියලා. මට මඩ ගහන්න සමූහ පින්තූරත් දාපු නිසා තවත් ගෑණු ළමයි හරි අපහහසුතාවට පත්වුණා. පස්සෙ පස්සෙ මේවා වෙබ් වල දාලා මට මඩ ගහන කොට තාත්තගෙ පින්තූර ළඟට ගිහින් ‘‘අනේ තාත්තා කිවුව දේ අහපු නැති නිසයි’’ මේ දේ වුණේ කියල අඬනවා. තාත්තා කිව්ව සමහර දේවල් අහන්නෙ නැතුව මා වරද්දා ගත්ත තැන් කීපයක් තියනවා.

 


ප‍්‍රශ්නය - දැන් හිරුණිකාගේ වයස කීයද?
පිළිතුර -
අවුරුදු 26යි.

 


ප‍්‍රශ්නය - මන්ත‍්‍රීධූරය දරන ගමන් අධ්‍යාපන කටයුතු සිදු වෙනවද? නැත්නම් නැවතිලාද?
පිළිතුර -
දැන්නම් ඇත්තටම කෙරෙන්නෙ නෑ. නීතිවේදී විභාගය ඉවරයි. එහි අවසන් විභාගය ලියන්න බැරිවුණා. ඒක ඉක්මණින්ම ඉවර කරනවා. ඉදිරි ගමන නීතිඥ නමින් ගියාම තවත් වටිනාකමක් තියේවි කියලා මා විශ්වාස කරනවා.

 


ප‍්‍රශ්නය - දැන් ඔබ ඉන්නෙ විවාහ වෙන වයසෙ කොහොමද පෙම්වතෙක් එහෙම ඉන්නවද?
පිළිතුර -
මට පෙම්වතෙක් හිටියා. ඇමතිකෙනෙකුගෙ පුතෙක් නමුත් තාත්තාගෙ මරණින් පස්සෙ ඒක නැතිවුණා. අපි අවුරුදු පහක් විතර ආදරසම්බන්ධය පැවැත්තුවා. මට හොඳ යාළුවො පිරිසක් ඉන්නවා. පෙම්වතෙක් කියලා කෙනෙක්... මෙහෙමයි බඳිනවා කියලා ස්ථිරව කවුරුත් නෑ.

 


ප‍්‍රශ්නය - හිරුණිකා විවාහ වෙන කෙනා කොහොම කෙනෙක් විය යුතුයි කියලද ඔබ විශ්වාස කරන්නෙ?
පිළිතුර -
එයා කෙළින් කතා කරන්න  ඕනැ. කිසි දේකට බය වෙන්න බෑ. අනිවාර්යෙන් දේශපාලනය කරන්න  ඕනැ. පිරිමි කටහඬක් තියෙන්න  ඕනෑ. හොඳට තර්ක විතර්ක කරන්න පුළුවන් වෙන්න  ඕනැ. ඒ ඇති.

 


ප‍්‍රශ්නය - ඔබට ගෙදර දොර වැඩ කටයතු එහෙමත් පුළුවන්ද?
පිළිතුර -
මට උයන්න හොඳට පුළුවන්. ඉස්සර මම උයාගෙනත් කෑවනෙ. කොහොමත් දැන්නම් උයන්න වෙලාවක් නෑ.

 


ප‍්‍රශ්නය - ඔබට වෙනත් පක්ෂ වලින් ආරාධනා ලැබිලත් තියනවද?
පිළිතුර -
දැන්නම් නෑ. ඉස්සර එ.ජා.පයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් එහෙම කතා කළා.

 


ප‍්‍රශ්නය - ඊළඟ මැතිවරණයකදී පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අදහස කොහොමද?
පිළිතුර -
අවස්ථාවක් ලැබුණොත් තරඟ කරනවා. ප‍්‍රාදේශීය සභාවක හිටියත් බලාපොරොත්තුව පාර්ලිමේන්තුවට යාමනෙ. මටත් ඒ අරමුණ තියනවා. ඉදිරියේ වැදගත්, උගත් පිරිසක් පාර්ලිමේන්තුවට ඒවි. එදාට වැදගත් මංගල කතාවක් කරන්න මගේ හීනයක් තියනවා.

 

 



අදහස් (0)

කෙලින් කතා කරන පිරිමි කටහඬක් ඇති කෙනෙක් මගේ පෙම්වතා වේවි

ජයම්පති Monday, 23 June 2014 03:54 PM

ඇත්තෙන්ම ඔබ හොද අදහස් තියෙන පොලවේ පයගහල ඉන්න හොද කෙනෙක් කියල මගේ නම් අදහස. මම ඔබට සුබ පාතනවා සහෝදරි.(දී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 25 June 2014 08:07 AM

ඔබේ පියා මරා දැමුවා මිනිසුන්ට නිසි දඬුවම් ලැබෙවියයි ඔබ හිතනවද? (නදී)

:       0       0

එඩ්වර්ඩ් Monday, 23 June 2014 10:48 PM

නියමයි! (නි)

:       0       0

දිස්න Thursday, 19 June 2014 12:21 PM

ඔබගේ දේශපාලන ගමන් මගට සුභපතනවා (දී)

:       0       0

මධු ශේරිනා Thursday, 19 June 2014 04:06 PM

ඉදිරියට යාමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා (දී)

:       0       0

පියතිලක Thursday, 19 June 2014 07:57 AM

හිරුනිකා, ඔබ ඇත්තටම නියම එඩිතර ගැහැනියක්. ඔබට වරදින්න විදිහක් නැහැ. අනිවාර්යයෙන්ම. ඔබේ පැතුම ඉටුවේවි. මම නිතරම දෙවියන්ගෙන් ඉල්ලනවා.(නදී)

:       0       0

අජිත් Wednesday, 18 June 2014 07:16 PM

ඔබට ජයෙන් ජයම වේවා... ජය ශ්‍රී...(අ)

:       0       0

සත්‍යපාල කටාර් Sunday, 20 July 2014 10:35 AM

හිරුණිකා දියණිය, ඔබ ඔය එඩිතරකමෙන්ම ඉදිරියට ගියොත් කවදාහරි මේ ලක් මෑණියන්ගේ කඳුලු පිසදාන්න ඔබට පුලුවන් වේවි. (නි)

:       0       0

නීටා ප්‍රනාන්දු Monday, 23 June 2014 04:48 PM

ඔබට සුභපතනවා (දී)

:       0       0

රජරට Monday, 23 June 2014 11:18 AM

ඔබ දැන් ශ්‍රිලංකාවේ මැදට ඇවිත් තියෙන්නේ ඒ කියන්නේ හැමෝම ඔබව දන්නවා එඩිතරකමකුත් තියෙනෙවා. පලිගන්න චේතනාව හිතින් අයින් කරගන්න. වරදට දඩුවම් අනිවාර්යයි (නදී)

:       0       0

නිලන්ත ගමගේ Saturday, 21 June 2014 10:40 PM

කුඩු නැති කිරීමට ඔබ තොර ගත යුත්තේ පොලිසියේ හෝ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ ඉහල තනතුරකි. දේසපාලනය කිරීමෙන් ඔබද කුඩු කරුවන්ගේ ගොදුරක් විය හැකිය. දෙසපලනයේ සිට ඔබට කළහැකි එකම දෙය කුඩු වලට ඇබ්බෙහි වූවන් ඉන් මුදාගැනීමට,පුනුරුත්තාපනය කිරීම හෝ නඩත්තුව සඳහා සමාජසේවා ආයතනයක් ඇරබීම පමණි. ඔබගේ අවංක අරමුණ ඔබව ශ්‍රී ලාංකීය සමාජයේ ඉහලම තලයකට ඔසවා තබනු ඇති නමුත් එය දේසපාලනය නොවේ . අනපේක්ෂිත සිදුවීමක් නිසා ඔබ අපේක්ෂාකළ සුන්දර ජීවිතය අතහැර . ජීවිතයේ ඉතිරි සම්පූර්ණ කාලයම අහිමිවූ පියාණන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට යොදා නොගන්න. (දී)

:       0       0

ප්‍රනීත පෙරේරා Monday, 23 June 2014 05:07 PM

ඔබට ජය (දී)

:       0       0

නිලන්ත ගමහේ Saturday, 21 June 2014 10:58 PM

භාරත ලක්ෂ්මන් දේශපාලකයා නොව තාත්තා දුවක් ලෙස ඔබ සිටිනු බලාපොරොත්තු වූයේ කෙසේද . ඔබට ජය (දී)

:       0       0

රසික Wednesday, 18 June 2014 07:45 PM

ජයෙන් ජයම වේවා...(නදී)

:       0       0

ඉසුරන්දි Monday, 23 June 2014 11:39 AM

"කෙලින් කතා කරන පිරිමි කටහඩක් මගේ පෙම්වතා වේවි" අයියෝ එහෙනම් ඔයාටත් සදා සොත්ති භවන්තු තේ. එහෙම අයත් කාලයක් හිටියා මේ දේශපාලනේ. ඔයා කෙලින් වැඩ කලාට තවම තාත්තගේ මිනිමරුවට දඩුවම් දෙන්න මොකද ඔච්චර පැකිලෙන්නේ.(නදී)

:       0       0

අජ්ත් අමරබන්දු Friday, 20 June 2014 11:53 AM

කුඩු හා දේශපාලනය යනු පොත්තට ගස මෙන් ගසට පොත්ත මෙන් බැදුණු දෙයකි (නදී)

:       0       0

ගයාන් Wednesday, 18 June 2014 08:17 PM

ඔයාගේ උගත් කම ,අවංක බව හොදින් පේනවා.අලුත් ගණන් වලට අනුව තව අවරුදු 17-20 කය කදී මුළු සිංහල ප්‍රජ වෙන් 80% කුඩු වලටත් අනෙත් පිරිස අදික මත පැන් සහ වෙනත් දෙවලින් විනාශ වෙනවා. (අ)

:       0       0

කපිල Monday, 23 June 2014 11:59 AM

මේ වගේ කතා කව්රුත් කියනවනේ. ලංකාවේ අය මේවා ඉස්මුදුනින් පිලිගන්නවනේ (නදී)

:       0       0

ලසන්ත Thursday, 19 June 2014 01:02 PM

මම දන්නේ දැක්කේ පච්චයක් තියෙනවා ඇඟිල්ලේ (දී)

:       0       0

මලිංක Monday, 23 June 2014 12:01 PM

නිලන්ත ඔබේ අදහස වැරදියි. පොලිසිය කරන්නේ දේශපාලකයාට අවැසි දේ. ඔබ හරිම බොළඳයි . හිරුනිකා, ඔබේ අදහස් හොඳයි. ඔබේ අරමුණ කෙසේද ජය ගන්නේ තාත්ත මරපු උන්ව රකිනා අය ඉන්නා තැනක. (නදී)

:       0       0

කමනි Thursday, 19 June 2014 09:26 AM

හිරුනිකා ඔබ එඩිතර වගේම පෞරුෂත්වයක් තියෙන කාන්තාවක් . නිවැරදි තීරණ ගත්තොත් ඔබට වරදින්නේ නැහැ. කාන්තා අපි ඔබට කවදත් සුභපතනවා,ජයවේවා! (නදී)

:       0       0

ගාමිණී Saturday, 21 June 2014 03:09 PM

කුඩු එක්ක හැප්පෙන්න පුළුවනි නම් ඔබට රටම උනත් දිනන්න පුළුවනි. මොකද අද රට කරවන්න කුඩු කාරයොත් ඉන්න නිසා. උන් එක්ක හැප්පෙන එක ලේසි වෙන්නේ නැහැ. පරෙස්සමෙන්. ඔබට මේක කරන්න පුලුවනිනම් රටම ඔබට සහයට එයි.(නදී)

:       0       0

සවිමන් Thursday, 19 June 2014 05:22 PM

ලසන්ත, ඒ පච්චයක් නෙවේ. වරදියි කියල බයට මගුල් මුද්ද දාන තැන කල්තිය සලකුණු කරගෙන. වැඩිය ඒ ගැන හිතන්න එපා.(නදී)

:       0       0

නීල් Tuesday, 24 June 2014 02:28 PM

ඔබට ජයෙන් ජයම වේවා ! (නදී)

:       0       0

මෙවන් Friday, 20 June 2014 01:04 PM

ඕකට සුදුසුම කෙනා තමා දුමින්ද, අනේ මන්ද මට නම් මෙයාගේ ලස්සනක් පෙනෙන්නේ නැහැ රූප රැජිනියක් වන්න තරම්. (ස)

:       0       0

ශ්‍යාමා ප්‍රනාන්දු Monday, 23 June 2014 01:38 PM

ඔබගේ ඉදිරි ගමනට මගෙන් උනුසුම් සුභ පැතුම් (නදී)

:       0       0

චමින්ද සංජීව Saturday, 21 June 2014 08:45 AM

ඇත්තටම සන්තෝසයි ඔයාගේ මේ එඩිතර කම ගැන. ඒ වගේම මමත් කොලොන්නාව වැල්ලම්පිටිය , මට පුළුවන් හැම අවස්ථාවකම ඔබට සහයෝගය දෙනවා. හැබැයි සාදාරණ විදියට අපි සැමට ජීවත් වෙන්න ඕනේ. (නදී)

:       0       0

හන්තාන Tuesday, 24 June 2014 02:51 PM

හිරුනිකා දියනිය ඔබ ඔය එඩිතර කමෙන්ම ඉදිරියට ගියොත් කවදා හරි මේ ලක්මෑනියන්ගේ කඳුලු පිසදාන්න ඔබට පුලුවන් වේවි! (නදී)

:       0       0

හුසේන් Tuesday, 24 June 2014 07:17 AM

ඔබට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

ලාල් ජකර්තා Thursday, 19 June 2014 06:37 PM

ඔබ උගත්කමත්, බුද්ධිමත්කමත් සහිතව දේශපාලනය කියන වචනයට ගෞරවයක් ගෙනදෙන අයුරින් ක්‍රියාකරනු ඇතැයි සිතමු. ඔබට ධෛර්ය,ශක්තිය ලැබේවායි පතමු. ඔබට ආරක්ෂාව ලැබේවායිද පතමු. (නි)

:       0       0

නිමල් Monday, 23 June 2014 08:02 PM

ඔබට ජය! (නි)

:       0       0

තරිඳු Saturday, 28 June 2014 09:16 PM

දේශපාලනේ කරන කට්ටිය ගැන අහලා අහලා ඇති වෙලා. (දී)

:       0       0

අතුල බණ්ඩාර Monday, 23 June 2014 02:41 PM

පළමුව ඔබ ජීවිතය පටන් ගත් හැටි අමතක නොකරන්න. ඔබගේ පියාගේ සැබෑ මිතුරන් හැඳින ගන්න. වාසිය තකා තනතුරු බලා ඔබට ළං වූ අය ගැන විමිසිලිවත් වන්න. එසේ කළහොත් ඔබට හොඳ අනාගතයක්. නැතිනම් අනාගෙන කන්න වෙන්නේ. (නදී)

:       0       0

නිලන්ජනී විජෙන්ද්‍ර Thursday, 19 June 2014 02:10 PM

ඔබට සුබ අනාගතයක් තිබෙනවා ප්‍රතිපත්ති ගොඩක් වටිනවා. මිනිස්සු ගරු කරන්නේ ඒවාට . (නදී)

:       0       0

සුනිල් රියාද් සිට Wednesday, 18 June 2014 11:56 PM

ඔබට ඡන්දය දුන් අය ගැන නිවැරදි වැටහීමක් ඇති බව පෙනෙනවා. ඔය විදියට හිතො මහ පොළවේ පයගහලා හිටියොත් දුර ගමනක් යන්න පුළුවන්. අපි ඔබට ආශිර්වාද කරනවා. (නි)

:       0       0

රවී Thursday, 19 June 2014 11:10 AM

බල්ලා මගේ කකුල කෑවට මම කනවද බලු කකුල කියා පළමුව ඔබ ස්ථාවරත්වයක් හදාගන්න (නදී)

:       0       0

තරිඳු Friday, 20 June 2014 02:39 PM

කුඩු නවත්වන්න නම් ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ බලය බිඳ දැමිය යුතුයි. රටෙන් අඩක් වකුගඩු රෝග වලින් මැරෙද්දි විනෝද වෙන කාර් රේස් යන දේශපාලුවන් ඉන්න රටක් මේක.(නදී)

:       0       0

සමාධි Thursday, 19 June 2014 11:30 AM

ඔබගේ කතාව අගය කරනවා හිරුනික. ඔය ප්‍රතිපත්තියම දිගටම තියාගෙන ඉන්න. කතාවෙන් කියන දේ සියට සීයක්ම බැරි උනත් ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න. (දී)

:       0       0

චම්පිකා Thursday, 19 June 2014 11:40 AM

ඔබේ ඔය ප්‍රතිපත්තිය ගැන අපි සතුටුයි (දී)

:       0       0

ෂෙහාන් Saturday, 21 June 2014 10:46 AM

හොඳයි

:       0       0

වසන්ත ද සිල්වා Friday, 20 June 2014 09:01 AM

සුභ පැතුම් සහෝදරී (නදී)

:       0       0

චාමි Friday, 20 June 2014 09:26 AM

මතට තිත තැබීමට හැකි නම් ගොඩාක් හොඳ දෙයක්. ඒත් ඒක දැන් ව්‍යාප්තිය වැඩි වෙලා තියෙන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රේමදාස දස වත
2024 ජුනි මස 24 223 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සියවැනි ජන්ම සංවත්සර සැමරුම (1924 -2024) ඊයේට (23) යෙදී තිබුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අර්බුද විසඳීමට සම්මුති අවශ්‍යතාව
2024 ජුනි මස 24 67 0

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ආන්


තෙල් සංස්ථා වංචාව වසර 8 ක්ම යටගැහීම
2024 ජුනි මස 24 104 0

වංචාවක් සිදුකිරීම බරපතළ වැරැද්දකි. එයින් රජයට සිදුවන පාඩුව මකා ගැනීමට එම පාඩුව ජනතාවගේ කර මතට බද්දක් වශයෙන් පැනවීම තවත් වංචාවකි. මේ දෙකම තෙල් සංස්ථාවේ


පාස්කු දා ප්‍රහාර පරීක්ෂණ
2024 ජුනි මස 22 173 0

2019 පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඉකුත් 12 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරන ලද පරීක්ෂණ කමිටුව එ


ප්‍රමිතියෙන් තොර ඖෂධ නිකුත් කිරීම ජාතික අපරාධයක්
2024 ජුනි මස 22 107 1

පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට පසුදින වුවද අපට ලිවීමට සිදුවී තිබෙන්නේ සිත් නිවී සැනසීම් බවට පත් කරන කරුණක් නොව සිත් කීරිගස්වන්නට හේතුවන භීතිය අවුළු


බොහෝ පව්කම් කුසලයෙන් වැසීයයි
2024 ජුනි මස 21 305 0

සියලු පව්කම් නොකළ යුතු බවත් උතුම් කුසල ධර්මයේ යෙදිය යුතු බවත් සියලු බුදුවරයන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය බව බොහෝ දෙනා දන්නා කරුණකි. ව්‍යවහාරික සමාජයේ ස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 226 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1440 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3218 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site