IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


කොරෝනා නීති කඩා රෝන්දෙ යන අමනයෝ

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යතුරුපැදි දෙකකින් කොළඹ සිට කතරගමට පැමිණ කතරගම ප්‍රදේශයේ සැරිසරමින් සිටිය දී කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිව්දෙනකු තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් 3000 බැගින් රුපියල් 12000ක දඩයක් නියම කළ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය කතරගම සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය මත දින 21 ක් නිරෝධායනයේ යෙදෙන ලෙසට ද නියම කළ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

රට සෙමින් යථා තත්ත්වයට පත්වීමට පටන් ගත්තා පමණි. කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක හැරුණු විට අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබේ. ඇඳිරි නීතිය පැනවීමෙන් අපේක්ෂා කළේ සංචරණය සීමා කිරීමය. අතරින් පතර ගොං වස්සන් කිහිප දෙනකු හැරුණු විට රටේ පොදු මහජනතාව රට මේ විපතෙන් මුදවා ගැනීම පිණිස සිය දායකත්වය උපරිමයෙන් ලබා දුන්හ. කෙටි කලක් තුළ දී රට යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වූයේ ඒ ජනයාගේ අනගිතම දායකත්වය නිසාය. කොළඹ සිට කතරගමට යතුරුපැදි වලින් ගොස් කරක් ගසා තිබෙන්නේ පෙර කී ආකාරයේ ගොං වස්සන් සිව් දෙනෙකි.

කොරෝනා මාරාන්තික ව්‍යසනය හමුවේ කිසිදු පුරවැසියකුට තමන් අභිමත පරිදි කටයුතු කළ නොහැකිය. සෑම පුරවැසියකුටම සමාජ වගකීමක් තිබේ. එම වගකීමට යටත්ව කටයුතු කිරීමට සාමූහික විචාර බුද්ධියක් තිබිය යුතුය. විශේෂයෙන්ම එක් පුද්ගලයකුගේ වගකීම් විරහිත හැසිරීමෙන් මුළු රටටම විපාක විඳීමට සිදුවන, ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන මාරාන්තික කොරෝනා වයිරසය හමුවේ සමාජයීය වගකීම එයට හිමි නිසි අරුතෙන් හඳුනාගෙන කටයුතු කළ යුතුය. එසේ නොවන්නන්ට ජීවිතේටම මතක හිටින පාඩම් කියා දිය යුතුය.

සෞඛ්‍යමය ප්‍රතිපාදනවලට අවනත නොවී, ආරක්ෂක විධිවිධානවලට යටත් නොවී දිස්ත්‍රික් සීමා මායිම් නොකර කටයුතු කිරීමෙන් බොළඳ සතුටක් යමකුට ලැබිය හැකිය. එය මහා හපන්කමක් ලෙස තප්පුලෑමේ හැකියාව ද තිබේ. මුග්ධ බව සාඩම්බර පදක්කමක්ව පැළඳීමට රිසි මිනිස් වෙස් ගත් ගවයන් කවුදැයි හඳුනා ගැනීම ඉතා පහසුය. ඇතැම්විට මේ ඔවුන්ගේ පළමු මනුෂ්‍ය ආත්මභාවය විය හැකිය. සාමූහික විචාර බුද්ධිය අවදි කර ගැනීමට ඔවුන්ට තව මනුෂ්‍ය ආත්ම භාව ගණනාවක් ගත කිරීමට සිදුවනු ඇත.

බත් කන හරක් ස්වයං නිරෝධායනයට යොමුකළ ද ඔවුහු ස්වයං විනයකට යටත් නොවෙති. ඔවුන් මෙල්ල කිරීමට සිදුවන්නේම නීතියෙනි. එවන් පුවතක් සිංගප්පූරුවෙන්ද වාර්තා විය. අප පුවත්පත වාර්තා කළ ආකාරයට කොරෝනා වයිරසයට අදාළව පැනවූ ස්වයං නිරෝධායන නීති කඩ කළ ඇමෙරිකානු ජාතික ගුවන් නියමුවකුට සිංගප්පූරු අධිකරණයකින් මසක සිර දඬුවමක් නියම කළ බවය.

 ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුවට ඉකුත් අප්‍රේල් 3 වැනිදා පැමිණ ඇති ඇමෙරිකානු ජාතික ගුවන් නියමුවාට සති දෙකක කාලයක් යනතුරු පොදු මහජනතාව ගැවසෙන ස්ථානවලට යෑම තහනම් කරමින් සිංගප්පූරු ආගමන හා ආවේක්ෂණ අධිකාරිය නියෝගයක් පනවා තිබිය දී මෙම ගුවන් නියමුවා එම තහනම නොතකා පොදු මහජනයා ගැවසෙන ස්ථානවලට යෑම, දුම්රියෙන් ගමන් කිරීම ආදී වැරැදි සිදුකර ඇති හෙයින් මෙම දඬුවම පමුණුවා ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

තමන් ජීවත්වන පරිසරය සම්බන්ධයෙන් සංවේදී නොවන පිරිස් සමාජයට කරන හානිය වටහා ගැනීමට කොරෝනා මාරාන්තික වයිරසය උපකාර වී තිබේ. මරණ බිය සමග ජීවත්වීමට සිදුවන පරිසරයට එම පරිසරය තුරන් කිරීම සඳහා අවංකවම කැපවීම පුරවැසි වගකීම වුව ද එය නොදන්නා පිරිස් හිතුමනාපේ කටයුතු කරමින් මුළු රටම අගාධයට තල්ලු කරති.

ඇඳිරි නීතිය ලිහිල් කළ ද සංචරණය සඳහා සීමා පනවා තිබේ. එහෙත් ඒවා නොතකා ඇතැම් පිරිස් කටයුතු කරති. මෙම පිරිස මෙල්ල කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන් හා පොලිස් අධිකාරිවරුන් යොදවා තිබෙන බව අප පුවත්පත වාර්තා කළේය. එය මේ මොහොතේ පොලිස් දෙපාර්තමේන්තුවට පැවරුණු අතිරේක වගකීමකි. ප්‍රධාන රාජකාරිවලින් බැහැරව අතිරේක කාරණාවලට අවධානය යොමු කිරීමට සිදුවී තිබෙන්නේ ස්වයං විනයක් නැති මිනිසුන් මෙල්ල කිරීම සඳහාය. ඇඳිරි නීතිය කඩ කළ පුරවැසියන් ගණන දෙස බැලූ කල්හි අප රටෙහි කී දෙනකු නීතියට අවනත වීමට අකැමැති ද යන්න පැහැදිලි වේ. එබඳු පුරවැසියන් සිටියදීත් කොරෝනා වැනි මාරාන්තික වසංගතයක් මෙසේ කෙටි කලකින් මර්දනය කිරීමට හැකිවීම ද ජයග්‍රහණයකි.

 



අදහස් (8)

කොරෝනා නීති කඩා රෝන්දෙ යන අමනයෝ

Asanga Friday, 22 May 2020 04:09 AM

මොවුන් වස්සන්ට සමාන කිරීම එම සතුන්ටද නිගාවකි...

:       7       71

නුවන්සර Friday, 22 May 2020 04:46 AM

හැකි ඉක්මණින්ම මෙවන් හැසිරීම්වලට දෙන දඬුවම් කාලයේ හැටියට යාවත්කාලීන කළ යුතුයි... දඩමුදල ඉතා ඉහළම එකක් විය යුතුයි...

:       7       100

Roshan Friday, 22 May 2020 05:45 AM

මිනිස්සුන්ටම බනින්න බෑ. රජය විසින් නොකළ යුතු දෙයක් වුණා. තැබෑරුම් ටික මුලින්ම ඇරියාම, මිනිස්සුත් මේකෙ බැරෑරුම් බව අමතක කළා...

:       222       329

surendra Friday, 22 May 2020 08:02 AM

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්න ජීවන් හූල් මහතා හා දියණිය එම සෞඛ්‍ය පිළිවෙත් වලට යටත්ව ක්‍රියාකර නොමැති බව ඊයේ වාර්තා විය.. නිරෝධායන නීති කඩකළ රත්න ජීවන් හූල්ට නීතිය බයද?

:       109       208

rocky Friday, 22 May 2020 08:46 AM

සුරේන්ද්‍ර මහත්තයෝ, රත්නජීවන් හූල් ට එරෙහිව එල්ල කරනු ලබන ප්‍රහාරයේ ඇති පසුබිම සොයා බලන්න. ඔහු දැන් පොහොට්ටුවන්ට මහා කරදරයක් වී ඇත. ඒ නිසා ඔහුට සංවිධානාත්මකව උත්සවාකාරෙන් වැඩ දෙයි. මේ රටේ සියල්ල පොහොට්ටුවන්ට ඕන විදිහට සිදුවිය යුතු යයි ඔවුන් සිතන බව පෙනේ..! දියණිය දවස් 14ක විධිමත් නිරෝධායනයෙන් පසු බලධාරීන් විසින් ඒ ගැන සහතිකයක් ලබා දී තිබුණු බව මැතිවරණ කොමසාරිස්වරයාද පිළිගෙන ඇත. එහෙත් මේ සහතිකය බලධාරීන් අත්සන් කල එකක් වුණත් එය "දිනයක් වත්" සඳහන් කර නැති අපුරු සහතිකයක් බව මහාචාර්ය හුල් කියා ඇත...!

:       282       292

සුනන්ද Friday, 22 May 2020 09:17 AM

නිරෝධායන සහතිකයේ දිනයක් ඇත්තටම දමා නොමැති නම් එය අතපසු වීමක් විය හැකිය. නිරෝධායනයකින් පසුව දෙවනුව දෙන ස්වයං නිරෝධායනයද කළ යුතුය. තවද ස්වාධීන කෙනෙක් නම්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'ස්වාධීන' විය යුතුයි...

:       0       22

DD Friday, 22 May 2020 10:17 PM

හෙලෝ Rocky.... අපි හිතමු කොරෝනා කියන්නේ අපි වගේ මනුෂ්‍යයෙක් අහයි හැංගිලා නොපෙනී ඉන්න පුළුවන් කෙනෙක්ය කියලා. විශේෂයෙන් තරුණ අයට නොපෙනී ඉන්න හැකියි කියලා. (කොටින්ම කියනවා නම් යකෙක් වැහිලා කියමු). ඉතින් කොරෝනා හාදයා ඔය සහතික දිහා බලන්නේ නෑ. අනික සහතිකය දුන්නු අය කොරෝනා මහත්තයා එක්ක සාකච්ඡා කරලද, අහලාද සහතිකය ලිව්වේ...? කොරෝනාට ඕනෑනම් ඇඟ ඇතුලේ සැඟවිලා ඉන්නත් පුළුවන් තව ටික දවසක්... ඉතින් සාමාන්‍ය පුද්ගලයින් බයවෙන්න පුළුවන් තමන්ගේ අැඟට පනියි කියලා. යකා නැවත නැවතත් වැහෙන්නත් පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ හූල් මහතා ඒ ළමයා ඔෆිස් එකට ගෙනාව එක. එතනයි වරද... ඒකට විනය පරීක්ෂන තියන්නේ නැතුව බයිලා කතා කරනවා.

:       0       2

Rata Perata Saturday, 23 May 2020 09:03 PM

අනුරාධපුරේ වඳින්න ගිය අය හෝ හිස තෙල් ගාන්න බෙලිඅත්තේ ගිය අය ද අමතක කළ නොහැක්කේ මේවා අත්‍යවශ්‍ය කාරණා නොවන නිසාය. එහෙම බලනකොට අමන නායකයන් සිටින රටක රට වැසියන් අමනයෝ වීම ගැන කවර කතාද?

:       0       218

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1093 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site