IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


කැමරාවේ සටහන් වූ සුවඳ විලවුන් සොරා

 

සී.සී.ටී.වී යනු අපරාධ අල්ලන අලූත්ම රහස් පරීක්ෂකයා බව මීට පෙර ඉරිදා ලංකාදීප හෙළි කළේය. සී.සී.ටී.වී කැමරා ඇසට හසුවූ අපරාධ රැසකි. සී.සී.ටී.වී කැමරා ආශ‍්‍රයෙන් විසඳු අපරාධ ද රැසකි. මේ සී.සී.ටී.වී කැමරා ඇසේ සටහන්වූ සොරකමක් ගැන කතාවකි.

එය පානදුරේ සුපිරි වෙළෙඳ සලකි. එයි ඇති සුවඳ විළවුන් වර්ග ඉඳ හිට අතුරුදන් විය. සොරා කවුදැයි සොයා ගත නොහැකි තැන වෙළෙඳසල් හිමියෝ සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණය කළහ. තරුණයකු පැමිණ විලවුන් සොරා ගන්නා අයුරු එහි සටහන් වී තිබිණි. සී.සී.ටී.වී කැමරාවේ තුබූ දර්ශන හොඳින් නැරඹු සේවකයෝ සිටි තරුණයාගේ රුව ද මතකයේ තබා ගත්හ. ඊට ටික දිනකට පසු කළු ටීෂර්ටයකින් හා ඩෙනිම් කලිසමකින් සැරසුනු තරුණයෙක් වෙළෙඳ සලට ආවේය. ඔහු හොඳින් දැක පුරුදු පුද්ගලයකු බව සේවකයන්ට දැනිනි. මොහොතක් කල්පනා කරද්දී මතකයට ආවේ විලවුන් සොරා ගන්නා තරුණයාගේ සී.සී.ටී.වී දර්ශනයයි. නැවතත් සේවකයෝ ඒ අවස්ථාවේ සක‍්‍රීයව තිබූ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කළහ.

ඇතුළට එන තරුණයා වටපිට බලමින් කෙළින්ම යන්නේ සුවඳ විලවුන් ඇති ස්ථානයටයි. එතැනින් විලවුන් බෝතලයක් ගෙන එහි සුවඳ බලා එය කලිසමට දමා ගනියි. අනතුරුව තවත් විලවුන් බෝතලයක් ගෙන වට පිට බලා එය ද කලිසමට දමා ගනියි. නැවතත් බෝතලයක් ගන්නා ඔහු එතැන සිට නැවත එමින් ගමන් එය ද කලිසමට දමා ගනී. මේ සියල්ල කිරීමට ඔහුට ගත වූයේ තත්පර 42කි.

විනාඩියකටත් අඩු කාලයකදී වටිනා සුවඳ විලවුන් බෝතල් තුනක් සොරා ගන්නා තරුණයා කිසිවක් නොවූවාක් මෙන් වෙළෙඳසලෙන් එළියට යන්නට උත්සාහ කළේය. ඒ සමගම සේවකයෝ ක‍්‍රියාත්මක වූහ.

ඔවුහු තරුණයා අල්ලා ගත්හ. ඔහු පැන යන්නට උත්සාහ කළත් බේරුමක් නොවීය. සඟවා ගෙන සිටි විලවුන් බෝතල් එළියට ගෙන පොලිසියට කතා කළහ.
වැඩි ආරක්ෂාවට නුදුරින් වූ කාමරයකට දැමුවේය. එය ග‍්‍රිල් දැමූ කාමරයකි. නැවත දොර විවරකර බලන විට ග‍්‍රිල් ඈත් කර ඒවා අතරින් රිංගා තරුණයා පැණ ගොස් තිබිණි. පොලිසියට ඔහු බාර දීමට හැකි වූයේ නැත. ඔහුගේ රුව හොදින් සී.සී.ටී.වී කැමරාවේ සටහන්ව ඇතැයි ඇතැම් විට තරුණයා නොදන්නවා විය හැකිය.

ඔහු කොහේ සැඟවී සිටියත් කෙදිනක හෝ පොලිසියට හසු වනු ඇත. ඒ සී.සී.ටී.වී කැමරාවේ සටහන් වූ දර්ශනය බොරු කළ නොහැකි බැවිනි.

 

 

 

 

රාක්කයේ ඇති භාණ්ඩ පරීක්ෂා කරමින්
 
රාක්කයේ තිබූ සුවඳ විලවුන් ලබාගනිමින්...
 
ලබාගත් සුවඳවිලවුන් කලිසමේ සඟවාගනිමින්...
 
 
 
සැකකරු අල්ලාගිනිමින්...
 
සැකකරු අල්ලාගිනිමින්...
 

 



අදහස් (0)

කැමරාවේ සටහන් වූ සුවඳ විලවුන් සොරා

ජගත් Sunday, 29 December 2013 04:54 PM

විලවුන් හොරා කැමරාවෙන් දැනේ.(දිල්)

:       0       0

රුචිර Sunday, 29 December 2013 06:22 PM

ශී ශී නංගි කොල්ලගේ කලිසම ගලවන හැටි නේද බලන් ඉන්නේ ? (නදී)

:       0       0

වලිසුන්දර Friday, 24 January 2014 11:20 PM

හොරකන් කරන්න ඇත්තටම මොලේ තියෙන්න ඕනේ. (නදී)

:       0       0

නිශාන්ත Tuesday, 31 December 2013 12:02 PM

මේ වගේ දේවල් හැමෝටම කියන්න ඕනි. හැමෝටම පෙන්නන්න ඕනි ඔය වගේ හොර වැඩ නවත්වන්න. හොදම දේ තමා හැමෝම එකතු වෙලා ඔය වගේ අයව සමාජයෙන් කොන්කන එක.(නදී)

:       0       0

චතුරංග Wednesday, 19 February 2014 08:35 AM

ඇත්තටම මටනම් හිතෙන්නේ අහිංසකයට පව් නේද? (දිල්)

:       0       0

චන්දන Sunday, 29 December 2013 09:29 PM

පුහුල් හොරා කරෙන් දැනේ. හොර වැඩ කරන අයට හොඳ වැඩේ.(නදී)

:       0       0

චන්දන Sunday, 29 December 2013 09:32 PM

රුචිර කලිසමක් ඇදන් ඇවිදින් නම් මේ වැඩේ කරන්න බැහැ. (නදී)

:       0       0

නුවන් Sunday, 29 December 2013 10:14 PM

හොරකම් කරන්නත් මොලේ තියෙන්න ඕනේ. පත්තරයක ප්‍රවෘත්තියක් වත් බලන්නේ නැති කෙනෙක් වෙන්න ඇති.(නදී)

:       0       0

ලංකා Friday, 03 January 2014 01:19 AM

අපි නම් දන්නවා කඩේ මොකක්ද කියලා. (නදී)

:       0       0

චමී Monday, 30 December 2013 10:17 AM

මල්ලි ඕවත් වැඩද?? (ස)

:       0       0

නිශ්ශංක Monday, 06 January 2014 07:51 AM

මෙම සිදුවීම් විශ්ලේෂණය කීරීමක් කර මිනිසුන් මේවට පෙළඹීමට හේතු සොයා සමාජය හදන්න අවශ්‍යයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 247 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 199 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 140 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 255 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 426 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1049 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1011 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1440 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site