මීගමුව ප‍්‍රදේශයේ විශාල පොල් රුප්පාවක් මැද පිහිටි ඉපැරණි සුවිසල් නිවෙසක් පිහිටා ඇත. රෑ ජාමයේ තඩි කළු බල්ලකුගේ හා මිය ගිය ප‍්‍රාණකාරයකුගේ අවතාරය මීගමුව ප‍්‍රදේශයේ පිහිටි මේ නිවසේ කෙම්මුර දවස්වලට සැරිසරන බව අපට දැන ගැනීමට ලැබුණේ ඒ ප‍්‍රදේශයේ සිටින හිතවතකුගේ මාර්ගයෙනි. මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ සහ ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය යන මහත්වරුන්ට මේ තොරතුරු දැනගැනීමට ලැබීමෙන් පසුව මීගමුව ප‍්‍රදේශයේ පිහිටි නිවසට ගොස් පර්යේෂණයක් කිරීමට තීරණය කර ඇත. කෙම්මුර දිනක මේ කියන නිවසට ගොස් රාත‍්‍රියක් ගතකර විද්‍යාත්මක පර්යේෂණයක් කිරීමට තීරණය කර ඒ නිවසේ හිමිකරුගේ පුතකුට දුරකථනයෙන් කථාකර අවසර ඉල්ලා සිටියත් ඔහු එය කාරුණිකව ප‍්‍රතික්ෂේප කර නැති තාත්තා එයට කොහෙත්ම කැමති බව පවසමිනි. පවුලේ අය මේ තීරණය වෙනස් කිරීමට කරුණු පහදාදී වෛද්‍යවරුන් දෙදෙනා කිහිපවරක්ම උත්සාහගෙන ඇතත් එය ව්‍යවර්ථවී තිබේ. අපේ මහගෙදර කාලයක ඉඳලා නොසිතන දේ සිදුවන බවත් කරන කියන දේ හැම එකක්ම පාහේ අඩාලවෙන බවත් මේ නිසා කට්ටඩියකු ගෙනවිත් ශාන්ති කර්මයක් කළ බවත් මනෝ වෛද්‍ය ගාමිණී ජයසිංහ සහ වෛද්‍ය ජනක ජයසූරිය යන මහත්වරුන් අවස්ථා දෙකකදී මීගමුව ප‍්‍රදේශයේ පිහිටි මේ නිවසේ අයිතිකරුගේ පුතා සමග කළ දුරකථන කතාබහේදී පැවසූ බව වෛද්‍යවරු දෙදෙනා පවසති. කෙසේ වෙතත් මේ ගැන තොරතුරු සොයා බැලීමට අපි පසුගිය දිනක ඒ ඉපැරණි නිවස පිහිටි ප‍්‍රදේශයට ගියෙමු. කළු තඩි බල්ලෙකුගේ හා මියගිය ප‍්‍රාණකාරයකුගේ ආත්මයක් සැරිසරන බව කියන මේ නිවසට ගොස් පර්යේෂණයක් කිරීමට ඒ ගෙදර පිරිස අකමැත්ත ප‍්‍රකාශ කිරීම නිසා අපි ඒ ගමේ පදිංචි කිහිප දෙනෙකු හා ඒ පවුලට සමීප කිහිපදෙනකු හමුවී කතාබහ කර තොරතුරු සොයා බැලූවෙමු. ඔය ගෙදර හිටපු ලොකු නෝනා මීට අවුරුදු 3කට 4කට විතර කලින් මිය ගියා. එයා කාලයක් රෝගාතුර වෙලා ඉඳලා තමා මිය ගියේ. ඒ නෝනාගේ ආත්මය තමා ඔය ගෙදර හොල්මන් කරන්නෙ යැයි පවසන්නේ කළු තඩි මහත බල්ලකුත් ඔය ගෙදර හොල්මන් කරනවා. මේ තොරතුරු අපි දැනගත්තේ ඒ ගෙදර ඉන්න මෙහෙකාරයාගෙන් යැයි අප සමග හොල්මන් ගෙදර තොරතුරු හෙළිකල ගම්මුන් කිහිප දෙනකු කියා සිටියේ ද තැතිගත් ස්වරූපයකිනි. මේ සුවිසල් නිවස පිහිටි ඉඩමට මායිම්ව කොළඹ සිට පුත්තලම දක්වා ඕලන්ද ඇළද ගලා බසින අතර බොහෝ දෙනෙක් අතර මෙය ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාරු ඇළ යන නමින්ය. මේ කියන නිවස පිහිටි ඉඩම මායිම්ව ගලා බසින පාරු ඇළට නුදුරින් වළක් පිහිටා තිබෙන බවත් මෙය වළක් ආකාරයට වර්තමානයේ දිස්වූවත් ඒ වකවානුවේ මෙය පාරු නවතා තබන තොටුපොළක් බව පැවසුවේ ගමේ කරුණුකාරණා දන්නා වැඩිහිටියන් කිහිපදෙනෙකි. ඔය කියන පාරු තොටුපොළ පිහිටලා තියෙන්නේ අර ඉඩමේම කොටසකයි. ඔය පාරු තොටුපොළේ රත්තරන්වලින් හදපු පාරුවක් තිබිලා පසුව ඒ රත්තරන් පාරුව පොළව යටට කිඳා බැහැලා කියලා ගම්මුන් අතර ලොකු විශ්වාසයක් තිබෙන බව අප සමග කථා බහ කළ ගමේ උදවිය කිහිපදෙනෙක් කීහ. මේ ගෙදර මෙහෙකාර වෘත්තියේ නිරතව සිටින පුද්ගලයාට ඇතැම් දිනවල රෑට කළු තඩි බල්ලෙක් ගෙදර එහා මෙහා යන හඬත් ඌ බුරන හඬත් ඇසී ඇත. තවත් සමහර දිනවලට යමෙක් ඇවිදින අඩි ශබ්දය ද මහ රෑ ඇසෙන්නට පටන්ගෙන තිබේ. මෙහෙකාරයාට අමතරව මේ ගෙදර සිටින්නේ ගෙදර අයිතිකරුය. කළු තඩි බල්ලෙක් ගෙදර එහා මෙහා ඇවිදින බව කියන නිසාත් යමෙක් ඔබ මොබ යන අඩි ශබ්ද කාලයක සිට ඇසෙන නිසාත් ගෙදර අයිතිකරු හා මෙහෙකාරයා ලොකු පීඩනයකට හා බියකට පත්ව ඇත. ශාන්ති කර්මයක් කර මේ භූත දෝෂ පලවා හැරීම සඳහා පසුගිය දිනක කට්ටඩියෙක් පිට පළාතකින් ගෙනවිත් ඇත. නිවසේ ඇති යක්ෂ පේ‍්‍රත බැල්ම පලවා හැරීම සඳහා යාතු කර්මයක් කර සෙත් ශාන්තියක් කිරීමට අවශ්‍ය අඩුම කුඩුම ගෙන ඒම සඳහා ගොස් ඇත්තේ නිවසේ මෙහෙකාර වෘත්තියේ නිරතව සිටින තැනැත්තාය. කඬේට ගොස් අවශ්‍ය කළමනාගෙන එන අතරවාරයේ මෙහෙකාර වෘත්තියේ නිරතව සිටින පුද්ගලයා අතරමගදී කසිප්පු තිප්පොලකට ගොස් හින් අඩියක් ද ගසා නිවසට පැමිණ ඇත. සෙත් ශාන්තියක් කිරීමේදී පේවී සිටිය යුතු වුවත් කසිප්පු බීගෙන පැමිණි නිසා උරණවූ ගෘහ මූලිකයා මෙහෙකාරයාට කන රත්වෙන්න පහරක් ගසා ඇත්තේ හිතේ තිබූ කේන්තිය පහව යන්නත් එක්කය.ශාන්ති කර්මයක් කර සියලූ වස් දොස් නැති භංග කර දැමීම සඳහා පැමිණි කට්ටඩියාට ද කේන්ති ගියේ මේතරම් හොඳ වැඩක් කරන්න තියෙද්දී ගෙදරම ඉන්නා කෙනෙක් කසිප්පු බී ගෙදර පැමිණි නිසාය. මෙහෙකාරයාට බිම දණ ගසා වැඳ ගැනීමට නියෝග කර කට්ටඩියා මොනවදෝ මුමුනමින් ඔහුගේ (මෙහෙකාරයාගේ) කණට කටින් පිඹ ඇත. කට්ටඩියා කණට පිම්බාම මගේ කකුල් දෙක පණ නැතිව ගියා වගේ තේරුණා. එතැනින් එයාට වෙච්චි දෙයක් මට මතක නැහැ. මම දණ ගහගෙන වැඳගෙන ඉන්න බවත් එහෙම වුණේ කට්ටඩියා මතුරා මගේ කණට පිම්බ බව දැනගත්තු නිසාත් ගෙදර ශාන්ති කර්මයේ වැඩට උදව්වෙන්න ඇවිත් හිටිය ගමේ කෙනෙක් මර හඬ දීලා කෑගහලා තියෙනවා. ඒ කෑගැසීම ඇසුණු ගමේ කට්ටියක් දුවගෙන ආවා. පස්සේ මගේ කකුල් දෙකට ප‍්‍රාණයක් ආවා. මා නැගිට විනාඩි කිහිපයක් යනකම් මගේ කකුල් දෙක දණිහිසෙන් පහළ පණ නැතිව වගේ හිටියේ යැයි මෙහෙකාර වෘත්තියේ නිරතව සිටින තැනැත්තා එතැනට දුවගෙන ආ ගම්වාසීන්ට පවසා ඇත්තේ බියෙන් වෙව්ලමිනි. මේ සිද්ධිය ගමපුරා ලැව් ගින්නක්සේ පැතිර යාමට වැඩි වේලාවක් ගතවී නොමැත. ගමේ ඇතැම් උදවිය කියන්නේ රත්තරන් පාරුව ගොඩ ගැනීමට බිලිපූජාවක් පවත්වන්නට ගිය බවය. එහෙත් එවැන්නක් මෙතැන සිදුවී නොමැති බවත් ගෙදර ඇතැයි කියන අමණුශ්‍ය දෝෂ නැති කිරීම සඳහා ශාන්ති කර්මයක් කිරීමට සූදානමක් පැවති බවත් ගමේ තවත් ඇතැම් දෙනෙක් පැවසූහ. කරුණු කාරණා කෙසේ වුවත් මේ සිද්ධිය හරහා ගම තුළ ඇතිවූයේ ලොකු කැළඹීමකි. එහෙත් දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇතත් මේ ගෙදර අවතාර හොල්මන් තිබෙන බවට ගම්මු බොහෝදෙනෙක් අදටත් විශ්වාස කරති. ඇත්තෙන්ම මෙවැනි දේ සිදුවන විට කට්ටඩින් පසුපස ගොස් විශාල මුදලක් නිරපරාදේ නාස්ති කරගන්නවා වෙනුවට මනෝ උපදේශකවරයෙක් හෝ මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු හමුවී ප‍්‍රතිකාර ගැනීම හොඳම ක‍්‍රමය බව සිහි තබාගත යුතුය. එමෙන්ම වඩාත් බුද්ධිමත් ලෙස විචාරශීලී ලෙස මෙවැනි දේ දෙස බැලිය යුතුය.
මනස කම්පනය කරන අනිසි බිය |
මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ මහතා මීගමුව නිවසේ සිදුවනවා යැයි කියන සිද්ධීන් ගැන මනෝ විද්‍යාත්මක විග‍්‍රහයක යෙදෙමින් පළකළ අදහස් මෙසේය. මේ නිවසේ සිටි මෙහෙකාර වෘත්තියේ නිරතව සිටි පුද්ගලයාට කට්ටඩියා කණට පිම්බ විට ඇෙඟන් පහළ කොටස පණ නැතිව ගියා සේ දැනී ඇත්තේ කට්ටඩින් ගුප්ත දේවල් කළ හැකි බවට ඔහුගේ සිත තුළ පැළ පදියම්වී තිබූ අනියත බිය නිසාය. කට්ටඩියාගේ පිඹීම මගින් ඔහු කිසියම් මානසික කම්පනයකට පත්වන්නට ඇත. කට්ටඩියා මෙහෙකාර වෘත්තියේ නිරතව සිටි අයගේ කණට කර පිඹින විට ඔහු අධික ලෙස බියවී කම්පනයවීම නිසා සිරුරෙන් පහළ කොටස පණ නැතුව ගියාසේ දැනෙන්නට ඇත. පිරිසක් පැමිණි අවස්ථාවේ ඔහුගේ සිත තුළ එතෙක් වෙලා පැළපදියම්වී තිබූ ඒ අනිසි බිය පහව ගිය නිසා දෙපයින් නැගිට ගැනීමට හැකියාව ලැබී ඇති බව පැහැදිලිව පෙනී යන කරුණකි. කට්ටඩියාට ගුප්ත බලයක් තිබුණා නම් පිරිසක් එතැනට පැමිණි පසු ඔහුට නැගිට ගැනීමට පුළුවන්කමක් කිසිසේත්ම ලැබෙන්නේ නැත. අපේ සමාජය වෙත නොයෙකුත් අද්භූත මතිමතාන්තරවලින් සමාජය හා සංස්කෘතිකමය වශයෙන් කාලාන්තරයක් තිස්සේ පැළ පදියම්වී පවතී. මෙසේ සිත්තුළ ග‍්‍රහණය කරගත් මති මතාන්තර යම් යම් අවස්ථාවලදී අත්දැකීම් ලෙස ඉදිරිපත් කරයි. සාමාන්‍ය පුද්ගලයන් පරිසරය හා සම්බන්ධතා ගොඩනැගීමේ හැඟීම්, සිතිවිලි පංචේන්ද්‍රයන් මගින් ලැබෙන සංවේදනයන් ග‍්‍රහණය කර ගැනීම් හා අතීත මතකයන් තුළින් සිදුකරනු ලබනවා. මේවා සාමාන්‍යයෙන් තාවකාලික බිඳ වැටීම් (Dissociatran) දරාගත නොහැකි හෝ සිත් කම්පන කරවන අත්දැකීම් තුළදී සිදුවිය හැකිය. මෙය එම බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දීමට අභ්‍යන්තරයේ සිදුවන ආරක්ෂක ක‍්‍රමවේදයක් ලෙස ද සැලකිය හැකිය. |
හොල්මන් කියල දෙයක් නැහැ |
වෛද්‍ය ජනක ජයසූරිය මහතා (ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය නිලධාරි) හොල්මන් අවතාර කියලා දෙයක් නැහැ. ඒවා හුදු විශ්වාස පමණයි. කෙනෙකු මියගිය පසු ඔහු අවතාරයක්, භූතයෙක් වෙලා තැන්තැන්වල සැරිසරනවා යැයි කීම කිසිදු විද්‍යාත්මක පදනමක් නැති මිත්‍යාවක් බව අවධාරණයෙන්ම පැවසිය යුතුයි. මම එහෙම කියන්නේ මෙවැනි සිද්ධීන් රැසක් සම්බන්ධව කරන ලද පර්යේෂණ හා ගවේෂණ පදනම් කරගෙනයි. කළු බල්ලෙකුගේ හා මිය ගිය අයකුගේ අවතාරයක් සැරිසරනවා යැයි කියන මීගමුව ප‍්‍රදේශයේ තියන මේ ගෙදරට ගිහින් ඒ ගැන ගවේෂණයක්, පර්යේෂණයක් කරන්න අපට ඉඩ ප‍්‍රස්ථාව දුන්නා නම් අපිට මේ කථාවේ ඇත්ත ඇති සැටියෙන් හෙළිකරගන්න තිබුණා. අවතාර, භූත ආත්ම සැරිසරමින් නිවැසියන්ට කරදර හිරිහැර කරනවා යැයි කියන තැන්වලට ගිහින් ඒ ගැන පර්යේෂණ හා ගවේෂණ කරන්න මම ඕනෑම වේලාවක සූදානම්. එවැනි දෙයකට ස්වේච්ඡුාවෙන්ම ඉදිරිපත් වෙන්නෙ ජනතාවට මේවා ගැන සත්‍ය අවබෝධ කරදී මිත්‍යා විශ්වාසවලින් ඔවුන් ගලවා ගැනීමේ අරමුණින් මිත්‍යා විශ්වාස කරපින්නාගෙන සිටීම නිසා බොහෝදෙනෙක් අමාරුවේ වැටුනු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. භූත ආත්ම අවතාර එළවන්න කට්ටාඩින් පසුපස යාම කිසිම තේරුමක් නැහැ. කට්ටඩින් ගෙන්වලා යාග හෝම පැවැත්වීමට විශාල මුදලක් වැය වෙනවා විතරයි. නමුත් මනෝ වෛද්‍යවරයකු වෙත ගොස් මේවාට උපදේශනයක් ලබාගැනීම කාලෝචිතය. |
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘එට්කා වෙළෙඳ ගිවිසුමට ඇතැමුන් විරෝධය පාන්නේ එම ගිවිසුම මගින් ඉන්දියාවේ ශ්‍රමිකයන්ටත් මෙරට රැක
තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්
පසුගිය ජනාධිපතිවරණයේදී එවක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු දැන් වික්‍රමසිංහ මහතාගෙන
වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව
2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලුවල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලුපිටියේ
නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
කෙම්මුර දවසේ මහ රෑ පොල් රුප්පාවේ නිවසට එන කාන්තාවක්
උපාලි Tuesday, 18 December 2012 06:06 PM
මට නම් නිකන් හොල්මන් වගේ පෙනෙන්නේ හැමදේම. (නි)
සුපුන් ජූඩ් Wednesday, 19 December 2012 04:59 AM
මමනම් ඔය හොල්මන් ඇත්තට දැකල නෑ, ඒත් මම විස්වාස කරනව, මම ඉන්න ගෙදර දැනටත් හොල්මන් තියෙනව(ලන්ඩනය)මගෙ යාලුවො දැකලත් තියෙනව, මේ රටේ මිනිස්සු කොච්චර දියුනු උනත් එව්ව විස්වාස කරනව.(නු)
සන්ද්‍යා Tuesday, 18 December 2012 01:34 AM
මම බයයි අනේ ඕවා කියවන්න (දී)
සමීර Friday, 21 December 2012 04:34 PM
අද ඇත්ත යැයි කියා හෙට ඒ දේ බොරුයැයි පවසන විද්‍යාව නැමති දරුවාට හසුනොවෙන කොපමණ දේවල් මේ විශ්වයේ ඇද්ද? (නි)
රොහාන් Monday, 17 December 2012 01:19 PM
මේවා බොරු කියන්න බැහැ. විද්‍යාවට අහුනොවෙන දේවල් ගොඩාක් තිබෙනවා. ඒේ මේවා පසුපස යන්න හොඳ නැහැ. මට නම් කිහිප වතාවක් තේරිලා තියෙනවා මේවා තියෙනවා කියලා. ඒත් මට බුදුහාමුදුරුවන්ගේ ධර්මය විශ්වාසයි. ඒ හින්දා බියක් නැහැ. හොඳම මනෝවිද්‍යා ප්‍රතිකාරය බුද්ධාගම තුල ගැබ් වෙලා තියෙනවා. නැහැ නැහැ කියලා කරදරේක වැටුණාට පස්සේ පිළිගන්නවාට වඩා බුදුදහම අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවානම් කරදර අඩුයි. ඒකයි බුදුහාමුදුරුවෝ මේවායින් ආරක්ෂා වෙන්න විවිධ සූත්‍ර දේශනා කළේ. නැතුව කටිටඩියන්ට සල්ලි දෙන්න නෙමෙයි. (නි)
දිනෙල්ක Saturday, 19 January 2013 11:38 AM
හරිම බයයි මේ රූප දැක්කම (ස)
රොශාන් Saturday, 22 December 2012 12:08 PM
මම හොල්මන් දැකලා නෑ . ඒත් ඒවගේ ඇත්තක් තියෙනවා (ස)
ඩොන් Monday, 17 December 2012 10:05 AM
මේ දේවල් බොරු කියලා හිතන, පින් පවු නැහැ කියලා හිතන හින්දයි ලෝකය අද මෙච්චර දරුණු වෙලා තියෙන්නේ. (නි)
අශාන් Thursday, 20 December 2012 12:16 AM
වුණහමම බලගන්ටකෝ ... (නි)
අශෝක Sunday, 16 December 2012 05:05 PM
කාටවත් බලෙන් කියලා පෙන්වන්න පුලුවන් දෙයක් නෙමෙයි භූතයො කියන්නෙ. මම නම් ඇත්තතම දැකලා තියෙනව. කවුරු විශ්වාස කළත් නැතත්. පිරිත් කියලා තමයි මම ඒවා අයින් කරගත්තෙ. පිරිත් මේ තරම් බලගතු බව විශ්වාස කළේ මේ සිද්ධියෙන් පසුවයි. ඔබලා විශ්වාස කරන්නේ නැත්නම් අත්හදා බලන්න. පිරිසිදුව,නිවැරදිව සති දෙකක් පිරිත් කියන්න. ඔබටම වැටහේවි සත්‍යය. (නි)
සඳනිකා Monday, 17 December 2012 09:35 PM
විද්‍යාවට සියල්ල හසු නොවේ (ස)
දිල්ශාන් Saturday, 29 December 2012 09:14 PM
මේ ලෝක අපි නොදන්න බොහෝ දේ තියෙනවා.. හොල්මන් අවතාර ලෝකය තුල සැරිසරණවා.. ඒක සත්‍යයි..!(නු)
විශ්ව Monday, 17 December 2012 04:15 PM
අනේ අම්මේ බය හිතෙන කතාවක් (දී)
විශ්ව Monday, 17 December 2012 04:10 PM
බය හිතෙනවා