ලංකාවේ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම දිගින් දිගටම ඇදෙන දේශපාලන ප්‍රශ්නයක් බවට හැරී තිබේ. එය දේශපාලන ප්‍රශ්නයක් වන්නේ රටේ ජනතාවට වඩාත් වැදගත් වන්නේ ආණ්ඩුවේ සිටිය යුතු අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව නොව කැබිනට් මණ්ඩලය හරහා සිදුවන කාර්යභාරය බැවිනි.
මේ වනවිට පත්කරනු ලැබ සිටින 22ක් වන කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව30 දක්වා ඉහළ දැමීමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ සැලසී තිබේ. රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද දැනට 38කි. ඒ සංඛ්‍යාව ද ඉහළ යාමට නියමිතය. මේ පසුබිමේ ආණ්ඩුව තුළ සිටින අමාත්‍ය ධුර නොලැබූ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් බලවත් සේ විස්සෝපයට පත්ව සිටින බවක් ද පසුගිය දා මාධ්‍යවල සිරස්තල මවා තිබිණි.
රටේ දේශපාලනික සහ සමාජ ආර්ථික තොරතුරු පිළිබඳ අධ්‍යයනය කරන ස්වාධීන ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය ශ්‍රී ලංකාවට ගැළපෙන අමාත්‍යංශ සංඛ්‍යාව සහ එම අමාත්‍යංශවලට වෙන්විය යුතු කාර්යභාරය පිළිබඳ කළ සමීක්ෂණයක වාර්තාවක් පසුගියදා එළි දක්වා තිබිණි. එම වාර්තාව පදනම් වී තිබුණේ කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක වන ආණ්ඩුවක් ඇතිකර ගැනීම සඳහා නිරාකරණය කරගත යුතු ගැටලු හඳුනා ගැනීම මූලික කර ගනිමිනි.
ඒ සඳහා පසුගිය කාලය තුළ සිදුකළ පර් යේෂණ මත පදනම්ව රටට ගැළපෙන අමාත්‍යංශ 15ක ආදර්ශ නියැඳියක් වෙරිටේ රිසර්ච් ආයතනය මගින් ඉදිරිපත් කර තිබිණි. එම නියැඳියට අනුව කාර්යක්ෂම සහ ඵලදායී ලෙසට ආණ්ඩුවක් ක්‍රියාත්මක කිරීම සඳහා එක් එක් අමාත්‍යංශවලට වෙන් කෙරෙන කාර්යභාරය ද වෙන් වෙන් වශයෙන් දක්වා තිබීම ද විශේෂත්වයකි.
මෙරට බලයට පත් ආණ්ඩු කෙදිනකවත් රටේ පාලනය කාර්යක්ෂමව කිරීමේ පදනම මත කැබිනට් අමාත්‍යවරුන් පත්කර නැත. අමාත්‍යවරුන් කිහිප දෙනකුට ඇතැම් ආණ්ඩු මගින් ඒ ආකාරයට සැලසුම් කර පත්වීම් ලබාදී තිබුණත් බොහොමයක් රාජ්‍ය නායකයන් කළේ වඩාත් ජ්‍යෙෂ්ඨ සහ තමන්ගේ මතයට එරෙහිව නොයනු ඇති බවට විශ්වාස කරන පුද්ගලයන් හට කැබිනට් තනතුරු ප්‍රදානය කිරීමය.
එසේම රජය පවත්වාගෙන යාමට සහාය දක්වන සුළු පක්ෂවල නායකයන් සතුටු කිරීම වෙනුවෙන් ද ඉතා වැදගත් අමාත්‍යංශ ගණනාවක් වෙන් කිරීම ද චාරිත්‍රයක් බවට පත්ව තිබේ. මේ තීන්දු ගැනීම්වල අවසානය නිදහස ලබා වසර75ක් ගතවන විට ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත් වීමය.
කැබිනට් අමාත්‍ය ධුරවලින් පිදුම් ලැබූ දේශපාලනඥයන්ගෙන් මේ රටට කිසිදු සේවයක් සිදු නොවී යැයි පැවසීමට අපි ඉක්මන් නොවෙමු. ඇතැම් අමාත්‍යවරුන් ඉතා දූරදර්ශීව ක්‍රියාත්මක වෙමින් රටේ දේශපාලනික, සමාජ සහ ආර්ථික දිශානතිය වෙනස් කිරීමට ප්‍රබල දායකත්වයක් දක්වා ඇති බව සඳහන් කළ යුතුය. එහෙත් බහුතරයක් අමාත්‍යවරුන්ගේ බඩගෝස්තරවා දී තීන්දු තීරණ කාර්යක්ෂම ඵලදායී පාලනයක් ගෙන යාමට උපකාරී වී නැත. සංඛ්‍යාත්මකව අමාත්‍යංශ ප්‍රමාණය වැඩිවීම කිසිසේත් කාර්යක්ෂම පාලනයට උදව් කරන්නේ නැත.
මේ බව උපුටා දක්වා වෙරිටේ රිසර්ට් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙන්නේ 2010 සහ 2020 කාලය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල සහ අස්ථාවර කැබිනට් අමාත්‍යංශ පිහිටුවා තිබීම කාර්යක්ෂම සහ ඵලදායී ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහා කිසිදු දායකත්වයක් දක්වා නොමැති බවය. ඒ හරහා ඇති වූ ගැටලු හඳුනා ගනිමින් රටට ගැළපෙන අමාත්‍යංශ 15ක ආදර්ශ නියැඳියක් ඔවුන් සකසා ඇත්තේ ඒ ඒ විෂයට වැදගත් වන අමාත්‍යංශ තෝරා බේරා ගනිමිනි.
එම වාර්තාව ගෙඩි පිටින් ආදර්ශයට ගත යුතු යැයි අප කියන්නේ නැත. එහෙත් අති විශාල කැබිනට් මණ්ඩලයක් පවත්වා ගෙනයාම රටේ ගැටලු තවත් උග්‍ර කළා මිස ඒවාට විසඳුමක් ලබා නුදුන් බව පැහැදිලිව පෙනෙන සත්‍යයයි. ඒ තත්ත්වය දැන්වත් වෙනස් විය යුතු නොවේද?
මේ රටේ කැබිනට් අමාත්‍ය ධුර වෙන්වීම අඩුම තරමින් ජනගහන අනුපාතය සමඟ හෝ සමපාත වන්නේ නැත. මිලියන 22ක ජනතාවක් සිටින අපේ රටට කැබිනට් අමාත්‍ය ධුර 30ක්ද රාජ්‍ය අමාත්‍ය ධුර 45ක් ද වෙන්වී තිබේ. එහෙත් අධික ජනගහනයක් සිටින ලොව බලවත් සහ ධනවත් රටවල් බොහොමයක අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉතා අඩුය.
කෝටි 142ක් සිටින චීනයේ කැබිනට් අමාත්‍ය ධුර 26කි. එවැනිම ජනගහනයක් සිටින ඉන්දියාවේ අමාත්‍ය ධුර29කි. අමෙරිකාවේ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර හා සමාන වන ලේකම් ධුර ඇත්තේ 15ක් පමණි. එසේනම් අපේ රට අපේ ආර්ථිකයට ගැළපෙන සේ කුඩා අමාත්‍ය මණ්ඩලයකින් පාලනය කළ නොහැක්කේ මන්ද?
අපේ රටේ අමාත්‍ය ධුර යනු විශාල වරප්‍රසාද සහිත පදවි වීම ඊට හේතුවය. මේ අධි වරප්‍රසාදිත ධුරය රටේ ආණ්ඩු බලය හසුරුවයි. ඒ සඳහා වාර්ෂිකව වැයවන බිලියන ගණනක මුදල් ගෙවා දමන්නේ මහජනතාවගේ බදු මුදලිනි. වෙනත් රටවල එවැනි වරප්‍රසාද කැබිනට් අමාත්‍යවරුන්ට නැත. ඒ රටවල් දියුණු වෙද්දී අපේ රට පරිහානියට පත්වීම පිළිබඳ තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.
(***)
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කැබිනට් අමාත්‍ය පදවි 15ක් අප වැනි රටකට මදිද?