අහස උත්පළ නිලෙන් පුරවා වැඞී තිබිණි. පැහැදිලි අහසේ කාන්තිය පොළොවට ද වැටෙමින් තිබිණි. එහෙත් එක්වරම පරිසරය වෙනස් විය. අහස කළු විය. සැඩ සුළං හමා ගියේය. තල්ගස් කරවී අගිසි බිමට කඩා පාත් විය. අනෝරා මහ වැස්ස විවේකයක් නොලැබම පොළොවට කඩා පාත් වෙමින් තිබිණි. කජන් ෂර්මිලා තිගැස්සී ගියාය. මේ විපර්යාසය කුමක්දැයි තේරුම් ගත නොහැකිව කජන් ෂර්මිලා විපිළිසර වූවාය. සෙවණක් සොයා යෑම හැර අන් සරණක් තමන්ට නැතැයි ඇය වටහා ගත්තාය. ඒ සෙවණ සොයා ඇය පියවර මැන්නාය. ඒ සෙවණ අන් කිසිවක් නොව හමුදා පාලන ප‍්‍රදේශයම විය. ඒ කජන් ෂර්මිලා අප ඉදිරිපිට සිටින්නීය. ”ඇත්තමයි මේ වගේ අවසානයක් අපි හිතුවේ නෑ. තාම වුණත් හිතාගන්න අමාරුයි...” ඇය කියන්නීය. එයට විශේෂ හේතුවකි. ඇය බොහෝ කාලයක් කටයුතු කළේ කොටි සංවිධානයේ මිනුම්දෝරු අංශයේ ප‍්‍රබල නායිකාවක ලෙසිනි. ඇයට පැවරුණු එක් විශේෂ රාජකාරියක් විය. ඒ ලංකා සිතියමේ උතුරට අයත් කලාපයේ අලූතෙන් ඇතිකළ වෙනස්කම් සලකුණු කිරීමය. ”අපේ සංවිධානයේ මූලික අදහස වූයේ වැඩි කාලයක් ගත වෙන්න පෙර ඊළාම් රාජ්‍ය ගොඩනැගීමයි. ඊළාම් රාජ්‍යයේ සෑම පාරක්ම, ගොඩනැගිල්ලක්ම අලූත් වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි අලූත් පාරවල් පවා හැදුවා. ඒ විදියට අලූත් වෙන ඊළාම් රාජ්‍යයේ අලූත් සිතියම හැදීම තමයි බාරවෙලා තිබුණේ. මමත් හුඟාක් කැපවීමෙන් ඒ කාර්ය කළා. අලූත් සිතියම් ඇන්දා. එහෙම අඳින කොට අපේ ඊළාම් රාජ්‍ය කොයිතරම් ළඟද කියලා මට හිතුණා...” ඒ කජන් ෂර්මිලා ගේ හඬය. තිස් පස් හැවිරිදි කජන් ෂර්මිලා යුද්ධයේ අවසන් දින කිහිපයේ එක් දිනයක දී වෙල්ලමුල්ලි වයික්කාල්වලදී හමුදාවට බාර වූවාය. ”මම එල්.ටී.ටී.ඊ. එකේ” ඇය ඇත්තම කීවාය. ඒ වෙල්ලමුල්ලි වයික්කාල්හිදී හමුවූ හමුදා සෙබළුන්ටය. ”එහෙම කියන්න බය හිතුනේ නැද්ද?” අපි විමසුවෙමු. ” නෑ... ඒ වෙනකොට අපට කිසිම පිළිසරණක් තිබුණේ නෑ. ඒ වගේම අපේ සංවිධානයේ නායකයෝ හැසිරිච්ච හැටියට අපට කොටි සංවිධානය එපා වෙලා තිබුණේ. ඒ විතරක් නොවෙයි... අපි හමුදා පාලන ප‍්‍රදේශයට ඇවිත් හුඟාක් වෙලා හමුදාව දිහා බලාගෙන හිටියා. ඒ අයගේ මනුස්සකම දැක්කම එච්චර කාලයක් හිතාගෙන හිටපු විදියත් වෙනස් වුණා.....” කජන් ෂර්මිලා පවසන්නීය. ඇයගේ ගම යාපනයේ කරවෙට්ටි ප‍්‍රදේශයේය. 1994 වසර වනවිට ඇය පාසල් දිවියට ආයුබෝවන් කියා තිබිණි. ඇයගේ ඊළඟ ඉලක්කය වූයේ විදෙස් රැුකියාවක් සොයා ගැනීමය. බුර බුරා නැගෙන ගිනිදැල් වලින් දැවෙමින් තැවෙමින් සිටිනවාට වඩා විදෙස්ගතව සිටීම යහපත් යැයි ඇය සිතුවාය. විදෙස්ගත වීම සඳහා ඉංග‍්‍රීසි ඉගෙන ගැනීමට ඇය යාපනයේ ඉංග‍්‍රීසි පංතියකට ගියාය. ඒ ගිය ගමන ඇයගේ ජීවන ගමන මුළුමනින්ම වෙනස් කරාවි යැයි ඇය සිතුවේ නැත. ”ඒ ඉංග‍්‍රීසි පංතියට එල්.ටී.ටී.ඊ. එකේ අයියලා ඇවිත් දේශන පැවැත්වුවා. මේක අපේ රට සිංහලයන් ඒක බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නේ කියලා තමයි ඔවුන් කිව්වේ. මේ දේශන මගේ හිතට තදින් කා වැදුණා. ඒ අය කිව්වා. අපේ ඊළාම් රාජ්‍ය වෙනුවෙන් සටන් වදින්න එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳෙන්න කියලා.” නව යෞවනයේ පසුවූ කජන් ෂර්මිලා ඒ දේශනවලට වසඟ වූවාය. අවනත වූවාය. එහි ප‍්‍රතිඵලය වූයේ මව්පියන්ට නොකියාම ඒ අයියලා පෙන්වූ පාර දිගේ ගමන් කිරීමය. ඒ ගමන නතර වූයේ අරඩියල්තුරෙයි හි පිහිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ මූලස්ථානයෙන්ය. ”එතැන හිටියා ජෙයා කියලා අක්කා කෙනෙක්. එයා තමයි අපව බාරව හිටියේ. අපේ කණ්ඩායමේ හිටපු හැමෝම කැමැත්තෙන්ම එතැනට ආපු අය නිසා ප‍්‍රශ්නයක් වුණේ නෑ. ජෙයා අක්කා අපව එතැන ඉඳලා අරියාලම් ප‍්‍රදේශයේ තිබුණු පුහුණු කඳවුරකට එක්කරගෙන ගියා. මාස හයක් විතර අපි එතැන පුහුණු වුණා. ඕනෑම වර්ගයක අවියකින් වෙඩි තියන්න අපට පුරුදු කළා. ඒ කණ්ඩායමේ නායිකාව වුණෙත් මමයි.” මාස හයක පුහුණුවෙන් පසුව අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ලේ ආරක්ෂක කටයුතු සඳහා කජන් ෂර්මිලාට යාමට සිදුවූවාය. ඒ කජන් ෂර්මිලා යන නාමයෙන් නොව භාරධී යන නාමයෙනි.කජන් ෂර්මිලා හෙවත් භාරධී අලිමංකඩ ඉදිරි ආරක්ෂක වළල්ලේ දී පෑ විකුම් නිසාම ඇයට ඉක්මනින්ම උසස්වීමක් සමග තරුවක් ලැබිණි. ඒ යාපනයටය. යාපනයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ නායිකාව වූයේ භාරධීය. ”එක පාරක් හමුදාව එක්ක ලොකු ගැටුමක් ඇති වුණා. අපි දවස් ගාණක් ගහගත්තා. අපිටත් බර හානි වුණා. ඒත් අපි පසුබැස්සේ නෑ. දවස් දෙක තුන නොකා නොබී අපි ගහගත්තා. දවස් පහකට විතර පස්සේ මම හිටපු තැනටම මෝටාර් එකක් වැදුණා. මට මතක එච්චරයි.” යාපනය ඉදිරි ආරක්ෂක වළල්ලේදී එල්ල වූ මෝටාර් ප‍්‍රහාරයෙන් භාරධී බරපතළ තුවාල ලැබුවාය. ඇය අංශභාග රෝගියෙකු බවට පත්වූවාය. එපමණක් නොව දින තුනක් ගතවනතුරු ඇයට පියවි සිහිය ආවේද නැත. ”මට සිහිය ආවේ දවස් තුනකට පස්සෙයි. හැබැයි මට මතකය නැතිවෙලා තිබුණා. ඔහොම ඉන්නකොට හමුදාව යාපනය අල්ලාගෙන තිබුණා. කොටි සංවිධානය මාව කිලිනොච්චියට අරගෙන ආවා.” භාරධීගේ ලොකු අම්මා සිටියේ කිලිනොච්චියේය. භාරධීගේ නවාතැන බවට පත්වූයේ ඒ ලොකු අම්මාගේ නිවසය. මේ කාලය වනවිට භාරධීගේ අම්මා ඉන්දියාවට පළාගොස් සිටියාය. භාරධීගේ එකම අක්කාත්, අයියලා දෙන්නාත් කැනඩාවේ රැකියා කළහ. ලොකු අම්මා බාරයට පත් භාරධීට ඉන්පසුව දෙමළ වෙදකම් කිරීම ඇරැුඹිණි. එහෙත් භාරධීට සුවය ලැබුණේ බොහෝ කාලයක් ගත වූ පසුවය. 2000 වසර වනවිට පියවි සිහිය යථා තත්ත්වයට පත්කැර ගැනීමටත්, දෙපයින් ඇවිදයාමටත් ඇයට ශක්තිය ලැබිණි. එතැන් පටන් ඇය යළිත් මහන්සි ගත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක්වීමටය. වසර පහක් වැනි කාලයක් පුරා පියවි සිහියෙන් දුරස්වී අංශභාග රෝගයෙන් පෙළෙමින් සිට සුව වූ සැණින් යළිත් සංවිධානයට එක්වීමට උත්සහා දරන භාරධීට කොටි සංවිධානයෙන් ලැබුණේ ඉහළ පිළිගැනීමකි. එසේ පැමිණි භාරධීට අලූත් පත්වීම ලැබුණේ කොටි සංවිධානයේ ඡුායාරූප අංශයේ දෙවැනියා ලෙසය. ඇයගේ නායකයා වූයේ නිගාම් මාස්ටර්ය. ”මට පැවරිලා තිබුණේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සියලූම දෙනාට හැඳුනුම්පත් හැදීමයි. ඒ නිසා සංවිධානයේ හුඟාක් විස්තර මම දන්නවා. ප‍්‍රභාකරන්ටත් හැඳුනුම්පතක් මම හැදුවා. ඒත් ඒක බාරදෙන්න යන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. ඊට පස්සේ තමයි මාව සිතියම් අංශයට මාරු කළේ.” භාරධී කියන්නීය. විශේෂත්වයකි. භාරධී එක්දරු මවකි. ඇය විවාහ වූයේ 2007 වසරේදීය. ඒ එල්.ටී.ටී.ඊ සාමාජිකයකු සමගය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයන්ට විවාහය තහනම් බවට මතයක් සමාජය තුළ පවතී. මේ පිළිබඳව විමසූ විට ඇය කියා සිටියේ මෙවැනි කථාවකි. ”එහෙම තහනමක් ඉස්සර තිබිලා තියෙනවා. නමුත් ඒක පස්සෙ කාලෙ සංශෝධනය වෙලා තියෙනවා. ඒ අනුව පිරිමි කෙනෙකුට වයස අවුරුදු 30 වුණාට පස්සෙත්, ගැහැණු කෙනෙකුට වයස අවුරුදු 28 දීත් විවාහ වෙන්න පුළුවන්. ඒ අනුව අපි විවාහ වුණා. අපි දෙන්නම එකම සටන් පෙරමුණේ ඉඳලා තියෙනවා.” භාරධී කීවාය. ඇය සටන් බිමට ගියේ එකම පුතණුවන් ලොකු අම්මා ළඟ තබාය. ඒ දරුවා බැලීමට යාමට හෝ ඉස්පාසුවක් ඇයට නොවීය. යුද්ධය දරුණුවට ඇවිලී යද්දී දෙමළ ජනයා සරණාගතව තැනින් තැනට ඇවිද ගියහ. භාරධීගේ එකම පුතණුවන් ද ඒ සෙනඟ අතරේ සිටියේය. ”ඒ දවස්වල නම් ඒකේ ගාණක් තිබුණේ නෑ. නමුත් දැන් මතක් වෙනකොට පපුව පිච්චෙනවා. මට ඉක්මනට පුතා ළඟට යන්න අවශ්‍යයි....” ඇය කියන්නීය. යුද්ධයේ අවසන් දින කිහිපයේදීද කෙසේ හෝ ජය ගැනීමේ තිර අදිටනින් සටන් කළ සාමාජිකයන් අතර භාරධී ද පෙරමුණේම සිටියාය. එහිදී දරුණු සටන් වලට මැදි වුවද තුවාල නොවී දිවි රැකගැනීමට ඇය සමත් වූවාය. එහෙත් යුද්ධය අවසන් දිනවලදී යුද්ධය ජයගත නොහැකි බව ඇය තේරුම් ගත්තාය. ඇය නිල ඇඳුම ගලවා දැමුවාය. ගිනි අවිය ද පසෙකට විසි කළාය. සාමාන්‍ය ජනයා අතරට වැදී ඇය වෙල්ලමුල්ලිවයික්කාල් හිදී හමුදාවට බාර වූවාය. ”මගේ ජීවිතයෙ මම ගත්ත නිවැරදිම තීරණය තමයි ඒක” භාරධී හෙවත් කජන් ෂර්මිලා කීවාය. වව්නියාව, පුන්තෝට්ටම් හි ආරක්ෂක නවාතැන් හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇය පැමිණ තවමත් මසක් කල් ඉක්ම ගොස් නැත. හැකි ඉක්මනින් ගෙදර යාමේ වරම තමන්ට හිමිවනු ඇතැයි ඇය සිතන්නීය. ”කෝ... එයා” අපි ඇසුවෙමු. ”එයත් හමුදාවට බාර වුණා. එයයි මමයි අන්තිම දවස් ටිකේ හමුවුණේ නෑ. කොහොම හරි එයත් හමුදාවට බාර වෙලා. දැන් පුනරුත්ථාපනය වෙලා ගමට ගිහින් පුතත් එක්ක ජීවත් වෙනවා. මගේ එකම බලාපොරොත්තුව හැකි ඉක්මනින් ඒ කැදැල්ලට එකතු වීමයි.... ආයිමත් අඬන්නේ නැති, වැළපෙන්නේ නැති දුක් කරදර නැති ජීවිතයක් ගත කිරීම මගේත් මහත්තයාගේත් එකම අධිෂ්ඨානයයි.” ඒ ඇස් දීප්තිමත්ය. අනාගතය සම්බන්ධයෙන් නිර්මාණය වූ සහස් සුවහස් බලාපොරොත්තු වලින් ඒ දෑස් පිරී තිබේ. නිසැක ලෙසම ඉදිරියෙහි ඇත්තේ කටු පිපුණ ගිම්හානයෙන් පසුව එළැඹෙන මල් පිපුණු වස්සානය මැයි. එහි ඇවිද යන්නට ඇයට දිරිය.... බලය... ශක්තිය! තව කොටසක් ලබන සතියේ
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ
මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව
කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස
විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කඳුළු නැති ජීවිතයක් පතන හිටපු කොටි කත
අශාන් Saturday, 15 September 2012 01:01 PM
ත්‍රස්තවාදීන් උනත් මොවුන්ගේ කැපවීම දැක්කම පුදුම හිතෙනවා...(ස)
ආනන්ද Monday, 10 September 2012 02:09 PM
ඉංග්‍රීසි පරිවර්තනයක් පළ කරන්න බැරිද? (නි)
දර්ශන් Monday, 10 September 2012 08:45 AM
බොහොම හොදයි (නි)
ජීවන් Saturday, 15 September 2012 01:11 AM
පුලුවන්නම් හොද වැඩක් (දී)
රුවන් Wednesday, 12 September 2012 05:50 PM
මෙන්න මේවා තමයි ලෝකෙට ඇහෙන්න කියන්න ඕනෑ. බොරුවට ලංකාව ඇතුළේ කුළල් කාගෙන වැඩක් නැහැ. (නි)
පියල් Friday, 14 September 2012 01:57 PM
මාර කතාවක්
විමල් Tuesday, 11 September 2012 05:41 PM
මේවා ජාත්‍යන්තර මාධ්‍යයටත් ලබාදෙන්න (නි)
අසේල Saturday, 15 September 2012 09:14 PM
කොහොම හරි කමක් නැහැ ඇත්ත තෙරුනානම් (දී)
සුභාෂිනී Monday, 10 September 2012 01:15 PM
ඔය කියලා තියන දේවල් එහෙමම වෙනවා නම් අපිත් සතුටුයි (අ)