IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කටේ කෙළත් සිඳෙන නවගත්තේගම නියඟය

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නවගත්තේගම බුලත් වගාවේ නිරත වු වගාකරුවන්ගේ බුලත් වගාවන් නියගය හේතුවෙන් විනාශ වීමෙන් පසුව එයින් දිවි රැක ගත් පවුල් 300  ක 1000 කට වැඩි පිරිසක් අන්ත අසරණව  ඇති බව කියයි.

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහමැද්දෑව ග්‍රාම නිලධාරි වසමේ මහමැද්දෑව , මැද්දෑව , පියසුමනගම , වගයාබැදි වැව, රත්කිරාගම, පලුකදවැව , ගලටබැදියාව, ඇතුළු ගම්මාන ගණනාවක විදෙස් වෙළෙඳපොළට කලු බුලත් සැපයූ  සහ දේශීය වෙළෙඳ පොළට බුලත් සැපයු මහා පරිමාණ වගා කරුවන් 70 වක පමණ පිරිසකගේ වගාවන් පවතින නියගය හේතුවෙන් මෙතෙක් ජලය ලබා ගත් ළිං තුළ ජලය සම්පුර්ණයෙන් සිදි යාම නිසා තම වගාවන්ට ජලය සපයා ගැනීමට කිසිදු ස්ථානයක්  නොමැති වීමෙන් වගාවන් වියළි මැරී ඇති බව වගාකරුවෝ පවසති.

කෙසේ නමුත් ඇතැම් වගාකරුවන් වෙනත් ස්ථානවලින් ජලය රුගෙන විත් ගම ඉතිරි වගාවන් බේරා ගැනිමට විශාල උත්සාහයක නිරත වන බවද කියයි. මෙම බුලත් වගාවන් නියගයෙන් විනාශ වීමත් සමග එම ගොවිතැන්වල වසර 10 කට වැඩි කාලයක් දෛනිකව කුලී රැකියාවේ නිරත පවුල්  300 කට ආසන්න පිරිසකගේ රැකියාවන්ද මේ වනවිට අහිමි වීමෙන් එම පිරිස්වල  සාමාජීකයින් 1000 කට වැඩි පිරිසක් අන්ත අසරණව ඇති බව කියයි.

වගාකරුවෝ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

ඕ.බි . විජේතුංග මහතා

“ මේ බුලත් වගාව මම පටන් අරන් දැනට අවුරුදු 20 කට වැඩියි .විදේශීය වෙළද පොළට තමයි මම කලු බුලත් යැවීම කළේ . මා ගාව 30 ක් 40 ක් දෛනිකව වැඩ කළා. ඒ අයට කැමබීම දිගෙන මහා පරිමාණයෙන් මේ වගාව කළා . නමුත් සියල්ලම අවසන් කළා. නියගයෙන් දැනට අවුරුද්දකට වැඩි කාලයක් වැස්ස නිසි ආකාරයෙන් නොලැබීම නිසා වැව් සහ ළිංවලටත් වතුර නිසි ලෙස ලැබීමක් වුණේ නැහැ . තිබුන ළිංවල වතුර නැති වුණාම ඉඩමේ තැනින් තැන ළිං කැපුවා.නළ ළිං ගැසුවා .කිසිම එකක අද වතුර නැහැ.නමුත් ළිං කපන්න විතරක් ලක්ෂ හයක් විතර ඉවරයි. ඒ සේරම එහෙම වෙද්දි මම ගාව වැඩ කරපු අයට අද රස්සාවල් නැති වෙලා . මමත් අසරණයි හෙට අනිද්දා වෙද්දි මටත් කොහේ හරි කුලී වැඩක් සොයා ගෙන යන්න සිද්ධ වෙනවා . නියගය කියා ගන්න බැරි තරම් අමාරු තත්ත්වයක තියෙන්නෙ“යැයි පැවසීය.

ජානක නුවන් කුමාර මහතා

“ අද වන විට අපි අන්ත අසරණ වෙලා . නියගය අපේ වගාවන් සම්පුර්ණයෙන් විනාශ කළා. ළිංවල වැව්වල වතුර බිඳක් නැහැ . ඒ මදිවාට බුලත් මිලත් හිතා ගන්න බැරි  විදිහට පහත වැටිලා. පොහොර මිල අහස උසට ගොවියා නියගයෙන් විතරක් නොවෙයි බැට කන්නේ මේ සේරම නිසා“ යැයි පැවසීය.

 කේ .කේ .ආර් . කුමාරසිංහ මහතා  

 “අපේ දරුවෝ ලොකු මහත් කරලා එයාලාට ඉගැන්නුවේ අහළ පහළ ගොඩක් දෙනෙක් රස්සාවල් කළේ ඔවුන් ජීවත් කළේ බුලත් වගාවෙන් අද සියල්ලම විනාශ වෙලා ඒ තරමට නියගය දරුණුයි . කරන්න කියන්න කිසිම අයකු නැහැ. “යැයි පැවසීය.

ටි.ආර්.එම්.කේ .තේන්නකොන් මහතා

“අපිට වුණේ මොකක්ද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ. ඉස්සර උදේ පාන්දරම බුලත් කොටුවට ඇවිත් තමා කහට එක බොන්න ගෙදර යන්නේ.ඒ තරමට ආදරෙන් මේ වගාව කළේ .නමුත්   අද මේ වගාවට වෙලා තියෙන විනාශය දකින්න බැරි තරමට පපුව දාලා පිච්චිලා යනවා . මම ඉස්සර බුලත්වලට අමතරව කෙසෙල් වගාවෙන් සතියකට රුපියල් 6000 කට වැඩි ආදායමක් ගත්තා.කෙසෙල් වගාවත් ඉවරයි . නියගය අපේ සියලුම දේ විනාශ කරලා . මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ“යැයි පැවසීය.

 මෙහිදි අදහස් දැක්වූ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් ආර්.පි.ජී. පොඩිනේරිස් මහතා  

 “නියගය කියා ගන්න බැරි තරමට දරුණු වෙලා . නවගත්තේගම සියලුම වැව් සිදි ගිහින් ළිංවල ජලයත් ශීඝ්‍රයෙන් සිඳී යමින් තිබේනවා .  මිනිසුන්ගේ ප්‍රයෝජනයට සිදි ගිය වැව්වල ළිං කැපිම කළා . නමුත් මේ බුලත් වගාකරුවන්ගේ දුකට පිහිට වෙන්න  ජලය ලබා දෙන්න ක්‍රම වේදයක් අපි සතුව නැහැ. මේ බුලත් වගාකරුවන් විතරක් නොවෙයි එයාලාගේ වගාවන්වලින් ජීවත් වුණ විශාල පිරිසක් අසරණ වෙලා කියලා තොරතුරු ලැබුණා .අපි ඒ පිළිබදව ඉහලට තොරතුරු ලබාදුන්නා“ යැයි පැවසිය.

 



අදහස් (3)

කටේ කෙළත් සිඳෙන නවගත්තේගම නියඟය

රජින්ද Thursday, 27 July 2017 08:45 AM

ලංකාවේ පරිසරයට පැවති සහ පවතින සියලු ආණ්ඩු විසින් කරපු මහා පරිමාණ අපරාධ නිසා අද අපිට අපේ රටේ ඉන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. කිසිදාක අහන්න දකින්න නොලැබුණු ලෙස ස්වභාවධර්මයා බරපතල විපර්යාසයකට අද මුහුණ දීල තියෙනවා. රට මෙහෙම විනාශ වෙමින් තියෙද්දිත්, තවමත් වන විනාශයන්ට, සහ සංවේදී පරිසර සංහාරයට වත්මන් පාලකයින්ද ඉඩ දී තිබෙනවා. ඒවාට මිනිස්සු මොකුත් කියන්නෙත් නැහැ. ඉතින් රටක් මේ විදිහට ඉතුරු වෙයිද?

:       0       35

sanjeewa Friday, 28 July 2017 05:50 AM

තව ඉතුරුවෙලා තියෙන ගස් ටිකත් කපල දාලා ඒ අවට අලුතෙන් ගෙවල් ගොඩනැගිලි හැදුවනම් හොඳයි

:       0       2

ඉසුරු Friday, 28 July 2017 12:10 PM

පව් අසරණ මිනිස්සු .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31142 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13279 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site