IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එතෙර-මෙතෙර වෛද්‍යවරුන්ගේ විස්මිත සැත්කම්

 OPERATION_P3  

 

කෙනෙකුට ජීවිතය එපා වෙන්නේ විසඳුමක් නැති එදිනෙදා ප්‍රශ්න නිසා විතරද? උපතින් ඇති වුණ විරූපී මුහුණ විකෘති හිස්කබල එහෙම නැත්නම් හදිසි අනතුරකින් විකෘතිතාවට පත් වූ සිය දරුවා දෙස බල බලා මව්පියෝ මොනතරම් මැරි මැරී උපදිනවද? මෙන්න මෙහෙම වෙලාවට තමයි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු මිහිපිට දෙවිවරු වගේ නේද කියලා හිතෙන්නේ. 


ප්ලාස්ටික්  යන නම ඇසූ පමණින් අපි එදිනෙදා පාවිච්චි කරන ප්ලාස්ටික් සිහි ගැන්වුණත්  ප්ලාටිකොස් යන ග්‍රීක වචනයෙන් කැඩී ආ වචනයකට ජීවයක් දෙමින් විශේෂඥ වෛද්‍යවරුන් මෙම ප්ලාස්ටික් සැත්කම් සිදු කරන්නේ සිරුරේ ඇට, කාටිලේජ, පේෂි, ස්නායු මේදය හා හරඹ කරමින්.


විකෘති අඟ පසඟ හිස් කබල, මුහුණු ඇතිව ඉපදුණු දරුවන්ගේ ජීවිතයට අලු_ත් බලාපොරොත්තුවක් එක් කරමින් පසුගිය විසි දෙවැනිදායින් එළඹි සතිය ඇරඹුණා.  

1
නවසීලන්ත ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාල්ස් ඬේවිස් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම සහ කුරුණෑගල මහ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක ප්‍රමුඛ වෛද්‍ය  කණ්ඩායමක් එක්ව හිසෙහි සහ මුහුණේ බරපතළ විකෘතිතා ඇති බරපතළ තත්ත්වයේ සිටින  රෝගීන් විසිපස්දෙනෙකුට සැත්කම් කිරීම පසුගිය සතියේ ඇරඹුවා. ඉරිදා ලංකාදීප අප ඔවුන් හමුවීමට ගිය  පසුගිය  දිනය වන විට ඔවුන් අවසන් කළ සැත්කම් සංඛ්‍යාව  අටක්.


සැත්කම සිදුකළ වෛද්‍යවරු සැත්කම් අවසන් කළ රෝගීන් පිළිබඳ කළ පසුවිපරමට අනුව සැත්කම්වල සාර්ථකත්වය සියයට අසූවක්.


සියයට සියයක් සාර්ථකත්වයට පත් වෙන්න කාලය ගන්න මෙම බරපතළ සැත්කම් හිස් කබල් දෙකක් ලෙස දිස් වූ දරුවෙකුගේ හිසෙහි විකෘතිතාව සැකසීමයි. 


නාස දෙකක් ලෙස දිස් ව තිබූ දරුවකුගේ නාසයක් ඉවත් කර එක් නාසයක් සැකසීම. 


නාසයක් නොමැති දරුවකුට නව නාසයක් නිර්මාණය කිරීම ඇදව තදවූ හිස් කබල් ලිහිල් කිරීම යන සැත්කම පසුගිය දින කිහිපයේ සිදු කෙරුණා. 


සතියක් පුරා මෙරට රැඳී සිටීමට නියමිත නවසීලන්ත වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය  වෛද්‍ය චාල්ස් ඬේවිස් මෙවැනි සැත්කම් කිරීමට ප්‍රසිද්ධියක් උසුලන ජාත්‍යන්තර තලයේ වෛද්‍යවරුන් අතර  ඉදිරියෙන්ම සිටින විශේෂඥ වෛද්‍යවරයෙක්. 

SLD_20170129_A003


එමෙන්ම මෙවැනි සැත්කම් සිදු කිරීම පිළිබඳව  කුරුණෑගල මහ රෝහලට අනුයුක්තව සේවය කරන විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතාද ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්ත රටවල වසර දෙකක පුහුණුවක් ලබා ඇති විශේෂඥ වෛද්‍යවරයෙක්.


රෝගීන් රැසක් සුවපත් කරමින් සිදුකළ සැත්කම් පිළිබඳව  විමසීමට අප සම්බන්ධ කර ගත්තා නවසීලන්ත ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය  වෛද්‍ය චාල්ස් ඬේවිස් මහතා. 


සිය වටිනා කාලයෙන් මොහොතක් අප වෙනුවෙන් වෙන් කළ ඒ මහතා අප පිළිගත්තේ සිනහ මුසු මුහුණින්.


නවසීලන්ත ජාතික චාල්ස් මහතා සිව්දරු පියෙක්. රට රටවලට ගොස් රෝගීන් සුවපත් කිරීම ඔවුන්ට නව බලාපොරොත්තුවක් ලබාදීමට ලැබීම  තමා ලැබූ භාග්‍යක් ලෙස සලකන ඔහු අප හා පැවසුවේ මෙන්න මෙහෙම කතාවක්. 


මුහුණ සහ හිසේ විකෘතිතා සහිතව ඉපදීම එහෙම නැත්නම් අනතුරකින් විකෘතිතා ඇතිවීම ඇත්තටම රෝගියෙකුගේ ජීවිතයට බලපාන හරිම වේදනාත්මක ගැටලුවක්.


සමහරු තම මුහුණේ විකෘතිය නිසා මානසිකව ඇදවැටී ජීවිතය අතහැරීමට පවා මෝඩ තීරණයන්ට පවා එන්න පුළුවන්. ඉතින් මට ඕන ඔවුන්ට ජීවත් වෙන්න ලොකු බලාපොරොත්තුවක් ඇති කරන්න. 


එය ඔවුන්ට වගේම මටත් ආත්ම තෘප්තියක් ගෙන දෙන්නක්. මේ වන විට බරපතළ විකෘතිතා ඇති රෝගීන් දෙදහසකට පමණ සංකීර්ණ සැත්කම් සිදුකොට තිබෙනවා.


මැලේෂියා, වියට්නාමය, ස්වීඩනය, මියන්මාරය, ප්‍රංශය, සිංගප්පූරු, ශ්‍රී ලංකා, ඕස්ටේ්‍රලියා වැනි රටවල් ගණනාවක රෝහල්වලට සම්බන්ධව මා කටයුතු කළා.


ඒ වගේම ඉදිරි සතිය පුරා ජාතික රෝහලේදී සැත්කම් රාශියක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 


මගෙන් පසුව මෙම සැත්කම් සඳහා කිරීමට මා කැනඩාව, ලංකාව, ඕස්ටේ්‍රලියාව, මැලේසියාව වැනි රටවල වෛද්‍යවරුන් කිහිපදෙනෙක් පුහුණු කළා. ඒ අය අතරින් අයෙක් තමයි ගයාන් ඒකනායක කියන්නේ. ඉතින් මා හිතනවා මෙම රෝගීන්ට සතුටු සිනහවක් ගෙනෙන්න අපට පුළුවන් වෙයි කියලා.


සියලු_ පහසුකම් සියල්ලන්ගේ දැනුම එක තැනකට එකතු වුණාම  වඩා  හොඳ දෙයක් කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සියලු_ම දේ මෙම ශල්‍යාගාරයන්හි තිබීම වඩා වැදගත් බව මා සිතනවා යයි පැවසීය. 


මෙහිදී අප හා එක් වූ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා මෙසේ පැවසීය. මෙම වෛද්‍ය කණ්ඩායම ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තයේ ඉන්ටප්ලාස් සංගමයේ අධාර ඇතිව මෙරටට පැමිණියේ. ඒ වගේම ඕස්ටේ්‍රලියා සහ ලංකාව අතර තානාපති සබඳතාවන්ට 70 වසරක් සැමරීමත් මෙහිදී සලකුණු වෙනවා.  


වෛද්‍ය කණ්ඩායමේ නිර්වින්දන වෛද්‍ය ඉන්දු කපූර්, ස්නායු ශල්‍ය වෛද්‍ය ඒ. වික්‍රමසිංහ, තාක්ෂණික සහයක සඳුන් කිතුලේගල, ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍ය කණ්ඩායම, ප්ලාස්ටික් සැත්කම් ශල්‍යාගාර සහ වෛද්‍ය හෙද හෙදි කණ්ඩායම මේ සැත්සම් සඳහා එක්ව සිටියා.


 මෙම සැත්කම් සඳහා අප රෝගීන් විශේෂ තෝරා ගැනීමකට ලක් කළා. සායනවලදී විකෘතිතා ඇති රෝගීන් කොතෙකුත් අපට හමුවෙනවා. ඒ අතරින් සමහර විකෘතිතා ඉතාම බරපතළයි.


සැකසීමට හැකි වෙයිද කියලා හිතෙන තරමට සංකීර්ණයි. ඒ වගේම පැය ගණනක් ඒ සඳහා ගත වෙනවා. ඉතින් ගතවන කාලයත් සමඟ සුවපත් කළ හැකි රෝගීන් සංඛ්‍යාවත් සීමිතයි. මෙම වෛද්‍ය කණ්ඩායම සතියක කාලයක් මෙහි රැඳී සිටිනවා. සැත්කම් විසිපහක් කිරීමට නියමිතයි. ඇත්තටම බොහොම සතුටුයි මෙම රෝගීන් ටිකෙන් ටික සුවපත් වෙන අයුරු දුටුවම.  


ලබන බදාදා වන විට මෙවැනි බරපතළ සැත්කම් විස්සක් පමණ අවසන් කරන්නට හැකි වේ යයි අප හිතනවා.  


ඇත්තටම මෙවැනි සැත්කමකට භාජනය කළ දරුවන්ට දැඩි අවධානයකින් පසු ප්‍රතිකාර ලබාදීම පවා සිදුකළ යුතුයි. මොකද, බොහෝ විට දරුවන් වැඩිහිටියන් වගේ නොවෙයි. අප කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරමින්  සියලු_ අභියෝග ජයගන්නවා.


පටක, පේශි, අස්ථි බද්ධ කරමින්  කරන මෙම ශල්‍යකර්ම සිදු කිරීමට නියමිත පිරිස් අතර තරුණ වයසේ පසුවන්නන් පවා සිටිනවා.


 මෙහිදී මා විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතාට. ඔහු තමයි මෙහිදී අපට මේ පසුබිම සැකසුවේ. ඔහුගේ උපදෙස් අපට බොහොම වැදගත් වුණා.


මම කුරුණෑගල රෝහලට අනයුක්තව කටයුතු කරනවා වුවත් විශෙෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් මහතාගේ ආරාධනයෙන් කොළඹ ජාතික රෝහලේ සැත්කම් සඳහා සහයට පැමිණෙනවා.


 මෙම ශල්‍යාගාර  වඩා දියුණු මට්ටමෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී වශයෙන් දුලිප්  පෙරේරා මහතා පවත්වාගෙන යනවා. එය බොහොම වටිනා කටයුත්තක්.


ඒ වගේම අපගේ රජයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට,  රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතාටත්,  මේ පහසුකම් ලබාදීම ගැන ස්තූතිවන්ත විය යුතුයැ’යි පැවසීය.

Untitled-3



අදහස් (0)

එතෙර-මෙතෙර වෛද්‍යවරුන්ගේ විස්මිත සැත්කම්

අජිත් Monday, 30 January 2017 02:47 PM

බොහොම පින් කටයුත්තක්. (බ)

:       0       0

ආරි Thursday, 02 February 2017 07:22 PM

මෙතුමන්ලා මිහිපිට දෙවිවරු. මට මතක්වුණේ "වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" කියන සින්දුව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13543 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site