කොම්පඤ්ඤ වීදිය ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවා සහ සිසුවිය සිද්ධිය අප කාගේත් හදවත් සසල කළ බව අමුතුවෙන් කිව යුතු නැත. මියගිය සිසුවා, ජීවොන් සොරෝ සිං ය. ඔහු කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දීප්තිමත් සිසුවෙකි.
ඇල්ටෙයා ගොඩනැගිල්ලෙන් වැටී මරු තුරුලට ගිය ජීවොන් සහ එම සිසුවියට ඇත්තටම සිදුවූයේ කුමක්දැයි යන්න තවමත් අබිරහසකි. එය ජීවොන්ගේ පවුලේ අයට, ඥාති මිත්‍රාදීන්ට, පාසලේ සහෝදර සිසුන් සහ සිසුවියන්ට, ගුරුවරුන්ට හද කම්පා කරවන සිද්ධියකි.
පසුගිය ජූලි දෙවැනිදා සිදුවුණු එම අවාසනාවන්ත සිද්ධිය, දිවි නසා ගැනීමක් යැයි බොහෝ දෙනා අර්ථ දැක්වූ අතර, මාධ්‍යවලින් ද ඊට පුළුල් ප්‍රචාරයක් ලැබුණි. ‘මගේ පුතා ජීවිතයට ආදරේ කළ කෙනෙක්. එයා දිවි නසා ගන්න කෙනෙක් නොවෙයි. ඔහු හැමවිටම අනුන් ගැනමයි හිතුවේ. එයා කාටත් උදවු කරන කනෙක්.’ මේ හඬ ජිවොන්ගේ මවගේය.
තම පුතා දිවි නසා ගත් බව මාධ්‍ය හරහා දිගින් දිගටම ප්‍රසිද්ධ වෙද්දී ඇයට එය තවත් දරා ගැනීමට නොහැකි විය. ජිවොන්ගේ මව සොහොයුරිය ඇතුළු පවුලේ සාමාජිකයෝ, ජීවොන් වෙනුවෙන් යුක්තියක් ඉටුවේවි යැයි අපේක්ෂාවෙන්, පෙරට පැමිණියහ.
තම පුතුගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් සාවද්‍ය තොතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වීම, ජිවොන්ගේ මවගේ වේදනාව තවත් වැඩි කරන්න විය.
‘ඩේලි මිරර්’ පුවත්පත හා සම්බන්ධ වෙමින්, ඇය ඇගේ ආදරණීය පුතනුවන්ගේ ආදරණීය මතකයන් ආවර්ජනය කළේත්, පුතුගෙන් තමන්ට ලැබුණු අවසන් වොට්ස්ඇප් වීඩියෝ ඇමතුම ගැන පැහැදිලි කළේ කඳුළු පුරවාගෙනය. ‘අම්මා මම ඉක්මනින් එනවා’ ජීවොන්, එම වීඩියෝ ඇමතුමින් අවසන් වරට පවසා ඇත්තේ එපමණය.
එදා ජීවොන් ඒ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ තවත් කෙනකුට උපකාර කිරීමට ඉදිරිපත් වූ නිසා යැයි මව සහ පවුලේ සාමාජිකයෝ පැහැදිලි කරති. ජීවොන් සැමවිටම අන් අයට උපකාර කරන කරුණාවන්ත දරුනෙකි. ඔහුගේ ඒ කරුණා ගුණය ඔහුට විපතක් කරාවි යැයි ඔහු සිහිනෙකින්වත් සිතන්න නැත.
ජීවොන්ගේ මතකය අප අතරේ රැඳී තිබිය යුත්තේ ඒ අයුරින මිස මාධ්‍ය විසින් හුවා දක්වනු ලැබු ආකාරයට නොවෙයි යැය,ි ‘ඩේලි මිරර්’ පුවත්පත හා සම්බන්ධ වුණු ජිවොන්ගේ මව පැහැදිලි කරයි.
‘ජිවොන්ගේ පාසල් දිවියේ ඔහුට අමිහිරි අත්දැකීම් තිබුණා. ඔහු අඩන්තේට්ටම්වලට ලක්වුණු අවස්ථා තිබුණා. ඒත් ඒ කිසිම දේකින් ඔහු වැටුණේ නැහැ. ජීවොන් හැමවිටම අනුන් වෙනුවෙන් පෙනී සිටියා. අනුන්ට උපකාර කළා. ඔහු සැමවිටම උදයෝගයෙන් සිටි දරුවෙක්’ යැයි මව තම පුතු පාසලේ දී මුහුණ දුන් සිදුවීම් ගැන සිහිපත් කරයි.
පාසලේදී අඩන්තේට්ටම්වලට ලක් වූවත්, ජිවොන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටි බව ඔහුගේ මව පෙන්වා දෙයි.
“මගේ පුතා පාසලේදී අඩන්තේට්ටම්වලට ලක් වුණේ මේ වසර මුලදී. ඔහු ඒ බව පාසලේ ගුරුවරුන්ට දැනුම් දුන්නා. මගේ පුතා මුහුණ දුන්න විදියේ අමිහිරි අත්දැකීම්වලට පාසල් සිසුන් බොහෝ දෙනකු මුහුණ දෙනවා. පාසල් ගුරුවරුන් ඒවාට මැදිහත් වී සොයා බැලීම් කළ යුතුයි. හිරිහැරයකට පත් වන දරුවන් වෙනුවෙන් ගුරුවරුන් පෙනී සිටිය යුතුයි” යැයි ද ජිවොන්ගේ මව පවසන්නේ ඇගේ පුතු මුහුණ දුන් අමිහිරි අත්දැකීම් තවත් පුතකුට හෝ දියණිකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි පවසමිනි.
“ජීවොන් කිසිම පීඩනයක් නැතිව නිදහසේ අධ්‍යාපනය ලබමින් හැදී වැඩුණු දරුවෙක්. ඔහු සැමවිටම ජීවිතේට ආදරේ කළා. ජීවත් වෙන්න ආදරේ කළා” යැයි ජිවොන්ගේ මව සහ සාහොයුරිය ඩේලි මිරර් පුවත්පත සමඟ අදහස් දක්වමින් පෙන්වා දෙයි.
“මගේ පුතා බුද්ධිමත්. එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එයාගේ හිනාවට ලොවක් දිනන්න පුළුවන්. මම කවදාවත් මගේ පුතාට ඉගෙන ගන්න බල කරලා නැහැ. එයා පාසලේ දක්ෂ සිසුවෙක්. ඒ වගේමයි සමාජය ගැනත් එයාට හොඳ අවබෝධයක් තිබුණා. මාධ්‍යවලින් ඔහු ගැන කළ අර්ථ නිරූපණය සත්‍යයක් නොවෙයි. කරුණු කාරණා හරිහැටි දන්නේ මම.’ යැයි ජිවොන්ගේ මව කඳුළු සලමින් වැඩි දුරටත් පැහැදිලි කරයි.
ඩේලිමිරර් ඇසුරිනි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුවාගේ මව කතා කරයි - ජිවෝන් දිවිනසා ගත්තේ නැහැ
Dhanushka Thursday, 14 November 2024 10:26 AM
ජාත්‍යන්තර පාසල් වල මෙහෙම සිදුවීම් එක ලග කීපයක්ම සිදු උනා.. වටිනා ජීවිත කීපයක්ම නැති උනා.. එවැනි පාසල් වල සංස්කෘතියේ යම් ප්‍රශ්නයක් තිබේදැයි බලදාරීන් සොයා බැලීම වටිනවා නැවත මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නොවීමට...
samantha Tuesday, 19 November 2024 08:32 AM
එතකොට ගෑණු ළමයගේ උදව්වට පැනලද?