IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ආණ්ඩු විරෝධී විවේචන බොරුවීම

සිලින්ඩර් පක්ෂය යනුවෙන් බොහෝ දෙනා පහසුව පිණිස හඳුන්වන මෙවර ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායකත්වය දෙනු ලැබූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මතු වී ඇති අවුල තවමත් විසඳී නැත.

එසේම සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ධුර පහෙන් හතරක් පිළිබඳව තීරණයක් ගැනීමට නොහැකිව එම පක්ෂයේ නායකයෝ විශාල ගැටලුවකට මුහුණ දී සිටිති.

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය. නිමල් සිරිපාල ද සිල්වා, මහතා නායකත්වය  දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ පිරිසක් පිහිටුවා ගත් මහජන එක්සත් නිදහස් පෙරමුණ වැනි කණ්ඩායම් ගණනාවක් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරග කළේය.

එම පිරිසට දිස්ත්‍රික් මට්ටමෙන් ආසන තුනක් හා ජාතික ලැයිස්තුවෙන් ආසන දෙකක් ලැබිණි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හිමිකාරිය වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඉන් එක් ජාතික ලැයිස්තු ආසනයකට  පත් කරන ලෙස දන්වා හිටපු ඇමැතිවරයකු වන රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමෙන් අනතුරුව ඔහුට එම මන්ත්‍රී ධුරය ලැබී ඇත.

මෙය සිලින්ඩරය යටතේ තරග කළ කණ්ඩායම්වල පොදු එකඟතාව නොවේ යැයි ද වික්‍රමසිංහ මහතා පවා මෙම ක්‍රියාව අනුමත කොට නැතැයිද එජාපයේ ඇතැම්හු කියති. වික්‍රමසිංහ මහතා ඒ ගැන වචනයක් හෝ කතා කරන්නේ නැත. මීට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව අවබෝධයක් ඇති අයට නම් සිදු වූයේ කුමක්දැයි අනුමාන කරගත හැකිය.

සිලින්ඩරයට ලැබුණු අනෙක් ජාතික ලැයිස්තු ආසනයටද එම ලකුණ යටතේ තරග කළ සෑම පක්ෂයක්ම අයිතිවාසිකම් කියයි. එය සමහර විට පළාත් පාලන මැතිවරණයට පෙර සිලින්ඩරය පුපුරා යාමට හේතු විය හැකිය.

සමගි ජන බලවේගයට හිමි ජාතික ලැයිස්තු ආසන පහෙන් එකකට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා තමන්ගේම නම  මැතිවරණ කොමිසමට යෝජනා කොට යැවීය. ඒ අනුව ඔහු දැන් මන්ත්‍රීවරයෙකි. එය එම පක්ෂය තුළ එතරම් ගැටලුවක් බවට පත්වී නැත. එහෙත් ඉතිරි ආසන හතරට එම පක්ෂය සමඟ සන්ධාන ගත වූ සෑම පක්ෂයක්ම අයිතිවාසිකම් කියයි.

මෙය පෞද්ගලික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සන්ධාන ගොඩනැගීමේ ප්‍රතිඵලයයි. තමන් සමඟ පක්ෂ 27ක් එක් වී ඇතැයි සජබ ජනාධිපතිවරණයට පෙර ආඩම්බරයෙන් කියා සිටියේය. එසේම තමන් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි මන්ත්‍රීවරුන් 92දෙනකු එක්වී සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (සිලින්ඩරයේ) නායකයෝ කීහ.

එම සන්ධානවල අරමුණ වූයේ බලය ලබා ගැනීම හා නිලතල බෙදා ගැනීම හා එමගින් මුදල් ඉපයීම විනා නිශ්චිත සමාජ, ආර්ථික, දේශපාලන අරමුණක් ඉටුකර ගැනීම නොවේ. ඒ අනුව මෙවැනි ආරවුල් අපේක්ෂා කළ යුතු ඒවාය.

පෙනෙන ආකාරයට නම් ජාතික ජන බලවේගය මීට වඩා වෙනස් සංවිධාන එකතුවකි. ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කොට ගනිමින් එහි තවත් සංවිධාන 20ක් ඇත. දූෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් හා සැමට සාධාරණ ආර්ථිකයක් ගොඩනැඟීමට සාමුහිකව කැපවන බව එම සංවිධාන ප්‍රකාශ කොට ඇත. ඒ පිළිබඳව පූර්ණ විශ්වාසයක් ඇති කර ගැනීමට අපට තව කාලයක් අවශ්‍ය වුවද ඒ සම්බන්ධයෙන් එම සංවිධාන මේ වනවිටත් යම් යම් කැපකිරීම් කර ඇති බව පිළිගත යුතුව ඇත.

ජනාධිපතිවරණයේදී එවක සිටි පාලකයන් රාජ්‍ය දේපළ අවභාවිත කළද ඉන්පසු පැවැති මැතිවරණයේ දී එවැනි අවභාවිතාවන් අතිශයින්ම අවම බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසා ඇත. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනා හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තමන්ගේ වැටුප අරමුදලකට යොමුකොට තම අවශ්‍යතා සඳහාත් පොදු අවශ්‍යතා සඳහාත් එම අරමුදල යොදා ගැනීමට තීරණය කොට ඇති බව ධීවර නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා පසුගිය 24 වැනිදා අක්මීමනදී කියා සිටියේය.

මන්ත්‍රීවරුන්ට අධි සුඛෝපභෝගී වාහන සඳහා තීරුබදු රහිත බලපත් නිකුත් නොකරන බවද ආණ්ඩුව ප්‍රකාශ කොට ඇත. මේවා පෞද්ගලික සුබ විහරණය ගැන සිතන අයකු මෙවැනි මන්ත්‍රීධුරයක් කුමට දැයි සිතන්නට පොළඹවන තත්වයෝය.

වර්තමාන විරුද්ධ පක්ෂ ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට පෙර ජා.ජ.බට එරෙහිව එල්ල කළ චෝදනා බොහෝමයක් සත්‍ය නොවන  බව මේ වනවිට පෙනී ගොස් තිබේ. ඩොලරය රුපියල් 500ට යනු  ඇතැයි ද බිත්තරය රුපියල් දහස දක්වා වැඩිවනු ඇතැයිද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ සිය වැඩපිළිවෙළ අත්හැර දමනු ඇතැයිද විරුද්ධ පාක්ෂිකයන් තාඩන පීඩනවලට ලක් වනු ඇතැයි ද හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ කණ්ඩායමේ අය අනාවැකි පළ කළහ. රාජ්‍ය පාලනය පිළිබඳව පළපුරුද්දක් නැති නිසා ජාජබ පාලනය ඉක්මනින් කඩා වැටෙනු ඇතැයිද කීහ. ඔවුන්ගේ ප්‍රකාශවල හරය වූයේ කුරුඳුවත්තේ හා වළව් පැළැන්තියේ නොවෙන අයට රාජ්‍ය පාලනය කළ  නොහැකිය යන්නය. එහෙත් තවම නම් එවැනි කඩා වැටීමක සලකුණක් හෝ පෙනෙන්නට නැත.

ඒ දිනවල සමඟි ජන බලවේගයේ විවේචනවල හරය වුයේ ආර්ථික කටයුතු පිළිබඳව තමන් තරම් ජාතික ජන බලවේගයේ කිසිවකුට දැනුමක් නැතැයි  යන්නයි. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව සජබ  මන්ත්‍රී  ආචාර්ය හර්ෂද සිල්වා මහතා ඉකුත් බදාදා සතුට පළ කොට තිබිණි.

එසේ වුවද තමන් මුහුණ දී සිටින්නේ සදාචාරවත් දේශපාලනය පිළිබඳ ජාතික ජනබලවේගය සමඟ වූ තරගයකටය යන්න අමතක වීදෝ මෙම විරුද්ධ පක්ෂ තවමත් ආයුධ ලෙස යොදා ගන්නේ පදනම් විරහිත දුර්වල චෝදනාය. ඉන් එකක් නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි ලෙස විවේචනය කළ ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු තම අරමුදලේ වැඩ සටහනට අනුගතවී කටයුතු කරන බවයි.

මෙය වසරකින් පමණ යල් පැන ගිය විවේචනයකි. ජාජබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කළ බව  සත්‍යයකි. එහෙත් එය සිදුවූයේ ඉකුත් වසරේදීය. මූල්‍ය අරමුදලේ විධායක සභාව ශ්‍රී ලංකාව පිළිබඳ සිය කාර්ය මණ්ඩලයේ වැඩ පිළිවෙළ අනුමත කළේ ඉකුත් වසරේ මාර්තු 20 වැනිදාය. එදිනට පසුදින ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා  එම අරමුදල ජනතාව ආරක්ෂා කරන ආයතනයක් නොව දූෂිත ආණ්ඩු ආරක්ෂා කරන්නක්  බව පැවසීය.

එහෙත් තමන්ට බලයට පත්වීමේ හැකියාව ඇතැයි ද ඒ අනුව මුල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ බැහැර කළ නොහැකි එකකැයි ද පෙනී ගිය තත්වය යටතේ එම වසරේ සැප්තැම්බර් මාසයේ දී වත්මන් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තම ආණ්ඩුවක් මූල්‍ය අරමුදල සමග කටයුතු කරන්නට පසුබට නොව බව පැවසීය. ජ.විපෙ/ ජ.ජ.බ ස්ථාවරය වෙනස් වූ බව පෙනුණේ එවිටය. ජා.ජ. බ බලයට පත්වීමේ හැකියාවක් පෙනී ගිය හෙයින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද ජාජබ නායකයන් ඒ දිනවලම මුණ ගැසීම ද මෙම ප්‍රකාශයට බලපෑවා විය හැකිය.

ඉන්පසු මුල්‍ය අරමුදලේ වත්මන් වැඩ  පිළිවෙළ අත් නොහරින බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ ජා.ජ.බ නායක අනුර කුමාර දිසානායක මහතාය. ආර්ථික අර්බුදයට මුලදීම වෙනත් විකල්පයක් සෙවිය යුතු වුවත් දැන් මුල්‍ය අරමුදල සමඟ වූ ගමනේ බොහෝ දුරක් පැමිණ ඇති හෙයින් ආපසු හැරිය නොහැකි බවත් එම වැඩපිළිවෙළේ යම් යම් අංග වෙනස් කර ගෙන එය ඉදිරියට ගෙන යාම හැර දැන් විකල්පයක් නැති බවත් ඔහු මෙවර ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී පැවසීය.

එම වැඩපිළිවෙළේ අපේක්ෂිත වෙනස්කම් සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇති කරගත නොහැකි වුවහොත් කරන්නේ කුමක්දැයි අසන ලද ප්‍රශ්නයකට ඔහුගේ පිළිතුර වූයේ එසේ නම් වෙනස්කම් පිළිබඳ තම යෝජනා අත්හැර දමන බවය. එහෙයින්  ජා.ජ.බ මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බලයට පත්වීමට පෙර කී දේට පටහැනිව දැන් කටයුතු කරන බව පැවසීම පදනම් විරහිතය.

ආර්ථික අර්බුදයෙන් ඇති වූ දැඩි  පීඩාව තුනී වී ගියේ මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ යටතේ අපේක්ෂිත පරිදි එම අරමුදලෙන් ද ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින්ද ලැබුණු විදේශ විනිමයත්, එමඟින් ඇති වූ තත්වයක් නිසා අපනයනය, සංචාරක ව්‍යාපාරය හා විදේශ ප්‍රේෂණ මගින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලැබීමත්, විදේශ ණය ප්‍රතිව්‍යූහගත කර ගැනීමත් රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ කරන ලද ප්‍රතිසංස්කරණත් නිසාය.. මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ද වික්‍රමසිංහ මහතා අගමැති වන්නට පෙර පමණක් නොව රාජපක්ෂ මහතා මූල්‍ය අරමුදලට යන්නත් පෙරම ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් වූ මූල්‍ය අරමුදලේ 2021 වසර සඳහා වූ ආටිකල් ෆෝ නම් වාර්තාවෙන් යෝජනා කරන ලද ඒවාය. ඒ අනුව දැන් ක්‍රියාත්මක වන්නේ වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළක් නොව  මූලික අරමුදලේ වැඩ පිළිවෙළකි.

අනෙක් අතට ආණ්ඩුවක ආර්ථික වැඩ පිළිවෙළ යනු මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළම නොවේ. එය ඊට වඩා පුළුල් වූ එකකි. ජාජබ ආණ්ඩුවේ ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙළේ එක්තරා හැඩරුවක් හෝ දැක ගත හැකි වන්නේ ලබන මාර්තු මාසයේ දී සම්මත කිරීමට නියමිත අයවැය ලේඛනයෙනි. එය එම පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයට වඩා යථාර්ථවාදී වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

එහෙයින් විපක්ෂය දැන් පරණ චෝදනා හා සටන්පාඨවල තවදුරටත් එල්ලෙන්නේ නැතිව අලුත් සටන් පාඨ සොයාගත යුතුය. මන්දයත් ජනතාව ජාතික ජන බලවේගයට මේ සා විශාල බලයක්  දී ඇත්තේ එම පරණ චෝදනා බැහැර කරමිනි.

(***)



අදහස් (4)

ආණ්ඩු විරෝධී විවේචන බොරුවීම

randil dunuwille Saturday, 30 November 2024 01:32 PM

වැදගත් ලිපියක්... ඇසු වැහුණු අයගේ ඇස් ඇරෙන්නත්, ඇස් ඇරගෙන ඉන්න අයට තව ටික කාලයක් බලන් ඉන්නත් මේ වගේ ලිපි සැබවින්ම වටිනවා.

:       15       23

sene Saturday, 30 November 2024 03:29 PM

අපි කියුවේ නැහැ, අපි දන්නේ නැහැ.. ඒක එහෙම්ම නොවේ අදහස් කොලේ, ඒ වැනි අදහස්වලට බැර කරන පරම කඩේයෑමක්...

:       9       19

pj Monday, 02 December 2024 11:18 AM

ලියන්නා මාලිමාවේ සාක්කුවේ හිරවී ඇති බවක් ලිපියෙන් පිලිබිඹු වන බව ඔහු නොදනී...!

:       13       15

Banda Tuesday, 03 December 2024 07:14 AM

තවත් ඩිමෙන්ෂියා හැදුණු මාලිමාවේ ලිපියක්...

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 78 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 62 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 205 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 25 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 502 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 249 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 377 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site