IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


අවසන් සටනින් අතුරුදන්වූ කොටි ලොක්කෝ

වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවෝ කොටින්ගේ මහ බළකොටු එකිනෙක විනාශ කර දමමින් ඉදිරියට යාමට පටන්ගත් දවසේ සිට සටන් අවසන් වන කාලය දක්වා අතරතුර සටන් බිම අතහැර සැලකිය යුතු කොටි නායකයින් සංඛ්‍යාවක් හොර රහසේ පලාගොස් ඇත. තවදුරටත් සටන් කරමින් සිටියොත් මැරුම් කන්නට වන බව දැනගත් කොටි නායකයින් රටින් පලාගියේ කොටි නායකයාව සිටි ප‍්‍රභාකරන්ටත් හොරෙන් වීම විශේෂත්වයකි. උතුරේ දරුණු සටන් ඇවිලෙද්දී ප‍්‍රභාකරන්ද භූගත මාළිගාවලට වී වැඩිය එළියට පහළියට නොගොස් සැඟව සිටි නිසා පලා ගිය කොටි ගැන ඔහුටවත් හරියටම දැන ගැනීමට ලැබී නොමැත. සමහර කොටි නායකයන්ට තමා හමුවීමට පැමිණෙන ලෙස පණිවිඩ යවද්දී ඔවුන් සටන් බිම අතහැර රහසිගතව පලාගොස් ඇති බව ප‍්‍රභාකරන්ට දැනගැනීමට ලැබී ඇත. සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් බොහෝ කොටි නායකයෝ රටින් පලාගොස් ඇත්තේ පැදුරටත් නොකියාය.බෝට්ටුවල නැගී මුහුදු මාර්ග ඔස්සේ මේ කියන කොටි නායකයන් ඉන්දියාවට පලාගොස් ඇති බවත් සමහරු තමිල්නාඩු ප‍්‍රාන්තයේ දිගටම සැඟව සිට ඇත. මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පැනගත් තවත් සමහර කොටි නායකයන් කාලයක් එහි ගත කර ප‍්‍රංශය, මැලේසියාව, ජර්මනිය, කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව සහ නෝර්වේ ඇතුළු තවත් රටවල් කිහිපයකට ගොස් දැන් එම රටවල කොටි සංවිධානය පවත්වන බවට පැහැදිලි තොරතුරු බුද්ධි අංශ සතුව පවතී. වන්නි මානුෂීය මෙහෙයුම ආරම්භයේ සිට අවසානය දක්වා වරින්වර මුහුදු මාර්ග ඔස්සේ රටින් පලාගිය කොටි නායකයන් ඒ රටවල සිට නැවතත් ජාත්‍යන්තර කොටි ජාලය ගොඩනැංවීම සඳහා ලොකු උත්සාහයක නිරතව සිටින බව දැන් ප‍්‍රසිද්ධ රහසකි. කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලය ශක්තිමත් කරමින් සිටින මේ කොටි නායකයෝ බොරු ප‍්‍රචාර ගෙන යමින් අපේ රට ජාත්‍යන්තර ප‍්‍රජාව හමුවේ අපකීර්තියට ලක්කිරීමට නොයෙකුත් උප්පරවැට්ටි දමති. කදිරගාමන්පිල්ලේ විනයාගමූර්ති හෙවත් විනයාගම් කොටි සංවිධානයේ සන්නද්ධ බුද්ධි අංශයේ තුන්වැන්නා ලෙස කටයුතු කළ අතර ප‍්‍රභාකරන්ගේ හිත දිනාගෙන සිටි විශ්වාසවන්තම නායකයින් අතළොස්ස අතරේ සිටි අයෙකි. කොටි බුද්ධි අංශයේ නායකයාව සිටියේ පොට්ටු අම්මාන් වූ අතර දෙවැනියා වූයේ කපිල් අම්මන්ය. තුන්වැන්නා විනයාගම් විය.ප‍්‍රභාකරන් රණවිරුවන් අතින් මැරුම් කෑ දිනයේ (මැයි 19) බෝට්ටුවක නැගී ඉන්දියාවට පලාගොස් ඇති බවත් දැන් ඔහු ප‍්‍රංශයේ හෝ ජර්මනියේ ජිවත්වෙමින් කොටින්ගේ සන්නද්ධ බුද්ධි අංශ ජාලය ගොඩනගමින් සිටින බවටත් බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බව කියති. වන්නි මානුෂීය මෙහෙයුමේ නිතරව සිටි භට කණ්ඩායම්වල ප‍්‍රහාරවලින් ප‍්‍රභාකරන් ඇතුළු කොටි නායක නායිකාවන් පමණක් සිය ගණනකගේ සිරුරු සොයාගත් නමුත් බුද්ධි අංශ නායකයාව සිටි පොට්ටු අම්මාන්ගේ සිරුර සොයාගැනීමට නොහැකි විය. තවත් සිය ගණනක් කොටි නායක නායිකාවන්ගේ සිරුරු කැබලිවලට කැඞී හඳුනා ගැනීමට නොහැකිව විකෘති වී ගොස් තිබිණි. කොටි සංවිධානයේ බුද්ධි අංශයේ නියෝජ්‍ය නායක කපිල් අම්මන්ගේ සිරුරද සිය ගණනක් කොටි නායක නායිකාවන්ගේ සිරුරු අතර තිබී හමුදා භට කණ්ඩායම් විසින් සොයාගනු ලැබිණි. සිය ගණනක් කොටි නායක නායිකාවන්ගේ සිරුරු අතරේ පොට්ටු අම්මාන්ගේ සිරුර නොතිබූ නිසා ඒ කාලයේ ඔහු ගැන විවිධ කටකතා පැතිර යන්නට විය. ඉන්දියාවට පැනගොස් පොට්ටු අම්මාන් රහසිගතව ජීවත්වෙන බවටද රාවයක් එකල පැතිර ගොස් තිබුණත් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙකු නිසා ඉන්දියාවේ රහසිගතව හෝ සිටිනවා යැයි විශ්වාස කළ නොහැකි බව හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ තක්සේරුව වී පවතී. සිරුර සම්පූර්ණයෙන් වැසී යන ආකාරයේ බෝම්බ ඇඳුම් කට්ටලයක් හැඳගෙන පොට්ටු අම්මාන් විසින්ම එය පුපුරුවාගත් නිසා මොනම ආකාරයටවත් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස සිරුර කැබලිවලට කැඞී ගිය බව හමුදාවට බාර වූ සහ අල්ලාගත් කොටි නායක නායිකාවන් රැුසක්ම හෙළිකර සිටි බව හමුදා නිලධාරීහු කිහිප දෙනෙක්ම මෙම ලියුම්කරු සමග පැවසූහ. අගස්තියන් (මන්නාරම දිස්ත‍්‍රික්කයේ කොටි බුද්ධි අංශයේ නායක), තේනවන් (වවුනියාව කොටි බුද්ධි අංශයේ නායක), තීපන් (මල්ලාවි බුද්ධි අංශයේ නායක), පුලන්දි මාස්ටර් (පුනරින් ප‍්‍රදේශය භාර නායක) ඊලන් හා රාම් මාස්ටර් (වවුනියාවේ සන්නද්ධ අංශයේ නායකයින්). අච්චුදන් (මුහුදු කොටි බළකායේ දෙවැනියා) නාවලන් (මන්නාරම දිස්ත‍්‍රික්කයේ කොටි මුදල් අංශයේ නායකයා), සින්නවන් මාස්ටර් සහ තංගන් (දේශපාලන අංශයේ නායකයින් දෙදෙනෙකි) ද රටින් පලාගොස් සිටින කොටි නායකයින් රැසක් අතරින් කිහිප දෙනෙකි. ත‍්‍රිකුණාමලය සාම්පූර් බුද්ධි අංශ නායකයාව සිටි තිරංජිව මාස්ටර්ද මෙසේ රටින් පලාගොස් සිටින තවත් කොටි නායකයෙකි. සාමාන්‍ය ජනතාව සමූහ වශයෙන් ඝාතනය කිරීමට හමුදා කඳවුරුවලට ප‍්‍රහාර එල්ල කිරීමට, නාවික යාත‍්‍රා සහ නැව්වලට ප‍්‍රහාර එල්ල කිරීමට සහ ආර්ථික මර්මස්ථානවලට ප‍්‍රහාර එල්ල කර විනාශකර අපේ ආර්ථිකය අඩපණ කර දැමීම සඳහා එදා මේ කියන කොටි බුද්ධි අංශ නායකයෝ සහ සන්නද්ධ අංශ නායකයෝ හවුල්වූහ. මෙවැනි මහා දරුණු අපරාධ කළ කොටි නායකයින් පිටරටවලට පැනගොස් සුරසැප විඳිමින් අපේ රටේ මානව හිමිකම් ගැන ලෝකයා හමුවේ කරුණු කියා පෑම විහිළුවක් නොවේද යන්න සිහි බුද්ධියක් ඇති  ඕනෑම අයෙකුට පැහැදිලිවන කරුණකි. රටින් පැනගොස් සිටින මේ කියන කොටි නායකයින් අපේ රටේ සිටින කොටි හිතවාදීන් සමග රහසිගතව කරන ගනුදෙනු ගැන ආරක්ෂක අංශ දැඩි සෝදිසියෙන් හා විමසිල්ලෙන් පසු වෙයි.

සටහන: ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
පොට්ටුඅම්මාන්



අදහස් (0)

අවසන් සටනින් අතුරුදන්වූ කොටි ලොක්කෝ

කරුණාතිලක Sunday, 08 April 2012 05:43 PM

කෙසේ හෝ අල්ලන්න.

:       0       0

ට්‍රිශාන් Sunday, 08 April 2012 06:59 PM

කේ.පී.ඇල්ලුවා වගේ ඉතිරි ටිකත් අල්න්න මිෂන් එකක් දුන්නොත් හොදයි වගේ. හොදම කට්ටයක් පැනගෙනත් තියෙනව එලියට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1569 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site