IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


අයවැයේ හිරවෙන අරමුණු

එළඹෙන 2024 වසරේදී ජීවත්වීමේ ප්‍රශ්නය 2023 වසරට වඩා බැරෑරුම් වන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ පුරෝකතනයයි. මේ ඒ පිළිබඳව ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසූ ලිපියකි.

එළඹෙන 2024 සඳහා අය-වැය ඉදිරිපත් කළේ රට දරුණු ආර්ථික අර්බුදයක තිබෙන සමයකය. 2022දී ආර්ථිකය සියයට 7.8කින් වඩා වැටුණු අතර මේ 2023 මුල් මාස හයේදී ද සියයට 7.9කින් කඩා වැටී තිබේ. ඒ අනුව මේ වසරේ මුල් මාස හයේදී ආර්ථිකයේ කඩාවැටීම 2022ටත් වඩා දරුණුය. ලංකාවේ ආර්ථිකය එසේ කඩා වැටෙන්නේ මාලදිවයිනේ ආර්ථිකය සියයට 7කින්ද, ඉන්දියාවේ ආර්ථිකය සියයට 6.3කින්ද, බංගලාදේශයේ ආර්ථිකය සියයට 6කින්ද වර්ධනය වෙද්දීය. 2023 ජුනි මාසයෙන් පසු මාස හයේදී ද ලංකා ආර්ථිකය වර්ධනය වෙතැයි අපේක්ෂා කළ නොහැකිය. හේතුව 2023 මුල් මාස හයේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩාවැටීම සියයට 32කි. කාර්මික නිෂ්පාදන සියයට 10කින්ද මූල්‍ය අංශය සියයට 27කින්ද දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රය සියයට 11කින්ද කඩාවැටී හමාරය.

2023 මුල් මාස හයේදී වර්ධනයක් තිබෙන්නේ කෘෂිකර්මාන්තයේ පමණකි. එය ද සියයට 2.2ක් තරම් සොච්චමකි. 2023 මැයි වෙද්දී ඇඟලුම් කර්මාන්ත ශාලා 10ක් වැසී තිබේ. සෘජු රැකියා කළ 5,000කට රැකියා අහිමි වී තිබේ. ඒ නිසා අහිමි වූ වක්‍ර රැකියා ගණන 66,000කි. 2024 සඳහා අය වැය ඉදිරිපත් කළේ එලෙස ආර්ථිකයේ සෑම අංශයක්ම කඩාවැටුණු පසුබිමකය. ඒ නිසා 2024 අය වැයෙන් ගොඩ ඒමට හැකිවෙතැයි අපේක්ෂා කිරීම ප්‍රායෝගික නොවේ. හේතුව 2024 අය වැය ප්‍රෝඩාකාරී අයවැයක්වීමය. ඒ අය වැයේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කරන්නේ කොහොමද, ඉදිරිපත් කරන්නේ ඇයි ඒවායේ අරමුණු මොනවාද යනාදි තොරතුරු මේ අයවැයෙහි සඳහන් නොවෙයි. ඒවා කළ හැකි ද බැරිද කිසිවක් සිතා නැති බව ඒ යෝජනා දෙස බැලීමෙන් අනාවරණය වෙයි. ඇතැම් අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට සල්ලි හොයාගන්නේ කොහොමද? ක්‍රියාත්මක කරන්නේ කව්ද? කොහොමද? යනාදී තොරතුරු ද මේ අයවැයෙහි සඳහන් නොවේ. මෙය ජනතාව නොමග යවන අයවැයක් බව මා කියන්නේ එහෙයිනි.

ප්‍රෝඩාකාරී බවට අමතරව දුෂ්‍ට ස්වභාවයක් ද මේ අයවැයෙහි පවතියි. මා එසේ කියන්නේ එකිනෙකා අතර වෛරය වැපිරීමට මේ අය වැය දායක වන නිසාය. රජයේ සේවකයන් ඉල්ලන වැඩි පඩි දීමට නම් බදු ඉහළ දැමිය යුතු බව කිව්වේ අය වැයට පෙර සිටය. එසේ කියා 10,000ක දීමනාවක් දෙන බව කියයි. විශ්‍රාමිකයන්ට වැඩි කළේ 2,500කිනි. අර කතන්දර කියා එසේ වැඩි කිරීමෙන් රටට කියාපාන්නේ රජයේ සේවකයන් ඉල්ලන දේවල් දීමට සිදුවන නිසා බදු වැඩි කරන බවය. රජයේ සේවකයන් පිරිස ලක්‍ෂ 16කි. ලක්‍ෂ 65කට වැඩි පිරිසක් පෞද්ගලික අංශයේ රැකියා කරන සහ ස්වයං රැකියා මගින් තමන්ම උපයා ගන්නෝය. ඒ ලක්‍ෂ 65 අතර රජයේ සේවකයන් කෙරෙහි වෛරයක් නිර්මාණය කරයි. එහි අවසාන අරමුණ රාජ්‍ය සේවකයන්ට යන එන මං නැති කිරීමය. දෙනවා කියන 10,000 දීමනාව ලැබෙන බව කියන්නේ ද 2024 අප්‍රේල්වල සිටය. ඒ නිසා එය ලැබෙන තුරු විශ්වාස කළ නොහැකිය. එහෙත් වැඩි කළ බදු ජනවාරියේ සිට ක්‍රියාත්මක වෙයි. බදු එසේ වැඩි කළේ රජයේ සේවකයන්ට පඩි වැඩි කළ යුතු බව කියමිනි. එමගින් ශ්‍රම බළකායෙන් ලක්‍ෂ 65ක් අතර රජයේ සේවකයන් ලක්‍ෂ 16 කෙරෙහි වෛරයක් ඇති කරවයි.

2024 වසරේදී උදාවන්නේ ජනතාවට වැලේ වැල් නැති වන තත්ත්වයකි. 10,000ක ජීවන වියදම් දීමනාවක් දෙන්නේ ඉසිලිය නොහැකි තරම් බදු ගසමිනි. සියයට 36ක බද්දට යටත් වන අයට ඒ 10,000න් ලැබෙන්නේ 6,400කි. ඒ මුදලට වඩා වැඩි අගයකින් වැට් යනාදි වෙනත් බදු වැඩි කර තිබේ. ඒ අනුව රජයේ සේවකයන්ට 10,000ක දීමනාවක් දී ඊට වඩා වැඩි ගණනක් බදු ලෙස අයකර ගනියි. එය එක අතකින් සාක්කුවට රුපියලක් දමා අනෙක් අතින් සාක්කුවම හිස් කිරීමකි. ආනයනය කරන භාණ්ඩ මත පනවන බදුවලින් අ​ෙප්ක්ෂිත ආදායම 2023දී රුපියල් බිලියන 360කි. 2024දී එය රුපියල් බිලියන 508 දක්වා වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙයි. ඒ අනුව ආනයන මත පනවන බදු ආදායම සියයට 46කින් වැඩි කර ගැනීමට සැරසෙයි. විශේෂ වෙළඳ භාණ්ඩ මත බද්ද රුපියල් බිලියන 50 සිට බිලියන 95 දක්වා සියයට 90කින් වැඩි කර ගැනීමට සැරසෙයි. වැට් බදු ආදායම රුපියල් බිලියන 681 සිට 1400 දක්වා සියයට 106කින් වැඩිකර ගැනීමට සැරසෙයි. කාර්මික භාණ්ඩ මත අය කරන වැට් බද්ද සියයට 94 කින් වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙයි. ආනයන මත පනවන වැට් බදු ආදායම රුපියල් බිලියන 221 සිට 660 දක්වා සියයට 199කින් වැඩිකර ගැනීමට අපේක්ෂිතය.

ඒ බදු බර පටවන්නේ ජනතාව මතය. ඒ බදු බර පටවන්නේ වැල් පොලී ක්‍රමයටය. ජනතාව මත එසේ බර පටවන්නේ ඔවුන්ගේ ආදායම් හෝ වැටුප් වැඩි කිරීමට කිසිම දෙයක් නොකරය. ඒ සඳහා ඉවහල්වන කිසිම යෝජනාවක් 2024 අය වැයෙහි නැත. 2023 සියයට 15ක වැට් බදු අනුපාතය යටතේ රුපියල් බිලියන 681ක් රැස්කරගැනීමට බලාපොරොත්තු වෙයි. වැට් බද්දට යටත් වන දළ දේශීය නිෂ්‍පාදිතය රුපියල් බිලියන 4,580කි. ඒ සියයට 15 වැට් බද්දට යටත්වන දළ දේශීය නිෂ්පාදිතයේ කොටසයි. එය වැට් බදු පදනම නමින් හඳුන්වයි. 2024 දී සියයට 18 අනුපාතය යටතේ රුපියල් බිලියන 1,400ක් රැස්කරගැනීමට බලාපොරොත්තු වෙයි. සියයට 18 යටතේ රුපියල් බිලියන 1,400ක් රැස්කර ගැනීමට නම් වැට් බදු පදනම රුපියල් බිලියන 7,778ක් දක්වා වැඩි විය යුතුය. එය සියයට 70ක වැඩිවීමකි. වැට් බදු පදනම ලෙස සැලකෙන්නේ දළ ජාතික නිෂ්‍පාදිතයෙන් කොපමණ ප්‍රමාණයකට වැට් බදු අය කරනවාද යන්නය. දළ දේශීය නිෂ්‍පාදිතයේ සමස්තයට වැට් බදු නොවදියි. එසේ වැට් බද්ද නොවදින්නේ වැට් බදු අය නොකරන පිරිවැටුම් සීමාවටය.

වැට් බදු පදනමේ නාමික අගය රුපියල් බිලියන 4,580 සිට 7,778 දක්වා සියයට 70කින් වැඩි විය යුතුය. එහෙත් 2024දී ලංකාවේ දළ දේශීය නිෂ්‍පාදිතයේ නාමික අගය වැඩි වන්නේ සියයට 11.4කිනි. ඒ නාමික අගය මිස මූර්ත අගය නොවේ. දළ දේශීය නිෂ්‍පාදිතය සියයට 11.4කින් වැඩි වෙද්දී වැට් බදු පදනම සියයට 70කින් වැඩි විය යුතුය. එහෙත් එය එසේ නොවෙයි. එය විය නොහැකි දෙයකි. දළ දේශීය නිෂ්‍පාදිතය වැඩිවීමට සමානුපාතිකව වැට් බදු ආදායම වැඩිවීම සාමාන්‍ය ස්වභාවයයි. අඩුම තරමින් ආසන්න වශයෙන් සමාන විය යුතුය. ඒ නිසා අය වැයෙන් කියන හැටියට වැට් බදු පදනම වැඩි විය නොහැකිය.

දළ දේශීය නිෂ්‍පාදිතයේ නාමික අගය සියයට 11.4කින් වැඩි වෙද්දී වැට් බදු පදනම සියයට 70කින් වැඩිවීමට කිසිදු තාර්කික පදනමක් නැත. එසේ නම් වැට් බද්දෙන් රුපියල් බිලියන 1,400ක් උපයා ගන්නේ කෙසේද? දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකවම වැට් බදු ආදායමත් වැඩි වුවහොත් 2024දී වැට් බදු පදනම වැඩිවන්නේ රුපියල් බිලියන 5,102ක දක්වා පමණකි. එය 4,580 සිට 5,102 ක දක්වා වර්ධනයවීමකි. එය සාධාරණ අගයකි. සියයට 11ක වර්ධනයකි. එහෙත් ඒ රුපියල් බිලියන 5,102 යටතේ සියයට 18කින් වැට් බදු අය කළොත් ආණ්‍ඩුවට ලබාගත හැකි වැට් බදු ආදායම රුපියල් බිලියන 918කි. එය වැට් බදු පදනම සියයට 11කින් වැඩිවීමකි. 2024දී වැට් බදු අනුපාතය සියයට 15 සිට 18ක් වෙයි. ඒ දෙකම සිදුවීත් ආණ්‍ඩුවට රැස්කර ගත හැකි වැට් බදු ආදායම රුපියල් බිලියන 918කි. එහෙත් ආණ්ඩුවේ ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,400කි. ඒ අනුව ඉතිරි බිලියන 482 හොයාගන්නේ කොහෙන්ද?

ඒ බිලියන 482 උපයා ගැනීමට නම් 2024 මාර්තු, අප්‍රේල් වෙද්දී වැට් බදු අනුපාතය සියයට 21 සිට 24 දක්වා වැඩි කිරීමට ආණ්‍ඩුවට සිදුවෙයි. මා මේ කියන්නේ විය හැකි දේවල්ය. පවතින ආර්ථික වර්ධන තත්ත්වයත් සමග 2024 දී වැට් බද්දෙන් අපේක්ෂා කරන රුපියල් බිලියන 1,400 උපයා ගැනීමට නම් වැට් බදු අනුපාතය සියයට 18 සිට සියයට 21 හෝ 24 අතර අනුපාතයකට වැඩි කිරීමට ආණ්‍ඩුවට සිදුවෙයි. එසේ කළොත් මුළු ලාබයම බදුවලට යටත් වන නිසා දැනට ඉතිරිව තිබෙන නිෂ්‍පාදන කර්මාන්ත ශාලා ටිකත් වැසීයයි. ජනතාවගේ රැකියා හා ආදායම් මාර්ග සියල්ල අහිමි වෙයි.

අය වැය හිඟය ඉහළ යාම වළක්වාගත හැකි එකම පිළියම අනෙක් බදු වැඩි කිරීමයි. එහෙත් දැනටත් ඒ බදු උපරිමයටම වැඩිකර තිබේ. ඒ නිසා අය වැය හිඟය තව තවත් වැඩි වෙයි. ඒ හිඟය පියවා ගැනීමට එක්කෝ දේශීයව ණය ගත යුතුය, නැතිනම් සල්ලි අච්චු ගැසිය යුතුය. එමගින් ආර්ථිකය අර්බුදයේ පතුළටම වැටෙයි. ඒ නිසා 2024 අය වැය ළඟා කරගන්න බැරි අරමුණු ඉටුකර ගැනීමට දරන ලද වචන ගොඩක් පමණකි. එමගින් 2024දී ජනතා පීඩනය තව තවත් වැඩි වෙයි. ආර්ථිකය කඩා වැටීම තව තවත් ඉහළ යයි. රැකියා වියුක්තිය වැඩි වෙයි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලේ මිල තව තවත් ඉහළ යයි. දුප්පත්කම තව තවත් වර්ධනය වෙයි. ජනතාව ජීවිතය ගැටගසා ගැනීමට ඉතාමත් අපොහොසත් වී ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්වීම ඉතාමත් ඉක්මනින් විය හැකිය.

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (0)

අයවැයේ හිරවෙන අරමුණු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 98 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 152 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 164 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 604 0

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි නිරන්තර විමසුමක් ඕනෑ
2024 පෙබරවාරි මස 22 105 0

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය වේ. නීති සම්පාදනය කිරීමේ බලය, නීති සම්මත කිරීමේ බලය මෙන්ම රටේ මුල්‍ය පාලනය සම්බන්ධ බලය තිබීම පාර්ලිමේන්තුව එවැන


සත්‍යයට පිටුපෑමේ විපාකය
2024 පෙබරවාරි මස 21 2537 1

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 232 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 273 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 281 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site