IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අයවැයේ අනාගත පණිවිඩය

අයවැය යනු රටක වාර්ෂිකව ආදායම් සහ වියදම් පිළිබඳව ඇස්තමේන්තු කරමින් ඉදිරිපත් කරන නීත්‍යනුකූල ලියවිල්ලකි. රජයේ අදායම් සහ වියදම් සම්බන්ධයෙන් විස්තරාත්මකව කරනු ලබන විග්‍රහයක් ලෙසද අයවැය හඳුනා ගත හැකිය. 2025 වසරේ ඉදිරිපත් කරනු ලැබුවේ 75 වැනි වාර්ෂික අයවැය ලේඛනයයි.

මෑත ඉතිහාසයේ මෙරට අතිරික්ත අයවැයක් ඉකුත් වර්ෂයකදී ඉදිරිපත් නොවීය. පසුගිය වසර මෙන්ම මෙවරත් ඉදිරිපත් වූයේ හිඟ අයවැයකි. ලැබෙන ආදායම් ප්‍රමාණයට සාපේක්ෂව වියදම් ඉහළ මට්ටමක පැවතීම එයට හේතුවයි. හිඟ අයවැයක් ඔස්සේ ආර්ථික කටයුතු ප්‍රසාරණය කිරීමේ හැකියාව පවතින බවට මතයන් පවතී. එය සත්‍යයකි. එනම් හිඟ අයවැයක් ඔස්සේ ආර්ථික කටයුතු ප්‍රසාරණය කිරීමේ ශක්‍යතාවක් පවතී. හිඟ අයවැයක් තුළ වියදම් පාර්ශවය ඉහළ යාම යනු රාජ්‍ය වියදම් වැඩිවීම ඔස්සේ දේශීය ආර්ථිකය තුළ මෙම වියදම් සංසරණය වීමෙන් භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලු‍මක් ගොඩ නැගී එම ඉල්ලු‍ම වැඩිවීම හරහා ආදායම් ඉහළ යාමයි.  දිගින් දිගටම ඉල්ලු‍ම වැඩි වීමෙන් ආර්ථිකය තුළ සමස්ත සැපයුම ඉහළ යාම සිදු නොවේනම් එනම් නිෂ්පාදන සහ සේවාවල ඉහළ යෑමක් සිදු නොවේ නම් රට තුළ උද්දමනයක් ඇති වේ. උද්දමනයක් ඇති නොවී සමස්ත ඉල්ලු‍මේ ඉහළ යෑම සඳහා අදායම වැඩි කිරීමක් දිගුකාලීනව අපේක්ෂා කරනවා නම් ඊට සමානුපාතිකව ආර්ථිකයේ සැපයුම් එනම්  භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යා යුතුය. නැතිනම් ඉල්ලු‍මක් ඇති වූ පමණින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා භාණ්ඩ ප්‍රමාණවත් තරම් නොමැති නම් එයත් උද්ධමනයකි.

හිඟ අයවැයක එක් එක් වර්ෂවල ඉදිරිපත් කළ අයවැයවල පවතින හිඟ ප්‍රමාණයේ වෙනස්කම් පවතී. 2024 වසරේදී අය වැය හිඟය රුපියල් බිලියන 2,871 කි. එය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9.1 කි. 2024 දී සියයට 9.1 ක් වන්නේ 2023 දී සියයට 8.6 ක් වූ අය වැය හිඟයයි. ඉලක්කම් වලින් සඳහන් කළහොත් 2023 රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2,839 කි. 2023 රජයේ මුළු වියදම රුපියල් බිලියන 5,253 කි. ඒ අනුව 2023 දී රජයේ අය වැය හිඟය රුපියල් බිලියන 2,414 කි. එහෙත් 2024 දී අය වැය හිඟය රුපියල් බිලියන 2,871 දක්වා රුපියල් බිලියන 457 කින් ඉහළ යයි. 2022 දී අපේක්ෂා කළ ආදායම රුපියල් බිලියන 2,384 කි. එහෙත් උපයාගෙන තිබෙන්නේ රුපියල් බිලියන 2,096 කි. අයවැය හිඟය රුපියල් බිලියන 288 කි. 2021 අපේක්ෂා කළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,994 කි. එහෙත් උපයාගත් ආදායම බිලියන 1,489 කි. හිඟය බිලියන 505 කි. 2019 දී අපේක්ෂා කළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,402 කි. එහෙත් උපයා ගත්තේ බිලියන 1,939 කි. හිඟය බිලියන 463 කි. 2014 අපේක්ෂා කළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,495 කි. එහෙත් උපයා ගත්තේ බිලියන 1,170 කි. හිඟය රුපියල් බිලියන 325 කි. මෙවර අයවැයද බිලියන 2000 කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතී. එහෙත් මෙවර අයවැයේ වියදම් පාර්ශවයේ යම් අඩු කිරීමක් සිදු කර තිබීම සාධනීය ලක්ෂණයක් ලෙස දැකිය හැකිය.

පහුගිය වර්ෂවලදී ආර්ථික අර්බුදයක් ගොඩනැගීමෙහිලා බල පෑ ප්‍රමුඛ කාරණය වූයේ අපනයන ආර්ථිකය පුළුල් නොවීමයි. භාණ්ඩ සහ සේවා පුළුල් නොවීම හරහා සැපයුම් අංශය සංකෝචනය විය. ඒ තුළ සමස්ත වියදම් වැඩිවීම හරහා සිදුවන බලපෑම ප්‍රබල වේ. මෙවර අයවැය හිඟය අවම කිරීමට අනවශ්‍ය වියදම් කපා හැර මුදල් අරපිරිමැස්මෙන් යොදවා ආර්ථික කටයුතු කළමනාකරණය කිරීම සාධනීය පියවරකි. සමස්තයක් ලෙස අනෙකුත් වසරවල මෙන්ම දේශීය නිෂ්පාදිත ආර්ථිකය, ජාත්‍යන්තර ආර්ථිකය, මූල්‍ය වෙළෙඳපොළ ආදී සමස්තය සඳහා මුදල් වෙන් කිරීම්වල අඩු වැඩි වීම ඔස්සේ මෙවර අයවැයද ඉදිරිපත් වී තිබේ.

මෙවර අයවැයේ පවතින එක් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ මෙතෙක් කල් අවධානය යොමු නොවූ ජන කණ්ඩායම් වෙත අවධානය යොමු කර තිබීමයි. එනම් බන්ධනාගාර ගතවූවන්, විශේෂ අවශ්‍යතා ඇති කණ්ඩායම්, පහළ ආදායම් ලබන්නන්ය. එමෙන්ම වතුකර ජනතාවද ඉතාම පහළ සමාජ ආර්ථික මට්ටමක සිටින ජන කොට්ඨාසයකි. ඔවුන් දරිද්‍රතාවෙන් වඩාත් පීඩා විඳින ජන කොටසකි.

එම ජන කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් යම් පියවරක් ගැනීම වඩා සාධනීය වේ. වතුකර ජනතාවගේ දෛනික වැටුපේ වැඩි කිරීමක් සිදු කර තිබේ. එම වැටුප් වැඩිවීමේ නිශේධනීය බලපෑම වන්නේ තේ කොළ නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමයි. නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් තේ කොළ විකුණුම් මිලද ඉහළ යයි. තේ කොළ යනු මෙරට ප්‍රධාන අපනයනික භාණ්ඩයක් වන බැවින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරීත්වයක් පවතී. එම තරගකාරිත්වයට මුහුණදීමට උසස් ගුණාත්මකත්වයකින් යුතු තේ අඩු මිල ගණන් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළට සැපයීම වැදගත් වේ. එහිදී තේ කොළ මිල ගණන් ඉහළ යෑම ඔස්සේ තේ කර්මාන්තකරුවන්ට යම් අභියෝගයකට මුහුණ දීමට සිදු වේ.

විශේෂයෙන්ම අයවැය මගින් පොල් වගාව පිළිබඳව විශේෂ අවධනයක් යොමු කිරීමද වැදගත් වේ. අපනයනය මෙන්ම දේශීය පරිභෝජනය සඳහා ද පොල් කර්මාන්තය ඉතා වැදගත් වේ. පොල් නිෂ්පාදනය පහළ වැටීම ඔස්සේ පොල් මිල ඉහළ යාම වැළැක්විය නොහැක. මෙම ගැටලු‍ව විසඳීමට පොල් සංවර්ධන මණ්ඩලය පමණක් ක්‍රියාත්මක වීම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා නිසි සැලසුමක් අවශ්‍ය වේ. ඒ සඳහා මේ අයවැයෙන් යම් යෝජනා ඉදිරිපත් වීම සාධනීය වේ.

කෘෂිකර්මික අංශය සඳහා අත්‍යවශ්‍ය වන වාරිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා යම් මුදල් ප්‍රතිපාදනයක් මෙවර අයවැය මගින් වෙන් කර තිබේ.

එහෙත්  එය සමස්ත කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් නොවේ. කෘෂිකර්මානතය යනු පුළුල් ක්ෂේත්‍රයකි. එනම් අපනයන සහ දේශීය නිෂ්පාදන යන අංශ ද්විත්වයම එයට අයත් ය. සමස්ත කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට සියයට 7ක දායකත්වයක් දක්වයි. මෙම දායකත්වය ඉහළ නංවීමට වැඩපිළිවෙළක් යෝජනා වීම වැදගත් වේ.

රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමද සාධනීය පියවරකි. වැටුප් විසමතා ඇති නොවන හෝ අවම වන ආකාරයෙන්  මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කිරීම සාධාරණ වේ. එබැවින් වැටුප් සංශෝධනය යහපත්ය.

බදු සංශෝධන සිදුවී නොමැත. සියලු‍ දෙනාම බදු ගෙවිය යුත්තන් බවට පත් වී බදු පැහැර හැරීම් අවම වන තත්වයට පත් කිරීමට බදු එකතු කිරීමේ නිසි ක්‍රමවේදයක් සැකසීම වැදගත් වේ. ඒ සඳහා ඩිජිටල් ආර්ථිකය යෝග්‍ය වේ. ඒ හරහා සැඟවුණු ආර්ථික කටයුතු විනිවිදභාවයකින් යුතුව නිරාවරණය කර ගැනීමට හැකි වේ.

2022 වර්ෂය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 68 දක්වා ඉහළ ගියේය. ඉහළ ගිය උද්ධමන බලපෑම තවමත් පවතී. එනම් භාණ්ඩ සහ සේවාවල මිල ගණන් ඉහළ යාම තවමත් පවතී. එබැවින් ජනතාවගේ දෛනික කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් යම්කිසි සහනයක් මෙම අයවැය මගින් ලැබුණි.

මෙරට කෘෂිකර්මාන්තය තිරසාරව පවත්වාගැනීමට පවතින ප්‍රධාන බාධාවක් වන්නේ වන සත්ව හානියයි.  එය ප්‍රබල අභියෝගයකි. මෙවර අයවැයෙන් අලි මිනිස් ගැටුමට යම් ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ. එහෙත් වන සත්ව හානිය පිළිබඳව අවධානයක් යොමු නොවීම ගැටලු‍වකි. මෙය මෑත කාලීනව ඇති වූ ගැටලු‍වක් නොව පසුගිය ආණ්ඩු පවා මුහුණ දුන් ගැටලු‍වකි. මෙම ගැටලු‍ව වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කිරීම කළ යුතුය. මෙයට විසඳුමකින් තොරව කෘෂිකර්මාන්තය තිරසාරව පවත්වාගෙන යා නොහැකිය.

අස්වැසුම, වැඩිහිටි දීමනා වැනි සහනාධාර දීමේ වැඩ පිළිවෙළෙහි ධනාත්මක සහ ඍණාත්මක පැතිකඩ ද්විත්වයම ඇත. කොහොමද විශාල පිරිසකට සහනාධාර ලබා දෙන්නේ යන ගැටලු‍ව පවතී. එහෙත් කෙසේ හෝ සහනාධාර ලබාදිය යුත්තන් වෙනුවෙන් සහනාධාර ලබා දීමද කළ යුතුය.

මෙවර අයවැයෙන් පමණක් නොව සෑම රජයකම ඉදිරිපත් කළ අයවැයවලින් විවිධාකාරයේ සැලසුම් ඉදිරිපත් කළද ඒවා ක්‍රියාත්මක වීමේ ගැටලු‍ මතු විය. එම සැලසුම් එලෙසම ක්‍රියාත්මක වූවා නම් මෙරට ආර්ථිකය මින් ඉදිරියට ගොස් තිබිය යුතුය. එනම් අප තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් නොව සංවර්ධිත රටක් විය යුතුය. මෙරට ආර්ථික වර්ධනය වසරකට ඍණ ගණනක් නොවිය යුතුය. එය සියයට 2 කින් හෝ ස්ථාවර අනුපාතයක තිබිය යුතුය. රටේ සිටින නිෂ්පාදකයන්ට, ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට තම ආර්ථික කටයුතු පිළිබඳව පුරෝකථනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතිය යුතුය. එබැවින් පෙර අයවැය මෙන් නොව ක්‍රියාත්මකවීම තිබේ නම් අර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කළ හැකිය. ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය මෙය වන බැවින් මෙවර අයවැයේ තිරසර බව තහවුරු කරගත හැකි වන්නේ 2025 වසර අවසානයේය.  

අයවැය ලේඛනයේ මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම් පිළිබඳව සඳහන් වුවද එම මුදල් ප්‍රතිපාදන සලසාගන්නේ කෙලෙසද යන්න සඳහන් නොවීම ගැටලු‍වකි. ණය ලබා ගැනීමේ සීමිත හැකියාවක්ද ඇත. මේ වන විටත් ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනධාර පොලී අනුපාත යටතේ ණය ලබාගෙන තිබේ. අයවැයේ එක් එක් කාර්ය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට ණයක් ලබා ගන්නවා දැයි යන්න හෝ මුදල ප්‍රතිපාදන සලසන අකාරය සඳහන් කර තිබේ නම් එම කාර්යයේ ප්‍රායෝගීකරණය පිළිබඳව යම් විශ්වාසයක් තබා ගත හැකිය. නිදසුනක් ලෙස උතුරු පළතේ පොල් වගාව සඳහා ඉන්දීය ණය ආධාර ලබා ගන්නවා යැයි අයවැය කියවීමේදී සඳහන් විය. එමගින් පොල් වගා කිරීමේ ව්‍යාතිය පිළිබඳව සුබදායි බලාපොරොත්තුවක් තබා ගත හැකිය. මන්ද එයට මුදල් ප්‍රතිපාදන සැලසෙන අයුරු දක්වා තිබීම හේතුවෙනි.

දේශීය අර්ථිකයේ ආදායමෙන් මූල්‍යකරණය කරනවා නම් ඒ කෙලෙසද යන්න සඳහන් විය යුතුය. මන්ද ආණ්ඩුවක් සඳහා බලය තිබූ පමණින් මුදල් අච්චු ගැසිය නොහැකිය. ඒනිසා අයවැයේ සඳහන් ආකාරයටම මුදල් වෙන් කිරීමට මූල්‍ය ශක්තියක් රටට පවතීද යන්න ගැටලු‍වකි. එමෙන්ම රුපියල් බිලියන 2000 ට ආසන්න වූ අයවැය හිඟය කෙසේ කළමනාකරණය කරන්නේද යන්නටද ගැටලු‍ පවතී. බහුතර ප්‍රජාවක් තම ඡන්දය මගින් බලාපොරොත්තු වූයේ රට තුළ යම් වෙනසක් සිදුවීමය. ආර්ථික අතින් ශක්තිමත් වීමය. මෙවර අයවැය මගින් සියයට 80  ක් හෝ ක්‍රියාත්මක වේ නම් එයයි මහජනයාගේ බලාපොරොත්තුව. එබැවින් අයවැය යනු ලියවිල්ලකට පමණක් සීමා නොවී ක්‍රියාත්මක විය යුත්තකි.

(*** සටහන - ශෂිකා අබේරත්න)



අදහස් (0)

අයවැයේ අනාගත පණිවිඩය

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 54 0

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 36 0

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 77 0

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 14 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 457 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 247 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 356 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1120 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site