IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අම්මා නිසා අමාරුවේ වැටුණු දියණියක්

   5 

කළු වළාවක් එකපාරට ඇවිල්ලා නිල් අහසම වසා ගත්තා. හිතන්නවත් වෙලාවක් නැහැ. වැටෙන වැහි බිංදු හරියට හීසර වගේ. මහ පොළවට ඒවා දරාගන්න පුළුවන් වේද දන්නෙ නැහැ. හමාගෙනඑන සැඩ සුළඟ ජීවිතේ තනිකම හදවත පසාරු කරගෙන යන්න හදනවා. ඉකි ගසන ඇගේ හදවතට ළං වෙන්න මම උත්සාහ ගත්තා.

 


ඇගේ කතාව අපට ඇහුණෙ දෙහිවල ප‍්‍රදේශයෙන්. වාසනා කියන්නෙ වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් උරුමකරගත් යුවතියක්. සුමුදු මොලොක් වෙච්ච හිතක් ඇයට තිබුණෙ නැහැ. ඒ වෙනුවට ඇයට ලැබුණෙ දරදඬු වෙච්ච සිතක්. මේ ලෝකෙට බිහිකරපු මාපියො දෙන්නා ගැන සදහටම වෛරයක් හිතේ තදකරගෙන නොදන්න ඉසවුවක ඇය තනිවෙලා.

1


මගේ තාත්තා මල්ලියි, මමයි පුංචි කාලෙදිම අම්මාව අත්හැරලා වෙන විවාහයක් කරගත්තා. තාත්තා අපිව අතෑරලා ගියාට පස්සේ ජීවත් වෙන්න අම්මා මත්පැන් පෙරුවා. කුඩු විකුණුවා. ඒත් ඒ දේවල් පිට සමාජයට පෙන්නුවෙ නැහැ. අම්මා ඒ දේවල් කළේ හොර රහසේ. සල්ලි හම්බකරන්න මොන රැුකියාව කළත් පිටට පේන්න නම්බුකාර විදිහට ජීවත් වෙන්න අම්මා උත්සාහ කළා. ඒත් ටික කාලයක් ගත වෙද්දි උසාවි පොලිසි අපේ ජීවිතේට හුරු පුරුදු තැනක් වුණා.

3
ඒත් අම්මා ජීවත් වෙන්න කියලා කරපු කිසිම දේකට මගේ කැමැත්තක් තිබුණෙ නැහැ. අම්මගේ නීති විරෝධි වැඩ නිසා ඉස්කෝලේ ළමයි, ගුරුවරු මට හිනා වෙන්න ගත්තා. මාව හෑල්ලූවට පත් කළා. අම්මට කොච්චර කිව්වත් ඒ දේවල්වලින් මුදවන්න පුළුවන් වුණේ නැහැ.


අම්මා කිව්වෙ උඹට ඉස්කෝලෙ යන්න බැරිනම් ගෙදර ඉඳපං ‘‘උඹලට කන්න දෙන්න තමයි මේ රස්සාව කරන්නෙ කියලා.’’


අම්මගෙ කුඩු ව්‍යාපාරය නිසා ලොකු සල්ලිකාරයො අපේ ගෙදර නිතර ආවා. මට අම්මා ගැන පුදුම විදිහෙ පිළිකුලක් ඇති වුණා. ඒ අම්මගෙ දුව කියන්නත් මට ලජ්ජ හිතුනා. නෑහිතවත් හැම කෙනෙක්ම අම්මගෙ ක‍්‍රියාකලාප නිසා අපිව ඈත් කළා. අම්මා නිතරම සාප කළේ තාත්තට. මිනිස්සු අම්මගෙ වැරදි කියකියා හංවඩු ගහන කොට මට වහ ටිකක් බීලා මැරෙන්න හිතුණ වාර අනන්තයි. ඒත් මල්ලි නිසා මම නිතරම ඉවසුවා. මල්ලි ගියෙත් වැරදි පාරෙමයි. එයා ගැන අම්මා වැඩිය සෙවුවෙ බැලූවෙ නැහැ. යාළුවො එක්ක ගිහින් එයා නාස්ති වුණා. එයත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. එයාට ඒ දේවල්වලට සල්ලි නැති වුණාම ගෙදර තිබුණ වටින බඩු ගෙනිහිල්ලා විකුණන්න ගත්තා. දවසක් අපේ ගෙවල් ළඟ ගෙදරක පිටින් ආපු මහත්තයෙක් නතර වෙලා හිටියා. මල්ලි ඒ මහත්තයගෙ ලැප්ටොප් එක හොරකම් කරලා විකුණලා ඒක අහුවුණා. මල්ලිව පොලීසියට ගෙනිච්ච වෙලාවෙ අම්මා කිව්වා මල්ලි හිතුවක්කාරයි හදාගන්න බැහැ කියලා. පස්සෙ මල්ලිව පරිවාසෙට දැම්මා. ගෙදර ජීවත් වුණේ අම්මයි මමයි විතරයි. අම්මගෙ නීති විරෝධි ව්‍යාපාර නිසා අම්මා අන්වර්ථ නාමයකින් ප‍්‍රසිද්ධ වුණා. මම ගෑනු ළමයෙක්. පාරේ ගියත් පිරිමි ළමයි අම්මගෙ නම කියලා හිනා වෙනවා.


මම අම්මගෙ කකුල් දෙක අල්ලලා වැඳපු වාර අනන්තයි. ඔය දේවල්වලින් ඈත්වෙලා කොහේහරි ගිහින් ජීවත් වෙමු කියලා. අම්මගෙ මේ ක‍්‍රියාකලාප නිසා අපි ඉඳපු ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදාවුණා. පස්සෙ අපි ගෙවල් විකුණලා කැලණිය පැත්තෙ ගෙදරක කුලියට හිටියා. ඒ ගියත් අම්මගෙ මත්ද්‍රව්‍ය ව්‍යාපාර නතර වුණේ නැහැ. ගෙවල් මාරු වීමත් එක්ක ඉස්කෝලත් මාරු වුණ නිසා ප‍්‍රශ්නයක් නැතුව ස්කෝලෙත් ගියා. මේ හැමදේම එක්ක මගේ ජීවිතෙත් වෙනස් වුණා.


චරිත්ගෙ මුණ ගැසීමත් එක්ක මගේ ජීවිතේ තිබුණු දුක තනිකම හැමදේම මොහොතකට සීමා වුණා. මම චරිත් ගැන අම්මා එක්ක කිව්වා. චරිත්ට අපේ ගෙදර එන්න අම්මා අවසර දුන්නා. නිතරම වගේ අපේ ගෙදර ආවත් අම්මගෙ මත්ද්‍රව්‍ය ව්‍යාපාර ගැන චරිත් දැනගෙන සිටියෙ නැහැ.


අම්මගෙ කුඩු ව්‍යාපාර, මත්පැන් ව්‍යාපාර චරිත් දැනගත්තොත් මේ සම්බන්ධය නතර කරාවි කියලා මට බය හිතුණා. ඒ නිසා හැමදේම චරිත්ගෙන් වසන් කරන්න මම උත්සාහ කළා.

6_RASA_P_3


ඒත් වැඩි දවසක් වාසනාට මේ දේවල් චරිත්ගෙන් රහසක් විදිහට රැකගන්න පුළුවන් වුණේ නැහැ. දවසින් දවස දළුලා වැඩුණු චරිත්ගෙත් වාසනාගෙත් ආදර කතාව ඒ වෙනකොට බොහෝ දුර ගිහින් තිබුණේ. පාසල් යන වාසනාට චරිත් ගෙදර ගෙන්වා ගැනීමට අම්මාගෙන් ලැබුණු අවසරයත් සමග ඇගේ හිසේ මල් දහසක් පිපුණා. පාසල නිම වී නිවෙසට පැමිණෙන වාසනාගේ බලාපොරොත්තුව වුණේ සවස් යාමයේ චරිත්ගෙ පැමිණීම.


ආදරයෙන් මත්වුණු චරිත් සහ වාසනා ආදරයේ පෙම්බස් දෙඞීමට කුලී කාමර සොයාගෙන ගියේ නැහැ. වාසනාගේ අම්මා ආගන්තුක පිරිමියකු මේ විදිහට ගෙදරට ගෙන්වා ගත්තේ ඒ අම්මාගේ හිතේ එතනින් එහාට තිබුණු තහනම් බලාපොරොත්තුවක් නිසා.


ලොකු කාලයක් ගත වුණේ නැහැ. වාසනාගෙ අම්මා තමන්ගෙ දුවගේ පෙම්වතා වෙච්ච චරිත් සමඟත් අනියම් ඇසුරක් පටන් ගත්තා. චරිත් කියන්නේ අවුරුදු 20 තරුණයෙක්. ඒ වෙනකොට වාසනාට හදිසියේම දරුවෙකු ලැබීමේ ලක්‍ෂණ පහළ වෙනවා. වාසනාගෙ අම්මා තමන්ගෙ දරුවගෙ කුසට ආපු දරුවව නැති කරන්න යෝජනා කරනවා. අවුරුදු දහතුනක් කියන්නෙ අම්මෙක් වෙන්න පුළුවන් වයසක්ද? වාසනාගෙ අම්මා ඒ දරුණුතම පාප කර්මෙට අතගහනවා. චරිත් සමග වාසනා අඹුසැමියන් ලෙස ජීවත් වුණේ තම මවගේ අනුදැනුම ඇතිව.

2


චරිත් කවුද කියලා අහන ගොඩක් දෙනාට කිව්වෙ ඥාතිවෙන අයියා කෙනෙක් කියලා. ඒ වුණත් චරිත් අපේ ගෙදර නිතර යන එන නිසා ගමේ මිනිස්සු විවිධ කථා කිව්වා. දවසින් දවස මට චරිත්ගෙ යම් යම් වෙනස්කම් දැනුණා. මම ඒ දේවල්වලට නිතරම වගේ රණ්ඩු වුණා. අම්මගේ කුඩු ජාවාරම්වලට සම්බන්ධයිද කියලා සැකේකුත් තිබුණා. ඇත්තටම මම හිතුවෙ චරිත්ට තියෙන්නෙත් මගේ වගේම අදහස් කියලා. මට නිතරම  ඕන වුණේ කාගෙන්වත් වචනයක් අහන්නෙ නැතුව ජීවත් වෙන්න. මගේ මල්ලි පුංචි කාලෙදිම නරක වැඩවලට යොමු වුණේ අම්මා නිසා. අම්මයි තාත්තයි නිසා මල්ලියි මමයි පුදුම විදිහට මේ සමාජයෙන් අපවාද වින්දා.


මට දුක කියන්න හිටියෙ චරිත් විතරයි. මම ඒ දේවල් චරිත්ගෙන් වසන් කරේ එයාට බොරුවක් කරන්න නෙමෙයි. මම දවසක් හිනා වුණොත් සතියක් අඬනවා. මට මගේ වයසේ යාළුවන්ගෙ මූණ බලන්න බැහැ. ඒ ළමයි මාත් එක්ක කථා කරත් එයාලගෙ ගෙවල්වලින් මාත් එක්ක කථා කරනවට කැමති නැහැ. පාසල් ගමනක් නතර වුණාට පස්සෙ මම ඇඟලූම් කර්මාන්තශාලාවක රැුකියාවකට යන්න හැදුවා. ඒත් මට වයස නැහැ කියලා රස්සාවට ගත්තෙ නැහැ. පස්සෙ මම ඇඳුම් මහන අක්කා කෙනෙක් ළඟ නූල් කපන්න ගියා. එයා මට සුළු ගානක් දුන්නා. මම වැඩට ගියාට පස්සෙ චරිත් අපේ ගෙදර එනවා කියලා මගේ යාළුවො කතා කරලා කියද්දි මගේ හිතට මහ වදයක් වුණා. අම්මා එක්ක චරිත්ගෙ සම්බන්ධයක් තියෙනවා කිව්වාට මම කවදාවත් ඒක විශ්වාස කළේ නැහැ.


වාසනාගේ අම්මා කියන්නේ දෙහිවල ප‍්‍රදේශයේ කුඩු ව්‍යාපාරයට නම ගිය කාන්තාවක්. පොලිස් නිලධාරින් සමග පවා ඇය අනියම් සබඳතා පැවතුණා. නීතියේ රැුහැනට හසුවුණු යම් යම් අවස්ථාවල හේතු කාරණා නොමැතිව නිදොස් වුණා. වාසනා රැුකියාවක් සොයාගෙන ගියෙත් ගෙදරට වෙලා අපා දුක් විඳින්න බැරි කමට. වාසනා අම්මගෙ නීති විරෝධි මුදල්වලින් බත් කටත්වත් කන්න කැමති වුණේ නැහැ. මොකද ඇය කුඩා කාලේ ඉඳලම අම්මගෙ වැරදි නිසා දුක් කරදර දහසක් විඳපු දරුවෙක්.


‘‘මට අම්මව හදන්න බැරි නිසා පස්සෙ පස්සෙ මම අම්මගෙ වැරදිවලට රණ්ඩු වෙන්න ගියේ නැහැ. හැබැයි මම චරිත් එක්ක හරියට රණ්ඩු වුණා අම්මගේ කුඩු ජාවාරම සම්බන්ධ වෙන්න එපා කියලා. ඒත් එක දවසක්.... එහෙම කිය කිය ඉඳිද්දි ඇගේ හඬ එකවරම බාල වුණා. හදවතේ හිරවුණු දුක ඇස් ඉදිරියේ කඳුළින් බොඳ වෙලා ඉකි ගසන ඇගේ වත දෙස බලා සිටි අපගේ නෙත් වලටද කඳුළු ඉනුවේ ඉබේටමය. මුදු මොලොක් වූ අදහස් වෙනුවට ඇගේ සිත තුළ ඇත්තේ වෛරයෙන් පිටවන සිතුවිලි පමණය.


කාලය ගත විය. දිනක් ඇය රැුකියාවට ගොස් නැවත නිවසට පය තැබූ වාසනාට දුටු දර්ශනයත් සමග මුළු ජීවිතයම දෙපතුලට කඩා වැටුණේය. තමන් පණමෙන් ආදරය කළ චරිත් තමාගේ මව සමග යහනේ පෙම් සුව විඳි දර්ශන ඇයගේ මනසට ගෙන දුන්නේ දැඩි වෛරයකි. ඇයට එය ඉවසා ගැනීමට නොහැකිව වාසනාගේ අතේ රැඳුණු මන්නා පිහිය ජීවිතයක කෙළවර ගෙන දෙන්නට හේතුවිය.


තුවාල ලැබූ මව රෝහල් ගත කෙරිණි. පොලිස් භාරයට පත්වූ වාසනා සියල්ල හෙළි කළාය. මිනීමැරීමේ චෝදනාව ඇතිව බාලවයස්කාර දැරියක වූ වාසනා පරිවාසභාරයට පත්විය. ඇගේ මව වැල්ලවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයකද සැපයුම්කාරියන් ලබාදෙන ප‍්‍රසිද්ධ කාන්තාවක් බවටද හෙළි විය. වාසනාගෙ කථාව ඇතුළෙ දෑසින් වැටුණු හැම කඳුළක් ගානෙම කියවෙච්ච ලොකු කතාවක් තියෙනවා. මේ වචන ඇතුළෙ හිතන්නට බොහෝ දේ ඉතිරිවෙලා තියෙනවා. සමාජය එන්න එන්නම මේ තරමට පිරිහෙන්නෙ ඇයි? වාසනාගෙ ලස්සන ජීවිතේ විනාශ වුණේ ඇගේ අම්මා නිසා. මාපියො ගැන මහා වෛරයක් හිතේ තදකරගෙන වාසනා මේ මහ පොළවේ සෙවණක් යට ජීවත් වෙනවා.


මාපියන් අතරේ ගට්ටන, හැලහැප්පීම් දෙන්නට දෙන්නගෙ වැරදි  ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ දේවල් දරුවන්ට දෙන්න එපා. මාපියන්ගෙ වැරදිවලට දරුවො පලි නැහැ. දරුවො යන්නෙ මාපියන්ගෙ අඩිපාරේ. තමන්ගෙ අම්මා තාත්තගේ වැරදි කිය කිය සමාජය ඒ දරුවන්ව හංවඩු ගසද්දි දරුවන්ට දරාගන්න බැහැ. ගොඩක් දරුවො ජීවිතේ වන්දි ගෙවන්නෙ දෙමාපියන්ගෙ වැරදි නිසා. හැම දෙමාපියෙක්ම රැකියාවක් කරලා මුදල් හම්බ කරන්නෙ තමන්ගෙ දරුවන්ට කන්න අඳින්න දෙන්න. දරුවන්ට කන්න දෙන්න හිඟා කන අය ඉන්නවා. දරුවො එක්ක බඩගින්නෙ මැරුණත් සල්ලිවලට ආත්ම ගරුත්වය විකුණන්න එපා. දුප්පත් වුණත් අහිංසක දරුවන්ට පාරේ තොටේ බැහැලා යන්න පුළුවන් විදිහට හැසිරෙන එක මාපියන්ගෙ වගකීමක්.


අම්මා කියන උතුම් පදවියෙ ගරුත්වය රකින්න. අම්මෙක් කියන්නේ දරුවෙකුගේ සෙවනැල්ලක්. අද දරුවව පෙරපාසලට අරන් යන අම්මා තහනම් ගහේ ගෙඩි කන්න පෙළඹෙන්නෙ ඇයි? අනියම් පේ‍්‍රම සම්බන්ධතා අද දවසින් දවස වැඩි වෙලා. අසරණ වෙන දරුපැටව් ගණන සීමාවක් නැහැ. ඒ ජීවිතවලට උත්තර සොයන්න දරු පැටව් අරන් කෝච්චියට, ළිඳට පනිනවා. අසරණ දරුවො ගැන කථාකරන්න කවුරුත් නැහැ. මේ දේවල්වලින් දුක් විඳින්නෙ ඔයාගෙ අහිංසක දරුවො.


පාසල් වියේ දරුවා පිටුපස හඹා එන පේ‍්‍රමයට කවමදාවත් ඔබේ අවසරය දෙන්න එපා. ඒ වයසට ජීවිතේ වරද්දගන්න ස්වභාවය වැඩියි. ඇයට ආදරේ සීමා මායිම් පනින්නට ඉඩහසර ලබාදුන් ඇගේම මව නිසා ඇය බාලවයස්කාර ගැබිනියක් වුණා. ඇය ඇයට ජීවිත අවධානමක් වගේම ලස්සන අනාගතයක් විනාශ කර දැමීමක්.


ආදරණීය අම්මේ,
අතීතයේ ලේන් අම්මා ඇගේ වලිගයෙන් මුහුද ඉසින්නට තැත් දැරුවේ ඇගේ දරු පැටියා බේරගන්න. එයයි මාතෘ සෙනෙහස. ඔබ ඔබව හඳුනාගන්න. ඔබේ කෙටිකාලීන ආශාවන් නිසා අහිංසක දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්නට එපා. කෙදිනක හෝ ඔවුන්ගේ ජීවිතවල දුක දැක ඔබට අඬන්නට සිදුවේවි. ඔබ ඔබේ චරිතයේ ගරුත්වය රකින්න.

m



අදහස් (0)

අම්මා නිසා අමාරුවේ වැටුණු දියණියක්

ලතා Tuesday, 09 June 2015 09:50 PM

අම්මා කියන නමටත් අගෞරවයක් (නි)

:       1       0

සොපී Thursday, 11 June 2015 06:47 PM

තාත්තා මේ ළමයින්ව දාලා වෙනත් විවාහයක් කරගත් එක තමයි ඔක්කොටම මුල (නි)

:       1       0

කැළුම් Tuesday, 09 June 2015 10:44 AM

දෙමව්පියෝ නිසා ජිවිතේ වැරදුණත් වරද්ද ගත්තත් හිතට ධෛර්ය අරන් ජිවිතය ජිවත් කරවන්න (ම)

:       1       0

දුමින්ද Thursday, 11 June 2015 10:48 AM

වාසනාලට යහපාලනය උදාවෙන්නේ කවදද (බ)

:       0       0

නිෂාද් Thursday, 11 June 2015 03:55 AM

හද සසල කරන කතාවක්. මවගේ නොමග යැවීමට සමාජය හරි මගට ගන්ට දිවුරුම් දී බැඳී සිටින අයත් දායක වෙලා තියෙනවා. (ම)

:       0       0

කුමාරි Tuesday, 09 June 2015 12:10 PM

දරුවෙක් මෙලොවට බිහිකළ පමණින් ගැහැණියක් අම්මා කියන උතුම් නාමයේ හිමිකාරිය වෙන්නේ නැහැ. ඒ දරුවාගේ අනාගතය යහපත් කළොත් ඒ නියම අම්මායි.මෙවැනි ගැහැණුන් අපේ සමාජයේ හෙළි නොවුණට හුඟක් ඉන්නවා (නි)

:       0       0

ශ්‍රීමා Wednesday, 10 June 2015 02:54 PM

මේ අම්මෙක්ද? මේ වගේ ගැහැණුන්ට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

තිලක් - ඇමරිකාව Tuesday, 09 June 2015 02:17 PM

මගේ පාසැල් සමයේ මගේ යාලුවන් දෙන්නෙක් මේ ප්‍රශ්නයට මුහුන දුන්නා (නදී)

:       0       0

උදාර Saturday, 13 June 2015 04:26 AM

ඇත්තම කියනවානම් මේ අම්මා කෙනෙක් නෙමෙයි. සල්ලි විතරක් හොයන තමන්ගේ දරුවන්ට ආදරයක් නැති ගැහැණියක් (බ)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 08:15 AM

මෙවැනි දරුවෝ තව කොතෙකුත් ඇද්ද මේ සමාජයේ? වැඩිහිටියන්ගේ වැරදි ක්‍රියාකලාප නිසා අද බොහෝ තරුණ පිරිස් නොමග යන වාර අනන්තයි.සමාජ වටපිටාවට මේවට දැඩි ලෙස බලපානවා. (බ)

:       0       0

රුවිනි Monday, 15 June 2015 08:19 AM

අම්මගේ නෙමෙයි තාත්තාගේ වැරැද්ද. දරුවෝ දෙන්නෙක් එක්ක ගෑනියෙක්ව දාලා යනවද? (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Wednesday, 10 June 2015 08:42 AM

අපේ රටේ නාගරික සමාජය තුල සුලබ කතන්දරයක් මේක. මේක රටේ පවතින අසමතුලිත ආර්ථික තත්වය නිසා ඇතිවුන නරක ප්‍රතිපලයක්. සමාජ සුබසාධනය සඳහා වෙනම ඇමතිවරයෙක්, අමාත්‍යාංශයක් තිබුනත් ඒවගෙන් හරි සේවයක් වෙන්නේ නෑ. මෙවැනි පවුල් ඛේදවාචකවලට පිළිතුරු සෙවීම ජාතික වගකීමක්. ඒවාට නිසි සැලසුම් තිබිය යුතුයි. නැත්නම් රට දවසින් දවස පිරිහෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 142 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 188 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 79 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 30 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 52 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 484 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1303 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site