ආනයනික අතිරේක භෝග 15ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමේ “දීපව්‍යාප්ත සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන” වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මණ්ඩල ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසය හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට පිළියමක් වශයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. මෙහිදී ගෙවතු දස ලක්ෂයක් වගා කිරීම අරමුණ බවද ප්‍රකාශිතය.
අනතුර කල් ඇතිව දකින ඉසිවර නුවණක් ඇවැසි බව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අද දවසේ ඔප්පු වී හමාරය. විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීමේ සිරිතට තිත තැබිය යුතුය. “අවදානමට වඩා සූදානම යෙහෙකි” බව අපේ මුතුන් මිත්තන් ප්‍රකාශ කළේද එහෙයිනි.
මේ සටහන තබන මොහොත වනවිටත් අප රටේ ගුවන් තොටුපළවල් වසා තිබේ. වරායන් වසා තිබේ. මේ කවදා විවෘත කළ හැකිවේදැයි අනුමාන කළ නොහැකි තරම්ය. ඇල්පෙනෙත්තක් හෝ නිෂ්පාදනය නොකරන මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරනු ලබන රටකට ගුවන් තොටුපළවල් හා වරායන් වසා දැමීමෙන් මුහුණ දීමට සිදුවන පීඩාකාරී හා අන්තරායකාරී තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කළයුතු නැත.
විශේෂිතම කාරණාවක් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා නිල රටවල් සංඛ්‍යාවද ඉක්මවා කොරෝනා මාරාන්තික වයිරසය පැතිර තිබේ. බලවත් යැයි සම්මත, පිළිගන්නා බොහෝ රටවල තත්ත්වය අප රටේ තත්ත්වයට වඩා බෙහෙවින් සැහැසිය. වෙනත් රටකට උදව් උපකාර කිරීමේ හැකියාවක් තවත් බොහෝ කලක් යනතුරු එම රටවලටද අත්පත් කරගත නොහැකිය. අප රටට ඉදිරියේදී මුහුණපෑමට සිදුවන අනතුරෙහි දිග-පළල එපරිදිය.
බත බුලතින් සරුසාර වූ ඉසුරුමත් ආර්ථිකයක් දුරාතීතයේ අප රටෙහි පැවතිණි. ගෝලීයකරණයත්, නව ආර්ථික ප්‍රවණතාත් හමුවේ අපගේ ඒ ඉසුරුමත් බව අපට අහිමි වී ගියේය. විශ්වයම එකම පවුලක් බවට පත්ව ඇති ගෝලීයකරණය හමුවේ පවුලේ ඒ ඒ සාමාජිකයන්ට තම තමන්ගේ පැවැත්ම තම තමන්ටම සකස් කර ගැනීමේ වගකීම පැවරී තිබේ.
අභියෝගය වඩාත් බැරෑරුම්ය. එමෙන්ම දරුණුය. එහෙත් පසුබා යාම අපට තරම් නොවේ. අපි ජාතියක් වශයෙන් විවිධ කාලවකවානුවල විවිධාකාර වූ අභියෝගවලට මුහුණ දී ඇත්තෙමු. එහෙත් ඒ සෑම අභියෝගයක්ම ජය ගැනීමට අපට හැකිවිය. ඒ අභියෝගය යනු අවස්ථාවන් ලෙස අප සැලකූ හෙයිනි. රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අප සතු ශක්තිය කොතරම්දැයි උරගා බැලීමේ අවස්ථාවක් බවට අපි අභියෝග යොදා ගත්තෙමු. ඉතිහාසය ආපිට කැරකි නැවතත් පැමිණ තිබෙන්නේ එතැනටමය.
මහින්දාගමනයත් සමග අප ජාතියට බෞද්ධ ආර්ථික දර්ශනය හිමිවිය. ධාර්මික ධනෝපායන අර්ථක්‍රමය ලෙස කෘෂිකර්මාන්තය අපි වැළඳ ගත්තෙමු. එහෙත් මුඩුබිම් සරුබිම් බවට පත් කරමින් බත බුලතින් රට සරුසාර කිරීමට නම් ජලය අවශ්‍ය වේ. අහස් ජලය හැර අන් ජලයක් අපට නොවීය. අහස් ජලයද සෑම කාලයකම නොලැබෙන්නේය. එය අභියෝගයක් වශයෙන් පෙර රජ දරුවෝ බාර ගත්හ. ඒ අනුව අහසින් වැටෙන එක ජල බිඳක් හෝ නිරපරාදේ මහ මුහුදට ගසාගෙන යාමට ඉඩ නොදී ඒ ජලය එක්රැස් කර තබා ගැනීම පිණිස මහ වැව් ඉදි කළහ. වැව් හෑරූ පස්කඳු අහස සිඹින මහ දාගැබ් බවට පත්විය. ජනාවාස ඉදිවූයේ සයුර පරයන ඒ වැව් ආශ්‍රිතවය. ගමයි, පන්සලයි - වැවයි දාගැබයි, නිල් ගොයමයි අපේ රටේ ශිෂ්ටාචාරය ඔදවත් කළේය. අදටත් අප පූජනීයත්වයෙන් සලකන්නේ ඒ අභිමානවත් ශිෂ්ටාචාරයෙන් නිපැදුණ මහා සංස්කෘතික උරුමයන්ය.
පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලියෙන් අප රට වර්ණවත් වූයේ ඒ අතීත යුග පුරුෂයන්ගේ තුන්කල් දක්නා ඉසිවර නුවණින් පැමිණි ගමන් මාවත නිසාය. 21 වැනි සියවසේ ගෝලීය වසංගතයක් ඉදිරිපිට අපට යළිත් යාමට සිදුවී තිබෙන්නේ ඒ අතීත උරුමය වෙතය. මෙය එක් අතකින් අභියෝගයක් නොව ඉතිහාසයක් පුරා පැමිණි ගමන් මගේදී උවමනාවෙන් අතහැර දමා පැමිණි උරුමයන් සම්බන්ධ සිහිකැඳවීමකි. “ඉතිහාසය විසින් මග දමා ආ හැම දෙයක්ම වර්තමානයට බර වැඩි” යැයි කියන්නේ එහෙයිනි.
ලොව ලොකුම ගින්න බඩගින්නය. ඒ බඩගින්න නිවා ගැනීමේ නිශ්චිත, ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබිය යුතුය. ගෝලීයකරණයේ බොත්තම එබූ සැණින් අපේ ආහාර සලාකය අපට අහිමි වේ නම් අප සිටින්නේ ඉතා දරිද්‍රතාවයකය. එය එසේ නොවී අල්ලපු රටටත් කන්න බොන්න දිය හැකි තරමට මේ නවමු පොළොව අපට අස්වැද්දිය හැකිය. ඒ අර්ථයෙන් අපි ඉතිහාසය අලුතෙන් ලිවීම ආරම්භ කරමු.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අපි ආහාර වර්ග ටිකක්වත් වවා ගැනීමට සිතා ගනිමු
de silva Friday, 10 April 2020 03:52 PM
ලංකාවේ සිටින උපාධි ධාරින්ගෙන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ කෘෂි උපාධි ධාරින්ය. නමුත් ලංකාවේ අවශ්‍ය ප්‍රමානයකට වැඩියෙන් නිලධාරීන් සිටියත් ලංකාවේ කිසිම ගොවි ජනසේවා මධ්‍යස්ථානයක් වත් නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. ඔය කියන ඕනෑම ගොවිජනසේවා මධ්‍යස්ථානයකට යන පුද්ගලයෙකුට උසස් තත්වයේ පොල් පැල 10 වත් මිලදී ගැනීමට එහි නැත. එම නිලධාරින් විසින් පුද්ගලික පොල් පැල තවාන් වල ලිපිනයන් ඔබට ලබාදෙනු ඇත , ඔවුන් ඔබගේ නම ලිපිනය ආදී තොරතුරු ලබාගෙන ඔබ ඉදිරියේදීම පැල තවාන අමතා ඔබට අවශ්‍ය පැල ඇනවුම වෙන්කරදීම සිදුවේ (ඔවුන් කොමිස් එකක් ගැනීම හැමෝම දන්නා රහසකි ) ගොවිතැනට අවශ්‍ය කිසිම බිජ වර්ගයක් ඔවුන්ගෙන් ලබාගත නොහැක..., නමුත් පුද්ගලික බිජ විකුණන කඩ වලට කතාකර අවශ්‍ය බිජ වර්ගය , ප්‍රමානය වෙන්කර දීමට තරම් ඔවුන් කාරුණික වනු ඇත. ජනපතිතුමාට රට කෘෂිකර්මයෙන් ස්වයන්පොෂිත කිරීමට අවශ්‍ය බව සත්‍යයකි. නමුත් මෙම නිලධාරීන් සමග එය කල නොහැක. පැල බෙදා දීමට යුධ හමුදාව යෙදවීම හැර වෙන විකල්පයක් නැත.
ගොවියා Saturday, 11 April 2020 09:02 PM
අපි "ආහාර" වර්ග වවා ගැනීමට නොහැකි නිසා, ආහාරයට ගත හැකි එළවලු, පලතුරු සහ පලාවර්ග වගාකරමු..
Indu Friday, 10 April 2020 04:27 PM
මේ විකාර නොවේ කරන්න ඕන. වගා කරන ගොවියන්ගේ පලදාව වෙළදපලට අතරමැදියන්, කප්පම් කාරයන්ගෙන් තොරව එන්න ක්‍රමයක් හදන එක. අපි වැඩ කරන්නයි වගා කරන්නයි උයාගෙන කන්නයි ළමයින්ගේ වැඩ කරන්නයි බස් වල පැය ගණන් රස්තියාදු වෙන්නයි ඕන. දවසකට තියෙන්නේ පැය 24. සති අන්තේ විතරක් වගාවට ඇරිලා හරියන්නේ නැ. වගා කරනවානම් ඒවාට කැප වෙලා කරන්න ඕන. ඔය කියනතරම් ලේසි නැ. කෘමි නාශක, පොහොර වතුර අනෙකුත් දේවල් නියම වෙලාවට යොදන්න ඕන. අනික අපි වවාගත්තම වගාකරන ගොවීන් මොකද කරන්නේ? ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? අලුත් වටයකින් අපිව අන්දන්න හදන්නේ මේ දේශපාලුවෝ. ඒ අයට කරන්න බැරිනම් ගෙදර යන්න පුළුවන් කෙනෙකුට දීලා.
liyanage Friday, 10 April 2020 06:29 PM
අද වනවිට ගොවි ජනතාව ඉතාම අසරණව සිටි. ඔවුන්ගේ අස්වනු වෙළදපලට ගෙනයාම සහ විකිණීම පිලිබදව ප්‍රශ්නයකට මුහුණ දී ඇත. ඔවුන් ගොවිතැන් කර ඇත්තේ රන් ආබරණ පවා උගස් කොට බව කියවේ. ඉදිරියේදී පත්වන රාජ්‍යයන් විසින් ගොවියන් සහ ලංකාවේ කෘෂි කර්මාන්තය ආරක්ෂා කරගැනීමට නම් කළයුතුව ඇත්තේ එකම දෙයකි. රට පුරා සිටින ගොවියන් සහ පුද්ගලික සමාගම් /වැවිලිකරුවන් සම්බන්දකොට සමාගම් මගින් ගොවියන්ට වගා කිරීම සදහා අවශ්‍ය මුදල් පොහොර ලබාදී එඉන් ලැබෙන අස්වනු සමාගම් මගින් මිලදී ගැනීමේ පිළිවෙතක් ක්‍රියාත්මක කල යුතුවේ. මිලදී ගන්නා අස්වනු සමාගම් මගින් සීතාගාර වල තබා ගැනීම හෝ එම අමුද්‍රව්‍ය යොදවා වෙනත් ආහාර වර්ග පවා නිපදවීමට කටයුතු කිරීමට හැකිවේ. මෙය මහා පරිමාණයෙන් කලයුතුවේ. එවිට ගොවියාත් පරිබෝගිකයත් ආරක්ෂා කරගැනීමට හැකිවනවා පමණක් නොව පාරිබෝගික ද්‍රවය එළවලු පලතුරු සහල් නිතරම සමාගම් මගින් වෙළද පලට නිකුත් කිරීමෙන් හිගයක් ඇති නොවේ. සහල් වලින් බොහෝදෙ නිපදවිය හැකි උවත් ලංකාවේ එසේ සිදුවන්නේ නැත. කෘෂිකර්මාන්තයට පුද්ගලික සමාගම් සදහා අවස්ථාව ලබාදීමට කට යුතු කළහොත් සිදුවන්නේ ආයෝජකයා සහ අතරමැදියා දෙදෙනාම එකම සමාගමක් විමවේ.
naween Friday, 10 April 2020 04:43 PM
හැමදේකටම හමුදාව? අනර්ග ඉල්ලන් කෑමක් කන්න යන්නේ. ටිකක් හොයල බලන්න හමුදාවෙන් හැමදේම කරන්න ගිය රටවල් වලට මොකද උනේ කියල....
Champa Friday, 10 April 2020 04:47 PM
හොඳ කතුවැකියක්. ආණ්ඩුව ඇට හෝ පැල වර්ග දෙනකම් ඉන්න ඕනේ නැහැ. තමන්ගේ ආහාර ගෙදරම වවා ගන්න එක හරි ලේසියි. ඒ කියන්නේ ඉස්සර ගම්වල වවපු විදිහට. කොහොමද? ගස්ලබු ගෙඩියක් කපපුවහම ඇට ටික කුණු බක්කියට දාන්නේ නැහැ. වත්තේ නිකම් කෝට්ටකින් කුරුටු ගාල ඇට ටික දැම්මත් හරි ඉක්මනට පැල වෙනවා. කරවිල ඇට, වට්ටක්ක ඇට, තක්කාලි ගෙඩිය බෙරිවෙලා වේලෙන්න ඇරලා ඇට ටික ගන්න පුළුවන්. මාළු මිරිස්, නිකම් මිරිස්, ඉදෙන්න ඇරලා ඇට ටික ගන්න පුළුවන්. ඉඟුරු කෑල්ලේ මොටෙයියන් හැදෙන කොටසෙන් කෑල්ලක් කපල ඉන්දන්න පුළුවන්. සුදුළූණු බික් ටිකක් මුල පැත්ත පහලට වෙන්න ඉඳන්න පුළුවන්. කංකුන්, මුගුණුවැන්න, නිවිති මිටිවල කපලා අහක දාන මෝරපු කොටස ඔක්කොම හිටවන්න පුළුවන්. වැල් ගොටුකොල මිටියේ මුල් ටික හිටවන්න පුළුවන්. (වැල් ගොටුකොල ගහේ කොටස් 5ම අරගෙන කතා නොකර කොටලා ඒ ඉස්ම උඳුගොව්ව කාපු තැන්වල ගැවහම හොඳ වෙනවලු. මේක රහස් කෙමක් කියල අපේ සීයගේ පරණ පොතක ලියල තිබුන.) තව අලිපේර ගෙඩිය කාල ඇටය හිටවන්න පුළුවන්. හැබැයි අලිපේර නම් පැල දෙකක් කිට්ටුව හිටවන්න ඕනේ ගෙඩි එන්න. මේවා සාමාන්‍යයෙන් හැමෝම දන්නා දේවල්. තව රම්පා, කරපිංචා, සේර. බන්ඩොක්කා. බැදලා උයල හරි රසයි.
NiluFriday, 10 April 2020 09:33 PM
@champa, හරියටම හරි. ඔයා වගේ හිතන අය තව තව එකතු වේවා! ඔබේ අදහස් අනර්ඝයි. කම්මැලි මිනිස්සු ඇඳිරි නීතිය නිසා ඇට ගන්නේ කොහොමද? වතුර නෑ අරකද මේකද ගොඩක් ප්‍රශ්න එයාලට. සමහරු නිකන් කකා බිබී ගෙදර ඉඳන් අනික් අයට විශබීජ වපුරන එකයි කරන්නේ. අධෛර්යමත් කරන එකයි එයාලා කරන්නේ. කුණුවෙලා ගඳ ගහන ජීවිත. හැම දෙයකම අඩුපාඩු දකිමින්, විවේචන කරන්න විතරයි එයාලට හුරු. අඩුම තරමේ ඔයා වගේ හිතලා එක විසඳුමක් වත් නිකමට ලියන්නෑ.... ලියන්න තරම් මොලේ කළඳක් නැති කොයි ලෝකෙටවත් නැති අවාසනාවන්ත මිනිසුන්. ඔයාගේ අදහස් වලින් බොහෝ දෙනෙක් ගෙවතු වගාවට යොමුවෙලා වස් විස නැති ආහාර වේලක් ගනිද්දී ඔයාට බොහොම පිං එකතුවෙයි. ජය වේවා!
dilan Friday, 10 April 2020 05:22 PM
අනාගත ආහාර අර්බුදයක් ගැන කල් තියල අනතුරු අගවලා මේ කර්තව්‍යය ආරම්භ කරපු, මිනිසුන්ට දැනෙන ලෙස කතා කරලා ගෙවතු වගාවට යොමු කරවපු, තුන් කල් නුවනින් දකිනා ඒ අසහාය නායක මහින්ද රාජපක්ෂ මැතිදුන්ට මේ පිළිබද ගෞරවය යා යුතු නොවේද?
ChampaFriday, 10 April 2020 08:36 PM
ඔව්. නමුත් කොටන් ඇදපු අලි නෙමෙයි දැන් පෙරහරේ ගෙනියන්නේ. සත්තු වත්තේ ප්‍රදර්ශනය කරපු අලි ටික.
ChampaSaturday, 11 April 2020 01:49 AM
අගමැතිතුමා පරිස්සමින් ඉන්න. ප්‍රශ්නයක් තියෙනවා.
sumathiThursday, 16 April 2020 02:58 PM
ඊයෙත් අපි දැක්කා මිනිහා හැත්තෑ බුරුත්ත පිටින්ම කොළඹ සිට ගමේ ගිහිල්ලා හිසතෙල් ගාන්න. එයාට නැහැ නේද දිස්ත්‍රික්ක නීති...? හැබැයි මිනිහට තියෙන ලෙඩ කොරෝනවට වඩා බොහෝ දරුණුයි...
ranjith Friday, 10 April 2020 08:41 PM
රුපවාහිනී චැනල් මගින් දිනපතා ගෙවතු වගාවන් කරන අන්දම පිළිබද වැඩසටහන් දිනපතා ප්‍රචාරය කරන්න පුළුවන්...
de silva Saturday, 11 April 2020 02:34 AM
මේ කොරෝනා ප්‍රශ්නය ඉවර වුන ගමන් පසුගිය අවරුදු 10 ගොවිජනසේවා දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය ගැන විශේෂයෙන් සොයා බලන්න අවශ්‍ය වෙනවා. රජයෙන් වැටුප් ලබමින් කාර්යාලේ ඉන්න වෙලාවට අන්තර්ජාලයේ සැරිසරමින් පුවත්පත් බලමින් ක්ෂේත්‍රයේ යනවා කියලා වෙනත් පුද්ගලික වැඩ කටයුතු කරමින් ගොවිජන සේවා එකේ තවාන් හිතා මතාම පාලුවට යන්න හැරලා තමන්ගේ පුද්ගලික පැළ තවන් ප්‍රවර්ධනයට කටයුතු කරන බහුජාතික සමාගම් වල නිල නොලත් ඒජන්තලා ලෙස කටයුතු කරන නිලධාරීන් ගැන රජයේ බුද්ධි අංශ යොදවලා සොයා බලන්න ඕනේ. වැරදි කරලා තිබෙනවානම් වහාම සේවයෙන් නෙරපලා අලුතෙන් පිරිසක් පත්කරගන්න ඕනේ. නැතිනම් අපට ඉන්න වෙන්නේ බඩගින්නේ ගොවිජනසේවා එකෙන් වැඩක් කරගන්න ගියහම පොල් මහත්මය අද නිවාඩු. ලබන සතියේ එන්න වැනි දේවල් කියමින් අපව රස්තියාදු කරනවා. මෙගොල්ලගෙන් වැඩි දෙනෙකුට කෘෂිවිද්‍යා උපාධියක් තිබෙනවානම් පොල් හෝ වී ගැන පමණක් දැනගෙන ඉන්න බැහැ. අනිත් දේවල් ගැනත් වැටහීමක් තිබෙන්න ඕනේ.
rana Saturday, 11 April 2020 03:59 AM
මෙහි අදහස් ලියා ඇති විශාරදයෙනි , ආහාර අඩු වෙනකොට අපේ සිහලයට මාර මොළ පෑදෙනවා රට නැවත යථා තත්වයට පත්වී යනකොට... නිකන් කටින් බතල හිටවන්න එපා . වගාව හැල්ලුවට දන්නා එපා. එක ඔය ලියන තරම් පහසු නැහැ .
Anurudda Saturday, 11 April 2020 11:17 AM
ඇයි ආනයනික බෝග ? අපේ රටේ දේවල් අගේ නැද්ද ? එතකොට දේශීය දේ රැකෙනවද?
hewa Saturday, 11 April 2020 01:56 PM
මේක ටිකක් භයානක විය හැකියි. රටපුරා සිටින ගොවියන් සහ පුද්ගලික සමාගම් /වැවිලිකරුවන් සසම්බන්ධකොට සමාගම් මගින් ගොවියන්ට වගා කිරීම සදහා අවශ්‍ය මුදල් පොහොර ලබාදී ඉන් ලැබෙන අස්වනු සමාගම් මගින් මිලදී ගැනීමේ පිළිවෙතක් ක්‍රියාත්මක කළ යුතු වේ.
THUSH Saturday, 11 April 2020 03:25 PM
100% ක් ඇත්ත. වගා කරන ගොවියන්ගේ ඵලදාව වෙළදපලට අතරමැදියන්, කප්පම් කාරයන්ගෙන් තොරව එන්න ක්‍රමයක් හදන එක.....
thush Saturday, 11 April 2020 03:34 PM
මෙය සිදු කිරීමට කොරෝනා වැනි දෙයක්වත් මුල්වීම කමක් නැත. ගොවීන් ලංකාවේ ගොඩ යාමටනම් එහි ඇති උඩු-දුවා ගිය අතර මැදියන් වහාම ගලවා දැමීම අඅවශ්‍ය වේ. ලංකාවේ හැමතැනම ඇති ගොවියන්ගේ ඵලදාව ගසා කන අතරමැදියන්, කප්පම් කාරයන්ගෙන් තොරව එන්න ක්‍රමයක් ඕනේමය. පොල් හිග කාලයක හමුදාව දමාවත් පොල් කෙලින්ම විකිණීමට දෙන්නේ නැති රටකි මෙය. ගොවීන් ආපු කුලී වාහනත් ගසා, කුඩු කරන මර-අතරමැදියන් අපගේ වගාවන් වසාගෙන ඇත. ප්‍රශ්නය මුලුමනින්ම හදුනා ගත යුතුය. අසරණ ගොවීන්ට කෙලින් ලගාවිය හැකි ක්‍රම ලබා දිය යුතුය.
e Wednesday, 15 April 2020 10:44 PM
ආහාර ලංකාවේ ප්‍රශ්නයක් නොවේ. කොස්, දෙල්, අල, බතල කාලා මිනිසුන්ට ජීවත්විය හැකියි.
champa Thursday, 16 April 2020 02:54 PM
ඔය කියන ඒවා කන්නේ ඌරු මීයෝ ...!!!
sudanthaThursday, 16 April 2020 07:01 PM
අනේ නෝනේ, ඔයා අල දෙල් කොස් කාලම නැහැ නේද...?
DD Saturday, 18 April 2020 12:40 AM
පෙරදිග ධාන්‍යාගාරය අපරදිගට දීමේ ප්‍රතිපල. එදා (1700 - 2020) සිට මෝඩ වූන අපි තවමත් මෝඩයි. තවමත් තමන්ගේ දේවල් අගය කරන රටවල් තිබේ.