IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


අනුහස් බෝධියක් පිහිටි වදාකඩ ටැම්පිට විහාරය

කුරුණෑගල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම ”ටැම්පිට රජමහා විහාරය’’ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පිහිටි මහනුවර යුගයට අයත් ප‍්‍රධානම ටැම්පිට විහාර කීපයෙන් එකක් ලෙස සැලකේ. පුරාවිද්‍යා දත්තවලට අනුව මේ විහාරය මහනුවර රජ කළ ශ්‍රී විජය රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට සැලකෙන බැවින් ශ්‍රී විජයසුන්දරාරාමය ලෙස හැඳින්වේ. කුරුණෑගල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ පොතුහැර නගරයෙන් හැරී කිලෝමීටර් දහයක පමණ දුරක් ගිය විට ඉතා උස් ගල් තලාවක සුන්දර පසුබිමක පිහිටි මෙම ඉපැරැණි පුදබිම හමුවෙයි. විහාරයේ ඇති ඉපැරැණි ටැම්පිට විහාරය අදටද ඉතා සුරක්ෂිතව පවතී. මහනුවර යුගයට අයත් ටැම්පිට විහාර පවතින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විහාරය සංරක්ෂණය කර ඇත. ඉපැරැණි බුද්ධ ප‍්‍රතිමාව සමග විෂ්ණු සහ කතරගම දෙව්වරුන්ගේ පිළිමවලට අමතරව සපුමල් බණ්ඩාර දෙවියන්ගේ පිළිමය මෙම විහාරගෙයි පිහිටුවා තිබේ. සාමාන්‍යයෙන් කතරගම දෙවිදුන්ට අත් හයක් පිහිටිය ද මෙහි ඇතුළත පිළිමයේ කතරගම දෙවිඳුන්ට අත් දෙකක් පමණක් තිබීම ද විශේෂත්වයකි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විජය සුන්දරාම විහාරාධිපති අරඹේපොල සීවලි හිමියන් පැවසුවේ දෑතත් සහිත කතරගම දෙවිඳුන්ගේ මෙම පිළිමය ඉතා දුර්ලභ එකක් බවය. මීට අමතරව මෙම විහාරයේ වැලිවිට අසරණ සරණ සංඟරාජ නාහිමියන්ගේ සිතුවමක්ද පවතී. සංඟරාජ හිමියන්ගේ විස්තර කොපමණ සඳහන් වුවද උන්වහන්සේගේ රූපයක් දැකීමට නොතිබීම මත මෙහි ඇති සංඝරාජ නාහිමියන්ගේ ඉපැරැුණි සිතුවම ඉතා දුර්ලභ සිතුවමක් ලෙස සැලකේ. සංඝරාජ නාහිමියන් වැඩිවිසු බව සඳහන් වන්නේ විහාරස්ථ අල්ප සංඛ්‍යාවකි. ඒ අනුව මෙම විහාරයේද සංඝරාජ නාහිමියන් වැඩ වසන්නට ඇති බවට මෙම සිතුවම කදිම සාධකයක් වනු ඇත. සංඝරාජ නාහිමියන් මෙම විහාරයෙත්, අවට වූ තවත් විහාරයක වැඩ සිටි බව ඉතිහාසගත තොරතුරුවලින් කියැවේ. මෙම ප‍්‍රදේශයට අධිපතිව වැඩ වෙසෙන බව විශ්වාස කෙරෙන සපුමල් බණ්ඩාර කුමරුගේ සිතුවමක්ද ටැම්පිට විහාරයේ ඉපැරැුණි සිතුවම් අතර වෙයි. සපුමල් කුමරුගේ සිතුවමක් සහිත වයඹ ප‍්‍රදේශයේ එකම විහාරය මෙය ලෙස ද සැලකේ. මෙම විහාරයේ අභ්‍යන්තරයේ අගය දැක්වෙන සිතුවම් රැසක් පැවතිය ද ඒවා මේ වන විට බොහෝ දුර්වර්ණ වී පවතී, මහනුවර යුගයේදී කලින් කලට විනාශ වී ගිය ගොඩනැගෙමින් තිබෙන විහාරයේ සංඝාවාසය ද වසර 150 කටත් වඩා ඉපැරැණිය. විහාර භූමියේ ඇති ඓතිහාසික බෝධීන් වහන්සේද වසර පන්සීයකටත් වඩා ඉපැරැණි බොහෝ හාස්කම් සහිතය. මෙම බෝධියට බාරහාර වීමෙන් දරුඵල නොමැති කතුන්ට දරුඵල ලබා දෙන බවට අතීතයේ සිටම විශ්වාසයක් පැවතීම හේතුවෙන් පිට පළාත්වල ජනතාවද මෙහි පිහිට පතා විශාල වශයෙන් පැමිණෙන බව සීවලී හිමියෝ පැවසූහ. මෙම විහාරස්ථානයේ ඉපැරැණි විෂ්ණු දේව ප‍්‍රතිමා දෙකක්ද පිහිටුවා තිබේ. ටැම්පිට විහාරයේද මහනුවර යුගයේ ඉදිකෙරුණු විෂ්ණු දේවප‍්‍රතිමාවත් තිබෙන බැවින් අතීතයේ සිටම මෙම විහාරස්ථානයෙන් විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයද ජනතාවට ලැබෙන බවට ජනතාවගේ විශ්වාසයක් පවතී. අවට හාත්පස දර්ශනීයව පෙනෙන කඳුවැටි කීපයකට මැදිව උස්බිමක පිහිටි විජයසුන්දරාරාම විහාරස්ථානයට අවට පිහිටි තවත් විහාරස්ථාන කීපයක්ද දර්ශනය වේ. ඉතා උස්බිමක පිහිටා තිබෙන බැවින් මෙම පුදබිමේ අතීතයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව ද සඳහන් වේ. රහතන් වහන්සේලා වැඩ සිටි බවට සාධක සහිත ජලයෙන් පිරුණු ඉපැරැණි ගල්වලවල් ද මෙහි පිහිටා තිබේ. මෙම ගල් වලවල් ප‍්‍රමාණයෙන් කුඩා වුවද ඉතා ගැඹුරින් යුක්ත වේ. අතීතයේදී මෙම විහාර භූමියේ පිහිටි එක් ස්ථානයක සිට බැලූ විට ඉතා ඈතින් ශ්‍රී පාදය දර්ශනය වූ බව ප‍්‍රදේශයේ වෙසෙන ජනතාව පවසන සුවිශේෂී කරුණකි. අද එවැනි දසුන් නොපෙනුන ද එම ස්ථානයේ සිට බැලූවිට ඉතාම දුරට කඳු වළලූ ගණනාවක් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. මෙම විශේෂත්වය කියා පෑමට එම ස්ථානයේ ඉදිකර තිබෙන ශ්‍රී පාදයේ ආකෘතිය ද සාමාන්‍යයෙන් විහාරස්ථානයක නොදැකිය හැකි සුවිශේෂී දසුනකි. දුර දක්නයකින් නිරීක්ෂණය කළහොත් ගම්පොළ පිහිටි අම්බුළුවාව කන්ද ඉතා හොඳින් මෙම ස්ථානයේ සිට දැක බලාගත හැකි බව විහාරාධිපති සීවලී හිමියන් පැවසූහ. වත්මන් විහාරාධිපති සීවලී හිමියන්ගේ කැපවීම මත අතීත වස්තුවක් ලෙස සැලකෙන මෙම විහාරය අදට ද ඉතා සුරක්ෂිතව පවතී. කලකට පෙර ගරාවැටී විනාශ වෙමින් තිබු ටැම්පිට විහාරය උන්වහන්සේගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලවා සංරක්ෂණය කර තිබේ. මල්වතු විහාරයීය මහානායක හිමියන්ගේ අනුශාසනා පරිදි මැලේසියාවේ සෙන්තුල් ශ්‍රී ලංකා මහා බෞද්ධ විහාරාධිපති බුටාවත්තේ සරණංකර නායක හිමියන්ගේ දායකත්වයෙන්  ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද කිරිගරුඩ ප‍්‍රතිමා කීපයෙන් එකක් මෙම ඓතිහාසික විහාරස්ථානයේ වැඩ හිඳුවීම පසුගිිය ජනවාරි මාසයේ දී අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතින් සිදු කෙරුණි. සමාජ ඉරියව්වෙන් යුත් කිලෝග‍්‍රෑම් දෙදහසක් බරැුති අඩි හතරක් උසැති මෙම ප‍්‍රතිමාව වයඹ පළාතටම ලැබුණු එකම ප‍්‍රතිමාව වීමද විශේෂ කරුණකි. දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑළ මහතාගේ දායකත්වයෙන් කිරිගරුඩ ප‍්‍රතිමාව ලබා දී තිබේ.

සේයාරූ හා සටහන - පුෂ්පකුමාර ජයරත්න
විජයසුන්දරාම විහාරය නව කිරිගරුඩ බුද්ධ ප‍්‍රතිමාව සහිත විහාර මන්දිරය විහාරයේ ඇතුළත සිතුවම් හා පිළිම සංඝරාජ නාහිමියන්ගේ සිතුවම විහාරාධිපති සීවලි හිමි



අදහස් (0)

අනුහස් බෝධියක් පිහිටි වදාකඩ ටැම්පිට විහාරය

මාලා Monday, 19 November 2012 04:09 PM

අනේ වාසනාවන්. (නි)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 01:07 PM

මේ බුදුකුටිය හරිම ලස්සනයි (ස)

:       0       0

නිරූ Wednesday, 19 September 2012 03:19 PM

මේ කණු මත ඉදිකල බුදු කුටියනම් හරිම ලස්සනයි..සාදු සාදු සාදු !! .(ස)

:       0       0

බණ්ඩාර Sunday, 25 November 2012 01:20 AM

වටිනා ලිපියක්

:       0       0

අනුරාධ Wednesday, 19 September 2012 11:42 PM

හිතට දැනෙන සුවය කියලා නිමකරන්න බැහැ (නි)

:       0       0

සමන් Monday, 17 September 2012 05:47 AM

මේ වගේ දේවල් මිනිසුන්ට දැනගන්න දෙන්න හොද නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1321 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site