IMG-LOGO

අනුන්ගේ පේ‍්‍රමයකට මැදිවී දිවියෙන් සමුගත් හෙදිය

තවත් එක් ලෝක කාන්තා දිනයක් ගෙවීගොස් පසු දිනට (09දා) හිරු උදාවෙමින් තිබුණි. රන්වන් පැහැති හිරු කිරණ වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ පිහිටි කම්හල් වෙත ද පතිතව පැවතුණි. මෙදින සතියේ දිනයක් වූ බැවින් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සේවයේ නියුතු සිය දහස් ගණනක්වන සේවක-සේවිකාවන් වතුපිටිවල නගරය ඔස්සේ තම සේවා ආයතන වෙත හිරු කිරුණ අතුරින් ගමන් කරමින් සිටියහ.

 

 

dfhවේලාව උදෑසන 7.15ට ආසන්න වෙමින් තිබියදී වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ අංක 02 දොරටුව ආසන්නයේ පිහිටි කාන්තා නේවාසිකාගාර භූමියක් තුළින් හිටි හැටියේ සේවිකාවන් පිරිසකගේ කෑකෝ ගැසීමක් හා විලාප හඬක් නැගුණි. ගතවූයේ විනාඩි කිහිපයකි. 158 වැනි ජගත් කාන්තා දිනය ගෙවීගොස් උදා වූ හත්වැනි පැයේදී මෙරට තවත් එක් තරුණ කාන්තාවක් විසිපස් හැවිරිදි තරුණයකුගේ සාහසික ක‍්‍රියාවකට ගොදුරුව තම නේවාසිකාගාරය අසල මහපොළව මතදී මෙළොවින් සදහටම සමුගත්තාය.


මියගියේ වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇඟලූම් ආයතනයක හෙදියක ලෙස සේවයේ යෙදී සිටි බමුණු මුදියන්සේලාගේ නිරෝෂණී ජයසේන නමැති විසි හතර හැවිරිදි යුවතියකි. ඇය කෑගල්ල, අඹන්පිටිය නාබෙරියාව ග‍්‍රාමයේ පදිංචිකාරිණියකි.


අනුරාධපුරය, ශාවස්තිපුර, සින්නික්කුලම පදිංචි එච්.ඒ. වයලට් නෝනා (54) සහ ඞී.එම්. ජයසේන (59) යුවළගේ බාල දරුවා ලෙස 1991.02.14 වැනි දින උපත ලබා ඇති නිරෝෂණී ජයසේන සිප් සතර හදාරා ඇත්තේ ශ‍්‍රාවස්තිපුර කුමාර මහා විද්‍යාලයෙනි.


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ දක්වාම එම විදුහලින් අධ්‍යාපනය ලත් නිරෝෂණී පාසල් අධ්‍යාපනයෙන් පසුව හෙදියක වීමේ බලාපොරොත්තුවෙන් ප‍්‍රදේශයේ පෞද්ගලික හෙදි විදුහලකට ගොස් එක් අවුරුදු හෙදි පාඨමාලාවක් හැදෑරීය. එම පාඨමාලාවෙන් පසුව ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක හෙදියක ලෙස කළක් සේවයකළ තරුණ නිරෝෂණී තමන් ලත් දැනුම තුළින් හෙදි උපදේශිකාවක ලෙස ද පසුව කටයුතු කළාය.


රැුකියාවට අමතරව ආගම දහමට මෙන්ම සමාජ සේවයට ද ලැදි වූ ඇය ශ‍්‍රාවස්තිපුර අලූත්වැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය හා අනුබද්ධිත දහම් පාසල හා එක්වී එහි දහම් පාසල් ගුරුවරියක ලෙස ද වසර දෙකක පමණ කාලයක් සේවය කළේ ඉමහත් සතුටිනි. පෙම් සබැඳියාවක් මල්ඵල ගන්වමින් කෑගල්ල, අඹන්පිටිය, නාබෙරියාව ග‍්‍රාමයේ පදිංචි ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු බලකායේ කන්කසන්තුරේ කඳවුරේ ලාන්ස් කෝප‍්‍රල්වරයකු ලෙස සේවයේ නියුතු ජනක ශ්‍රී සමන් බණ්ඩාර රණවිරුවා සමග තරුණ නිරෝෂණී ජයසේන 2014.06.05 වැනි දින යුග දිවියට පිවිසියේ දහසක් බලාපොරොත්තු පෙරදැරිවය.


විවාහයෙන් පසුව තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අදිටන් කරගත් ඇය මෙයට මාස කිහිපයකට පෙර වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලූම් ආයතනයක සේවයට එක් වී ඇත්තේ එහි හෙදි නිලධාරිණියක ලෙසිනි. අපනයන සැකසුම් කලාපය ආසන්නයේම පිහිටි කාන්තා නේවාසිකාගාරයක නවාතැන්ගත් ඇය එහි සිට දිනපතා සේවයට යාම සිදු කළාය.


ඇඟලූම් ආයතනයේ සේවයට පැමිණි ඇය නොච්චියාගම ගාලදිවුල්වැව ලක්සිරිපුර පදිංචි තම කුළුපග මිතුරියකටද තම ඇඟලූම් ආයතනයේම රැුකියාවක් ලබාදීමට කටයුතු කළාය. 19 හැවිරිදි ඇය ද තම මිතුරිය නිරෝෂණී සමග එකම නේවාසිකාගාරයේ එකම කාමරයක ලැගුම්ගෙන රැුකියාවේ නිරත වූවාය.
මෙම 19 හැවිරිදි තරුණිය ඒ වන විට වසරක පමණ කාලයක සිට හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබළකු සමග පෙම් සබැඳියාවක් පවත්වාගෙන යමින් සිටියාය. ඔහු නොච්චියාගම පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකි. නමින් ඔහු භාතිය හේවගේ විය.


19 හැවිරිදි fktfjතම මිතුරියගේ පෙම් සබැඳියාව පිළිබඳව හෙදි නිරෝෂණී ද තොරතුරු දැන සිටියාය. නිරෝෂනී තම මිතුරියගේ පෙම් සබැඳියාවට උදව්දීම වෙනුවට එයට බාධා එල්ල කරන්නට වූවාය. සඳුනි දේදුණු එම හිටපු යුද හමුදා සෙබළාගෙන් ඈත්කිරීමට ඇයට අවශ්‍ය විය. නේවාසිකාගාරයේ එකට සිටියදී තම මිතුරියට සිය පෙම්වතාගෙන් ලැබෙන දුරකතන ඇමතුම්වලට පවා පිළිතුරු දීමට ඉඩනොදී බාධා එල්ල කරන්නට වූවාය.


කිලෝමීටර් සිය ගණනක දුර සිටින තම පෙම්වතියට දුරකතනයෙන් පවා කතා බස් කිරීමට නොහැකිව සඳුනි දේදුණුගේ පෙම්වතා සිටියේ ඉමහත් පීඩනයකිනි. අක්කා දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීමට හෝ දුරකතන ඇමතුම් ලබා ගැනීමට හෝ ඉඩ ලබා නොදෙන බව සඳුනි දේදුණු සිය පෙම්වතාට මේ අතරේ ඉතා රහසේ දැන්වූවාය.


සිය පෙම්වතියගේ ඇසුරට දිගින් දිගටම බාධා එල්ල කරන හෙදි නිරෝෂණී පිළිබඳව සඳුනි දේදුනුගේ පෙම්වතාට දළුලා වැඩෙන වෛරයක් ඇති විය. එය පළිගැනීමේ චේතනාවක් විය.


ඒ සඳහා ඔහු දිනයක් ද තෝරා ගත්තේය. ඒ ඉකුත් 9 වැනිදාය. නොච්චියාගම සිට ත‍්‍රිරෝද රථයකින් වතුපිටිවල නගරයට පැමිණි තරුණ භාතිය හේවගේ සිය පෙම්වතියගෙන් ලබාගෙන තිබූ තොරතුරු මත දෙදෙනා ලැගුම්ගෙන සිටින නේවාසිකාගාරය සොයාගනු ලැබීය. ඔහු එදින (09දා) පෙරවරු 6.45 පමණ සිට එම නේවාසිකාගාර පරිශ‍්‍රයේ දොරටුව අසල රැඳී සිටියේය. ඔහු පැමිණ සිටියේ හිස් අතින් නොව අඟල් 10ක් පමණ දිගැති පිහියක් ද රැුගෙනය. මෙදින පෙරවරු 7.15ට පමණ තරුණ නිරෝෂණී නිල ඇඳුමෙන්ම සැරසී සුපුරුදු පරිදි සේවයට යාම සඳහා තම මිතුරියද සමග නේවාසිකාගාරයෙන් පිටවූවාය. තමා මේ පියනගන්නේ තම දෛවයේ ඉරණම් ගමන බව ඇය කිසිවිටෙකත් දැන නොසිටියාය. ඇයට යාමට හැකිවූයේ නේවාසිකාගාර භූමියේ ප‍්‍රධාන දොරටුව දක්වා පමණි.


තම මිතුරියගේ පෙම්වතා නේවාසිකාගාර භූමියේ ප‍්‍රධාන දොරටුව අසල රැුඳී සිටිනවා ඇයගේ නෙත ගැටුණි. එම තරුණයා දැක භීතියට පත් නිරෝෂණී තම මිතුරිය ද සමග නේවාසිකාගාරය වෙත ආපසු දිව යන්නට වූවාය. භීතියෙන් දිව ගිය නිරෝෂණී නේවාසිකාගාරය ආසන්නයේ දී පය පැටලී බිම ඇදවැටුණි. ඇය පසුපස දිව ආ තරුණයා බිම ඇදවැටුණු නිරෝෂණීට එල්ල කළ බව පැවසෙන පිහි පහරවල් ගණනාවකින් බරපතළ තුවාලලත් ඇය වතුපිටිවල රජයේ රෝහල වෙත රැුගෙන යන විටද මෙලොවින් සදහටම සමුගෙන තිබුණි. තම 24 වැනි ජන්ම දිනයට දින 5ක කාලයක් ඉතිරිව තිබියදී මෙම තරුණ හෙදි නිලධාරිණිය දෛවෝපගත ලෙස මෙලොවින් සදහටම සමුගන්නා විට ඇය යුග දිවියට එළඹ කාලය ගෙවී ගොස් තිබුණේ මාස නවයකි.

 

fk


මෙම සාහසික සිද්ධියේ සැකකාර විසිපස් හැවිරිදි තරුණයාගේ පෙම්වතිය හා සම්බන්ධ ගැටුමක් දුර දිග යාම මෙම ඝාතනයට හේතු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී පවා හෙළි වී තිබේ. මෙම සාහසික ක‍්‍රියාවට යොදා ගත්තේ යැයි පැවසෙන අඟල් 10ක් පමණ දිගැති පිහියක් ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඝාතනය කෙරුණු මෙම හෙදි නිලධාරිණිය පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පැවැත් වූ වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එම්.ඒ.සී. ගුණතිලක මහතා, ඇය මිය ගොස් ඇත්තේ පෙනහලූ සහ හෘදයවස්තුවට සිදුවී ඇති කැපුම් තුවාල හේතුවෙන් බව සිය වෛද්‍ය වාර්තාවෙන් දැක්වීය.


මෙම මනුෂ්‍ය ඝාතනයේ සුල මුල සොයා ගැනීම සඳහා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ඒ.ජී.යූ. චන්දන හේරත් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් වීරසේකර, එහි පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි, පොලිස් පරීක්ෂක ඞී.පී.ඒ. බන්දුල ජයසිංහ, උප පොලිස් පරීක්ෂක වයි.ඒ.එස්. ගුණසේන, පොලිස් කොස්තාපල්වරුන් වන (59973) රෝහණ සෙනෙවිරත්න, (37951) බී.ඒ.සී. බියන්විල, (40233) රණසිංහ, (85891) සමන්, (85998) කුමාරතුංග යන පොලිස් පිරිස පරීක්ෂණ පවත්වති.

 

m

 

 



අදහස් (0)

අනුන්ගේ පේ‍්‍රමයකට මැදිවී දිවියෙන් සමුගත් හෙදිය

සම්පත් ඩුබායි Saturday, 21 March 2015 08:48 AM

රස්සාවක් හොයල දුන්න කියල අනෙක් අයගේ පෞද්ගලික දේවලට ඇගිලි ගහන්න ගිය එකේ ප්‍රතිපලය තමයි. (නදී)

:       0       0

ලංකා Sunday, 22 March 2015 07:40 AM

තම ජීවිතය පුදා හෝ මිතුරිය කාලකණ්ණියෙකුගෙන් බේරාගත් එයාට නිවන් සැප ලැබේවා (බ)

:       0       0

කමල් Tuesday, 24 March 2015 10:41 AM

පිහිය අතින් අල්ල එපා පොලිස් මහත්තයෝ ඇගිලි සළකුණු ගන්න බැරි වෙනවා (ම)

:       0       0

කමල් Thursday, 19 March 2015 02:32 PM

අඩු තරමින් අත්වැසුම් වත් නැහැ නිලධාරින්ට .(හේ)

:       0       0

පසාත් Monday, 23 March 2015 06:20 PM

මම මෙයාව දන්නවා නැතිවෙලා කියලා දැන ගත්තේ පස්සේ ඔබට නිවන් සුව පතනවා((නදී)

:       0       0

ධම්ම Sunday, 22 March 2015 11:17 AM

මෙතන වඩාත් එහා ගිය සම්බන්ධතාවයක් මේ කාන්තාවන් දෙදෙනා අතරේ තිබු බවක් මට හැඟීයනවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 19 March 2015 04:13 PM

ප්‍රේමයත් වෛරයත් අතර කෙස් ගසක වෙනස .(හේ)

:       0       0

දිල්හානි Thursday, 19 March 2015 01:59 AM

අනුන්ගෙ පවුල් ප්‍රශ්න වලට අතදාන්න යන කාට කාටත් මේක හොඳ පාඩමක්. මේ තරුණයා කල දේ සම්පුර්ණයෙන්ම වැරදියි. නමුත් මේ මියගිය හෙදියත් තරලා තියෙන්නේ තමන්නට කිසිසේත්ම අයිති නැති වැඩක්. අනික් ප්‍රශ්න වගේ නෙමෙයි පවුල් පුශ්න කියන එක තේරුම් නොගැනිමේ තවත් එක් ඛේදවාචකයක්. (නදී)

:       0       0

කුමාරි Wednesday, 18 March 2015 01:13 PM

ආලය අන්ධයි දුවේ.. ඒ ළමයාගේ දෙමවුපියෝ කරන්න ඕන දේවල් ඔයා කරන්න ගිහින් මොකක්ද මේ කරගත්තේ? ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් නොවේවා! උතුම් මිනිස් අත් භාවයක්ම ලැබේවා!(හේ)

:       0       0

ගුණරත්න Monday, 23 March 2015 12:01 PM

අද මිනිස්සු තිරිසන් වෙලා. අනුන්ගේ දේවල්වලට අත නොගහ ඉන්න එක තමා ඇගට ගුණ. පව් අසරණ කෙල්ලෙකුගේ ජීවිතය අකාලයේ නැති වුණා. ඔබට නිවන්සුව සොයුරියේ...! (අ)

:       0       0

රුවන් Thursday, 19 March 2015 10:31 AM

අනුන්ගේ දේවල් වලට ඇගිලි ගහන්න ගියාම ඔහොම වෙනවා (ම)

:       0       0

ශ්‍යාමලී මධුෂානි Tuesday, 24 March 2015 05:11 AM

අනුන්ගේ ප්‍රශ්නවලට මොකටද සම්බන්ධ වුනේ? මේක විහින් කර ගත්ත දෙයක් (ම)

:       0       0

ගයාන් Thursday, 19 March 2015 11:31 AM

අසරණ ජීවිතයක් (දිල්)

:       0       0

මෙත්සික Thursday, 19 March 2015 05:42 AM

මම කියන්නේ කොල්ල වැරදියි. එ්ත් කෙල්ලට ඕන නැති වැඩක්නේ කරන්නේ. ඕන කොල්ලෙකුට තරහ යන එක සාදාරනයි. කොල්ල කරපු දේ හරි එක අතකින් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 125 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 667 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site