IMG-LOGO

2023 ජුනි මස 02 වන සිකුරාදා


අතීතයෙන් අනාගතයට පාඩම්

වසරකට පෙර ශ්‍රී ලංකාව දරුණු අර්බුදයක වැටී සිටියේය. රජය සතුව මුදල් නොමැති වූ අතර රටේ විදේශ සංචිත නොතිබිණි. අත්‍යවශ්‍ය ඖෂධ, මූලික ආහාර ද්‍රව්‍ය, ප්‍රවාහන, ඉන්ධන, ගෑස්, විදුලි බලය හා පොහොර රට තුළ හිඟ විය. එහි ප්‍රතිඵලයක් ලෙස දිවි පැවැත්ම අඩාලව ගියේය. එහෙත් ශ්‍රී ලංකාවේ ඡන්ද බලයෙන් තේරී පත් වූ නියෝජිතයන්, විධායකය සහ ප්‍රබල ව්‍යවස්ථාදායකයත් 225 දෙනාගෙන් බහුතරය අර්බුදය සිතට නොගත් සෙයක් පෙනී ගියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ජනගහනයේ සහයෝගය ලැබුණු සාමකාමී ජන අරගලය විසින්, පත්කරනු ලැබූ ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන්, මුදල් අමාත්‍යවරයාගෙන්, මහ බැංකු අධිපතිවරයකුගෙන් හා භාණ්ඩාර ලේකම්වරයකුගෙන් රට මුදා ගනු ලැබීය. ඔවුන්ගේ ප්‍රතිපත්ති හේතු කොටගෙන නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය රට අන්ත තත්ත්වයට ඇද දැමුණේය. කනගාටුවට කාරණය වූයේ අරගලකරුවන් දැරූ මාහැඟි උත්සාහය ප්‍රචණ්ඩ පිරිස් විසින් සිය වාසියට හරවා ගැනීමයි. ඔවුන් විසින් කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා හා ද්වේශ සහගත දේපල ගිනි තැබීම් හා යටිකුට්ටි ක්‍රියා හේතුවෙන් රට අරාජිකත්වයටම ළං වූයේය.

අමතකව ගිය අතීතය එබඳුය. වසරක් ඉක්ම ගිය පසුව, පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නට තරම් රටවැසියාගේ ඡන්ද නොලැබුණු ජනාධිපතිවරයකුගේ කළමනා සම්පාදන යටතේ ශ්‍රී ලංකාව යම් ආකාරයක සාමාන්‍ය තත්ත්වයකට කොර ගසමින් පැමිණෙන සෙයක් පෙනී යයි. අත්දැකීම් සහිත දේශපාලනඥයකු වූ ඔහු, කිසිදු විරුද්ධත්වයක් නොපා නිසි වෙලාවට නිසි තැනට පැමිණියේය. අනෙක් අය මගහැර ගිය අගමැති ධුරය භාර ගන්නට ඔහු ඉදිරිපත් වූ නිසා කටයුතු ඒ ආකාරයෙන් සිදුවිය.

බොහෝ දෙනා දැන් දරන අදහස නම් මේ අවස්ථාවේ රටට තෝරා ගැන්මට ඇති හොඳම විකල්පය ඔහු බවයි. ජනතාව විසින් පත් කරන ලද මුත් කිසිදු වගකීමක් නොදරන නියෝජිතයන් 225 කගෙන් යුත් මඩ ගොහොරුවක හෙතෙම දිස්නය දෙයි. ඒ අතර වඩාත් වැදගත් වූ ආහාර සුරක්ෂිතතාව, රාජ්‍ය ණය, රාජ්‍ය මූල්‍ය රාජ්‍ය සේවා කම්කරු වෙළෙඳ පොළ යන අංශ කිහිපයක ව්‍යූහාත්මක අර්බුදයත්, දූෂණයත් එසේම පවතී.

අර්බුදයට කවුරුන් වගකිව යුතුද? ඉතිං අපි කාට දොස් තබමුද? පහසුකම සේ නම් අන්‍යයන්ට දොස් පැවරීමයි.

රාජපක්ෂලාට දොස් තැබිය යුතු යයි ඇතැම්හු කියති. ඔවුන් සහ ඔවුන්ගේ සහ පිරිවර තමන්ට සේවා සලසා ගැනීම සඳහා බුද්ධිමත් වූ අතර ඔවුහු දේශපාලන වශයෙන් රට ඉදිරියට ගෙනයාමට නිපුණතාවක් හෝ හැකියාවක් ඇති අය නොවූහ. ඔවුන්ගේ එකම අරමුණ වූයේ මුදල්, බලය හා තනතුරු අභිලාෂය තවදුරටත් වැඩිකර ගැනීමය. ඔවුහු එම අභිප්‍රාය සිතාගත නොහැකි තරම් සාර්ථක අයුරින් ඉටු කර ගත්හ.

එය ජේ.ආර්. ගේ කාලය තරම් අතීතයට යන වරදක් ලෙස දුටු ඇතැම් අය ජේ.ආර්. විසින් විධායක ජනාධිපති ක්‍රමය සහ දිස්ත්‍රික් සමානුපාත නියෝජන ක්‍රමය නිර්මාණය කළ නිසා මෙසේ වූයේ යයි කීවෝය. අද වන විට අප මුහුණ පාන අහිතකර ප්‍රතිඵල අවුරුදු 40 ක බලසම්පන්න ජනාධිපති ක්‍රමයක සදාචාර සම්පන්න නොවූ ක්‍රියා නිසාත්, මැතිවරණ කොට්ඨාස වඩා විශාල වීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දයට වග නොකියන තත්ත්වයක් මතුවූ නිසාත් ඇති වූ බව ඔවුහු කියති.

රාජපක්ෂලාට හෝ ජේ.ආර්. ජයවර්ධනට හෝ රටවැසියන්ගේ යථාර්ථවාදී නොවූ බලාපොරොත්තු නොතිබෙන්නට එවැනි නස්පැත්තිදායක විනාශයක් කළ නොහැකිය.

හිමිකම් ඇති පුරවැසියන් හා යථාර්ථවත් නොවූ බලාපොරොත්තු දුප්පත් හෝ පොහොසත් වේවා, උගත් හෝ නූගත් වේවා, බොහෝ පුරවැසියෝ බදු ගෙවන්නට අදිමදි කරති. ආණ්ඩු කෙරේ ඔවුන්ගේ බලාපොරොත්තු සිව් වැදෑරුම්ය. පළමු වැන්න නොමිලේ දෙන (අධ්‍යාපනය, සෞඛ්‍ය) රාජ්‍ය සේවා සඳහා අපේක්ෂාවන්ය. දෙවැන්න (විදුලි බලය, ජලය, ඉන්ධන හා ගෑස් වැනි) අඩු මිලට සපයන උපයෝගීතාවල පටන් පාන්, ප්‍රවාහන වැනි පරිභෝජනය උදෙසා සහනාධාර, පොහොර, බෝග වගා වැනි ව්‍යාපාර උදෙසා සහනාධාර දක්වා වූ පරාසයක විහිදෙයි.

තුන්වැන්න අහඹු ලෙස, ණය සඳහා වූ අඩු පොලී සහ සංචාරක කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්ත, කෘෂිකර්ම, සිනමා කර්මාන්තය ආදිය උදෙසා සලසන බදු සහන කෙරේ බලාපොරොත්තු තැබීම්ය. රජය ඉන්ද්‍රජාල බලයකින් හෝ මේවාට මුදල් යොදාවි යයි රටවැසියා බලාපොරොත්තු වේ. එම බදු සහන සහ ණය සහන වෙනුවෙන් යොදවන මුදල් රජයේ වියදම් වග ඔවුහු දනිත් ද?

සිව්වැන්න, රැකියා සම්පාදනය සඳහා දේශපාලන අනුග්‍රහය, පාසල්වලට ඇතුළත් කිරීම්, රැකියා මාරුවීම්, උසස්වීම් සහ ව්‍යාපාර කොන්ත්‍රාත් පහසුකරණය ආදී ලබන්නන්ගේ හැකියාවට සම්බන්ධ නැති දේශපාලන අනුග්‍රහය පිළිබඳ අපේක්ෂාය. ඒ අතර එවැනි වාසි සලසාදීම් උදෙසා රටවැසියා ප්‍රතිඋපකාර දක්වතැයි දේශපාලකයෝ බලාපොරොත්තු වෙති. ඒ අයුරින් කුසලතාව පදනම් කරගත් ක්‍රමයක් හෝ ප්‍රවීණත්වය මූලික කරගත් ක්‍රමයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාවට කිසිදා පත්විය නොහැකිය.

බිඳ වැටුණු ක්‍රමයක් - හිමිකම් සහිත දේශපාලනඥයන් සහ යථාර්ථය අතර හිඳැස

අපගේ ආණ්ඩු ක්‍රමය බිඳ වැටී හමාරය. ඡන්දයෙන් පත්කරගනු ලැබූ නියෝජිතයන් සිටින්නේ මහජනතාවගේ අවශ්‍යතා උදෙසාය යන්න අප අමතක කොට ඇත. විවාහ උත්සවවලට, මළ ගෙවල්වල, දානමාන දෙන තැන්වල දේශපාලකයෝ වැජඹෙති. තමන්ගේ වගකීම් ඉටුකිරීම සඳහා දේශපාලකයන් වගවිය යුතු තැනක තබනු වෙනුවට, රටවැසියෝ මොවුනට උපහාර පුදති. එසේ කොට රටවැසියෝ ඔවුන් ඊට හිමිකම් ඇති පෙළපතක් බවට පත් කරති.

මෙම ආකල්ප නිසා මහජනතාවට අදාල නීති තමන්ට අදාල නොවනසේ ක්‍රියා කරන්නට දේශපාලකයන්ට අවසර දෙයි. වාහන තදබදය ඇති අවස්ථාවල අනෙක් වාහන නවතා, වේග සීමා ඉක්මවා, බාධාවකින් තොරව ඉදිරියට යාමේ හැකියාව ඔවුන්ට ලැබී ඇත. හිඟ භාණ්ඩ සැපයුම් ඇති අවස්ථාවල පෝලිම් කඩාගෙන ඉදිරියේම යාමට, ඉන්ධන හිඟ වූ විට තමන්ට වෙනම සැපයුම් ක්‍රමයක් ඇතිකර ගැනීමට හැකිවී ඇත. මේ සියලු හැකියා ඔවුන්ට ලැබී ඇත්තේ රටවැසියා ඊට ඉඩදී ඇති නිසාය. එම නිසා රජයේ හෝ වේවා, විපක්ෂයේ හෝ වේවා එවැනි එකඟතාවලට (යටහත්පහත්කම්වලට) බොහෝ දේශපාලකයෝ හොඳින් හුරුවී ඇත්තාහ. බොහෝ අය එවැනි වරප්‍රසාද තමන් උදෙසා බලාපොරොත්තු වෙති. ඡන්ද බලයෙන් පත්කළ දේශපාලකයන් කී දෙනෙක්, අවන්හල්, හෝටල් හා රෝහල් උදෙසා යන වියදම් පෞද්ගලික වියදමෙන් දරත් ද? එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් මුහුණ පාන එදිනෙදා ජීවිතයේ දුෂ්කරතා ගැන ඔවුනට ඇත්තේ ඉතා සීමිත අත්දැකීම්ය. වාහන තදබද, ප්‍රවාහන ප්‍රමාදය, පෝලිම්, අත්‍යවශ්‍ය වූ හිඟ පාරිභෝගික භාණ්ඩ සොයා යාම ආදිය පිළිබඳ අත්දැකීම් ඔවුනට නැත. එසේ වූ විට ජනතාවගේ අවශ්‍යතා ඔවුන් තේරුම් ගනීවි යයි බලාපොරොත්තු වන්නේ කෙසේද?

ඉස්සර, දේශපාලනයෙන් තොර, අත්දැකීම් සහිත, නිපුණ රාජ්‍ය නිලධාරීහු තමන්ගේ දේශපාලන නායකයන්ට උපදෙස් දුන්හ. ඔවුහු සාධනීය විවේචන ඉදිරිපත් කළහ. නායකයෝ ඒවාට ඇහුම්කන් දුන්නෝය. අද ඉහළින්ම දේශපාලනයට නතුවූ සේවාවක අන්ධ ගැතිභාවයට, හැකියාව අතිරේක ප්‍රමුඛතාව ලැබී ඇත.

නායකයන්ගේ, සවන් අන් අය වෙත යොමුවනු වෙනුවට, තනතුරු බලය සහ ව්‍යාපාර වාසි තකා තමන්ගේම න්‍යාය පත්‍රවලට ක්‍රියා කරන පිරිසක් බවට නායකයෝ පත්වෙති. උභතෝ කෝටිකය පවතින්නේ එතැනය.

රජය මත යැපීම සහ ස්ථිරසාර නොවූ ප්‍රතිපත්ති

නිදහස ලබා ගන්නා අවස්ථාවේ භූගෝලීය පිහිටීම, ස්වභාවික සම්පත්, මානව සංවර්ධන දර්ශකවල ඉහළ මට්ටම් අතින් ශ්‍රී ලංකාව වාසිදායක තත්ත්වයක පසුවිය. එහෙත්, රජය මත යථාර්ථවත් නොවන අයුරින් රඳා පැවැත්ම නිසා කාලයත් සමග රාජ්‍ය අංශය අනවශ්‍ය ලෙස පිම්බී ගියේය. අවුරුදු 70ක කාලයක් පුරා ශ්‍රී ලංකාව පසු පසටම ඇද වැටුණේ වැරදි කළමනාකරණය සහ අඩු ඵලදායීතාව කරන කොටගෙනයි.

රාජ්‍ය ආයතන 65 කට වඩා ඇත්තේ බදු මුදලෙන් සහ ණය මගින් යැපෙන කෘෂිකර්මයට සහාය දෙන ආයතනයි. එසේ වුවද කොවිඩ් 19 ට පෙරාතුව, 2019 දී මිලියන 2.2 ක් ජනයා ආහාර සුරක්ෂිත බවෙන් තොරව දිවි ගෙවූහ. අද වන විට කෘෂි අංශයට අවශෝෂණය කරගෙන ඇති සේවක ප්‍රතිශතය සියයට 28 කි. එහෙත් ආර්ථිකයට කෘෂි අංශයෙන් සිදුවන නිෂ්පාදන දායකත්වය සියයට 8 ක් පමණි. අනෙකුත් සියලුම අංශවලට වඩා එහි ශ්‍රම ඵලදායිත්වය බෙහෙවින් අඩුය. අර්බුදය සිදුවනතුරුම, ග්‍රාමීය ගොවි ජනතාව සහ අති ප්‍රබල වැවිලි සමාගම් එක සමානවම, පොහොර, නැවත වගාව සහ රෝපණය යන කාර්යවලදී රජයේ සහනාධාර කෙරේ විශ්වාසය තැබූහ. බොහෝ සහාය සේවා තිබියදීම, ගොවි ජනයා තවමත් එළවළු වගා බීජ සඳහා ආනයන සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මත රැඳී සිටිති. තමන්ගේම බීජ ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය කිරීමට ඔවුනට නොහැකිය.

වසර තිහකට පෙර සමාගම් කළමනාකරණයේ ජ්‍යෙෂ්ඨයෝ වැවිලි සමාගම් 23ක් පවරා ගත්හ. ඒ තුළ මාහැඟි භූමි සම්පත් තිබිණි. දීර්ඝ කාලීන ආයෝජන විභවතාවක් ඒවායේ, තේ, රබර්, පලතුරු, එළවළු වගා කොරටු වගා, වන වගා, සංචාරක කර්මාන්තය, ජල විදුලි හා දැව සම්පත් උදෙසා නිම්හිමි නැති තරමට තිබිණි. එහෙත් එකී අවස්ථා භාවිත කළේ කවුද? බොහෝ ඒවා බ්‍රිතාන්‍ය කාලයේ පටන් පැවති අතර වැවිලි වගාවලින් ප්‍රාථමික නිෂ්පාදන අපනයනය සඳහා ඒවායින් ලැබිණි. අන්තර් ජාතික වශයෙන් ඉහළ මිලක් ලැබෙන අවස්ථාවල ඒවායින් හොඳ ලාභාංශ ගෙවනු ලැබීය. සමාගම් සඳහා වාහන ඒ අවස්ථාවල මිලදී ගැනිණි. මිල පහළ යන අවස්ථාවල ඒවායින් රජයේ සහන දීමනා ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව 1977 දී ඍජු විදේශ ආයෝජන ඇසුරින් කරන නිෂ්පාදන අපනයන සැකසුම් උදෙසා නිෂ්පාදන කලාප විවෘත කළේය. එක් අංශයකට විශේෂයෙන් වෙන් නොකොට, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් උදෙසා දුර දක්නා නුවණින් යුතු ප්‍රතිපත්ති, සරළ කාර්ය පටිපාටි, ස්ථිර සාර, සමාජ දේශපාලන වාතාවරණයක් තිබී නම් තාක්ෂණික හුවමාරු සහිත දීර්ඝ කාලීන  ඍජු විදේශ ආයෝජන ඒ නිසා ඇදී එන්නට ඉඩ තිබිණි. එහෙත් තමන්ගේම වාසිය තකා ක්‍රියා කරන බලගතු කණ්ඩායම්වල බලපෑම්, බදු සහන කාල, විශේෂ අංශ සඳහා සහන බදු අනුපාත, උදෙසා වූ දුර නොදක්නා ප්‍රතිපත්ති හේතුවෙන් ප්‍රධාන වශයෙන් දිරිමත් කරනු ලැබුවේ කෙටි කාලීන ඍජු විදේශ ආයෝජන පමණි. එවැනි බොහෝ ආයෝජන බදු සහන කාල සීමාවන් සමගම නිමාවට පත්විය. එහි ප්‍රතිඵලය ලෙස මෙම කලාපයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව අභිබවා යමින් ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කරගනු ලැබුවේය.

සංචාරක කර්මාන්තය උදෙසා අන්තර් ජාලය ඔස්සේ නව පරපුර සේවා දායකයන් සඳහා එසැණ තොරතුරු සැපයීම සිදු කරයි. එම පිරිස් පරිසර ළැදි, නවමු සංචාරක අත්දැකීම් ලැබීම උදෙසා ප්‍රමුඛතාව දෙන්නෝය. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ඔස්සේ එවැනි ඉල්ලුමට ප්‍රතිචාර දක්වා සංචාරක කර්මාන්තයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

අවදානමට එරෙහි ප්‍රතිලාභය පිළිබඳ සංකල්පය පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් නැත. මෙරට දර්ශනය වන්නේ ඇති කල නිර්ලෝභිව වියදම් කිරීම සහ නැති කල රජයේ සහනාධාර පැතීමය. ඵලදායිතාව, වැටුප් හා ප්‍රවීණත්වය නැංවීමට වඩා අප කළේ සාර්ථකත්වය උදෙසා රජයේ සහනාධාර හා උදව් පැතීමයි. යම් අයකු වැදගත් වන්නේ ඔහු දන්නා දේ අනුව නොවන බව ඇතැමෙක් විශ්වාස කරති. එයින් සිදුවන්නේ පෞද්ගලික න්‍යාය පත්‍රවලින් සමන්විත මමත්වය ඉදිරියට තල්ලු කිරීමට සූදානම් වීමයි. පෞද්ගලික න්‍යාය පත්‍රවලින් තොර, විශිෂ්ටත්වයෙන් හෙබි අය මුණිවත රකිති. මෙවැනි විෂඝෝර පරිසරයක ඵලදායී සාධනීය විවේචනවලින් පලක් නැත. එකී විවේචකයන්ගේ හඬ නැති තැන අපගේ නායකයෝ මහ පොළොවේ යථාර්ථයෙන් ඈත්ව තව තවත් හුදෙකලා වෙති.

එබැවින් කළ යුත්තේ කුමක්ද?

එවැනි නිපුණ විශිෂ්ට දක්ෂතාවෙන් යුතු අය සාධනීය විවේචන, නායකයන්ට කෙසේ අසන්නට සලස්වන්නේද?

වැදගත් වගකිවයුතු තනතුරුවලට වගකීමක් ඇති රජයේ නිලධාරීන් කුසලතාව පදනම් කොටගෙන කෙසේ පත් කළ හැකිද? රටක් පෞද්ගලික උපකාරයක් සහ සහනාධාරවලින් සංවර්ධනය කළ නොහැකි බව ව්‍යාපාරිකයෝ සහ රට වැසියෝ කෙසේ දැන ගනිත්ද?

රාජ්‍ය සේවා සඳහා බදු අවශ්‍ය වග ව්‍යාපාරිකයෝ සහ රටවැසියෝ කෙසේ දැන ගනිත්ද? තමන්ට නොව රටවැසියන්ට සේවය කළ යුතු බව දේශපාලකයෝ කෙසේ දැනගනිත් ද? දේශපාලකයන්ට හිමිකම් ලබාදීමට නොව ඔවුන් වගකිවයුත්තන් බවට පත්කිරීමට රටවැසියෝ කෙසේ ඉගෙන ගනිත්ද?

ශ්‍රී ලංකාව අප පෙළන අර්බුදයෙන් මිදී ඇත්තේ තාවකාලිකවය. ඒද උඩින් පල්ලෙන්ය. ස්ථිරසාර ලෙස අර්බුදයෙන් ගොඩ ඒමට ඉහත ප්‍රශ්නවලට අප විසඳුම් සොයාගත යුතුය.

 

(***)
2023/4/27 Daily FT පත්‍රයේ පළවූ
Sri Lanka's Crisis and the Citizen factor
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (1)

අතීතයෙන් අනාගතයට පාඩම්

Saman Thursday, 25 May 2023 01:55 PM

දෙවන ඡේදයේ තේරුම දන්නා කෙනෙක් කියලා දෙන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රාජ්‍යයේ අත්තිවාරම් දෙදරවන්නෝ
2023 ජුනි මස 02 184 1

මෙවර “කිවිදා දැක්ම” මා උපයෝගී කරගන්නේ පසුගිය දවස්වල ලංකාවේ මාධ්‍ය වාර්තා කළ ප්‍රධාන සිදුවීම් දෙකක් නිමිති කොටගෙන ලංකාවේ දේශපාලන ආණ්ඩුකරණය පිළිබඳ සා


ජාති - ආගම් බේද මවන අමනයන් පිටුදකිමු
2023 ජුනි මස 02 95 0

අප රට එක් අතකින් කෙතරම් අවාසනාවන්ත දැයි කියතොත්, එක් බරපතළ ප්‍රශ්නයක් නිරාකරණය කරමින් සිටින විට, රට ළඟින් යන නැවක් හෝ ගිනි ගනී. මේ දිනවල ද එබඳු ගින්නක් අ


රට ආපස්සට අදින්න කිසිවකුටත් ඉඩ දෙන්නේ නෑ
2023 ජුනි මස 01 530 11

මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (1) පැවසීය. තම අ


මන්ත්‍රී යුතුකම හරි හැටි ඉටුවේද?
2023 ජුනි මස 01 158 0

මහජන නියෝජිත ආයතන අතරින් පාර්ලිමේන්තුව උත්තරීතරය. ඒ එය රටේ ව්‍යවස්ථා සම්පාදන ආයතන ද වන හෙයිනි. වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 196 ක


අධ්‍යාපන පීඨ ගුරු සිසු ආහාර වේල ගැන යළි යළිත් සිතමු
2023 ජුනි මස 01 502 3

කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුන්ට ප්‍රමාණවත් ආහාර සැපයීමක් නොකරන බවත්, සිසුන් සියයක් පමණ රෝගාතුර වී ඇති බවත් පසුගිය දිනෙක අප පුවත්


අන්කල් - ඇන්ටි කීවාම මළ පනින්නේ ඇයි?
2023 මැයි මස 31 2038 9

‘‘අමුත්තාට - හිතවතාට නෑයාට අමතක ක්‍රමයේ වරදක් තිබේද?’’ මැයෙන් ලන්ඩනයේ සිට ආචාර්ය රාජසිංහ බණ්ඩාර නම් අයෙකුගේ නමින් ඉකුත් 24 වැනිදා ලංකාදීප පත්‍රයේ ලිපි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 162 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1093 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 619 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site