IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අක්කරපත්තුවේ වැනසෙන බෞද්ධ උරුමය

අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල ඓතිහාසික පුරා විද්‍යා ස්ථානයේ වූ දාගැබක කොටස් ඇතුළු නටබුන් ප‍්‍රදේශය පසුගිය දිනෙක මුළුමනින්ම ඩෝසර් කර දමා කුඹුරක් හදා තිබෙන ආකාරය සැබවින්ම කණගාටුදායක දසුනක් විය. අම්පාර නගරයේ සිට කිලෝමීටර් 26ක් ගිය තැන හමුවන අක්කරපත්තුව නගරයේ සිට දකුණු දෙසට වැටි ඇති සාගම පාරේ කිලෝ මීටර් තුන හතරක් යන විට මාර්ගයෙන් වම්පස කුඹුරුයායක් මැද ඓතිහාසික මොට්ටයාගල කන්ද හමුවෙයි. මුහුදු මට්ටමේ සිට මීටර් දෙකතුනක් උසැති මේ කඳුපාමුල මෙතෙක් කල් ස්වභාවික උපද්‍රවයන්ට පවා හසු වී, එහෙත් නොනැසී පැවති පුරා විද්‍යාත්මක නටබුන් මෙලෙස ඩෝසර් කර කුඹුරක් සෑදීම සැබවින්ම ප‍්‍රහේළිකාවකි. කඳු පාමුල පිහිටි මේ පුරා විද්‍යා ස්ථානය ඈත අතීතය දක්වා දිවයන්නකි. මහානාග රජුගේ කාලයේ සිට යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජ සමයන් දක්වා මෙහි අතීතය දිව යන බව ඉතිහාසයේ කියැවෙයි. මෙම කඳු ගැටය අනුරාධපුර මුල් යුගයට අයත් ක‍්‍රි.පූ 1 සහ තුන යන සියවස් වලට අයත් පූර්ව බ‍්‍රාහ්මීය අක්ෂර වලින් සමන්විතය. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් විසින් රචිත Imscrittion of Ceylon Part - 01 හී ශිලා ලිපියේ මෙම ස්ථානය පිළිබඳව සටහන් වී ඇත. කෙසේ නමුත් පසුගිය දිනෙක මෙම අපරාධය දැක බලා ගැනීමටත්, මහා සඟරුවන ගේ විරෝධතාව සහ සත්‍යග‍්‍රහය වාර්තා කිරීමටත් එහි ගිය අපට මෙම ස්ථානයේ ඇති බෞද්ධ ෙඓතිහාසික උරුමයේ වටිනාකම මැනවින් වැටහිණි. එක්තරා කාලයක ප‍්‍රභාකරන් සහ ඔහුගේ ත‍්‍රස්ත නඩය නිජබිම් සංකල්පයක් ගැන කීවේ බහුතර දෙමළ ජනතාවක් වෙසෙන කුඹුරු යායක් මැද පිහිටි මෙවන් බෞද්ධ උරුමයන්ද පෙනී පෙනී තිබියදීය. ප‍්‍රභාකරන්ගේ අති අමානුෂික එල්.ටී.ටී.ඊ පාලන සමයේදීවත් කඩා බිඳ විනාශ කර ගැනීමට නොහැකි වූ මෙම ස්ථානය වර්තමානයේ කඩා බිඳ ඩෝසර් කිරීම හද කම්පා කරවන්නකි. මේ දැවැන්ත මොට්ටයාගල කඳු මුදුනේ තවත් බෞද්ධ නටබුන් රැසක් විය. මෙහි කිසිදා නොසිඳෙන්නේ යැයි සැලකෙන දිය පොකුණකි. ගලින් කරන ලද පඩි පෙළකි. කඳු මුදුනේ චෛත්‍යයක් තිබූ බවට නටබුන්ය. කඳු මුදුනේ සිට අවට බැලූ විට පෙනෙන්නේ මනරම් දසුනකි. නැගෙනහිර මුහුදු තීරයත් ඒ අතරතුරින් පෙනෙන කුඹුරු යායත් කලාතුරකින් දක්නට ලැබෙන දර්ශනයකි. රජසමයේ ඉතා සශ්‍රීකව මෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් තෙදවත් වන්නට ඇතැයි සැලකෙන මේ භූමිය පිළිබඳව පුරා විද්‍යා නාම පුවරුවක්වත් අප යන විට එම ස්ථානයේ නොතිබිණි. මේ අතර මොට්ටයාගල කන්දේ එක් තැනක කෙටූ බුදුරුවකි. එතරම් පැහැදිලි නැති මේ බුදුරුවේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර නොතිබුණි. මෙම ගල පාමුල ඇති කුඹුරු යායේ හිමිකරු මුස්ලිම් පුද්ගලයකු වන අතර මෙම ඩෝසරයේ රියැදුරු දෙමළ ජාතිකයෙකි. මෙම මුස්ලිම් ඉඩම් හිමියා තම කුඹුරු පුළුල් කරනු වස් මෙය ඩෝසර් කර ඇත. මේ පිළිබඳව අක්කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම්. එච්.සමන් මහතාට දැනගන්නට ලැබීමෙන් පසුව මාධ්‍යවේදීනට මේ බව දැනුම් දී ඇති අතර ඒ මඟින් අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝ දැනුවත් කළේය.මේ අතර සමන් මහතා අක්කරපත්තුව පොලීසියත්, පුරාවිද්‍යා නිලධාරීනුත් වහාම දැනුවත් කිරීමට පියවර ගත්තේය. ඉන් පසුව අක්කරපත්තුව පොලිසිය මගින් පුද්ගලයන් දෙදෙනා  උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 25,000/- බැගින් දඩ නියම කර මුදා හැරියේය. මොට්ටයාගල කඳු මුදුනේ වූ චෛත්‍යයද නිධන් හොරුන් විසින් හාරා දමනුලැබ තිබුණු අතර කඳු පාමුල දාගැබේ නිධන්ද රැගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරේ. දාගැබේ ගඩොල්ද එතැන තිබූ ගල් කණුද ඩෝසරයට අසුවී කැඞී බීඳී විනාසවී ගොසිනි. පසු ගියදා මෙම ස්ථානයට වැඩම කළ මහා සඟරුවන විරෝධතා ව්‍යාපාරයක සහ සත්‍යග‍්‍රහයක යෙදුනහ. අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් එම අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳ අදහස් පළ කළේ මෙසේය. ‘‘අද මේ ප‍්‍රශ්නය පිළිබඳව සමහර නිලධාරීන් මුනිවත රකිනවා. අපි සාමාකාමී විරෝධතාවෙන් සත්‍යග‍්‍රහයෙන් පෙන්වා දෙන්නේ බෞද්ධ උරුමයන් රැුකගත යුතුයි කියලයි. උතුරු නැගෙනහිර තිබෙන බෞද්ධ උරුමයන්ට අත්වෙලා තියෙන ඉරණම එතරම් හොඳ නෑ. අපි අන්‍ය ජාතීන්ට, අන්‍ය ආගම්වලට, අන්‍ය සිද්ධස්ථානවලට ගරු කරනවා. බෞද්ධයෝ වශයෙන් අපි කවමදාවත් අන්‍ය සිද්ධස්ථාන වලට හානි පමුණවලා නෑ. නමුත් සීගිරිය වැනි ස්ථානයක් නැගෙනහිර තිබුණානම් ඒකත් ඩෝසර් කරලා ඉවරයි. එහෙම නැත්නම් ඒක ගල්කෝරියක් බවට පත්වෙලා ඉවරයි. ජනාධිපති තුමා තිස්වසරක යුද්ධය අවසන් කරලා මේ රටේ හැමෝටම නිදහස ලබා දුන්නා එසේ නම් පුරා විද්‍යා නිලධාරීන් මෙන්ම ආරක්‍ෂක අංශ නිලධාරීන් මෙවැනි ස්ථාන රැක ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. මේ විනාශ වූ දාගැබ අපේ ශිෂ්ටාචාරයේ වැදගත් සලකුණක්. අද ඒ සලකුණ නෑ. මේ ස්ථානය තවදුරටත් විනාශ වෙන්නට ඉඩ නොදී අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ මගින් අපේ උරුමය ඉරහඳ පවතින තුරා රැකගත යුතුයි. මෙම අවස්ථාවේදී, ගල්මඩුකන්ද පුරාන රජ මහ විහාරයේ විහාරාධිපති හෑගොඩ විමලඥාන හිමියෝද අදහස් දැක්වුහ. වැඩම කළ සියලූම භික්ෂූන් වහන්සේලා පෝස්ටර් රැගෙන විරෝධතාවේ නියැළීමෙන් අනතුරුව සත්‍යග‍්‍රහයක්ද පැවැත්වූහ.

සටහන සහ සේයාරූ - දිගාමඩුල්ල සමන් දිසානායක සහ අම්පාර වසන්ත චන්ද්‍රපාල
නොසිඳෙන පොකුණ විනාශ වූ ගල්කඳු හා නටබුන් සත්‍යග‍්‍රහය



අදහස් (0)

අක්කරපත්තුවේ වැනසෙන බෞද්ධ උරුමය

අමිල Tuesday, 16 October 2012 02:39 PM

ජනක දන්න දේ කියන්න බලන්න අපටත් දැනගන්න එක්ක...

:       0       0

ටිටී Monday, 15 October 2012 05:34 PM

මේ වැනසෙන්නේ අපේ උරුමයයි. (නි)

:       0       0

හෂාන් Monday, 15 October 2012 01:20 PM

අපේ දේ මේ නැති වෙන්නේ

:       0       0

ජනක Monday, 15 October 2012 01:43 PM

"බෞද්ධයෝ වශයෙන් අපි කවමදාවත් අන්‍ය සිද්ධස්ථාන වලට හානි පමුණවලා නෑ......... " හාමුදුරුවනුත් බොරු කියනවනෙ... කොහම උනත් මෙ වැඩෙ වැරදියි ඒ දෙන්නට දඩ ගහලනම් මදි ඒත් ඒ දේම බෞද්ධ උදවිය කරොත් දඩෙත් නෑ නොවෑ...(ස)

:       0       0

නිලන්ත Thursday, 18 October 2012 06:46 PM

කොහොමද මන්දා මිනිස්සු මේවා දැක දැකත් නිහඩව ඉන්නේ? (නි)

:       0       0

සුගත් Friday, 19 October 2012 04:41 PM

ලංකාවේ තවත් මේවගො බෞද් ස්ථාන එකකට අත තියන්න බලන්න (අ)

:       0       0

රොෂාන් Sunday, 14 October 2012 04:10 PM

මේකට වගකියන්න ඕනෑ සුලුජාතින්ගේ ඡන්ද වලට කඹුරන දේශපාලුවොයි. (නි)

:       0       0

රාජා Sunday, 14 October 2012 04:27 PM

බෞද්ධ උරුම විනාශ කිරීමට දඩුවම රු: 25000 නම් එයාලා ලංකාව පුරා ඇති බෞද්ධ උරුම රු:25000 ගානේ ගෙවලා විනාශ කිරීමට ඉදිරිපත් වෙයිද? (නි)

:       0       0

අමරසිරි Sunday, 14 October 2012 04:31 PM

බෞද්ධ උරුමය රැකගැනීමට වෙරදරන සැමට ප්‍රණාමය!

:       0       0

මොහමඩ් Tuesday, 16 October 2012 05:47 PM

ජාතියක් ආගමක් මේක‍ට සම්බන්ධ කරගන්න එපා (නි)

:       0       0

සුමනා මානවඩු Sunday, 14 October 2012 05:00 PM

අකකරෙයිපත්තුවේ විතරක් නෙමෙයි මුළු නැගෙනහිර පලෘතම සිංහලයින් නැතිකිරීමයි සැලසුම.(නදී)

:       0       0

රත්නායක Friday, 19 October 2012 10:38 AM

මේවා දැක දැකත් කොහොමද සමහරු නොදැක්කා වගේ ඉන්නේ? (නි)

:       0       0

ශාන්ත Sunday, 14 October 2012 06:13 PM

කවදා හෝ දිනක උතුරු නැගෙනහිර සිංහලයන්ව යටත්කර ගැනීමට උත්සාහ කරන බව පෙනෙන්න තිබෙනවා. (නි)

:       0       0

රමිල Wednesday, 17 October 2012 07:45 AM

එහෙම වෙන්න දෙන්න බැහැ නේද? (දී)

:       0       0

පසිදු Saturday, 27 October 2012 02:50 PM

සුගත්, මේ රටේ මෙහෙම දේවල් හැමදාම වෙනවා. අපි නිටවුන් වගේ නිදාගෙන ඉන්නවා. (නි)

:       0       0

වරුණ Thursday, 18 October 2012 10:51 PM

අපේ දේ හමයි ඔය නැති වෙන්නේ

:       0       0

රොහාන් Tuesday, 16 October 2012 08:17 AM

අනේ ඉතිං දඹූල්ලේ පල්ලිය ඉවත් කරන්න කියපු වෙලාවේ කට්ටිය නටපු නැටිල්ලක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 86 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site