IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


මධ්‍යම කඳුකර ලෝක උරුමය

පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙරට පරිසර පද්ධති තුනක් කේන්ද්‍රකරගනිමින් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කැර ඇත. බ‍්‍රසීලයේ බ‍්‍රසීලියා නගරයේ පැවැත්වුණු ලෝක උරුම කමිටුවේ 34 වැනි සැසිවාරයේදී මෙම නම් කිරීම සිදුකැර ඇති අතර ඒ සමගම ඇමරිකාවේ හවායි දූපත් සමූහයේ දූපත් කිහිපයක් ද ලෝක උරුම ලෙස නම්කැර තිබේ. ලෝකයේ ජෛව විවිධත්ව උණුසුම් ප‍්‍රදේශයක් ලෙස නම්කොට ඇති ශී‍්‍ර ලංකාවේ පිහිටා ඇති නකල්ස් දැඩි රක්ෂිතය, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ශී‍්‍ර පාද අඩවි වනාන්තරයේ ශාක හා සත්ත්ව ප‍්‍රජාව සම්බන්ධයෙන් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයන් පදනම් කැරගනිමින් මෙම යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුවට ඉදිරිපත් කැර තිබිණි. 1833 වර්ෂයේ දී ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ලද ශී‍්‍රමත් රොබට් හෝරටන්හට ගරු කිරීමක් වශයෙන් හෝර්ටන් තැන්න ලෙස නම්කරන ලද පාරිසරික භූමි භාගය අතීතයේ මහඑළිය, මැණික් තැන්න යන නම්වලින් හඳුන්වන ලදී. 1969 වර්ෂයේ දෙසැම්බර් මස 05 වැනි දින ස්වභාවික රක්ෂිතයක් බවට පත්කළ එම ප‍්‍රදේශයේ පාරිසරික හා භූගෝලීය වැදගත්කමත් ජෛව විවිධත්වයත් සැළකිල්ලට ගනිමින් 1988 මාර්තු මස 10 වැනි දින හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලදී. ශී‍්‍ර ලංකාවේ ගිණිකොන සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12 ක් පමණ දිගට විහිදෙන දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමිභාගයකි. නිරන්තරවම මිහිදුමින් වැසී පැවතීම හේතුවෙන්ම දුම්බරයැයි නම් ලද මෙම කඳුවැටියේ ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුව ගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නැමැති උස් කඳු කිහිපයක් පිහිටා ඇත. හෙක්ටයාර 28,000 ක පමණ වපසරියක් වසා විහිදී ඇති දුම්බර කඳුවැටියේ පාරිසරික වටිනාකම හේතුවෙන්ම එය දැඩි රක්ෂිතයක් ලෙස ද නම්කැර තිබේ. මධ්‍යම හා සබරගමු පළාත් මායිම්වන ලෙසට පළාත් මායිම් අතරින් විහිදී යමින් මුහුදු මට්ටමේ සිට මීටර 2244 ක් උසින් පිහිටා ඇති සමනළ ගිරි ශිඛරය මෙරට පමණක් නොව සමස්ථ ලෝකයේම සියළුම ආගමිකයන්ගේ භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ භූමි භාගයකි. එහි සංස්කෘතිකමය වටිනාකම කෙසේ වෙතත් සමනළ කන්ද වටා අක්කර 56,000 ක් පුරා පැතිරීගිය වන භූමිය පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් භූමි භාගයකි. 1940 ඔක්තෝබර් මස 25 වැනි දින නිකුත් කළ ගැසට් පත‍්‍රයක් මගින් මෙම ප‍්‍රදේශය අභයභූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කැර තිබේ. මෙම ස්වභාවික පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් සැකසූ ව්‍යාපෘති වර්තාවක් සැළකිල්ලට ගනිමින් යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම කමිටුව ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකර ස්වභාවික පරිසරය ලෝක උරුමයක් ලෙස නම් කළ බව ජාතික විද්‍යා පදනමේ මහාචාර්ය සිරිමලී ප‍්‍රනාන්දු මහත්මිය කියා සිටියාය. මෙම නම්කිරීමට පෙර අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර දළදා මාළිගය, සීගිරිය, දඹුල්ල ලෙන්විහාරය, ගාල්ල කොටුව හා සිංහරාජ වර්ෂා වනාන්තරය ලෝක උරුම ලෙස නම්කැර තිබිණි. බ‍්‍රසීලියා සමුළුවේදී ගත් මෙම තීරණය අනුව ශී‍්‍ර ලංකාවේ ලෝක උරුම සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ යන අතර අලුතෙන් එකතුවූ ලෝක උරුම තුනම ස්වභාවික ලෝක උරුම වීමද වැදගත් කරුණකි. හෝර්ටන් තැන්න හෝර්ටන් තැන්න   නකල්ස් කඳුකරය නකල්ස් පිටවල පතන සිරිපා අඩවිය සිරිපා කඳු මුදුන සහ වනාන්තරය  



අදහස් (0)

මධ්‍යම කඳුකර ලෝක උරුමය

නදීකා ජයසේකර - අඟුණකොළපැලැස්ස Thursday, 06 October 2011 10:28 AM

ගොඩක්ම හොඳයි.මධ්‍යම කඳුකරයේ විස්තර සහිත තවත් ලිපි පළ කරනවානමි කැමතියි.ස්තුතියි.

:       0       1

සංජය Saturday, 08 October 2011 04:42 PM

ගොඩක් හොද ප්‍රවෘත්තියක්

:       0       1

විජය බණ්ඩාර Saturday, 04 February 2012 11:52 PM

හොද දැනුම්වත් කිරීමක් ඉදිරියේදීත් මෙවැනි ලිපි පලකරන්න.

:       0       2

නිත්‍යා Saturday, 05 January 2013 01:51 PM

හරිම ලස්සනයි මේ දර්ශන (ස)

:       0       2

වීරතුංග Thursday, 23 August 2012 10:31 AM

මෙම ලිපියෙන් අපිට මේ සම්බන්ධව ඉහළ අදහසක් ගත හැකියි. ස්තූතියි! (නි)

:       0       1

චින්තන රුවන් සමීර Monday, 17 September 2012 10:24 PM

ගොඩක් වටිනවා. අපේ පුංචි දූපතට උනත් ජෛව විවිධත්වය අතින් කොච්චර පොහොසත් ද ? (ස)

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​එදා වැටුණු ආර්ථිකයේ අද දවස
2024 මැයි මස 08 149 1

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මු


විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන්නට දෙනු එපා
2024 මැයි මස 08 170 0

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය තිබේ. ඒ, විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 3026 2

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා


නිදහස් අධ්‍යාපන ඝෝෂාව
2024 මැයි මස 07 283 6

ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස්


මධ්‍යම අධිවේගයේ බාල්කයක් කඩාවැටුණේ කාගේ වරදින්ද?
2024 මැයි මස 07 1230 3

අතරමග නවතා දමා තිබෙන කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමේ පුවත අධිවේගී මාර්ගවල ගමනා ගමනයේ යෙදෙන ඕනෑම කෙනකුට ස


ආර්ථිකයේ අනාගතය අඳුරුද?
2024 මැයි මස 06 383 0

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site