පොරොන්දු ඉටු කිරීම දුර්වල මට්ටමක
2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30-1 යෝජනාවලියට සම අනුග්රහකත්වය දැක්වූ ශී්ර ලංකාව ඒ හරහා මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව යන අංශයන් ආවරණය කරමින් පියවර රැසක් කි්රයාත්මක කිරීමට කැපවන බවට සහතික විය. පසුගිය 20 වැනිදා, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී එම පියවරයන් කි්රයාත්මක කිරීමෙහි ලා ශී්ර ලංකාවේ ප්රගතිය සාකච්ඡාවට ගැනිණ.