පරිවර්තන කරන බොහෝ දෙනකුට හරිහැටි සිංහල බෑ
ප්‍රවීණ පරිවර්තක රෝහණ වෙත්තසිංහ මහතාගේ නවතම පරිවර්තන කෘතිය ‘සයුරු තෙර සහන් බිම’ නමින් සරසවි ප්රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්වුණි. මතු දැක්වෙන්නේ ඒ පිළිබඳව අප කළ සංවාදයකි. ඒරන්ගේ ලෝකය, ගිනිගත් සඳ, ජීවිතය යළි ලදිමි, අවුෂ්ටිට්ස් හි නිවුන් සොයුරියෝ වැනි පරිවර්තන කෘති ද ධ්‍යාන චිත්‍රපට වින්දන වැනි සඟරා සංස්කරණය ද සතර දිගන්තය, අප්පොච්චිගේ සිනමාව වැනි තිර නාටක ද කලාසූරී ගුණදාස ලියනගේ වැනි ඇගැයුම් කෘති ද රෝහණගේ සාහිත්‍ය නිර්මාණ අතර කැපී පෙනේ.