සෑම පුරවැසියකුටම අයිතිවාසිකම් තිබෙන්නා සේම ඔහු පෙරළා ඉටු කළ යුතු යුතුකම් සම්භාරයක් ද තිබේ. අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ පමණට වඩා ආත්මාර්ථකාමී වීමය. යුතුකම් ඉටු කිරීම සඳහා සාමුහික විචාර බුද්ධියත් මානව ප්‍රේමයත් දේශනුගාරයත් ඇවැසිය. රටට වැඩක් ඇති මිනිසකු වන්නේ එමගිනි. අප රටට හිඟ එබඳු මිනිසුන්ය.
මිනිසුන් ගල ග්‍රහණයෙන් ගෙන තම අයිතිවාසිකම් දිනා ගැනීම සමාන කළ හැක්කේ ප්‍රභාකරන් මාදිලියටය. ප්‍රභාකරන් තිස් වසරක් පුරා ආයුධ සන්නද්ධ අරගලයක් මෙහෙය වූයේ උතුරේ හා නැගෙනහිර සාමයට ලැදි ජනයා පළිහක්ව තබා ගෙනය. හමුදාවට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අසීරු වූයේ එහෙයිනි. ඇතැම් වෘත්තීය සමිති ද තම ඉල්ලීම් ඉටුකර ගැනීමට ප්‍රභාකරන් මාදිලියම යොදා ගන්නා සෙයකි. ඉකුත් බදාදා මධ්‍යම රාත්‍රි 12ට ආරම්භ කෙරුණු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය එබන්ඳකි. මෙම වැඩ වර්ජනය ඊයේත් ඒ ආකාරයට ක්‍රියාත්මක විය.
රටේ දුරබැහැර සිට ලක්ෂ ගණනක් ජනයා රැකියාව පිණිස කොළඹ එති. එම ජනයාගේ ප්‍රධානම ප්‍රවාහන පහසුව දුම්රිය වේ. ඒ එම දුම්රිය මැදිරිවල ඇති සුඛෝපභෝගී පහසුකම් නිසා නොව ඉක්මනින් යාමට ඒමට ඇති හැකියාව නිසාය. සිය ගණන් ජනයා අතර තෙරපෙමින් අනේකවිද දුක් ගැහැට විඳිමින් වුවද වැඩ කරන ජනයා දුම්රියෙන් යමින් එමින් රටේ ආර්ථිකයට තම දායකත්වය සපයති. එම ජනයා දුම්රිය ස්ථානවල අතරමංවීම යනු එම ජනයාට සිදුවන පෞද්ගලික පාඩුවක් පමණක් නොව රටේ ආර්ථිකයට ද බලවත් පාඩුවකි.
වැඩ වර්ජන යනු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල අවසන් අදියර වේ. පළමුව තම ඉල්ලීම් බලධාරීන්ට ඉදිරිපත් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුය. සාකච්ඡා ඵල නොදරන්නේ නම් වැඩ වර්ජනයට යන බව නිවේදනය කළ යුතුය. එවිට බලධාරින්ට මෙන්ම ජනතාවට ද එයට සූදානම් විය හැකිය.
කරණු කාරණා එපරිදි වුවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජන තීන්දුව ගෙන තිබුණේ යක්කු ගස් නගින මැදියම් රැයේදීය. ඒ බවක් නොදත් ජනයා හිමිදිරියේ දුම්රිය ස්ථානවලට පැමිණියහ. අතරින් පතර දුම්රියක් ධාවනය වුවද එම මහ සෙනගට එය ප්‍රමාණවත් නොවීය. අනුමත කළ නොහැකි වුවද ලෙයින් මසින් වැඩුණු මිනිසුන්ට එය ආවේගයට හේතුවකි. මහනුවර දුම්රිය ස්ථානයේ දී දුම්රිය මගීන්ගේ එම ආවේගය පුපුරා ගියේය.
අප පුවත්පත වාර්තා කළ ආකාරයට ඉකුත් 12 වැනිදා රාත්‍රියේ කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වෙමින් තිබු මීනගයා දුම්රිය කැකිරාව දුම්රිය ස්ථානයෙන් ධාවනය අත්හිටුවා තිබේ. එයට විරෝධය පළ කළ පිරිසක් එම දුම්රියට ගල් මුල් වලින් පහර දී හානිකර තිබේ. කැකිරාවෙන් ඔබ්බට දුම්රිය ධාවනය කිරීම අත්හිටුවන විට වේලාව රාත්‍රී 11.50ට පමණ වූ බව අප පුවත්පත වාර්තා කළේය. එබඳු වේලාවකදී දුම්රිය පොළක එසේ අතරමංවීම මිනිසුන් විඳදරා ගත යුත්තේ කෙසේද? එමෙන්ම එබඳු නපුරු හා දුක්ඛිත අත්දැකීම්වලට මෙරට පොදු ජනයා මුහුණ දිය යුතුද?
අප රටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ගයක් වනුයේ සංචාරක ව්‍යාපාරය වේ. එහෙයින් එයට නිර්බාධක පරිසරයක් තිබිය යුතුය. සංචාරක පාරාදීසයක් වන අප රටට බොහෝ සංචාරකයෝ පැමිණෙති. ඔවුන්ට අවශ්‍ය වනුයේ සුවදායි ගමනාන්තයකි. රටේ අසිරි සිරිය නැරඹීම සඳහා දුම්රියෙන් ගමන් කිරීමට ඔවුහු ප්‍රිය කරති. ඔවුන්ගේ සංචාරය සැලසුම් වන්නේ ද ඒ අනුවය. දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගනු ලබන්නේ සංචාරක ආයතන මගින් ඔවුන් මෙරටට ඒමට පෙරය. එසේ පැමිණෙන සංචාරකයන්ට මහ රෑ දුම්රිය ස්ථානවල අතරමංවීමට සිදුවුවහොත් අප රට සම්බන්ධයෙන් ඔවුන්ගේ සිතීම කුමක් විය හැකිද? එබඳු කඨෝර අත්දෑකීම් ලබා සිය රටට ගිය පසු ඔවුන් අප රට සම්බන්ධයෙන් කතා කරනු ඇත්තේ කෙසේද යන්න සිතා ගැනීමට අසීරු නැත. ඒ කතා අසන කිසිවකු මෙරටට ඒමට සිත් හදා ගනු ඇද්ද යන්න විමසිය යුතුය.
අප රටේ ජනතාව ජීවත්වන්නේ බොහෝ බාධක කරදර මැදය. දෙවසරකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ කොවිඩ් මාරක වසංගතයෙන් ජනයා පීඩා විඳිති. ආර්ථික ප්‍රශ්න ඉහටත් උඩින්ය. මැරෙන්නට බැරි නිසා ජීවත්වන තත්ත්වයට ජනයා පත්ව සිටිති. එබඳු ශාපලත් පරිසරයක ජීවත්වන ජනයාගේ ෙගලෙන් අල්ලා සිරකර තබා ගනිමින් වෘත්තිය සමිති සිය ඉල්ලීම් ඉටුකර ගැනීමට උත්සාහ දරන්නේ නම් එබඳු නීච ක්‍රියා මිනිස් කසළ මෙන් පිටුදැකිය යුතුය. මහජනයා තළා පෙළා දැමීමට කිසිවකුට අයිතියක් නැත. වෘත්තීය සමිති නව සටන් මාදිළි හා ආකෘති සොයා යා යුතුව තිබේ. ඒ සඳහා අසමත් වන්නේ නම් එයින් ප්‍රදර්ශනය වන්නේ වෘත්තීය සමිතිවල පසුගාමීත්වය විනා අන් යමක් නොවේ.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ත්‍රස්ත පන්නයේ වැඩ වර්ජනයක්
සිරන් Monday, 17 January 2022 11:59 AM
වැඩ වර්ජන කොයිවත් ත්‍රස්තවාදී තමයි...හෙදියො වැඩවර්ජනය කරනව ( සංගමේ නායකයට සලකන්නෙ කොහොමද). ලෙඩ්ඩුන්ට එයාලගෙ පවුලෙ අයට ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්.දොස්තර, විදුලිය වරාය ජලය .,ප්‍රයිවෙට් බස් ඕනම එකක් එහෙම තමයි... ගුරුවරු මාස ගානක් කලේ... ප්‍රවාහනයෙන් මිනිස්සු මැරෙන්නෙ නැහැ. දොස්තරල කරාම මැරෙනව. ඒක නිසා මේ වගේ කරුණු ඊට වඩා උඩින් ඉදන් බලන්න ඕනි.ටිකට් නැතිව කෝච්චියෙ යන අයගෙ චින්තනයට එහාට ගිහින්..පෝර ඉල්ලනවා ලයිට් කපනවා.. යම් නොසන්සුන් බවක් සමාජයේ තියෙනවා. ඒක කොවිඩ් නිසා ...ලෝක ආර්ථිකය කඩාවැටීම නිසා ...ඩොලර් ඉපයුම් සීමා වීම නිසා....රාජ්‍ය පාලනයට දෙන වැරදි උපදෙස් නිසා...වැරදි ආර්ථික ක්‍රමවේද අනුගමනය.,වගේ පිටු ගානක් කියන්න පුලුවන් දේවල් නිසා ඇතිවෙලා තියෙන්නෙ. (මිනිස්සු ඔක්කොම ස්ටේසමට ආවම දුම්රිය කැන්සල් කරන එකද එහෙම කරන්න එපා කියා අවසාන පියවර වශයෙන් ස්ට්‍රයික් කරන එකද ත්‍රස්තවාදය.? හිතන්න ) අසූචි ගොඩවල් කීපයකින් හොඳ එක හොයන්න එපා වැඩ වර්ජන කොයිවත් ත්‍රස්ත ක්‍රියා හැම එකටම විරුද්ධව හඬක් නගන්න...