බස් සේවාවේ ප්රමිතිය විශේෂ අවධානයට ගනිමු
බලපත්ර කොන්දේසි කඩ කළ බස් රථ 58ක් සඳහා නොබෝදා දඩ නියම කළ බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා අප පුවත්පතට ඉකුත් දා ප්රකාශ කළේය. අධික ගාස්තු අය කිරීම, ප්රමාණයට වඩා මගීන් රැගෙන යාම, මාර්ග නීති උල්ලංඝණය කරමින් බස්රථ ධාවනය ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම බස්රථ සඳහා දඩ නියම කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව යටතේ ලියා පදිංචි ප්රදේශවල බස්රථ ඉලක්ක කර ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් කළ බවත් ඉදිරි කාලයේ දී තව