පනස් තුනේ හර්තාලය
1952 මැයි 24, 26, 28 සහ 30 යන දින හතර පුරා පැවැති දෙවැනි මහා මැතිවරණයේ දී එ.ජා.ප. ය ආසන 54 ක් ජයග්රහණය කළ අතර, පක්ෂ නායක ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා දෙවනි වරට ද අග්රාමාත්ය පදවියෙහි දිවුරුම් දුන් නමුත්, සම්පූර්ණ මැතිසබා වාරය ඉකුත්වෙන තුරු අගමැති තනතුරේ රැඳී සිටීමට හැකි වූයේ නැත.