IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සෞරග්‍රහ මණ්ඩලයක් සමාන තවත් එකක්

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්මට සමාන ග්‍රහලෝක අටකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ද තොරතුරු ප්‍රථම වරට අණාවරනය කරගැනීමට නාසා ආයතනය සමත්ව ඇත. ඔවුන් පවසන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2545ක් දුරින් පිහිටි ඩ්‍රැකෝ තාරකා මණ්ඩලයේ මෙය පිහිටා ඇති බවයි. 


සූර්යයාට වඩා විශාල සහ තරමක් වැඩි උෂ්ණත්වයෙන් යුත් කෙප්ලර් -90 ලෙස නම් තබා ඇති තරුව වටා  ග්‍රහලෝක අටක් පරිභ්‍රමණය වන බව තාරකා විද්‍යාඥයින් පවසයි. ඔවුන් පවසන්නේ මෙය අප සෞරග්‍රහ මණ්ඩලයේම කුඩා ආකෘතියක් ලෙස හැඳින්විය හැකි බවයි. 


නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදු කල ගවේෂණ වලින් හෙළිවූ කරුණු පදනම් කරගෙන මෙම අණාවරනය සිදුකර ඇත. දැනට සිදුකරන ගවේෂණ මගින් මේ සම්බන්ද තවත් බොහෝ තොරතුරු හෙළිකරගැනීමට හැකිවනු ඇතැයිද නාසා ආයතනය පවසයි.


(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (30)

සෞරග්‍රහ මණ්ඩලයක් සමාන තවත් එකක්

Perakum Saturday, 16 December 2017 09:16 AM

බුද්ධ දේශනාව විශ්වාස කරන කෙනෙක් හැටියට මට මේ ගැන විමතියක් නැත. ඉදිරියේදී තවත් මෙවැනි සොයාගැනීම් කෙරෙනු ඇති. නවීන විද්‍යාවට අනුගත වන ප්‍රධාන හා එකම ආගම බුදුදහම බව තව දුරටත් තහවුරු වන බව පමණක් කිව හැක.

:       139       736

NuwanMonday, 18 December 2017 06:23 AM

බුද්ධ දේශනාවේ මොන වග්ගයේ මොන සූත්‍රයේ ද තියෙන්නේ අප සෞරග්‍රහ මණ්ඩලය හා සමාන තවත් එකක් තියන වග? බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම දුක්විඳින සත්වයා සසරින් ගලවා ගැනීමම පමණයි. නැතුව ග්‍රහලෝක, වල්ගාතරු ගැන විස්තර කිරීම නොවේ. කරුණාකරලා හැමදේටම බුදුදහම ගාවලා එ්ක විහිළුවක් කරන්න එපා.

:       807       723

rohan Tuesday, 19 December 2017 10:44 AM

බුදුන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කළේ විශ්වය පිළිබඳව ජනතාවට කරුණු කියා දීමට නොවේ. වාසෙට්ඨ හා භාරද්වාජ යන බමුණන් දෙදෙනා අතර පැවති අදහස්වල සාවද්‍ය බව සාක්ෂි සහිතව පෙන්වා දීමටය. නූතන විද්‍යාඥයන් පවසන පරිදි විශ්වය බිලියන සංඛ්‍යාත තාරකා ග්‍රහ‍ෙලා්ක ආදියෙන් පිරී ඇත. පීරිසි හෝ සර්පිල ආකාරයට ගොනු වී ඇති ඒවා ගැලැක්සි නම් වෙයි. අප වසන ක්ෂීර පථය ගැලැක්සි විසි හතරක පොකුරකින් එකක් පමණි. ගැලැක්සි යන්න බුදුන් වහන්සේ හැඳින්වූයේ චක්කවාළ යන නමිනි. (සමන්තා චක්කවාළේසු අත්‍රා ගච්ඡන්තු දේවතා) ඒ, චක්‍රයක ස්වරූපයෙන් භ්‍රමණය වන නිසාය. සහස්සී ලෝක ධාතු යනුවෙන් බුදුන් වහන්සේ හැඳින්වූයේ චක්කවාළ (චක්‍රවාට) දහසකින් සමන්විත පද්ධතිය. දස දහසකින් සමන්විත ලෝක ධාතු දස සහස්සී ලෝක ධාතුයි. නූතන විද්‍යාඥයන්ගේ අදහස අනුව එය බිලියන 140 ක් පමණ වේ.

:       2       265

REV PELWATTE DHAMMANANDA THEROSunday, 07 January 2018 02:00 PM

ඉන්ද්‍රිය ආනුභූතික දැනුමෙන් ගවේෂණය කරන නවීන විද්‍යාඥයින්ට අතින්ද්‍රිය ප්‍රත්‍යක්ෂයකින් විශ්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍යයට ලංවීම පවා සිහිනයක්ම පමණයි. අංගුත්තර නිකායේ චූලනිකා සූත්‍රය කියවා බලන්න. "ආනන්‍දය, සඳ, හිරු දෙදෙන යම් තාක් ප්‍රදේශයක ගමන් කරද්ද, බබලමින් සියලු දිශා ආලෝක කරද්ද, එබඳු දහසක් චක්‍රවාළ ලෝක වෙයිද, ඒ දහසක් චක්‍රවාළයන්හි සඳු දහසක් වෙයි. හිරු දහසක් වෙයි. දහසක් මේරු පර්‍වත වෙයි. දහසක් ජම්බුද්වීප වෙයි. දහසක් අපරගොයාන වෙයි. දහසක් උතුරුකුරු දිවයින් වෙයි. දහසක් පූර්‍වවිදේහ වෙයි. මහා සමුද්‍ර සාර දහසක් ඇත. වරම් රජවරු සාර දහසක් වෙත්. චාතුර්මහාරාජික දෙව්ලෝ දහසකි. තව්තිසා දෙව්ලෝ දහසකි. යාම දෙව්ලෝ දහසකි, තුසිත දෙව්ලෝ දහසකි. නිර්‍මාණරතී දෙව්ලෝ දහසකි. පරනිර්මිත වසවර්ති දෙව්ලෝ දහසකි. ආනන්‍දය, මේ දහසක් සක්වලින් යුත් චූළනී ලෝක ධාතුවයයි කියනු ලැබේ."..

:       0       1022

PerakumTuesday, 09 January 2018 05:02 AM

නුවන්ට නුවන්ගේම වලිගෙ පෑගිලා වගෙයි. කව්ද කිව්වේ බුද්ධ දේශනාවේ අප සෞරග්‍රහ මණ්ඩලය හා සමාන තවත් එකක් තියන වග? කරුණාකර බෞද්ධ දර්ශනය හොඳින් අධ්‍යයනය කර අවබෝධ කරගන්න බලන්න. මම ඔබට අනුකම්පාවෙන් ආශීර්වාද කරමි. තෙරුවන් සරණයි.

:       0       69

rocky Saturday, 16 December 2017 01:10 PM

බුද්ධ දේශනාව හෝ නවීන විද්‍යාව ගැන හෝ විශේෂඥ දැනුමක් මට නොමැති හෙයින් ප්‍රකාශ කරන්නට තිබෙන්නේ ප්‍රකාශ කරන්නට කිසිම ප්‍රකාශයක් මට නැති බව ය.

:       0       171

nisar Sunday, 17 December 2017 07:50 AM

ඉස්ලාම් දේශනාව විශ්වාස කරන කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ සූර්යයා, චන්ද්‍රයා හා අනිකුත් වස්තූන් තමාගේ ගමන් මගෙහි රවුමක් ආකාරයට නියමිත වේගයෙන් ගමන් කරයි. සූර්යයා පෘතුවිය වටා ගමන් නොකරයි. නමුත් තමාගේ කක්ෂයක් වටා ගමන්කරයි. පෘතුවිය ගෝලාකාර නිසා රාත්‍රිය හා දහවල් කාලය ක්‍රමානුකූලව එකින් පසු අනික වශයෙන් බිහිවේ. කිසිම දිනක රාත්‍රිය විසින් දහවල් කාලය ඉක්මවීමක් හෝ ඒ අතර පරතරයක් හෝ රාත්‍රී දෙකක් එක ළඟ හෝ බිහි වෙන්නේ නැහැ. නමුත් පොළව මත සිටින මිනිසාගේ කෝණයෙන් මහා පොළව තැටියක් ආකාරයට දිස්වේ.

:       251       329

Bamunuarachchi.Monday, 18 December 2017 01:54 PM

කොයි කාලේ ඉස්ලාම් දේශනාවේද ඕව කියා තිබුනේ. මම හිතන්නේ ගැලීලියෝගෙන් පස්සේ වෙන්න ඇති නේද? එතකොට දැන් විද්‍යාඥයින් කියන බිග් බැන්ග්, විශාල පිපිරීමත් දෙවියන්ලු කලේ නේද?

:       3       143

BamunuarachchiMonday, 18 December 2017 01:55 PM

හරි දේ ඉගෙන ගන්න නම් ආගමට ගැති නොවී ටිකක් එලියට එන්න.

:       0       186

nisarTuesday, 19 December 2017 06:25 AM

ඔය ටික අවරුදු 1500 කට කලින් පහළ වූ කුරානයෙන් පෙන්නුවොත් ඔබ විස්වාස කරනවාද??????????

:       186       13

raviWednesday, 20 December 2017 08:38 AM

නිසර් පුළුවන්නම් කුරානයේ කොහෙද ඔය විස්තර කියලා තියෙන්නේ කියලා පෙන්නන්න.

:       0       35

BamunuarachchiWednesday, 03 January 2018 04:17 PM

නිසර්, ඉස්ලාම් ආගම පටන් ගත්තේ කොතනින්ද කියා ඔබ දන්නවාද? ක්‍රිස්තියානි ආගමත්, ඉස්ලාම් ආගමත් පටන් ගත්තේ එක පුද්ගලයකුගෙන්... එ් කියන්නේ එබ්රාම් ගෙන්... එ්ක හරියට අයියා සහ මල්ලිගේ වගේ.

:       0       3

Ruwan RWednesday, 20 December 2017 05:13 AM

විශ්වාසය හා සත්‍යය කියන්නේ එකක් නෙමෙයි දෙකක්. සාක්ෂි රහිත හා ඔප්පු කල නොහැකි අන්ධ භක්තියෙන් මිදිලා විද්‍යාත්මක මනසින් ලෝකය දකින්න.

:       0       109

nisarWednesday, 20 December 2017 01:26 PM

මේක අනවශ්‍ය විවාදයක්. ඇත්තටම ආගම් විශ්වාසය මත තමයි පදනම් වෙලා තියෙන්නේ. විද්‍යාවෙන් ඔප්පුකරලා ආගම් විස්වාස කරන්න තරම් විද්‍යාව මිනිස් සමාජයට යහපතක් කරලා නැහැ. නමුත් ගවේෂණයන් සංසංදනය කරන එකේ වරදක් නැහැ. රවී මයා, ලෝකය ගෝලාකාර නිසානේ රෑ දහවල් නියමිත පැයගාණකට සැරයක් ක්‍රමානුකූලව බිහි වෙන්නේ. අහස, පොළව, ආකාශ වස්තුන් ගැන හැමතැනම කියල තියනවා. ඉන් සමහරක් පහත අංක කුරාන් කියන වචනයත් එක්ක ගූහල් කරලා බලන්න පුලවන්. (21:33, 36:40, 31:29, 22:61, 35:13, 6:96,39:5). ටිකක් අන්තර්ජාලයෙන් මේගැන වැඩිපුර සොයලා බලන්න. මගේ අදහසට වඩා පැහැදිලි විස්තර කිරීම් සොයාගන්න පුළුවන්.

:       270       110

BamunuarachchiWednesday, 03 January 2018 04:02 PM

එහෙම කියන්න එපා. විශ්වාසය මත බොහෝ දේ ලෝකේ සිදුවෙනවා. ඒ සිදුවීම් අනික් විශ්වාස කරන්නන්ට හානි වෙන අවස්ථා තිබෙනවා. මුස්ලිම් ආගමේ කියනවා දෙවියන් විශ්වාස නොකරන කෙනා කෆීර් හෙවත් බොරුකාරයෙක් ලෙස... ඔහුව මරුවාට ඉස්ලාම් භක්තිකයාට විරුද්ධව කිසිවක් නොකළ යුතු බව. ඔබලාගෙන් අසුවහොත් ස්වර්ගයට ගියාම මොනවද ලැබෙන්නේ කියලා දෙන පළමු පිළිතුර තමයි කන්‍යාවියන් ලැබෙනවා කියලා.

:       2       19

amal Sunday, 17 December 2017 12:30 PM

අවශ්‍ය නැහැ අලුත් ග්‍රහ ලෝක හොයන්න. තියෙන ලෝකය රැකගන්න මේ සල්ලි වියදම් කරන්න ඕනෑ. අපිට කවදාවත් ඕවයේ පදිංචි වෙන්න යන්න බැහැ. දුර වැඩියි. අනික මේ තියෙන ලෝකේ, අපිට ඔක්කොම තියෙනවා. පරිසරය රැකගන්න. විද්‍යාඥයෝ තමයි මේ මෝඩ වැඩවලට සල්ලි නාස්ති කරන්නේ. උල්කාපත වැස්ස එනවා කියලා කලින් කිව්වත්, නැතත් වෙනසක් නැහැ. ඕව කිව්වා කියල ඇති වාසිය මොකද්ද? නවත්තන්න බැහැනේ....

:       45       117

මොහාන් Wednesday, 20 December 2017 06:52 AM

හැම දේකටම ආගම ගාවගන්න එපා. කුරානය කියන්නේ අනිත් ආගම්වලින් ටික ටික අහුලගත්තු දේවල්. අවුරුදු 1500 කට කලින් තිබ්බ... එහෙනම් හින්දු ආගමේ ඕවා කියලා තියෙන්නේ අවුරුදු 15000-20000 කට කලින්. ඔබ මේ 1500 ක් ගැන දොඩවනවා.

:       0       149

ajithkaru Thursday, 21 December 2017 04:39 AM

ඔය විවාදය නවතමු. සත්‍යය ජය ගනී. මතකයිනේ පානදුරා වාදය.

:       2       3

sayimon Saturday, 23 December 2017 03:09 PM

අද සිංහල පත්‍රයක තියෙනවා ක්‍රිස්තුවර්ෂ හත්සිය ගාණකට පසු දෙසැම්බර් 25 දිනක ඉපදුණු ආගමික නායකයෙකුගේ කේන්දර සටහනක්. කිසියම් ආගමික ශාස්තෘ කෙනෙක් ඉපදුණු දිනය නිවැරදිව කියන්න බැහැ. මක්නිසාදයත් වර්තමාන කැලැන්ඩරය හා ඉතිහාස දින ගලපන්න බැහැ..

:       0       19

sampath Saturday, 30 December 2017 08:02 AM

මේක බුදු දහමේ විස්තර කරලා තියෙන්නේ උපමාවකින් අබ ඇට අහුරක් විසි කලොත් කීයක් පැළ වෙන්න පුළුවන්ද කියලා... ඒ නිසා අපි වගේ ලෝක ඕනේ තරම් තියෙනවා වගේම ඒවායේ ඇසට පෙනෙන නොපෙනෙන ජීවින් ඉන්නවා. එ්ක එහෙම විය යුතුයි. මොකද අපි විතරක් මුළු විශ්වයේම ඉන්නවා කියන එක තාත්වික නැහැ. ලෝක විෂය ගැන ඉගැනීමෙන් අපිට ඵලක් ලැබෙන්නේ නැහැ. වරක් මුගලන් හාමුදුරුවෝ විශ්වය ගැන හොයනකොට බුදු හාමුදුරුවෝ එ්ක වලක්වා තියෙනවා.

:       0       17

sena Saturday, 30 December 2017 05:09 PM

මෙන්න බුදුන් දේසනා කල දේ " ලෝක විෂය අචින්ත යි " ලෝකයේ සහ ජීවයේ මුල හොයන්න එපා .ජීවීන් ඉන්න වෙනත් ලෝක තිබෙනවා , මන්දාකිනි චක්‍රාවාට ගැන කියල තිබෙනවා. මුගලන් හිමිට කීවා විශ්වයේ කෙලවර හොයන්න එපා කියල.

:       0       185

w.l sudath Monday, 01 January 2018 03:05 PM

ග්‍රහවස්තුන්ගේ චලිතය පිළිබඳව දැනගැනීමට, කක්ෂීය පතයින්ගේ ජයමිතිය නමින් ඇති වීඩියෝව නරඹන්න... ඔබේ අදහස් ලියන්න

:       0       1

සනත් Wednesday, 03 January 2018 05:56 AM

තවමත් මේ ලෝකයෙම සාගර පතුල ගවේශනය නොකර යුනිවර්ස්,මල්ටිවර්ස් හොයන් යන ගමන අරුතක් අරුතක් ඇති දෙයක්ද? සනත්

:       2       0

H. Perera Friday, 05 January 2018 03:37 AM

විද්‍යාඥ ඇල්බට් අයිස්න්ටයින් එක තැනක කියල තියෙනවා, බුදුදහම ඉදිරියේ නවීන විද්‍යාව ළදරුවෙක් කියල. මට කියන්න තියෙන්නේ එච්චරයි.

:       1       17

ramanayaka Friday, 05 January 2018 06:58 AM

බුද්ධ දේශනාවට අභියෝග කිරීමට කිසිවෙක් මේ විශ්වයේ පහල වුයේ නැත.

:       0       24

lalith Saturday, 06 January 2018 05:31 PM

බුදු හාමුදුරුවොත් කිව්වා නේද ඔය වැඩක් නැති දේවල් හොයන්න එපා කියලා. දැන් ඉතින් යමල්ලකෝ පුලුවන්නම් ඒකට. පොළොවේ තිබුණු තෙල් ටිකත් දැන් බාගයක්ම පුච්චලා ඉවරයි. මුහුදු වතුරෙන් යන්න ක්‍රමයක්වත් හොයාගත්තොත්.

:       17       0

nisha Sunday, 07 January 2018 06:23 AM

කට්ටියම වෙන රටක හිටිය කියන, කිව්වා කියල ඔහේ කියවනවා.කවුරුත් ඇමරිකාව තමන්ගේ සල්ලි වලින් ලෝකයට ප්‍රෙයා්ජනවත් වන සොයා ගැනීම් අනාගත ලෝකයටම වැදගත් වේවි .අවුරුදු 2500 ඉස්සෙල්ල බුදු හාමුදුරුවෝ මොනවා කිව්වද කියල නොදන්නා මෝඩයෝ කාලයෙන් කාලයට ආගම අලුත් කරන්නේ පිටරටවල සොයා ගැනීම් උපයෝගී කරගෙන.......................

:       0       134

Danushka Friday, 12 January 2018 03:08 AM

ඔය මිත්‍යා විස්වාස දැන්වත් නවත්වන්න. පුලුවන්නම් මේ ගැන ඉගෙනගන්න පුළුවන් වෙබ් අඩවියක් මට එවන්න.

:       0       2

kalani withanage Wednesday, 23 May 2018 04:54 AM

ස්ටීවන් හෝකින්ස් නමැති විසිඑක්වන සියවසේ බිහිවූ මහා මිනිසා නැවත ඉපදීම පිලිබඳ සංකල්පයට දැඩි ප්‍රහාර එල්ල කර ඇති බව රාමනායක මහතා නොදන්නේද?

:       0       3

BIHANDU Saturday, 15 May 2021 10:30 AM

අනේ යන්න...!!!

:       2       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site