සීකා වෛරසයට එරෙහිව නිපදවූ ප්‍රථම එන්නත ජනතාව හරහා පරික්ෂා කිරීමට ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන අධිකාරිය අවසර ලබා දී තිබේ.
ඉනොවියෝ නම් සමාගම මෙම එන්නත නිපදවා තිබේ.
සීකා වෛරසයෙන් ලෝක ජනතාව බේරාගැනීමට එන්නතක් නිපදවීමට සමහරවිට තවත් වසර ගණනාවක් ගත විය හැකි නමුත් එම ගමනේ පළමු පියවර මෙය බව එම සමාගම පවසයි.
එමෙන්ම ලබන සතියේ සිට එම පරික්ෂා කිරීම සිදු වන අතර වෙළදපොලට එම එන්නත නිකුත් කරනු ඇත. එහි ප්‍රතිඵල මේ වසරේ අවසානයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව එම සමාගමේ නිලධාරීහු පවසති.
මිට පෙර වඳුරන් භාවිතයෙන් එම එන්නත පරික්ෂා කර ඇති අතර ඉන් අපේක්ෂා සහගත ප්‍රතිපලයක් ලැබුණු බවව ද සඳහන්ය. එම වෛරසය පහුගිය කාලයේ ලොව පුරා ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරුණු අතර ගර්භනී මවුවරුන්ට හෝ ගර්භනී වීමට අපේක්ෂා කරන කාන්තාවන්ට සිකා වයිරසය පැතිරී ඇති ප්‍රදේශ වලින් ඉවත්ව සිටින ලෙසද, එම ප්‍රදේශ වල ජිවත් වන අයට දරුවෙකු සැදීම තාවකාලිකව කල්දමන ලෙසද දැනුම් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවට අාවේ සීකා එක්කෙනයි දෙන්නයි. ටක් ගාලා බේතක් හැදුවා. ඒ පුද්ගලික සමාගමකින්. ලංකාව ඇතුළු රටවල් ගණනාවක ඩෙංගු මාරයා ජීවිත දහස් ගණනක් බිලිගන්නවා. නමුත් කවුද අපට බේත් හොයලා දෙන්නේ? (නි)
ඈයි අර ගාල්ල පෑත්තේ හිටියේ දොස්තර අක්කා කෙනෙක් බෙහෙතක් හොයගත්ත කරපු හොර වෑඩේට තාමත් යහතින්දනම් දන්නේ නැහැ (බ)