IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ආක්ටික් අයිස් ආවරණය අඩුවෙයි

උත්තර ධ්‍රැවයේ ආක්ටික් අයිස් ආවරණය 2007 වර්ෂයෙන් පසු දෙවැනි වතාවට අඩුම අගයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2012 වර්ෂයේ දී ආක්ටික් මහද්වීපයේ අයිස් ආවරණය වර්ග කිලෝ මීටර ලක්ෂ 33.9 ක් වූ අතර පසුගිය සැප්තැම්බර් 10 දා වාර්තා වී ඇති පරිදි අයිස් ආවරණය වර්ග කිලෝ මීටර ලක්ෂ 41.4ක් දක්වා අඩුවී තිබේ.

උත්තර ධ්‍රැවයේ අයිස් ආවරණය සෑම වර්ෂයකම සරත් සෘතුවේ දී සහ ශීත සෘතුවේ දී වර්ධනය වන අතර වසන්ත හා ගිම්හාන සෘතුවල දී අයිස් ආවරණය විශාල වශයෙන් අඩුවෙයි. ලෝකයේ දේශගුණික පද්ධතිය වෙනස්විම සම්බන්ධ දර්ශකයක් ලෙස ද මේ තත්ත්වය සැළකිල්ලට ගනී.

ලොව අයිස් ප්‍රමාණය මිනුම් කරනු ලබන්නේ චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමිනි. එය කොලරාඩෝ, බෝල්ඩර් හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද හිම හා අයිස් දත්ත මධ්‍යස්ථානය විසින් මේ මිනුම් කටයුතු හා දත්ත විශ්ලේෂණය සිදුකරනු ලබයි. 

සුළං තත්ත්වය හේතුවෙන් ඉදිරි සති කිහිපයේ දී දැනට තිබෙන අයිස් ප්‍රමාණය තවදුරටත් අඩුවිය හැකි බව ද එම මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ටෙඩ් ස්කැම්බෝස් මාධ්‍යයට පවසා ඇත්තේ ඉදිරි වසර කිහිපයේ දී ගෝලීය උණුසුම වැඩිවීමත් සමඟම අයිස් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවන ආකාරය නිරීක්ෂණය කිරීමට සිදුවනු ඇති බවයි.

අඩු වායු පීඩනය සහ වළාකුළු සහිත අහස හේතුවෙන් අයිස් දියවීම ජුනි හා ජූලි මාසයේ දී යම් තරමකින් අඩුවූ බව ද ඔහු කියයි.

_91217189_seaicemin_2016_withaveext _91217238_c0207070-polar_bear_standing_on_a_ice_floe-spl



අදහස් (0)

ආක්ටික් අයිස් ආවරණය අඩුවෙයි

ඇසළ Friday, 16 September 2016 02:04 PM

එහෙ දියවෙන්නේ අයිස්. ආණ්ඩුව නිසා අපේ දියවෙන්නේ සල්ලි. එ්කයි වෙනස. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 20 September 2016 12:08 AM

කව්ද මේවාට වගකිවයුත්තේ? කකුල් දෙකේ සතාමයි. තමන්ගේ වළ තමන් විසින්ම කපා ගන්නවා (නි)

:       0       0

ඔසද Wednesday, 21 September 2016 07:51 AM

තව ඉස්සරහට මොන මොන කරදර වලට මුහුණදෙන්න වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉන්දික Wednesday, 21 September 2016 04:33 PM

2012 වර්ෂයේ දී ආක්ටික් මහද්වීපයේ අයිස් ආවරණය වර්ග කිලෝ මීටර ලක්ෂ 33.9 ක් වූ අතර පසුගිය සැප්තැම්බර් 10 දා වාර්තා වී ඇති පරිදි අයිස් ආවරණය වර්ග කිලෝ මීටර ලක්ෂ 41.4ක් දක්වා අඩුවී තිබේ.? (අ)

:       0       0

ගුණවර්ධන Thursday, 22 September 2016 06:21 AM

ඉස්සරහට අපිටත් මේ ලෝකයේ බොහෝ සම්පත් ගැන බලාපොරොත්තු අත්හරින්න වෙයි (නි)

:       0       0

සංකල්ප Sunday, 18 September 2016 05:20 AM

ගෝලීය උණුසුම කෙසේ හෝ පාලනය කර, ආක්ටික් අයිස් ආවරණය ආරක්ෂා කර සංරක්ෂණය කළ යුතුවේ. නැත් නම් හිම වලසුන්ට ජිවත් වන්නට සිදු වන්නේ තැන තැන ඇති වතුර වළ වල් වලය. ස්වභාව ධර්මයට වන හානිය ද සුළු පටු නොවේ. (බ)

:       0       0

තුසිත Saturday, 17 September 2016 04:59 AM

ඇසළ, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තමයි (නි)

:       0       0

මොහොමඩ් පාසිල් Thursday, 22 September 2016 03:22 AM

ලියනඩො ඩි කැප්‍රියො ද රෙවරන්ඩ් චිත්‍රපටියට ඔස්කාර් සම්මනයක් දිනාගෙන කිව්වෙත් මේක ගැන තමා..අපි හිතනවාට වඩා වේගයෙන් මෙක වෙනවා.. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site