පර්යේෂණ කාර්යයක් සඳහා හවායි දූපතේ අඟහරු ග්‍රහයාට සමාන පරිසරයක හුදකලාව විසූ විද්‍යාඥයින් සය දෙනා නැවත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවායි දූපතේ මුහුදු මට්ටමෙන් අඩි 8200ක් ඉහළ ප්‍රදේශයක පිහිටි මවුනා ලෝවා නම් ගිනි කන්දේ බෑවුමක දින 365ක් මෙම විද්‍යාඥයින් වාසය කර ඇත.
මෙම පර්යේෂණයේ අරමුණ වී ඇත්තේ හුදකලාවීමේ ප්‍රතිඵල අධ්‍යයනය කිරීමයි. නුදුරු අනාගතයේදී සත්‍ය වශයෙන්ම අඟහරු කරා යන ගමනකදී ඒ සඳහා ගතවන මාස හයක පමණ දීර්ඝ කාලය තුළ එකිනෙකා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් මිනිස් වාසයෙන් බැහැර හුදකලා පරිසරයකදී ක්‍රියාත්මක වන ආකාරයත් සම්බන්ධව මෙහිදී අධ්‍යයනය කර ඇත.
නාසා ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් හවායි විශ්වවිද්‍යාලය මගින් මෙම පර්යේෂණය සිදු කර ඇත. මීට පෙර මාස හතරක් සහ හයක් බැගින් විද්‍යාඥයෝ හුදකලාව සිටිමින් පර්යේෂණයන්හි නිරත වී ඇති අතර මෙය එසේ ගත කළ දිගම කාලය බව ව්‍යාපෘතියේ ප්‍රධානී හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිම් බින්ස්ටඩ් පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට ත්‍රාසජනක චිත්‍රපටියක් වගෙයි (නි)
නිල්මිණි කියන එක ඇත්ත. මෙයාල ගිහිල්ලා තියෙන්නේ තණ්හාවෙන් මිදෙන්න නොවෙයි. අඟහරු ග්‍රහයා වෙත යන පරීක්ෂණයකට (නි)
නිල්මිණිත් ජපානයේ ඉන්නේ හුදකලාවෙලා වගේ.
හුදකලා වූ ජීවිතවල රහස් බහුලය. (බ)
තේ කෝප්පයේ කුණාටුව වගේ අපේ අය හැමවිටම යන්නේ කොහෙද මල්ලේ පොල්. (බ)
සිදුහත් තවුසාණන් තරම් හුදකලාවූ අයෙක් මෙලොව නැති තරම්. එසේ හුදකලාව සිට මනසින් ලොව සොයාගත් දෑ අනන්තය,අප්‍රමාණය... (නි)
තණ්හාවෙන් මීදිම සොදුරු හුදකලාව වේ (ම)
ඔළුවට එන විකාර ඔක්කොම කියවන්නේ නැතුව, අපේ කට්ටිය මේ පර්යේෂණයේ හුදකලා වීමේ අරමුණ කියවන්න. (නි)