IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


“සුපිරි සඳ“ සඳුදා

අවුරුදු 68කට පසු දැකිය හැකි විශාලම සහ දීප්තිමත්ම චන්ද්‍රයා සඳුදා (14) රාත්‍රී අහසේ දැකිය හැකි බව නාසා ආයතනය පවසයි. මෙය “සුපිරි සඳ“ ලෙස හඳුන්වයි.

මෙවැනි දිනයක පායන හඳ සාමාන්‍ය පසලොස්වක දිනයක හඳට වඩා සියයට 14ක විශාලත්වයකින් සහ සියයට 30ක දීප්තියකින් වැඩි බව එම ආයතනය කියයි.

මෙම අවස්ථාව විස්තර කරමින් නාසා ආයතනය පවසන්නේ චන්ද්‍රයා පෘථිවියට වෙනදාට වඩා ආසන්නයෙන් ගමන් කරන බවයි.

අවුරුද්දකදී අවස්ථා කිහිපයක් චන්ද්‍රයා පෘථිවියට ලඟින් ගමන් කරන අතර හෙට දිනයේ විශේෂ අවස්ථාවක් බවත් මෙවැනි අවස්ථාවක් මීට පෙර උදාවී ඇත්තේ 1948 වර්ෂයේදී බවත් ඔවුහු පවසති. නැවත මෙවන් අවස්ථාවක් දක්නට ලැබෙන්නේ 2034 නොවැම්බර් 25 වැනිදාය.

මෙම සංසිද්ධිය පියවි ඇසින් දැකිය හැකි අතර රාත‍්‍රී 7.30 ට පමණ හොඳින් නිරීක්ෂණය කළ හැකි බවත් ශ්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය පවසයි.

උදම් රළ ඇති වීමේ දි චන්ද්‍රයාගේ බලපෑමක් ඇති බවත්  ඒ අනුව මෙදින චන්ද්‍රයා පෘතුවියට ආසන්න විම හේතුවෙන් උදම් රළ වැඩි විමේ අවදානමක් ද ඇතැයි ග‍්‍රහලෝකාගාරය පෙන්වා දෙයි.

එමෙන්ම එම අවස්ථාවේ දී සූර්යයා පෘථිවිය හා චන්ද්‍රයා යන ආකාශ වස්තුන් තුනම එකම රේඛාවක පිහිටයි.



අදහස් (0)

“සුපිරි සඳ“ සඳුදා

අංජුල Monday, 14 November 2016 07:29 AM

මේ වැහි වලා එක්ක මේ හඳ පෙනෙයිද?(හේ)

:       0       0

ගුණසේන Wednesday, 16 November 2016 07:39 AM

මේ කියන ලොකු සුපිරි සද නොවැම්බර් 14 වැනි දා සෞදි අරාබියේ දී දැක්කා .,,, (ම)

:       0       0

ශයිනි Monday, 14 November 2016 09:03 AM

මේ වගේ වැදගත් දෙයක් ගැන ලෝකෙම කථා කරන වෙලාවේ ගොන් කථා කියන අයත් ඉන්නවානේ (බ)

:       0       0

විජිත් Thursday, 17 November 2016 09:25 AM

මේ ස‍ඳේම සෙවණැල්ලේ අපි හමුවුයේ - මේ ස‍ඳේම සෙවණැල්ලේ අපි වෙන්වූයේ... (නි)

:       0       0

විජය Monday, 14 November 2016 11:24 AM

‘සුපර්මූන්‘ බලන හැමකෙනෙක්ගෙන්ම 14% වැට් බද්දක් අනිවාර්යෙන්ම ගන්නවාලු (නි)

:       0       0

සිසිල් Monday, 14 November 2016 12:28 AM

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ එදා සඳ නොව මෙදා සඳ ඔබ .(අ)

:       0       0

සිසිර Monday, 14 November 2016 12:42 AM

එතකොට අර අපේ පාලිමේන්තුවේ ඉන්න සුදට සුදේ දිලෙන සුපිරි මැතිසඳලාට මොකද වෙන්නේ? (නි)

:       0       0

සඳා Monday, 14 November 2016 12:52 AM

සඳවතියේ, දෙනෙත් යොමා බලා සිටිමි මා..... පායා පුන්සඳ අහස් කුසේ..... දිලිහි දිලිහි අප වෙත ළංවෙන සැටි..! අරුමයකි! කාන්තියකි! (නි)

:       0       0

අනුර Monday, 14 November 2016 03:11 AM

බොහොම පින් අපිව මේ ගැන දැනුවත් කළාට (නි)

:       0       0

නාමල් Sunday, 13 November 2016 09:15 AM

සද හොරෙන් හොරෙන් හොරෙන් බලා,වලා රොදක සැගවිලා,අපේ මිවුරු පෙම් කතා,අසා සිටිනවා ----අසා සිටිනවා, (හේ)

:       0       0

සිසි Monday, 14 November 2016 10:34 PM

ශයිනිට අහිංසක විහිලුවක්වත් තේරුම් ගන්න බැරිවීම ගැන දුකයි.(අ)

:       0       0

සිසිර Sunday, 13 November 2016 12:10 PM

එය පිස්සු හැදෙන සඳක් නොවේවා යනු මගේ පැතුමයි! (නි)

:       0       0

ජයතු - අරාබිය Wednesday, 16 November 2016 06:01 PM

මෙදින සවස හතට පමණ කුවේට් රටට මේ සුපිරි සඳ ඉතා පැහැදිලිව පෙනුණා.(රේ).

:       0       0

පිටිගල මිලානෝ Sunday, 13 November 2016 12:51 PM

සුපිරි චන්ද්‍රයා පායනකොට මොන මොන පිස්සු හැදෙයිද දන්නේ නැති නිසා ප්‍රවේශමෙන් කවුරු කවුරුත් ඉන්න බලන්න. (නි)

:       0       0

හේමන්ත Friday, 18 November 2016 12:37 AM

අ‍නේ සඳ...........!

:       0       0

ගුණසිරි Sunday, 13 November 2016 02:14 PM

සරා සඳට අප අමතක නොවුණා වගෙයි! දුක්පීඩා ලොවට ඇති සෞභාග්‍යයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 425 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16819 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site