IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


වයඹ සරසවිය සූර්ය බලශක්ති බැටරි හදයි

(ගයාන් සූරියආරච්චි)

සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා දේශීය මිනිරන් හා ජෙලි පොලිමර් විද්‍යුත් විච්ජේද්‍ය උපයෝගී කරගෙන පරිසර හිතකාමී අඩු පිරිවැය බැටරි හා විශේෂ ධාරිත‍්‍රක වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවා තිබේ.

පර්යේෂණ කණ්ඩායම විසින් නිපදවන බැටරිවල ජෙල් පොලිමර් විද්‍යුත් විච්ජේදක ලෙසත් ධන අග‍්‍රයට මැග්නීසියම් හෝ සින්ක් ලෝහයන් හා සෘණ අග‍්‍රයට දේශීය මිනිරන් භාවිත කර ඇත. විශේෂ ධාරිත‍්‍රක සඳහා මිනිරන් සහ ජෙල් පොලිමර් විද්‍යුත් විච්ජේද්‍ය යොදාගෙන පර්යේෂණාගාර මට්ටමින් සාර්ථකව අත්හදා බැලූ බව විද්‍යාඥයෝ පවසති.

වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාවහාරික විද්‍යා පීඨයේ ඉලෙක්ට්‍රෝනික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය කමල් විදානපතිරණ මහතා සහ මහාචාර්ය කුමුදු පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පශ්චාත් උපාධි අපේක්‍ෂක ඩබ්ලිව්.ඒ.ඩී.එස්. වීරසිංහ සහ වත්සලා ප‍්‍රසාදිනීගේ දායකත්වයෙන් මෙම පර්යේෂණය සිදු කෙරේ.

පර්යේෂණය පිළිබඳව මහචාර්ය කමල් විදානපතිරණ මහතා  අදහස් දැක්වූයේ මෙසේය.

‘‘දැනට රජය විසින් ක‍්‍රියාත්මක කරමින් පවතින සූර්ය බල ශක්ති සංග‍්‍රාමයේ නිවාස දශ ලක්‍ෂයකට සූර්ය පැනල ලබාදීමේ වැඩසටහන ඇතුළු විවිධ ඉලෙක්ට්‍රෝනික භාවිතයන් ඉලක්ක කරගෙන මෙම බැටරි හා විශේෂ ධාරිත‍්‍රක සැකසීමට අප තීරණය කළා.’ 

‘සූර්යබල නිෂ්පාදනයේ දැනට පවතින ප‍්‍රධාන ගැටලූව ලාභදායී ලෙස එම විදුලි බලය ගබඩා කිරීමට නොහැකි වීමයි. විශේෂයෙන් රාත‍්‍රී කාලය සඳහා එම සංරක්‍ෂිත විදුලිබලය ඉතා අත්‍යවශ්‍යයයි. දැනට ගබඩා කිරීමේ උපකරණ ලෙස පවතින බැටරි හා විශේෂ ධාරිත‍්‍රකවල මිල ඉතා අධිකය. සූර්ය බලශක්ති සංග‍්‍රාමය ප‍්‍රධාන වශයෙන් ඉලක්ක වනුයේ ග‍්‍රාමීය ජනතාවටය. එහිදී ඔවුන්ට දැරිය හැකි මිලකට බැටරියක් හෝ විශේෂ ධාරිත‍්‍රක නිපදවීම අත්‍යවශ්‍ය වෙනවා.’

මීට පෙර අප විසින් වෙනත් ව්‍යාපෘති කීපයක් යටතේ සැකසූ ජෙල් පොලිමර් විද්‍යුත් විච්ජේද්‍ය මෙහිදී යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊට හේතුව දැනට ලොව පුරා දක්නට ලැබෙන බොහෝ බැටරි හා විශේෂ ධාරිත‍්‍රකවල ඇති විද්‍යුත් විච්ජේද්‍යවල ඇති ගැටලූකාරී තත්ත්වයි.’
 



අදහස් (2)

වයඹ සරසවිය සූර්ය බලශක්ති බැටරි හදයි

ආනන්ද සිසිර කුමාර Saturday, 08 July 2017 03:46 PM

විශිෂ්ඨ විද්‍යාත්මක නිෂ්පාදනයක්. ලංකාවේ බලශක්ති ගැටළුව විසඳීමට මෙවැනි දෙයක් ලංකාවේ විය යුතුයි යන්න මම බොහෝ අවස්ථාවල හිතපු දෙයක්. ප්‍රාර්ථනා කල දෙයක්. තව තවත් සොයා ගැනීම් කර රටේ ප්‍රශ්න විසඳාගැන්මට දායක වන්න. ඔබ සැමටම ගෞරව කරනවා.

:       0       6

sachith Wednesday, 16 August 2017 04:47 AM

අපේ පාලකයෝ කියන කන්නුන්ට මේ වගේ මැණික් ගල් කකුලේ වැදුනට ගානක් නෑ. කොමිස් කුට්ටියට ඕනි ජරාවක් ගෙනත් දායි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site