(විනීතා එම් ගමගේ)
අලි මිනිස් ගැටුම අවම කිරීමට තරංගමාලා සහිත නව ක‍්‍රමයක් යොදා ගැනීමට තිරසර සංවර්ධන හා වන ජීවී අමාත්‍යංශය තීරණය කොට ඇත.
අලියාගේ පියවර හඬට කිලෝ මීටර් 10 ක් ද කුංචනාදයට කිලෝමීටර් 20ක් ද දුරට සංවේදී වන තරංග මාලා සහිත මෙම ක‍්‍රමය සකස් කර ඇත්තේ විදේශ ගතව ජීවත් වූ ශ‍්‍රි ලාංකිකයෙක් වන පෘතුවිරාජ් ප‍්‍රනාන්දු විසිනි.
අතිශයින් අසාර්ථක වු අලි වැට තවදුටත් ඉදි නොකරන බවත් එයින් බලාපොරොත්තු වූ ප‍්‍රතිපල නොලැබෙන බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6) පැවැති මාධ්‍ය හමුවක දී තිරසාර හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුලි වැට වෙනුවට නව ක්‍රමයක්
Perakum Friday, 07 July 2017 01:59 AM
මේකත් ඔය කියන ගරු ඇමතිතුමා සොමවතියේ බුදු රැස් දැක්ක වගේද දන්නේ නෑ. අලි වැට නැතුවට වන ජීවියෙ ලොකු මහත්තුරු අලි එන එක වලක්වන්න ඉතා පහසු සරල ක්‍රම දන්නවා. ඇයි ඒවා නොකරන්නේ?
H.M.Nawarathna banda Friday, 07 July 2017 09:42 AM
මෙම ක්‍රමය ඇයි ඉක්මණට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? බොහෝ අලි ප්‍රශ්න මහියංගනය ප්‍රදේශයේ ඇත. මෙය ඉතා හොඳ ක්‍රමයකි.
ධම්ම Sunday, 09 July 2017 03:00 AM
අලින්ට සිරස් බැමිවලින් උඩට නගින්න බැහැ. වගා ළිංවලට වැටුනාම එයාලට ගොඩ එන්න බැහැ. ඒ න්‍යාය භාවිතාකර පාරවල් සහ ගංගා ඉවුරු උපයෝගීකොටගෙන සිරස් බැමි සාදා එයාලට අයිති ඉඩම් වෙන්කර දිය හැකියි නේද. මෙය සංචාරක ව්‍යාපාරයේ දියුණුවටත් හොඳ වැඩක්. අලිමිනිස් ගැටුමත් නතරවේවි. මේ පිළිබඳව කතිකාවතකට කාලය එළඹ තිබේ.
wedageTuesday, 11 July 2017 11:17 AM
මේ සිරස් බැමි ක්‍රමය ජනතාවට හදුන්වාදීමට ක්‍රමයක් ඉක්මනින්ම සොයන්න රජයට කලින් මහජන ශ්‍රමයෙන් මේ වැඩේ කරන්න පුළුවන් අනිත් එක ජේ සී බි එකක් බාවිතා කරන්නත් පුලුවන්