IMG-LOGO

මොරටු සරසවියෙන් තිදෙනෙක් විශිෂ්ටයන් 33 අතරට

(ගයාන් සූරියආරච්චි)

අන්තර්ජාතික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු  ආයතනයේ (IEEE ) සංවේදක කවුන්සිලය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේදී සංවිධානය කළ නව නිර්මාණ සහ ඉදිරි තාක්ෂණය හඳුන්වාදීමේ සමුළුවේදී පර්යේෂණ 1049 ක් අතරින් අවසන් 33 දෙනා අතරට පිවිසීමට මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ නව නිර්මාණකරුවෝ තිදෙනෙක් පසුගියදා සමත්වූහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ එරංග ද සිල්වා, පේශාන් සම්පත්, ඉසුරු උදයංග මුද්‍රණ තාක්ෂණය උපයෝගී කර නිපදවූ ‘බල සංවේදකය’ අවසන් නිර්මාණ 33 අතරට තේරී පත්විය.

බල සංවේදකයක් යනු භෞතික වශයෙන් යොදන බලය විද්‍යුත් තරංගයක් බවට පරිවර්ථනය කරන උපකරණයකි. විද්‍යාව හා තාක්ෂණය ප‍්‍රචලිත කිරීම වෙනුවෙන් ලෝකයේ කීර්තියක් දිනා සිටින විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ මෙම සමුළුව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ප‍්‍රථම වතාවට මොරටුව විශ්වවිද්‍යාලයට වාසනාව උදාවිය. මෙම සමුළුවට ලෝකයේ තාක්ෂණයෙන් දියුණු රටවල් 45 ක් පමණ සහභාගි වූ අතර එය ඇමෙරිකාවේ  ඕලන්ඩෝ නගරයේදී පැවැත්විණි.

ත‍්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය සහ නව තාක්ෂණික මූලද්‍රව්‍ය උපයෝගී කරගෙන මෙම බල සංවේදකය නිර්මාණය කෙරුණු අතර එවැනි බල සංවේදකයක් ලංකාවේ නිපදවූ ප‍්‍රථම අවස්ථාවද මෙයවේ.

මෙය නිපදවීමේදී මයික්‍රෝ නැනෝ සංවේදක නිපදවීම පිළිබඳව පුළුල් ඇත්දැකීම් සහිත මොරටුව විශ්ව විද්‍යාලයේ මෙකාට්‍රොනික්ස් සම්බන්ධීකාරක, යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙය නිර්මාණය විය. මේ සඳහා ද්‍රව්‍ය හා විද්‍යා ඉංජිනේරු අධ්‍යනාංශයේ අංශ ප‍්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් වේරගොඩ සහ ජපානයේ සපෝරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අට්සුශි මිටානි යන මහත්වරුන්ගේ සහායද ලැබිණි.

ත‍්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය බොහෝ දුරට ගෘහ නිර්මාණ ශිල්පීන්, ග‍්‍රැෆික් නිර්මාණකරුවන්, පාසල් දරුවන් විසින් නොයකුත් අනුරූ නිර්මාණය කිරීමට යොදාගත්තද සංවේදකවල අභ්‍යන්තරික ව්‍යුහාත්මක ලක්ෂණ පාලනය කරන ක‍්‍රමවේද සිදුකිරිමට යොදා ගන්නා ප‍්‍රවණතාව ඉතා අඩු මට්ටමක පවතී. ඒ අභියෝගයට මුහුණදෙමින් බල සංවේදකයේ අභ්‍යන්තරික ව්‍යුහාත්මක ලක්ෂණ ගණිත සංකල්ප සහ සමාකෘතික ක‍්‍රමවේද උපයෝගී කරගෙන එහි සැකැස්ම නිර්මාණය කළ අතර පසුව ත‍්‍රිමාණ තාක්ෂණයෙන් මෙහි මූලික කොටස් ඔවුහු නිපද වුහ.

‘‘මෙම බල සංවේදකය නිපදවීමේදී මෙහි ආකෘතිය ත‍්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කරන්නේ කොහොමද, එය ගණිත සංකල්ප යොදාගෙන ආකෘතියක් පරිදි නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි ආරම්භයේදී සොයාබැලූවා. එම ගණිතමය ආකෘතියට අනුව මෙම සංවේදකය අභ්‍යන්තරික ව්‍යුහය යොදන බලයට අනුව පාලනය කිරිමට හැකිවන පරිදි අප නව තාක්ෂණික මූලද්‍රව්‍ය වලින් සංවේදක කොටස් නිර්මාණය කළා. ඉන්පසුව මෙහි ක‍්‍රියාකාරීත්වය සහ ගති ලක්‍ෂණ පූර්ණ වශයෙන් විශ්ලේෂණය කළා. එය ඉතා සාර්ථකත්වයට පත්වුණා.

මෙම සංවේදකය පරිශීලකයන්ගේ පහසුව සඳහා මයික්‍රෝ කොන්ට්‍රෝලරයක් සහිත ඉලෙක්ට්‍රෝනික පරිපථයක් හරහා නිකුත් වෙන විද්‍යුත් තරංග දත්ත හුවමාරු කෙරෙන යූ.එස්.බී. දත්ත හුවමාරු ක‍්‍රමය සහ විශේෂිතව නිපදවූ මෘදුකාංගයක් පරිගණකයට ස්ථාපනය කර මෙහි ඉලෙක්ටෝනික දත්ත දර්ශනය කිරීමට සහ නිරීක්‍ෂණය කිරීමට හැකිවන පරිදි වැඩි දියුණු කළා.

මෙම බල සංවේදකය නව සංකල්පයක් තුළින් අවම පිරිවැයකින් නිර්මාණය කර සංවේදක සමුළුවේ නව මාවතක ගමන් කිරීමට අපට හැකිවුණා. බොහෝ දියුණු රටවල් අධි තාක්ෂණික උපකරණ ඉදිරිපත්කර තිබුණා. ඒ වෙනුවෙන් විශාල මුදල් ආයෝජනය කර තිබුණා. ඒ සියලූ අභියෝග අභිබවා මුදල් සහ සම්මාන ලබමින් අපට අවසන් 33 අතරට පැමිණීමට හැකිවුණා.

ඇමෙරිකාවේ (IEEE) ආයතනය සංවිධානය කළ සමුළුවට සහභාගි වීමට අවස්ථාව ලැබිම ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් හැටියට අප ලද ජයග‍්‍රහණයක් කියන්න පුළුවන්. ලෝකයේ තාක්ෂණයෙන් දියුණු බොහෝ රටවල් අවසන් 33 දෙනාගෙන් ඉවත්වන විට ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට ඒ තැනට යන්න ලැබීම ගැන තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. විශේෂයෙන් අප විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සනාතන මණ්ඩලය ලබාදුන් සහාය සහ මේ සඳහා උපකාර කළ සියලූ දෙනාටම ස්තූති කිරීමටත් අප මෙය අවස්ථාවක් කර ගන්නවා.’’ යැයි ආචාර්ය රංජිත් අමරසිංහ මහතා පැවැසීය.



අදහස් (5)

මොරටු සරසවියෙන් තිදෙනෙක් විශිෂ්ටයන් 33 අතරට

ජානක වීරතුංග Thursday, 20 April 2017 01:26 AM

සුපිරියි කොල්ලනේ... ආඩම්බරයි මචං උබලා ගැන..

:       2       316

GAN Perera Thursday, 27 April 2017 05:43 AM

අපිට ඔබ ගැන ආඩම්බරයි මොරටුවේ අය හැටියට

:       2       28

prabsh Saturday, 29 April 2017 09:07 AM

සතුටුයි .. ඒත් අවාසනාවට අපේ රටේ කිසිම නව නිපැයුමක් ඉදිරියට ගන්න දියුණු කරන්න කිසිම රජයක් උනන්දු වෙන්නේ නෑ.. උදාහරණයක් ලෙස මුලින්ම අත් ට්‍රැක්ටර් එක නිර්මාණය කරේ අපේ රටේ කෙනෙක් ... ඒත් එ්ක ජපානයෙන් මිලදී අරන් අපට හදල එවනවා.

:       0       35

හේරත් Tuesday, 02 May 2017 08:11 AM

අනර්ඝයි

:       0       5

sensa Thursday, 18 May 2017 03:20 AM

අනර්ඝයි. ගැටලුව, ලංකාව තාම ඔබව පිළිගන්නට සූදානමි නෑ.අපි තවම දූෂිත දේශපාලකයින්ටයි ගැත්තර නිලධාරින්ටයි මැදිවෙලා, තුෂ්ණිමිභූතව ඉදිමු. කරුණාකර වෙන රටකට ගොස් ඔබගේ වැඩ පෙන්වන්න. ලෝකෙට ඇහෙන්න කියන්න ලංකාවෙි ඉපදුන ලාංකිකයෙක් කියලා. ඒකෙන්හරි අපි ආඩමිබර වෙන්නම්.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site