කලපු ආශ‍්‍රිතව ජීවත්වන ජීවීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ සිදුකළ පර්යේෂණයකදී පොලිතින් ආහාරයට ගැනීම නිසා මියගිය ඉන්දියා කොළ මැඩියන් කීපදෙනකු මුතුරාජවෙළ වගුරු බිමකින් සොයාගැනීමට හැකි වූ බව කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අංශය පවසයි.
පරිසරට මුදා හරින ප්ලස්ටික් හා පොලිතින් නිසා දිනකට දහස් ගණනක් සත්වයෝ මියයති. කැස්බෑවන්, මත්ස්‍යයන්, පක්ෂීන් හා ක්ෂීරපායි සතුන් පොලිතීන් සහ ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් මියගිය අවස්ථා කොතෙකුත් වාර්තා වුවද මැඩියන්ගේ පැවැත්මට පොලිතින් මෙලෙස තර්ජනයක්ව පවතින බව මීට පෙර වාර්තා නොවීය.
කලපු ආශ‍්‍රිත ජීවීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතා ඇතුළු කණ්ඩායම මෙම පර්යේෂණය සිදුකර තිබේ.
‘ලොවපුරා සියලූම සාගර පරිසර පද්ධති අද වනවිට පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා දූෂණයට ලක්වී තිබෙනවා. ස්වභාවික වනාන්තර හා මිරිදිය පරිසර පද්ධතිද මානව ක‍්‍රියාකාරකම්වලට හසුවූ බවට ඒවායේ එක් රැස්වී ඇති පොලිතීන් සහ ප්ලස්ටික් කසළ ගොඩවල් සලකුණ බවට අද පත්වී තියෙනවා. මීගමුව කලපුව ආශ‍්‍රිත මුතුරාජවෙළ පසුගියදා අප සිදුකළ පර්යේෂණයකදී ඉන්දියානු කොළ මැඩියන් කීපදෙනකු පොලිතින් ආහාරයට ගැනීම නිසා මියගොස් තිබුණා. කිහිප දෙනෙකුගේම අමාශය හා අන්ත‍්‍රය සම්පූර්ණයෙන්ම අවහිරවී තිබුණු අතර මෙම මැඩියන් බලවත් පීඩාවක් විදින්නට ඇති බව සනාථ වෙනවා. මොවුන්ගේ ආහාර මාර්ගය ඉදිමී විශාල වී තිබුණු අතර එය අවහිරවීමට හේතු වුයේ මැඩියන්ගේ ආහාර මාර්ගයට ඇතුල්වී තිබු ආහාර එතීමට ගන්නා තුනී පොලිතින් දවටනයි. සාමාන්‍යයෙන් ඉන්දියානු කොළ මැඩියන් ආහාරයට ගන්නේ කෘමීන්, ශාක පත‍්‍ර හා කුඩා මසුන්ය‘
‘අද වනවිට පොලිතීන් සහ ප්ලස්ටික් අපගේ දෛනික ජීවිතයේ නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා තියෙනවා. එහෙත් පොලිතීන් සහ ප්ලස්ටික් පරිසරට ඉමහත් හානියක් සිදුකරන අතරම මිනිසාගේ ශරීර සෞඛ්‍ය සඳහාද විශාල බලපෑමක් ඇතිකරනවා. මේ නිසාම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන පොලිතීන් සහ ප්ලස්ටික් භාවිතයෙන් ඉවත් කරන ලෙසට සියලූ ජාතීන්ගෙන් ඉල්ලා තියෙනවා‘
‘ප්ලස්ටික් යනු කාබන් හා හයිඩ‍්‍රජන් අඩංගු ස්වභාවික පරිසරය තුළදී දිරාපත්වීමට වසර සිය ගණනක් ගන්නා පෙට්‍රෝලියම් ආශ‍්‍රිත නිෂ්පාදනයකි. ලොව පුරා වසරකට ප්ලස්ටීක් ටොන් මිලියන 300 කට අධික ප‍්‍රමාණයක් භාවිත වන අතර මේවා දහනය කිරීමේදී ඇතිවන අධික උෂ්ණත්වය නිසා ඩයොක්සීන නැමැති අධික විස සහිත රසායනය පරිසරයට මුදා හැරෙනවා. ඩයොක්සීන මිනිසා සහ අනෙකුත් සතුන් තුළ පිළිකා, අන්තරාසර්ග පද්ධතිය ආශ‍්‍රිත රෝග හා වඳභාවය ඇති කරන අතර ලෙඩ රෝගවලට මුහුණදීමට ශරීරයට ඇති හැකියාව හීන කිරීමද සිදුකරනවා‘
ඉතා කුඩා ක්ෂුද්‍ර කැබලි බවට පත්වෙමින් දිරායන පොලිතීන් සහ ප්ලස්ටික් එහි අන්තර්ගත බිස්පීනෝල් හා තැලේට් පරිසරයට මුදාහරින අතර මෙම රසායන ද්‍රව්‍ය බොහෝ ලෙඩ රෝගවලට හේතුවක් වෙනවා. අස්වාභාවික දරු උපත්, වර්ධන දුබලතා මේවා අතරින් ප‍්‍රමුඛ වෙනවා. ඒ අනුව සැවොම එකට එකතුවී පොලිතින් සහ ප්ලාස්ටික්වලින් ඈත්වීමට කටයුතු කිරීමට කාලීන අවශ්‍යතාවක් වන අතරම සාගරයට ප්ලාස්ටික් සහ පොලිතින් සාගරයට මුදාහරින රටවල් 10 අතර ශ්‍රී ලංකාවත් සිටින බව සිහිතබා ගත යුතුයි‘ යැයි ඈපා මහතා පැවැසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොලිතින්වලින් මැඬියන්ටත් තර්ජන
සංජීව Monday, 07 November 2016 01:03 PM
තව වසර කීපයකින් මොනා වෙයිද දන්නෑ සැම රටකම මේ ප්‍රශ්නය (බ)
ජයාත් Wednesday, 09 November 2016 12:47 AM
සිසිර, විශ්ව විද්‍යාල වලට මේකට තනිව විකල්ප හඳුන්වා දෙන්න බැහැ. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. අපි ලෝකය ගැන හිතලා ඔය සිලි බෑග් භාවිතයවත් අඩු කරන්න පුළුවන් නම් එ්ක ලොකු සේවයක් (නි)
සිසිර Monday, 07 November 2016 11:59 AM
දෙන්වත් ප්ලාස්ටික් සහ පොලිතින්වලින් මිනිසටයි සතුනටයි වන හානිය තේරුම් අරගෙන මේවා භාවිතයෙන් ඉවත් කළ යුතු නේද? විශ්වවිද්‍යාල මේවට විකල්ප හදුන්වා දෙන්නේ කවදද?(හේ)