IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කෘත‍්‍රිම කළලයකින් බැටළු පැටවෙක් හදයි

(ගයාන් සූරියආරච්චි)

බැටළු පැටවකුගේ කළල වර්ධනය සඳහා කෘත‍්‍රිම ගර්භාෂයක් සාර්ථකව අත්හදා බලමින් පවතින බව  ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයෝ පවසති.

මෙවැනි පර්යේෂණයක් සිදුකරනුයේ ලොව දෙවැනි වරට වන අතර මීට පෙර පෙනිසෙල්වේනියාවේ පිලඩෙල්පියා පර්යේෂකයෝ විසින් සිදුකළහ.

නොමේරූ ළදරු උපත් අනාගතයේදී ආරක්‍ෂාකර ගැනීම පර්යේෂකයෝ බලාපොරොත්තුවේ. තරල පිරවූ කෘත‍්‍රිම ගර්භාෂය සත්ත්වයාගේ ඉන්ද්‍රීයන් වර්ධනයට උපකාරී වන බව විද්‍යාඥයෝ විශ්වාස කරති. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම වසරකම ඉතා අවදානම් තත්ත්වයේ පසුවන නොමේරූ දරුවන් 30,000 කට අධික සංඛ්‍යාවක් උපදිති. 

බටහිර  ඕස්ටේ‍්‍රලියානු විශ්වවිද්‍යාලය,  ඕස්ටේ‍්‍රලියානු කාන්තා හා ළදරු පර්යේෂණ පදනම හා ජපානයේ ටොහොකු විශ්වවිද්‍යාල රෝහලේ පර්යේෂකයන් පවසනුයේ සතියක් තුළදී කෘත‍්‍රිම ගර්භාෂයේ බැටළු පැටවන් වර්ධනය වී තිබූ බවයි. මෙම නව ක‍්‍රමවේදය පර්යේෂකයන් හඳුන්වනුයේ ‘එක්ස්-විවෝ යුටේරින් එන්වරොන්මන්ට්’ ලෙසිනි.



අදහස් (2)

කෘත‍්‍රිම කළලයකින් බැටළු පැටවෙක් හදයි

Asanka Tuesday, 22 August 2017 10:20 AM

මෙන්න විද්‍යා විද්‍යාවේ දියුණුව , ජය වේවා මෙවැනි පරීක්ෂණ කරන කණ්ඩායම් වලට ,, අපේ රටෙත් විස්කම් සැත්කම් සිදුවුණා පහුගිය කාලේ මෙවැනි පරියේෂණ මානව සංහතියේ පැවැත්මට රුකුලක්

:       519       312

prabash Friday, 25 August 2017 12:02 PM

මේ වගේ දේවල් නිසා අනාගතයේදී අම්මා කෙනෙකු නැතුව දරුවන් මේ ලොවට බිහි වෙනවා වගේ දේවල් වෙන්න පුළුවන්. බොහෝ භයානක දෙයක් පටන් ගැනීමක් විතරයි මේක... ලෝකයේ හොඳට වැඩ විනාශ වීමට මේක මුල් වේවි !!!

:       1       99

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site