IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


එන්සයිම ඌණතාව වකුගඩු ලෙඩේ නෑයෙක්

ළදරු අවධියේ සංකූලතා ඇතිකිරීම, ලේ අඩුකම, අධික රක්තානු විනාශය සහ වකුගඩු අකර්මන්‍යතා ඇති කරන ග්ලූකෝස් 6 ෆොස්පේට් ඩිහයිඩ‍්‍රජනේස් (ජී6පීඩී) එන්සයිම ඌණතාවයේ ජානමය විකෘතිතා හඳුනාගැනීමේ පර්යේෂණයක් මේ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ සිදුකෙරමින් පවතී.

පරපෝෂවේදී අංශයේ මහාචාර්ය ශාමිණී ගුණවර්ධන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ජාතික පර්යේෂණ සභාව මීට මූල්‍ය දායකත්වය සපයයි.

මෙය ලොව බහුලවම දක්නට ලැබෙන එන්සයිම ඌණතාව වන අතර ලොව පුරා මිලියන 400 කට අධික පිරිසක් මේ තත්ත්වය හේතුවෙන් පීඩා විඳිති. ජී6පීඩී එන්සයිමය හා සම්බන්ධ ජානය පිහිටා ඇත්තේ  x වර්ණදේහය මතයි. දැනට මෙම ජානයේ විකෘතිතා අවම වශයෙන් 186 ක් පමණ හඳුනාගෙන ඇත. 

“ලංකාවේ මෙම ජී6පීඩී එන්සයිම ඌණතාවය පිළිබඳ දැනුම ඉතා අල්පයි. මේ පිළිබඳව අපි සිදුකල මූලික පර්යේෂණයන්ට අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනතාවගෙන් 14%ක් පමණ මෙම ඌණතාවයෙන් පෙළෙන බව සොයා ගැනීමට හැකිවුණා. එහෙත් ලංකාවේ මෙම ඌණතාවයට අදාළ ජාන විකෘතිතා මොනවාදැයි මෙතෙක් සොයාගෙන නැහැ.”

“ප‍්‍රිමාක්වින් සහ ඩැප්සොන් වැනි ඖෂධ වර්ග ගැනීමේදි මෙම ඌණතාවය ඇති පුද්ගලයින් තුළ රක්තානු විනාශවීමක්  සිදු විය හැකි අතරල මෙම ඖෂධවලින් සුව කෙරෙන මැලේරියාව සහ ලාදුරු රෝග මෙරටින් තුරන්කිරීමේ උත්සාහයන්ට එය බලපාන්න පුළුවන්. නවතම පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ වකුගඩු රෝගීන් අතර මෙම එන්සයිම ඌණතාවය බහුල බවයි. ඒ අනුව ජී6පීඩී ඌණතාව හා වකුගඩු රෝග අතර යම් සබඳතාවක් තියෙන්න පුළුවන්.”

“ජී6පීඩී ඌණතාවට කුමන විකෘතිතාවල බලපෑමක් ඇත්දැයි සොයාගැනීම ඉතා වැදගත් වන අතර ජාන විකෘතිතා සහ එන්සයිම ඌණතාව අතර ඇති සබඳතාව හඳුනාගැනීමෙන් ඊට අදාළ සංකූලතා පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට එම දත්ත ඉවහල් වෙනවා.’’ යැයි මහචාර්ය ගුණවර්ධන මහත්මිය පැවැසීය.

Pictures-1 Pictures-2 Prof-Shamini

 



අදහස් (0)

එන්සයිම ඌණතාව වකුගඩු ලෙඩේ නෑයෙක්

එඩ්වර්ඩ් පෙරේරා Thursday, 26 May 2016 01:49 PM

මහාචාර්ය ශාමිණි ගුණවර්ධන මහත්මියගේ පර්යේෂණ වල ප්‍රතිපල දැන් සිටින දේශපාලන බල අධිකාරීන්ට කෙසේවෙතත් අනාගතයේදී රට ගොඩ ගන්න අවංකවම කැපවෙන නායකත්වයකට ඉතාමත් ප්‍රයෝජනවත් විය හැකියි. (හේ)

:       0       0

සත්‍යයා Thursday, 26 May 2016 01:54 PM

හොඳ ලිපියක්.(හේ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Wednesday, 01 June 2016 01:35 AM

විමලදාස මහතාණනි, මා පිළිබඳව දැනගැනීමට ඔබ තුළ ඇතිවූ කුතුහලය ගැන මම මවිත නොවෙමි. ඔබට මෙන්ම ඔබ වගේම කුතුහලයෙන් පෙළුන හා පෙළෙන බොහෝ දෙනෙකුට මා විසින් දෙන පිළිතුර ශ්‍රී ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙකුට අතිශයින් කර්කශ වියහැකියි. මට පශ්චාත් උපාධි අධ්‍යාපනයක් මෙන්ම පර්යේෂණ විද්‍යාඥයෙකු ලෙස සේවයකොට විශ්‍රාම යෑමට ඉඩ සළසාදුන්, මගේ හැකියාවන් හඳුනාගෙන මා හට පිළිගැනීමක් ලබාදුන් ජර්මන් රජයට මාගේ ප්‍රණාමය! මා හට උපතදුන්, මට හොඳ නරක කියාදුන් ලක් මෑණියන් පත්ව ඇති තත්වය ගැන හදවතින්ම කම්පාවෙමි. (නි)

:       0       0

විමලදාස Tuesday, 31 May 2016 12:06 AM

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා , ඔබ කවුද? එහෙ මොනවද කරන්නේ කියල පැහැදිළි කරනවද කරුණාකරලා?(රේ)

:       0       0

හේරත් Thursday, 02 June 2016 04:53 PM

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාගේ පිළිතුරෙන් සියලු දෙයම කියවෙනවා. විමලදාස මහතා ඇතුළු මෙහි අදහස් ඉදිරිපත් කළ ඔබලා සියලු දෙනාම යහපත් ශ්‍රී ලාංකිකයන්. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 13 June 2016 01:03 AM

විමලදාස මහතාණනි, ඔබ විසින් කර ඇති ඉල්ලීම දුටුවේ අදයි. ප්‍රමාදය ගැන කමාව අයදිමි. මම ඔබට හැකි ඉක්මනින් ඔබගේ විද්‍යුත් ලිපිනයට පිළිතුරක් එවන්නම්. (නි)

:       0       0

එරන්ද Monday, 13 June 2016 01:40 AM

දැන් තේරෙනවා නේද වකුගඩු රෝගයට හේතු ගොඩක් තියෙනවා කියලා (නි)

:       0       0

දම්මි Wednesday, 08 June 2016 02:43 AM

හේතු හෙව්වටම ඇති වැඩක් නැහැ. වැදගත් වන්නේ ප්‍රතිකාරයක් හොයාගන්න එකයි. (නි)

:       0       0

ජයාත් Friday, 27 May 2016 02:41 AM

මේක හොඳ උත්සාහයක්. මොකද මේ අසනීපය ලංකාවේ තිබෙන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක් කියලා තමයි අපි දැනගෙන හිටියේ (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 29 May 2016 12:03 AM

මහාචාර්යතුමියගේ පර්යේෂණ මඟින් සොයාගන්නා දත්ත ඇසුරින් අපට, අප රටට හානි පමුණුවන බලවේග මොනවාද හා කිනම් ක්‍රමවේද හරහා ඔවුන් එවැනි දෙයක් ක්‍රියාවට නංවන්නේද කියා සොයා බැලීමට වෙනත් ක්ෂේත්‍ර වල නියැලි උගතුන්ද මේ අවස්ථාවේ පෙරට ආ යුතුයි. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 28 May 2016 12:46 AM

මේ මහාචාර්යතුමියගේ ප්‍රයත්නය ඉතා ඉහළින් අගය කරමින් හා එතුමිය පර්යේෂණ මඟින් සොයාගන්නා දත්ත ඇසුරින් අප රටට වන හානියක් ගැන මම උපකල්පනයක්ද කළෙමි. (නි)

:       0       0

සේරම් Monday, 06 June 2016 06:19 AM

මහාචාර්ය වරුන් සහ උගතුන්ට පමණක් සීමාවූ මෙවැනි විෂයන් පොදු මහජනතාවට වැටහෙන අයුරින් පලකලාට ඔබට තුති ,(ම)

:       0       0

පීරිස් Thursday, 26 May 2016 03:35 AM

මේ පර්යේෂණ ඉතා සාර්ථක අන්දමින් ඉටුකර ජාතියට විශාල සේවයක් කරන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

විමලදාස Wednesday, 25 May 2016 01:36 PM

මෙබඳු පර්යේෂණ අපේ රටේ සිදු වෙන බව ඇසීමත් සතුටට කරුණකි.ඒ සඳහා වෙහෙසෙන අයට ජාතියේ ප්‍රණාමය පුදකරමු. (බ)

:       0       0

විමලදාස Saturday, 04 June 2016 04:51 PM

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාණෙනි, ඔබට තුති! මට පුද්ගලිකව ඔබගෙන් අදහසක් ගත හැකිද? (wimalcrc @gmail.com) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1979 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site