IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


මිථ්‍යාව වපුරා ජනතාව සූරාකන බඩගෝස්තරවාදියෝ

විද්‍යාව කෙතරම් ඉහළට දියුණු වුවද මිථ්‍යාවට තවමත් වැඩි ඉඩකඩක් තිබේ. යම් අයකු අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී විවිධ ගුරුකම්, තොවිල් නැටීම් ආදියෙන් ලෙඩ රෝග සුවපත් කර ගැනීමට යොමුවන නොදියුණු ජන කොටස් අප අතර තවමත් සිටිති. යකැදුරන්ගේ ලිංගික අතවරවලට ලක්වීම් පමණක් නොව විවිධ හේතු මත ජීවිත අහිමිවීමේ  අනුවේදනීය සිදුවීම් කොතෙක් වාර්තා වුවද ඒවාට යොමුවන්නෝ හිඟ නොවෙති. නිදන් පිළිබඳ මිථ්‍යා විශ්වාසය ද එසේමය.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් පුද්ගලයන් රවටා ඔවුන්ගේ ඉඩම්වල නිදන් තිබෙන බව පවසා රුපියල් ලක්ෂ 22ක මුදලක් වංචා කළ බව කියන කපුවන් තිදෙනකු ඇතුළු නව දෙනකු කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවය. මෙම පිරිස් එම දේවාලයේ පූජාවක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස් අතර කාන්තාවක ද සිටින බව අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත්  සඳහන්ය.

ඕනෑම ආගමක්, දහමක් විශ්වාසයක් ඇදහීමට ඕනෑම අයකුට අයිතියක් තිබේ. එහෙත් එය ඔවුන්ගේ විනාශයට හේතු වන්නේ නම් එයට එරෙහිවීමේ අයිතියක් ශිෂ්ට සම්පන්න සමාජයට තිබේ. මිථ්‍යාව වපුරා සිය බඩගෝස්තරය සොයාගන්නා ජාවාරම්කරුවන් සමාජයට සිදු කරන්නේ අතිමහත් විනාශයකි. සොයා බැලීමකින් තොරව තම පෞද්ගලික වාසිය තකා එම මිථ්‍යාව කරගසාගෙන යන්නෝ විනාශය තමන් කරා ළඟාකර ගනිති.

අප පුවත්පත වාර්තා කළ අන්දමට කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලයකට පැමිණි පුද්ගලයකුගේ රාගම, තේවත්ත ප්‍රදේශයේ නිවෙසක් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව එහි කපුවා පවසා ඇති අතර එම ඉඩම පරික්ෂා කළ කපුවා ඉඩමේ නිදන් තිබෙන බව පවසා ඇත. සැකකරුවන් පසුව රත්නපුර ප්‍රදේශයෙන් අජීවි මැණික් ගල් රැගෙන විත් ඒවා ව්‍යාජ ලෙස සැකසූ පාෂාණවලට ඔබ්බවා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නිදන් වස්තු ඉඩම් තිබූ බව පවසමින් ඉඩම් හිමියා රවටා මුදල් වංචාව සිදුකර තිබේ.

මෙය කියවන ඔබට මෙවැනි වංචාවලට අහුවෙන මිනිසුන්ගේ ඔළු විශේෂ පරීක්ෂාවට ලක් කළ යුතු යැයි සිතෙනු නො අනුමානය. එමෙන්ම මෙබඳු වංචනිකයන්ට මිනිසුන් ගොදුරු වන්නේ වංචනිකයන් ගේ දක්ෂතාවට නොව වංචනිකයන්ට ගොදුරුවන පුද්ගලයන්ගේ දුර්වලතාවටය. එම මෝඩකම්වලට බෙහෙත් නැතැයි කීව ද පෙර අත්දැකීම් තමන්ට නොවූව ද සමාජයෙන් වාර්තාවන සිදුවීම් ආශ්‍රයෙන් යථාර්ථය තේරුම් ගැනීමට අසීරු නොවේ.

නිදන් පිළිබඳ මිථ්‍යාව ඇතැම් කොටස් තුළ බරපතළ ලෙස මුල් බැස තිබේ. කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති වුවද තරාතිරම් බේදයකින් තොරව සමාජයේ විවිධ පිරිස් මෙම මිථ්‍යාවට ගොදුරුවී සිටිති.  ආරක්ෂක අංශවල ඉහළ නිලයන් දරන සමහර පුද්ගලයන් පවා නිදන් හැරීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්වූ පුවත් පසුගිය සමයේ බහුලව වාර්තා විය.

 සොයා බලා විමසීමකින් තොරව ඕනෑම දෙයක් ඉස් මුදුනින් පිළිගෙන සියලු සේසත අහිමි කරගත් සිදුවීම් නිවැරැදිව කියවාගත හොත් යාගහෝම ආදියට යොමුවී වටිනා ජීවිත අහිමි කර ගත් අනුවේදනීය සිදුවීම එයට හිමි නිසි බරින්  කියවා තේරුම්ගතහොත් මෙම මිථ්‍යාව නමැති සැහැසි ග්‍රහණයෙන් මිදිය හැකිවනු ඇත. නොඑසේනම් මිල මුදලින්, දේපළවලින්, ජීවිතවලින් වන්දිගෙවීමට සිදුවන්නේ තමන්ට ම ය.

(***)



අදහස් (0)

මිථ්‍යාව වපුරා ජනතාව සූරාකන බඩගෝස්තරවාදියෝ

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 80 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


ගුවන්තොටේ අසංවර වූ දේශපාලකට දඬුවම් නැද්ද?
2024 මැයි මස 17 422 3

ආණ්ඩුවේ මැති ඇමැති ධුරයක් හෙබවීම රටේ පොදු නීතියට ඉහළින් සිටීමට ලබා දෙන වරප්‍රසාදයක් වශයෙන් සලකන දේශපාලකයන් අපේ රටට අඩුවක් නැත. දේශපාලන බලයෙන් හිස උදු


අනුරපුර සිද්ධියෙන් කියැවුණේ සමාජයේ සදාචාර පිරිහීමක්
2024 මැයි මස 16 425 1

“විනයෝ නාම ශාසනස්ස ආයු” යනුවෙන් බුදුපියාණෝ වදාළහ. එහි අර්ථය නම්, “ශාසනය පවතින්නේ විනය පවතින තුරු” යන්නය. මෙම අර්ථය සමාජයේ සෑම ක්ෂේත්‍රයකටම අදාළව මැනවි


මන්ත්‍රීන් වගකීම පැහැර හැරීම තනතුර බාල්දු කිරීමක්
2024 මැයි මස 15 132 0

පාර්ලිමේන්තුව වරින් වර රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙයි. හොඳ සහ නරක මාතෘකා දෙවර්ගයම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවගේ විමසුමට ලක්වුණත් බොහොමයක් අ


වරප්‍රසාද ආශාවට කෙරෙන ගැසට් සංස්කෘතියට තිත තබමු
2024 මැයි මස 14 119 0

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්‍ඩලය විවිධ මට්ටමේ වාර්තා තැබීම් අතින් කැපීපෙනෙයි. එහෙත් මේ ඇතැම් වාර්තා හොඳ මට්ටමේ නොව නරක මට්ටමේ ඒවා වීම ඛේදවාචකයකි. එයින් එ


ඩයනා ගමගේ පුරවැසි සිද්ධිය දේශපාලනයට කැළලක්
2024 මැයි මස 13 3845 7

මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 789 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2338 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2006 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site