
මුළු ලෝකයේම අවධානය ඊශ්‍රායලය දෙසට යොමුවී තිබේ. එහෙත් අපගේ අවධානය යොමුවන්නේ අප රටෙහි සුන්දර සංචාරක කලාපයක් වන ආරුගම්බේ දෙසට ය. එහෙත් අපට ලිවීමට තිබෙන්නේ සුන්දර කතාවක් නොවේ. අසුන්දර කතාවකි. මනුෂ්‍යත්වයට නිගාදෙන ම්ලේච්ඡ සිදුවීමක් ගැන ය. අප පුවත්පත විශේෂ අවධානයක් සහිතව එම ම්ලේච්ඡ සිදුවීම නොබෝ දා වාර්තා කළේ ය.
අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ පොතුවිල් ආරුගම්බේ සංචාරක කලාපයේ සිටි ඊශ්‍රායල් ජාතික කාන්තාවන් දෙදෙනකුට වහාම රටින් පිටව යන ලෙස තර්ජනය කර පහරදීමට තැත් කළ විශ්‍රාමික අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුගේ නොහොබිනා ක්‍රියාවක් පිළිබඳව ය. “තොපි දෙන්නා වහාම රටින් පිටවෙලා පලයල්ලා” කියා තර්ජනය කරමින් එම කාන්තාවන් දෙදෙනාට පහරදීමට තැත් කර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත. සැකකරු පොතුවිල් රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර ඔහු බීමතින් සිටි බව කියවෙන වෛද්‍ය වාර්තාවක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.
පළමුව අවධාරණය කළ යුතු කාරණයක් තිබේ. මෙරටට පැමිණ සිටින සංචාරකයන්ට ‘‘වහාම රටින් පිටවෙයල්ලා’’ කියමින් තර්ජනය කිරීමට කිසිදු පුරවැසියකුට අයිතියක් නැත. විශ්‍රාමික අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු බව කියන තක්කඩියාට ද ඒ අවසරය නැත. එහෙත් කට ගොන්නක් බීගත් කල තමන්ට වඩා චණ්ඩියකු නැතැයි ඇතැමෙක් සිතති. විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අයත් වන්නේ ද ඒ කුලකයටම ය. එහෙත් එම චණ්ඩිපාට් තක්කඩියාගේ ගෙවත්තේ හතර මායිමට සීමා වන්නේ නැත. එය රටේ ආර්ථිකයටත් සංසුන් සංහිඳියාවටත් බරපතළ ලෙස බලපෑමක්වීම වැළැක්විය නොහැක. මෙබඳු සිදුවීම් රාජ්‍යතාන්ත්‍රික ගැටලු දක්වාම වර්ධනයවීමේ අනතුර තිබේ. එහෙයින්ම මෙබඳු සිදුවීම් සරළව ගෙන පහසුවෙන් බැහැර කළ නොහැකි ය.
දෙවැනුව අවධාරණය කළ යුතු කාරණාවක් තිබේ. එනම් ඇතැම් කියමන් ක්‍රියා මගින් සනාථ වන බවය. “කඩදාසි සහතික මගින් පුද්ගලයකුගේ තත්ත්වය මැනිය නොහැකි” බවට කියැවෙන සමාජ අදහස විශ්‍රාමික අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාවෙන් සනාථ වන්නේද එම සත්‍යයයි. අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයට අදාළව “අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ’’ යනු බලගතු තනතුරකි. එබඳු තනතුරකට පත්විය යුත්තේ ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපිරූ අයයි. එම සුදුසුකම් අතර විභාග සහතික මෙන්ම මනා චරිතවත් බවකින් යුතු වීම ද ප්‍රධාන ය. එහෙත් ආරුගම්බෙන් හමුවන්නේ ගෝත්‍රිකවාදී හා ම්ලේච්ඡ ආකල්පවලින් පිරුණ අරුම පුදුම අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි. මෙබඳු අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුගෙන් ගුරු හරුකම් ලද ගුරු - ශිෂ්‍ය දෙපාර්ශ්වයටම දෙවි පිහිට ය.
ආරුගම්බේ යනු සංචාරක කලාපයකි. මෙරට ආර්ථිකය පොහොසත් කිරීමට උපරිමයෙන් දායක විය හැකි කලාපයකි. එමෙන්ම ආරුගම්බේ, පොතුවිල්, පානම ඇතුළු විශාල ප්‍රදේශයක ජීවත්වන දහස් සංඛ්‍යාත ජනී ජනයාගේ බඩගින්දර නිවා දැමීමට සමත් ප්‍රදේශයකි. ඒ සියල්ල සිදුවන්නේ සංචාරකයන්ගේ පැමිණීමෙනි. එහෙයින් සංචාරකයා යනු පොදුවේ රටටත් එම කලාපයටත් මහරු සම්පතකි. එහෙත් මෙබදු තක්කඩියන් සිටින තුරු සංචාරකයන් මෙරටට පැමිණේවි ද යන ප්‍රශ්නය බැහැර කළ හැකි නොවේ.
‘‘ඊශ්‍රායලයේ ඇවිළී යන යුද ගැටුම ඉක්මනින්ම නිවී ඒ ජනයාට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය වේවා යන්න සෑම ශ්‍රී ලාංකිකයකුගේම ප්‍රාර්ථනය විය යුතුය. මන්ද අප රට ද තිස් වසරක් පුරා යුද අග්නියේ දැවුණු තැවුණු රටක් වන හෙයිනි. එම අතීත මතක ඇති කිසිදු ශ්‍රී ලාංකිකයකු ලොව කවර හෝ තැනක ඇවිළෙන යුද්ධයකට ආශිර්වාද නොකරනු ඇත. ආරුගම්බේ බේබදු තක්කඩි අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාව මහත් පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුත්තේ එහෙයිනි.
(***)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න තියාගන්න එපා. මොකද දැන් පොරවක් ගන්නවාත් සල්ලි නැ. 2 නියම විදියට නම් බීමතින් හිටියත් නොහිටිය විදියට සලකලා කටයුතු කරන්න තිබුණා. මොකද ඔය වෙරියට මතුවෙන්නේ යටිහිත. ඔය වගේ ගොන්පාට් දාන අයට චාන්ස් නොදිය යුතුයි...
මේක ඉතින් ආරම්භයක් පමණයි, මේ කතාවට පුද්ගලයාගේ බීමත්කමවත්, විශ්‍රාමිකත්වයවත්, වෘත්තියවත් අදාළ නැහැ. සැබෑ ප්‍රශ්නය තේරුම්ගෙන ප්‍රතිකාර නොකළොත් ඉදිරියේ දී ඊශ්‍රායල් ජාතිකයින්ට විතරක් මේ ප්‍රශ්නය සීමාවෙන එකක් නැහැ...!
ශුවර් එකට හම්බයෙක්... පොලිසියට අරන් ගිහිල්ලා කන පැලුවා නම් හරි...
මෙවැනි නිහීන ගති ඇති එම පුද්ගලයාගේ, තනතුරුවලට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙවන් පහත් අයගේ තනතුරු අහෝසි කළ යුතුමයි...!
හිතුමතේ ක්‍රියා කරන පාලකයෝ සමූහයකින් සමන්විත පාර්ලිමේන්තු කාරයින්ට කසපහරවල් කිහිපයක් ලබාදී, කෙරිය යුතු ඉතිරිය කීම අර්ථවත් වනු ඇත...
මෙතන තියෙන්නේ තනිකර ජාතිවාදය. ශ්‍රී ලාංකිකයින් පැත්තක් ගතයුතු නෑ. හම්බයාගේ හැදියාව හම්බයාටම අදින එක...!
මේ මරිමෝඩ දේශද්‍රෝහීන් මුහුදේ පාකර පිටුවහල් කළයුතුයි.
යුක්තිය, සාධාරණය පැත්තේ හිටගන්න ඕනේ... යුදෙව්වන්ට ජයවේවා...!
අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂක කිව්වාට නියතවම දේශපාලකයින්ට පෝස්ටර් අලවලා ඔය තනතුරට ආව (අධි සේවක පදනමින්- ඔවුන්ට සැබෑ තනතුරක් හිමි නෑ) "ප"ළිගැනීම් "කො"මිටි " "නි"ර්දේශයෙන්"ස්"ථාපිත (PVC) හාල් කෑල්ලක් වෙන්න ඇති. අපසේ බඳවාගැනීම් තරඟ විභාග සමත් වී විධිමත් පත්වීමක් ලැබූ කෙනෙක් ඔහොම බලු වෙන්නේ නෑ...!
ඊශ්‍රායලය යනු එංගලන්තයත් අමෙරිකාවත් එකතුවෙලා , තැන තැන ඉබාගාතේ ඇවිදපු අහිකුන්ඨක එඩෙරුන්ට නවතින්නට ලබාදීපු පලස්තීනයේ කොටසකි. අන්තිමට ඒ අහිකුන්කඨයින් අවට ඉඩම් බලෙන් අල්ලාගෙන ශක්තිමත් වුනා.දෙවියන්ගෙන් ශාපය ලැබූ ඊශ්‍රායල්වරුන් දවසක විනාශවෙනවා සදහටම...