IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


ළමා පරපුර රැකගැනීම සමස්ත සමාජ වගකීමක්

හදවත් පාළු සෝබර සංකාවෙන් පුරවන පුවත් නිමක් නැත. එබඳු පුවත් දෙකක්ම අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එක් පුවතකින් කියැවුණේ කොළඹ 2 කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් පැන වයස අවුරුදු 15ක සිසුවකු හා සිසුවියක දිවි නසා ගත් බවය. දෙදෙනාම කුරුඳුවත්ත ජාත්‍යන්තර පාසලක එකම පන්තියේ ඉගෙනගත් බවත් එය දිවි නසා ගැනීමක් ද? වෙනත් අනතුරක් ද? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

සිසුවාගේ හා සිසුවියගේ මරණ මෙම සමාජය හමුවට අලුත් පාඩමක් කියා දේ. මෙය අලුත් පාඩමක් නොවුවද පාඩම නිවැරැදි ලෙස ඉගෙන නොගැනීම නිසා දිනෙන් දින අලුත් වෙමින් අප හමුවට එන පාඩමකි.

පැරැණි ගම අද නැත. පැරැණි නගරය අද නැත. එයින් කියැවෙන්නේ පැරැණි සමාජය අද නැති බවය. පැරැණි සමාජය ‘‘පවුල’’ කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුණකි. එහෙයින්ම එහි මව පියා හා දරුවන් වටා ගොඩනැගුණු ගුණවත් සංස්කෘතියක් තිබිණි. එම සමාජයේ පවුල අතර මහා ආධ්‍යාත්මික බැඳීමක් තිබිණි. එහෙයින් පවුලේ කවර හෝ සාමාජිකයකුගේ වෙනස්කමක් ඉක්මනින්ම හඳුනා ගැනීමේ හැකියාව තිබිණි.

නූතන සමාජය බොහෝ වෙනස්ය. එමෙන්ම සංකීර්ණය. භෞතික දියුණුවේ විදුලි බුබුළු එළියෙන් බොහෝ දෑස් ගිනිකන වැටී තිබේ. දරුවා අධ්‍යාපන තරගකාරිත්වයේ රේස් දුවන අශ්වයකු බවට පත්ව සිටී. මව සහ පියා ආර්ථික ප්‍රවාහයේ උඩුගම් බලා පිහිනමින් සිටිති. මෙම පරිසරය තුළ පවුලේ සාමාජිකයන් සමග ආධ්‍යාත්මික බැඳීමකට ඇති ඉඩකඩ බොහෝ සෙයින් සීමා වී තිබේ. සැබැවින්ම අද සමාජයේ මිනිසා යනු ‘‘යන්ත්‍රයකි’’. යන්ත්‍රයකට හැඟීම් දැනීම් නැත. සහකම්පනයක් නැත. එය සමාජයට ආදේශ කළ විට ඛේදවාචකයේ දිග පළල වටහා ගත හැකිය.

සමාජය එසේ යැයි කියා වගකීමෙන් මිදී කටයුතු කිරීමට මවුපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට අයිතියක් නැත. එසේ වගකීමෙන් මිදී කටයුතු කළහොත් අස්වැන්න වශයෙන් නෙළා ගැනීමට සිදුවන්නේ කඳුළුය. මරණයට පත් දරුවන් දෙදෙනාගේ හැසිරීම් නිරීක්ෂණය කළේ නම් මේ මහා විපත වළක්වාගත හැකිව තිබුණේ යැයි කීම නිවැරැදිය.

අද දරුවා අත ජංගම දුරකථනයකි. දරුවාට කළ හැකි ලොකුම දෙය අතට යහමින් මුදල් දීම යැයි ඇතැම් මවුපියෝ සිතති. එහෙත් දරුවා ජීවත් වන්නේ ජීවත්වීමට සුදුසුම පරිසරයක නොවන බවත් ලොව නරකම දෙයෙහි පහසු ගොදුරක් බවට දරුවන් පත්ව සිටින බවත් මවුපියෝ නොසිතති. දරුවන්ව ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන රටක දරුවාගේ අත ඇති මුදලට ලිංගික සේවා සපයන මඩම් ඇති රටක ජංගම දුරකථනය හරහා ලිංගික හැසිරීම් නැරඹීමේ හැකියාව ඇති රටක දරුවන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය වූවකි. නොඑසේ නම් ඛේදවාචක වෙත බෙදා වැළපීමේ ඉරණම බාරගත යුතුය.

අප පුවත්පත වාර්තා කළ දෙවැනි අනුවේදනීය ප්‍රවෘත්තිය වූයේ පොසොන් බත් දන්සලක කරවල හොඳි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් සිසුවියක මිය යාමේ ප්‍රවෘත්තිය වේ.

අවධානය ගිලිහී යාම අවදානමට හේතුවකි. සිදුවිය හැකි යැයි තේරුම්ගත හැකි අනතුරු වළක්වාලන වැඩපිළිවෙළක් වූයේ නම් මල් කැකුළියකට මෙවන් ඉරණමක් අත්වීමට ඉඩක් නැත. එහෙයින් සෑම තැනකදීම එළැඹ ගත් සිහියෙන් යුතුව කටයුතු කළ යුතුය. ඉගෙන නොගන්නා පාඩම එයනම් අපට හෙට දවසේදී ද මෙවන් දුක්බර පුවත් අසන්නට දකින්නට සිදුවීම වැළැක්විය නොහැකිය.

(***)



අදහස් (1)

ළමා පරපුර රැකගැනීම සමස්ත සමාජ වගකීමක්

fairoos Thursday, 11 July 2024 11:04 AM

සහතික ඇත්ත.. දෙමව්පියන්ගේ නොසැලකිල්ල තමයි ප්‍රධාන හේතුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

පැනියාවලින් රටට දුන් අගනා ආදර්ශය
2024 ජුලි මස 13 240 0

අගය කළ යුතු දෙය අගය කළ යුතුමය. මේ ඒ වෙනුවෙන් ලියැවෙන්නකි. වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අති දුෂ්කර ප්‍රදේශයක් වන පාරේගම, පැනියාවල ජනපදයේ ජනයා ර


දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු
2024 ජුලි මස 12 164 0

දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති.


රාජ්‍ය ඉදිකිරීම්වලට ප්‍රතිපත්තියක් ඕනෑ
2024 ජුලි මස 11 88 0

සංවර්ධනය යනු ඉවක් බවක් නොමැතිව නිසි සැලැස්මකින් තොරව ඉදිකරන ගොඩනැගිලි වලට නොවේ. ඒ බව අවබෝධ කර ගැනීමට බොහොමයක් දේශපාලනඥයෝ සහ ඇතැම් රාජ්‍ය නිලධාරීහු අස


අතුරුගිරිය සිද්ධියෙන් ආරක්ෂක ජාලයට පාඩමක්
2024 ජුලි මස 10 1158 0

රටම භීතියට පත් කළ ‘‘චිකාගෝ පන්නයේ’ වෙඩි තැබීමක් පෙරේදා දහවල් අතුරුගිරියෙන් වාර්තා විය. නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයෙන් කෝටිපති ව්‍ය


වත්කම් බැරකම් නීති තදින්ම ක්‍රියාත්මක කරවමු
2024 ජුලි මස 09 181 0

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන මන්ත්‍රීවරුන්ට ඒ පිළිබඳව පවත්වන විමර්ශනවලින් පසුව වසරක සිර දඬුවමක් හෝ මාස දොළහක දළ වැටුපට සමාන දඩයක් හෝ එම දඬුව


තැපෑලේ අතිකාල මගඩි නතර කිරීමට ක්‍රමයක් නැද්ද?
2024 ජුලි මස 08 362 1

අතිකාල දීමනා සම්බන්ධයෙන් ලංකාවේ ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතනවලට ඇත්තේ වාර්තාගත ඉතිහාසයකි. වර්තමානයේදී එහි වැඩි වෙනසක් නැත. එහෙත්, කනගාටුවට කරු


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 7 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 906 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1786 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site