IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


ශ්‍රී ලංකා කීර්තිය වනසන මොවුන්ට දැඩි දඬුවම් දෙමු

අපේ ඇතැම් මුග්ධ පුරවැසියන් කරන කියන දැයින් රටට අත්වන නිගරුව හා අලාභය ගණනය කළ නොහැකිය. රටේ අභිමානය සම්බන්ධයෙන් බිඳකුදු වග නොවන එබඳු දුර්ජනයකුගේ අවකල් ක්‍රියාවක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

සංචාර පිළිබඳ යූ - ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන එංගලන්ත ජාතික තරුණියක් මෙරටට පැමිණ ඇත්තේ අප රට සම්බන්ධයෙන් වීඩියෝවක් නිර්මාණය කිරීමටය. සංචාරක පාරාදිසයක් වන අප රට සම්බන්ධයෙන් එංගලන්ත ජාතික තරුණියක් නිර්මාණය කරනු ලබන වීඩියෝවක් අප රටට ගෙන එනු ලබන ප්‍රයෝජන අතිමහත් යැයි සැලකීම නිවැරැදිය.

එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා හරහා ජනගත වූ විට ලෝකයේ සිවු දිගින් සංචාරකයන් මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. දුගී බවෙහි පත්ළටම වැටී සිටින අප රටට එය කදිම අවස්ථාවකි.

කරුණු කාරණා එපරිදි වුව ද එම එංගලන්ත ජාතික තරුණියට සිදුවූයේ වීඩියෝව නිර්මාණය කිරීමට නොව කොටුව පොලිසියට ගොස් පැමිණිලි කිරීමටය. ඒ ඇගේ ගමන් බෑගය පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම් පොළේ බස් රථයක දී සොරාගෙන යෑම සම්බන්ධයෙනි.

රටවල් 37ක සංචාරය කර ඇති මෙම එංගලන්ත ජාතික තරුණිය මෙරටට පැමිණ ඇත්​තේ දෙවැනි වරටය. ඇයගේ ගමනාන්තය ඇල්ල ප්‍රදේශය වේ. ඒ සඳහා බසයට ගොඩ වී සිටිය දී පුද්ගලයන් දෙදෙනකු පැමිණ එම ගමන් බෑගය සොරාගෙන ගොස් තිබේ. බස් රථයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේ දී ඒ බව අනාවරණය වී තිබේ. එම ගමන් බෑගය තුළ ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය, කැමරාව, ලැප්ටොප් පරිගණකය, මෙන්ම ඩොලර් 2000ක මුදලක් තිබී ඇති බව ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එංගලන්ත ජාතික තරුණිය ප්‍රකාශ කර තිබෙන්නේ එම ගමන් බෑගය සොයා දෙන්නකුට ඩොලර්  5000ක් ප්‍රදානය කරන බවය. ඩොලර් 5000ක් යනු රුපියල් ලක්ෂ 15ක පමණ මුදලකි. ඒ සා විශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට ඇය තීරණය කරන්නේ එම ගමන් බෑගයේ අඩංගු දෑ ඇයට එතරම්ම වටින නිසාය. සංචාරය සම්බන්ධ යූ-ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යන ඇයගේ බොහෝ නිර්මාණ එම පරිගණකයේ තිබෙන්නට ඇත.

දැන් ප්‍රශ්නය වන්නේ ඇය ලංකාව සම්බන්ධයෙන් කුමන මාදිලියේ වීඩියෝවක් නිර්මාණය කරනු ලබයි ද යන්නය. අප රට ගැන සංචාරක වීඩියෝවක් නිර්මාණය කර අප රටට නිහඬ සේවයක් කිරීමට පැමිණෙන මෙවැනි සංචාරකයන්ට හැකිතාක් පහසුකම් සැපයිය යුතුය. එම එංගලන්ත ජාතික තරුණිය දැන් කල්පනා කරනු ඇත්තේ මේතරම් සුන්දර ලස්සන දිවයිනක මේ තරම් දුෂ්ට තක්කඩියන් සිටිනවා ද යන්න විය යුතුය.

සංචාරක කර්මාන්තයේ නියැලෙන මෙම තරුණිය තමන්ගේ ග්‍රාහකයන් සමග අප රට ගැන කෙසේ කතා කරනු ඇද්ද යන්න මෙනෙහි කළ යුතු කරුණකි. ඒ කතා අසා කියවා අප රටට පැමිණීමට යමකුට සිතක් පහළවේද? යන්න ද විමසිය යුතුය. චෞර කප්පිත්තන් දෙදෙනා අප රටට කළ හානියේ දිග පළල එසේය.

අප රට දරුණු ආර්ථික ප්‍රපාතයකට වැටී තිබේ. එය යළි යළිත් අවධාරණය කළ යුතු නොවේ. මෙම අගාධයෙන් ගොඩ ඒමට ඇති එක් ප්‍රධාන මාර්ගයක් වනුයේ සංචාරක ව්‍යාපාරය වේ. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ඊට පසුව රට තුළ ඇති වූ අරගලකාරි පරිසරය සංචාරක ව්‍යාපාරයට බරපතළ හානි කළේය. ඒ අනුව සංචාරක ව්‍යාපාරය මේ වන විට යම්තම් හිස එසෙව්වා පමණි. මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙවැනි අවාසනාවන්ත තත්වයන්ට මුහුණ දීමට සිදුවන්නේ නම් සංචාරකයෝ මෙරටට නොඑති. එහෙයින් එංගලන්ත ජාතික තරුණියගේ ගමන් බෑගය සොරාගත් හොර දෙටුවන්ට අමතක නොවන දඬුවම් දිය යුතුය.

(***)



අදහස් (3)

ශ්‍රී ලංකා කීර්තිය වනසන මොවුන්ට දැඩි දඬුවම් දෙමු

Lasanthi Sunday, 02 June 2024 06:30 AM

රටට හෙන ගැහුවත් වවුලොත් එක්ක හොරු, මංකොල්ලකාරයෝ ආවොත් ඉතින් මොනවත් වෙන්නේ නැහැ..!

:       0       4

kamal koyrala Sunday, 02 June 2024 02:24 PM

අපි ශ්‍රී ලංකා... 2500 වසරක ප්‍රෞඩ ඉතිහාසයක් ඇත...

:       4       6

බද්රානි Thursday, 06 June 2024 01:14 PM

මහ එකාගේ පටන් හිඟන්නා දක්වාම හොර තක්කඩිකම ජානවලින්ම පිහිටා තියන ජාතියක් ගෙන් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ...දැන් මේක තනිකරම විෂ ගෝර සර්පයෙන්ගෙන් පිරුණු විමානයක්... කාගේ හෝ බෙල්ල මිරිකලා සල්ලි හොයන සමාජ ක්‍රමයක් ඇති වෙලා.. විශේෂයෙන් මේ තත්වය යුධ ජයග්‍රහණයෙන් පසුව ඇති වූ තත්වයක්...පාලකයින් ,පුජකයින්ව මුදල් වලට පෙරේත කළා, පුජකයින් දායකයින්ව මුදල් වලට කෑදර කළා... දැන් ඉතින් බල්ලෝ මරල හරි සල්ලි හොයන්නයි මේ රටේ එවුන්ට ඕනා...නමුත් ඒ සල්ලි වගතුවක් තියනවද..? කාලකන්නි බහිරවයෝ වගේ මැරෙන කම් පව් ගෙවන එක නේද කරන්නේ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 289 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site