IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වරප්‍රසාද ආශාවට කෙරෙන ගැසට් සංස්කෘතියට තිත තබමු

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්‍ඩලය විවිධ මට්ටමේ වාර්තා තැබීම් අතින් කැපීපෙනෙයි. එහෙත් මේ ඇතැම් වාර්තා හොඳ  මට්ටමේ නොව නරක මට්ටමේ ඒවා වීම ඛේදවාචකයකි. එයින් එකක් වූයේ වරක් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගේ සංඛ්‍යාවට කිසිසේත් නොගැළපෙන අමාත්‍යවරුන් විශාල සංඛ්‍යාවකින් සමන්විත වූ අමාත්‍ය මණ්ඩලයක් තිබීමය. එසේම අති සුඛෝපභෝගී යානවාහන භාවිතය අතින් අමාත්‍යවරුන් කප් ගසා සිටීමය.

විවිධ වංචා සහ දූෂණ ද අපරාධද සම්බන්ධ චෝදනා ලබා අධිකරණය ඉදිරියේ නඩු විභාගවලට පෙනී සිටි ඇතැමුන්ටද අමාත්‍ය ධුර හිමිවී තිබීමත් තවත් එක් වාර්තාවකි.

මේ අතරට අලුතින්ම එක්වී තිබෙන  වාර්තාවක් ද පසුගිය දිනක ප්‍රසිද්ධයට පත් විය. එයින් අනාවරණය වූයේ 2010 සහ 2023 අතර කාලය තුළදී මේ රටේ අමාත්‍යාංශ සංයුතිය ගැසට් පත්‍ර 111 කින් නැවත වෙනස් කරනු ලැබ තිබෙන බවය. අදාළ කාරණය සම්බන්ධ අධ්‍යයනය සිදු කර තිබුණේ වෙරිටේ රිසර්ච් ආයතනය මගිනි. අමාත්‍යවරුන්ට අයත් ආයතන අමාත්‍යාංශ සංයුතියට අදාළව පවරා ඇති අණපනත් ඇතුළු සියල්ල මේ ගැසට් නිවේදන හරහා වෙනස් කරනු ලැබ තිබේ. අවුරුදු 13 ක කාලසීමාවක් තුළ 111 වතාවක් අමාත්‍යාංශ සංයුතිය වෙනස් කිරීමෙන් පෙනී යන්නේ මේ සමස්ත ක්‍රියාවලිය තුළ කොතැනක හෝ බරපතළ වරදක් තිබෙන බවය. එම තත්වය මෙතෙක් බලයට පත්  සෑම ආණ්ඩුවක්ම වඩාත් අකර්මණ්‍ය කිරීමට මිස කාර්යක්ෂම කිරීමට හේතුවී නැති බව පැහැදිලිය.

විධායක ජනාධිපති ධුරයකින් පාලනය කෙරෙන රටක් වුවද ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යමණ්‍ඩලයටද රටේ පාලනය සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී තිබේ. විශේෂයෙන් මූල්‍ය බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම පවරා ඇත්තේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය රටේ ප්‍රධාන මෙහෙයුම් යාන්ත්‍රණය වෙයි. එවැනි ඉතාම කාර්යක්ෂම ලෙස පවත්වා ගත යුතු මෙහෙයුම් යාන්ත්‍රණයක් වසර 13 කදී 111 වැනි වතාවක් වෙනස් කිරීම් වලට භාජනවීම පෙන්වා දෙන්නේ පාලන බලය පවත්වාගෙන යාම සඳහා රටේ ජනතාවගේ පරමාධිපත්‍යය පරදුවට තබා ඇති බවය. එම අවදානම්සහගත පාලන ක්‍රමය රට තුළ නිර්මාණය වූ අරගලකාරී තත්වයක් උද්ගතවීමට ඍජු බලපෑමක් එල්ල කළ බවට සැකයක් නැත. එසේම අරගලයට පදනම වූ රටේ ආර්ථික අර්බුදයටද අමාත්‍ය මණ්ඩලවල ඒකාග්‍රතාව බිඳහෙළන ආකාරයට සංයුතිය වෙනස් කිරීම හේතුවූ බවද  නිසැකය.

මෙහිදී වඩාත්ම සැලකිල්ලට ගතයුතු සාධකය වන්නේ අමාත්‍යාංශ සංයුතිය මේ ආකාරයට වෙනස් කරනු ලබන්නේ රටේ අවශ්‍යතා පිළිබඳ ප්‍රමුඛත්වය ලබාදීමට නොව දේශපාලන අවශ්‍යතා සපුරාගැනීම සඳහා වීමය. එවැනි පියවර ගැනීමකින් සිදුවන්නේ රටේ අභිවෘද්ධිය සැලසීම නොව විවිධ හේතූ මත ආණ්ඩුවේ අමාත්‍ය ධුර වලින් පිදුම් ලබන දේශපාලනඥයන්ගේ අභිවෘද්ධිය සැලසීමය. රට ගැන සැලකිලිමත් වන කිසිම ආණ්ඩුවක් එකිනෙකට නොගැළපෙන විෂයයන් එකතු කර අමාත්‍යාංශ සංයුතිය සකස් කරන්නේ නැත. වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වාදී ඇති පරිදි කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් සහ පොහොර වැනි ගැළපෙන විෂයයන් බෙදා වෙන්කර තිබෙන අවස්ථාවද එකිනෙකට නොගැළපෙන සංචාරක, වනජීවී, ක්‍රිස්තියානු කටයුතු වැනි විෂයයන් එකතු කර තිබෙන අවස්ථාද උද්ගතව ඇත්තේ ඒ ඒ ආණ්ඩු මගින් තමන්ගේ බලය රැකගැනීමේ අරමුණින් අවිද්‍යානුකූලව හා අවිචාරාත්මකව  සකස් කරන ලද අමාත්‍යාංශ හේතුවෙනි. එම වැරැද්ද ඉදිරියේදී හෝ නිවැරදි කරගත යුතුය.

අපේ රටේ පවතින ක්‍රමවේදය අනුව මැතිවරණයක් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආණ්‍ඩුවේ බලය වැඩිකර ගැනීම සඳහා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් දොළපිදේනි ලබාදෙමින් ගෙඩිපිටින් බිලීබා ගැනීම සිදුවෙයි. මේ දොළපිදේනි අතර කැබිනට් අමාත්‍ය ධුර අනිවාර්ය සාධකයකි. ඒ ආකාරයට අමාත්‍ය ධුර බෙදා දෙන විට ගැසට් නිවේදන හරහා අමාත්‍යාංශ සංයුතිය වෙනස් වීම නියතයකි.  සියලුම වරප්‍රසාද සහිතව ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන්, කාර්ය භාරයක් නොමැති කැබිනට් අමාත්‍යවරුන් පමණක් නොව ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ද අමාත්‍යවරුන් බවට පත්වීම් ලබන්නේ මේ ගැසට් නිවේදන සංස්කෘතියේ මහිමයෙනි. එයට දැන්වත් තිත නොතැබුවහොත් රටේ අනාගතය අඳුරු විම වැළැක්විය නොහැකි වනු ඇත.

(***)



අදහස් (0)

වරප්‍රසාද ආශාවට කෙරෙන ගැසට් සංස්කෘතියට තිත තබමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31310 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13506 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 109 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 935 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site