IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


නිකම් දිරායන දැවවලට වන්දි ගෙවන රටක්

මුනින් නැවූ කළගෙඩියට කොතරම් වතුර වත්කළත් පලක් නැත. අපේ රටේ ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයද සිහිගන්වන්නේ එම කතාවයි. පසුගියදා අපගේ ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තල දෙකකින් හෙළිකර තිබූ රටට කෝටි ගණනින් පාඩු සිදුකෙරුණු  ප්‍රවෘත්ති දෙකකටම එම කතාව සම්බන්ධය.

එයින් එක් කතාවකින් කියැවුණේ ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු රෝස්වුඩ් දැව කඳන් 3669ක් වසර 09ක් තිස්සේ වරායේ දිරාපත් වෙන්නට ඉඩහැර තිබූ බවය. අනෙක් කතාව පොල්තෙල් ප්‍රතිඅපනයනය සඳහා ලියාපදිංචි වූ සමාගමක් ආනයනය කළ පොල්තෙල් කිලෝග්‍රෑම් ලක්ෂ 05කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඅපනයනය නොකර 2014 සිට 2017 දක්වා කාලය තුළ දේශීය වෙළෙඳපොළට මුදාහැර තිබීමය. දැව තොගය වසර 09ක් තිස්සේ නිකරුණේ ගබඩා කර තැබීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට ගෙවීමට සිදු වී තිබෙන ගාස්තුව රුපියල් කෝටි 08කට වඩා වැඩි බව සඳහන්ය. පොල්තෙල් මගඩිය හේතුවෙන් රජයට අහිමි වූ මුදල රුපියල් කෝටි 38ක් බවද කියැවෙයි. මේ කාරණා හෙළිදරව් කර ඇත්තේ විගණන වාර්තාවලිනි.

රාජ්‍ය ආයතනවල සිදුවන නාස්තිකාර ක්‍රියා හේතුවෙන් රටට මේ දක්වා අහිමි වී ඇති මුදල් ප්‍රමාණය කෙනකුට ගණන් බැලිය හැකිනම් අපගේ රට මේ තරම් ආර්ථික අගාධයකට වැටුණේ ඇයිද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් මවාගත හැකි වනු ඇත. එය එක් පැත්තකි. අනෙක් අතට මෙවැනි නාස්තිකාර ක්‍රියා පිළිබඳව මොනතරම් පෙන්වා දුන්නත් ඒවා වළක්වා ගැනීමට බලධාරීන් කිසිදු පියවරක් නොගැනීමද කැපී පෙනෙයි. මේ ආකාරයට සිදුවන නාස්තිකාර ක්‍රියාවලට දඬුවම් ලබන නිලධාරීන් පිළිබඳව අපට අසන්නට නොලැබෙන තරම්ය. කිසියම් හෝ නිලධාරියකු මෙවැනි වරදකට දඬුවමක් වින්දා නම් ඒ පසුපස බොහෝදුරට තිබුණේ වැරැද්ද හදා ගැනීමට වඩා දේශපාලන හේතුවකි.

ශ්‍රී ලංකා රේගුව යනු මේ රටේ ජාතික ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන රාජ්‍ය ආයතනයකි. රටට මුදල් උපයා දෙන ආයතන අතර ප්‍රධාන තලයේ තිබෙන්නකි. එවැනි ආයතනයක නිලධාරීන් අතින් මේ ආකාරයේ නාස්තියක් සිදුවනු ඇතැයි සිතා ගැනීම පවා අපහසුය. එහෙත් එය සිදුව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය පමාවීම හේතුවෙන් බවද සඳහන් වෙයි. ටැන්සානියාවේ සිට ශ්‍රී ලංකා වරාය හරහා හොංකොං රාජ්‍යයට ප්‍රති අපනයනය කිරීම සඳහා මෙම දැව කඳන් ගෙනැවිත් තිබූ බවද ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් 2014 වර්ෂයේ සිට 2023 අප්‍රේල් 30 වැනිදා දක්වා ඒවා ඉවත්කර නොගෙන රේගු අංගණයක ගබඩාකර තිබුණු බවද විගණන වාර්තාව හෙළිකර තිබිණි. එසේ නම් වරද ඇත්තේ බලපත්‍රය ප්‍රමාද කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතේය. එවැනි ප්‍රමාදයක් සිදුවූයේ කෙසේද යන්න මෙතෙක් කල් සොයා නොබැලූ රේගු නිලධාරීන්ද මේ නාස්තිකාර වියදමට වගකිව යුතුය.

පොල්තෙල් මගඩියේ දී අලාභය සිදුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් කළ රේගු විමර්ශනයක දී අදාළ සමාගමට රුපියල් කෝටි 47කට අධික දඩයක් නියම කර තිබුණත් එම දඩය පසුව රුපියල් කෝටි 09ක් දක්වා අඩුකර තිබීම නිසාය. විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ රේගු විමර්ශන නිලධාරියා විසින් එම අඩුකිරීම සිදුකර ඇති බවය. එයින් රටට කෝටි 38ක් අහිමි වුවද ඒ බව නොසලකා මේ අඩුකිරීම සිදුකර තිබීම තුළින් උපදින්නේ විශාල සැකයකි.

රේගු විමර්ශනවලදී දඩ නියම කෙරෙන්නේ රටේ පවතින රේගු නීතිරීතිවලට අනුකූල ලෙසය. එහෙත් මේ රේගු නීති නැමෙන අවස්ථාද තිබේ. නීතිය නැමෙන්නේ දේශපාලන බලපෑම් හේතුවෙනි. තමන්ගේ හෙංචයියන්ගේ ජාවාරම් අතටම හසු වූ විට ඔවුන් සිරගත වීම වළක්වා ගැනීමටත් රේගුවේ දඩ ගැසීම් සොච්චම් ගණනක් දක්වා පහළ බැසීමටත් දේශපාලනඥයකුගේ එක දුරකතන ඇමැතුමක් පමණක් ප්‍රමාණවත්ය. එසේ වූ විට වංචාව සිදුකළ පුද්ගලයාත් ගොඩය. දඩ මුදල් නීතියට පිටින් ගොස් අඩුකළ නිලධාරියාත් ගොඩය. එයින් ලබන අලාභය රටට ය.

රුපියල් කෝටි 38ක දඩ මුදලක් රටට අහිමි වන විට ඒ අහිමි වන මුදල් යන්නේ කාගේ කාගේ සාක්කුවලටදැයි සොයාබැලීමට කිසිවකුත් නැතිවීම ලොකුම ඛේදවාචකයයි. අඩුම තරමින් නව දූෂණ විරෝධී පනතට අනුව හෝ මෙවැනි අක්‍රමිකතා වළක්වා ගැනීමට නිසි පියවර හඳුන්වා දී ඇතැයි අපි විශ්වාස කරමු.

(***)



අදහස් (2)

නිකම් දිරායන දැවවලට වන්දි ගෙවන රටක්

don Saturday, 07 October 2023 12:20 PM

විගණන දෙපාර්තමේන්තුවේ නව අංශයක් ඇතිකළ යුතුයි. සම්පූර්ණ බලය සහිතව මෙවැනි අවස්ථාවල අධිකරණයක් ලෙස කටයුතු කර වන්දි අයකර ගැනීමට සහ දඬුවම් ලබාදීමට... එම ආයතනයත් රටේ අධිකරණ තුළින් පසුවිපරම් කළා නම් මෙවැනි වංචාවන් වළකා ගන්න බැරිවුණත් වන්දි අයකරගෙන දඬුවම් ලබාදෙන්න පුළුවන්...

:       0       0

Rana Sunday, 08 October 2023 09:30 AM

දඩය ගෙවිය යුතු මට්ටමින් පැනවිය යුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට නියාමනයක් ඕනෑ ඇයි?
2023 දෙසැම්බර් මස 09 100 0

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ‘ලංකාදීප’ යේ පසුගියදා පළවූ වාර්තාවක සඳහන් ව


මිථ්‍යාව වපුරා ජනතාව සූරාකන බඩගෝස්තරවාදියෝ
2023 දෙසැම්බර් මස 08 379 0

විද්‍යාව කෙතරම් ඉහළට දියුණු වුවද මිථ්‍යාවට තවමත් වැඩි ඉඩකඩක් තිබේ. යම් අයකු අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී විවිධ ගුරුකම්, තොවිල් නැටීම්


සමාජය මේ තරමටම පිරිහෙන්නේ ඇයි?
2023 දෙසැම්බර් මස 06 340 0

ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් තිබෙන්නේ ද යන සැකය තීව්‍රවන සිදුවීම් බහුලවෙමින් තිබේ. නීතියේ ආධිපත්‍ය පොදු සමාජ අපේක්ෂාව වුවද එය යථාර්ථයක් බවට පරිවර්තනය


ග්‍රාමීය රෝහල් වැසී යන්න දෙනු එපා
2023 දෙසැම්බර් මස 06 150 0

දිවයින පුරා ග්‍රාමීය රෝහල් හතළිහක් මේ වනවිට වැසීගොස් තිබෙන අතර තවත් රෝහල් සියයකට ආසන්න ගණනක් වැසී යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉකුත්දා


සංචාරකයන්ගේ අගය නොදන්නා මිනිස්සු
2023 දෙසැම්බර් මස 05 1220 8

ඇල්ල සංචාරකයන්ට පාරාදීසයක් වනවිට එම ප්‍රදේශයේ වටිනාකම පිළිබඳ ඉහළම අවබෝධයක් සංචාරක ව්‍යාපාරය ඇසුරින් තම ජීවනෝපාය සලසා ගන්නා ප්‍රදේශවාසීන් තුළ තිබිය


ඖෂධ ජාවාරමුන්ගෙන් ජනතාව බේරාගන්න ක්‍රමයක් නැද්ද?
2023 දෙසැම්බර් මස 04 140 1

අප රටේ ජනතාවට වැඩි වශයෙන් කෑමට බීමට තිබෙන්නේ වස මුසු ආහාරපානය. එමෙන් ම ඉතා අපිරිසුදු ලෙස ඇසුරුම් කරන ලද ආහාරපාන ය. ලෙඩට දුකට ගැනීමට තිබෙන්නේ ප්‍රමිතියෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1031 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 777 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4807 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site