IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත් 22 දෙනකුට රෝහල් ගතවීමට වූ සිද්ධිය රටම කම්පනයට පත්කර තිබේ. රටේ දිනපතා සිදුවන මාර්ග අනතුරුවලින් විශාල පිරිසකට දිවි අහිමි වන තත්වයක් පවතිද්දී මේ ආකාරයට ක්‍රීඩා තරගයකදී හත් දෙනකුට දිවි අහිමිවීම බරපතළ ඛේදවාචකයක් වශයෙන් අපි දකිමු.

අනතුරින් මියගිය පිරිස අතර 08 හැවිරිදි දැරියක සහ ඇයගේ මුත්තණුවන්ද තරග නිරීක්ෂකයන් සිවු දෙනකුද සිටින බවත් අනතුර සම්බන්ධයෙන් තරග ධාවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිටින බවත් සඳහන්ය. අනතුර සිදුවී ඇතැයි පැවසෙන්නේ ධාවනයේ යෙදී සිටි එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ලිස්සා ගොස් පිට පැන්න අවස්ථාවේ එය නැරඹීමට එතැනට දිවගිය පිරිසක් මැදට ධාවනයේ යෙදී සිටි තවත් මෝටර් රථ දෙකක් කඩා වැදීම හේතුවෙන් බව පොලිස් ආරංචිමාර්ග වලින් ප්‍රකාශ වී තිබිණි.

මේ අවාසනාවන්ත අනතුරින් මියගිය සියලු දෙනාගේ සමීප ඥාතීන්ට අපගේ ශෝකය මුලින්ම පළකරමු.  තුවාල ලබා රෝහල් ගතව සිටින සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. එසේම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන සියලු පරීක්ෂණ වාර්තා රටේ මහජනතාවටද දැනගැනීමට සැලැස්විය යුතු බවද සිතමු.

එය කෙසේ වුවද මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙන කරුණු අනුව අපට පෙනී යන්නේ මෙවැනි තරගාවලියක් පැවැත්වීමේදී රිය ධාවකයන්ගේත් නරඹන්නන්ගේත් ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික ආරක්ෂක පියවර හෝ ගෙන  නොතිබූ බවය. එවැනි පියවරක් අනුගමනය කර තිබුණා නම් එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන්න වහාම එම ස්ථානයට නරඹන්නන්ට යාමට හැකියාවක් නොතිබිය යුතුය. අඩුම තරමින් තරග නිරීක්ෂකයන්ට හෝ ප්‍රමාණවත් ආරක්ෂක පියවර පිළිබඳ අවබෝධයක් තිබී නැති බවද පැහැදිලිය. එවැනි අවබෝධයක් තිබුණේ නම් නිරීක්ෂකයන් මුලින්ම කළ යුතුව  තිබුණේ ධාවන පථයට නරඹන්නන් පැමිණීම වැළැක්වීමත් ඊළඟට පැමිණෙන මෝටර් රථ පිළිබඳ අනතුරු ඇඟවීමත්ය. එහෙත් ඒ වෙනුවට සිදුව ඇත්තේ ඔවුන්ගෙන් සිව් දෙනකුද අනතුරින් ජීවිතක්ෂයට පත්වීමය. මෙවැනි තරගාවලියක තිබිය යුතු ආරක්ෂාව පිළිබඳ මූලික නීතිරීති හෝ පිළිපැදීමට අසමත්ව තිබෙන බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.

ජාත්‍යන්තර මට්ටමින් සලකන විට මෙවැනි ධාවන තරග පැවැත්වීමේදී මූලික වශයෙන් ගනු ලබන ආරක්ෂක පියවර දෙකක් තිබේ. අනතුරක් සිදුවිය හැකි බව ප්‍රමුඛතම අවදානම වශයෙන් සලකා මෝටර් රථ ධාවකයන්ගේත් තරග නරඹන්නන්ගේත් ආරක්ෂාවට අනුගමනය කළ යුතු එම පියවර නොගෙන මේ ධාවන තරග පැවැත්වීමට සංවිධායකයන්ට ඉඩක් නැත. ඒ සඳහා තරග නරඹන්නන් රැඳී සිටින ස්ථාන උසින් පිහිටිය යුතු අතර ලිස්සා යන මෝටර් රථ විශාල අනතුරකට ලක්වීම වළක්වාගැනීමට ඉහළ තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් නිර්මාණය කෙරෙන සැහැල්ලු බැමි ඉදිකර තිබිය යුතුය. එම ක්‍රම දෙකෙන් රිය ධාවකයන් සහ නරඹන්නන් දෙපිරිසටම ආරක්ෂාව සැලසෙන අතර කිසිදු නරඹන්නකුට ධාවන පථය අසලට පැමිණීම සපුරා තහනම්ය. එහෙත් ‘ෆොක්ස්හිල්‘ ධාවන තරග සඳහා මෙවැනි ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ආරක්ෂක විධිවිධාන යථා පරිදි ක්‍රියාත්මක කර කොතිබීම මේ විශාල ඛේදවාචකයට හේතුවී තිබෙන බව පෙනෙන්නට තිබේ.

අනතුරක් සිදුවූ ස්ථානයකට ඉවක්බවක් නොමැතිව කඩාවැදීමට ඇතැමුන්ට තිබෙන නොඉවසිල්ලද මේ ඛේදවාචකයට තීරණාත්මක සාධකයකි. අනතුරේ පළමු සෙල්ෆිය ගැනීමටත් හැකි ඉක්මනින් තමන්ගේ මුහුණුපොතේ තමන් එතැන සිටි බව පළකිරීමටත් තිබෙන උන්මාදයද ඇතැම්විට මේ අනතුරේ බරපතළකම නරඹන්නන්ට නොදැනීමට හේතු වෙන්නටත් ඇත. ඒ අතින් මේ සිද්ධිය කිසිදු විනයකින් තොරව තමන්ගේ ආරක්ෂාවද පරදුවට තබමින් සමාජ මාධ්‍ය පරිහරණය කරන සියලු දෙනාටද උගන්වා ඇත්තේ ඉතා වේදනාක්මක පාඩමක් බවද කිව යුතුය.

අනතුර සිදුවූ පසුව තරගාවලිය නවත්වා දැමීම අශ්වයා පැනගියාට පසුව ඉස්තාලය වසා දැමීම හා සමානය. ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශයට පත්ව ඇති ආරක්ෂක පියවර නිසි පරිදි අනුගමනය කර තිබුණා නම් මේ ඛේදවාචකය වළක්වා ගත හැකිව තිබූ බව අපගේ විශ්වාසයයි.

(***)



අදහස් (8)

නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම

ලිලිපුට් Tuesday, 23 April 2024 02:07 PM

කතුවැකිය 100% නිවැරදිය.

:       1       9

lokuge Tuesday, 23 April 2024 06:19 PM

රණවිරුවන්ට අත නොතබනු...!

:       7       4

chandima Tuesday, 23 April 2024 08:37 PM

මේකෙන් කොහේද අපේ අය පාඩම් ඉගෙන ගන්නේ..? අවුරුදු 70ක් කෙළවලාත් තවම පාඩමක් ඉගෙනගෙන නැති කොට?

:       1       17

sam Tuesday, 23 April 2024 09:08 PM

තරගාවලියක් පැවැත්වීමේදී රිය ධාවකයන්ගේත්, නරඹන්නන්ගේත් ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික ආරක්ෂක පියවර හෝ ගෙන නොමැත. මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට "පැන්න වහාම" මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැනීමක් සිදු නොවේ. එයට හේතුව නම් ආරක්‍ෂිත පැති බැමි සකස් විය යුතුවන්නේ (පැති බැම්ම මේ ආකාරයට නොව / ) (පැති බැම්ම මෙසේ සකස් විය යුතුවේ l) පැති බැම්ම මෙසේ ( / ) සකස් කළවිට වේගයෙන් පැමිණෙන රථයක් පහසුවෙන්ම ධාවන පථයෙන් ඉවතට පැනීමක් සිදුවේ. මේ තරගයේදීද සිදුව ඇත්තේ එවැනි සිදුවීමකි.

:       2       4

sam Tuesday, 23 April 2024 09:09 PM

මෝටර් රථයක් ධාවන තරග පැවැත්වීම සඳහා නිසි ප්‍රමිතියකින් යුතු ධාවන පථ, තරගාවලියක් පැවැත්වීමේදී රිය ධාවකයින්ගේත්, නරඹන්නන්ගේත් ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික ආරක්ෂක පියවර, ධාවකයින්ගේ හැකියාවන් පළපුරුද්ද, එම මෝටර් රථවල තත්වයෙන් පිළිබඳවත් තරග පැවැත්වීම සඳහා නිසි අනුමැතිය ලබාගත යුතුවේ. නිසි ජාත්‍යනතර ප්‍රමිතියකින් යුතුව ධාවන පථ සකස් කර ඇත්නම් විදෙස් සංචාරකයන් පවා පැමිණෙනු ඇත. මෙවැනි සැලසුමක් නොමැති අතුරේ යන්නාවූ වැඩසටහන නවත්වා සැලසුමක් සහිතව පුළුල් දැක්මක් සහිතව මෝටර් රථයක් ධාවන තරග පැවැත්වීමට පසුබිම නිර්මාණය කිරීම සඳහා දේශීය හෝ විදේශීය ආයෝජකයකු වෙත ලබාදීම සිදුවිය යුතුවේ...

:       1       5

prasanka Wednesday, 24 April 2024 03:50 PM

දෙයක් වුණාම ඔස්තාර්ලා වගේ කතා කරලා වැඩක් නෑ..

:       9       3

wedage Friday, 26 April 2024 10:08 AM

මේවා රනිල්ගේ වැඩ...

:       0       3

Muthukumara Saturday, 27 April 2024 07:54 PM

මම ලිලිපුට් සමග එකඟ වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1046 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1080 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 417 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site