IMG-LOGO

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් තීන්දුවක් ගෙන ඇති බව පසුගිය දා වාර්තා විය. වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය වරින්වර පහළ දැමීම නිසා දැඩි දුෂ්කරතාවකට පත්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම තීන්දුව මහත් අස්වැසිල්ලක් වනු ඇත. ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබීම මේ තීන්දු ගැනීමට හේතුවීදැයි අප නොදන්නා නමුත් ගනු ලැබූ මේ තීන්දුව හැකි ඉක්මනින් ක්‍රියාත්මක වීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පැසසුම් රජයට හිමිකර දෙන බව නිසැකය.

රජය මගින් ගනු ලැබූ තීන්දුවට අනුව අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් ලක්ෂ 10ක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ඉදිරි වසර දෙකක කාලය තුළ දී සියයට 10ක වාර්ෂික පොලී අනුපාතයක් ලබා දීමට නියමිතය. එයින් වාර්ෂිකව සියයට 2.5 ක පමණ අතිරේක පොලී මුදලක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හිමිවනු ඇත.

රජයේ මේ තීන්දුව යහපත් තීන්දුවක් බව සඳහන් කළ යුතුය. එහෙත් ඒ සමග පෙන්වා දිය යුත්තේ මීට පෙර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා උපරිම ලක්ෂ 15ක් දක්වා සියයට 15ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට කටයුතු කර තිබූ බවය. ඒ අර්ථයෙන් ගත් කල නව තීන්දුවෙන් සිදුවී ඇත්තේ මෙතෙක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බලපෑ අසාධාරණයෙන් ඉවත් කර ඇත්තේ සුළු ප්‍රතිශතයක් පමණක් බවය. වර්තමානයේ වැඩිවී තිබෙන ජීවන වියදම සමග ගළපා ගැනීමේ දී මෙසේ වැඩිවෙන පොලී මුදල කිසිසේත් ප්‍රමාණවත් නැත. එය පෙර පරිදිම සියයට 15 දක්වා උපරිම රුපියල් ලක්ෂ 15කට ලබා දීමට හැකියාව තිබේදැයි සලකා බැලිය යුතු බව අපගේ හැඟීමයි.

මේ සමග සිහිපත් කර දිය යුත්තේ මේ දක්වා කපාගෙන ඇති සියයට 5 රඳවා ගැනීමේ බද්ද පවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත තවමත් ආපසු නොගෙවා ඇති බවය. මෙය ආපසු ගෙවන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා අවස්ථා ගණනාවක දී පොරොන්දු විය. එහෙත් එය දේශපාලනඥයන් විසින් ජනතාවට ලබාදෙන තවත් එක් සුපුරුදු කඩවුණු පොරොන්දුවක් බවට පත්ව තිබේ. අප වරින් වර පෙන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුහුණ දී සිටින බරපතළ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලටගෙන හෝ මේ රඳවා ගැනීමේ බදු අයකර ගැනීමෙන් වළකින ලෙසටය. එහෙත් එය වගකිව යුතු කිසිවකු සැලකිල්ලට ගෙන නැති බව එම තීන්දුව ආපසු හැරවීමට ක්‍රියා නොකිරීමෙන් පෙනී යයි. අප යළිත් වරක් මේ කාරණය රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතාගේ අවධානයට යොමුකරන්නේ ඔහු මේ සම්බන්ධයෙන් ලබාදී තිබෙන පොරොන්දුව ද යළි සිහිපත් කරවමිනි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලක්ෂ 15ක ස්ථාවර තැන්පතුවකට සියයට 15ක් දක්වා වැඩි පොලී අනුපාතිකයක් ලබා දීමට පියවර ගනු ලැබුවේ විශ්‍රාම වැටුපක් අහිමි පෞද්ගලික අංශයේ සේවය කර විශ්‍රාම ලබන පුද්ගලයන්ගේ ආර්ථික දුෂ්කරතා හේතුවෙනි. මේ අත්දැකීමට මුහුණ දෙන පුද්ගලයා විශ්‍රාම ලැබීමෙන් පසුව තමන්ගේ සියලු අවශ්‍යතා සපුරාගත යුතු වන්නේ තම අතට ලැබෙන ඊ.පී.එෆ්. මුදල බැංකුවල තැන්පත් කර ලැබෙන පොලියෙනි. ජල, විදුලි බිල්පත් ගෙවීම්, දුරකථන සඳහා වැයකිරීම් මෙන්ම ආහාර සහ බෙහෙත් සඳහා ද වියදම් දැරීමට එම පොලිය උපකාරී විය.

එසේ තිබිය දී බැංකුවල පොලී අනුපාත වැඩිවීමට සාපේක්ෂව තැන්පතු සඳහා ලැබුණු පොලිය ද වැඩිවෙද්දී සියයට 15 පොලිය ගෙවීම සියලු දෙනාට අමතක විය. එහෙත් වැඩි වූ පොලිය පහළ එද්දී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩිපුර පොලියක් ලබාදීම බලධාරීන් විසින් වුවමනාවෙන්ම අමතක කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් වරින් වර සිදු වු කරුණු දැන්වීම් හේතුවෙන් රජය මෙසේ සියයට 10ක් දක්වා පොලිය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවද පෙනී යයි. එසේ වුවද මීට පෙර ගෙවූ රුපියල් ලක්ෂ 15කට සියයට 15 පොලිය යළි ලබා දීමට ක්‍රියා කිරීම වඩා වැදගත් බව ද පෙන්වා දිය යුතුය.

 

(***)



අදහස් (1)

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?

Chathuri Wednesday, 14 August 2024 05:31 AM

මොවුන්ට ජනතාව ගැන පුදුම දුකක් දැනෙන්නේ. ඡන්දයක් එන්නම ඕනෑ. දැන්නම් හරි ආදරෙයි. හැම දේම හොයලා බලනවා. මේ හිවලුන්ට. සල්ලි වියදම් වුණාට ප්‍රශ්නයක් නැහැ.. මාස හයෙන් හයට ඡන්ද තියන්න ඕනෑ. අවුරුදු පහකට සැරයක් මොවුන්ගේ පපුවේ ලේ උණුවෙන්නේ... ඒකත් රඟපෑමක්. මෙදාසැරේ. සේරම සේසතත් බෙදලා තමයි කට්ටිය හිරේ යන්නේ... බන්ගලී දේසේ වගේ කකුල් දෙකෙන් එල්ලන්න ඕනෑ. මොවුන්ව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site