IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


ගුරු වැටුප් ගැටලුව දිග්ගසන්න දෙනු එපා

වැටුප් ප්‍රශ්නයක් මුල්කර ගනිමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් පද්ධතියම දින දෙකක් අඩපණ විය. එක දිනකට පමණක් සීමා වන වෘත්තීය ක්‍රියාමාර්ගයක් වශයෙන් එය හඳුන්වා දුන්නද විරෝධතාවේ නිරතව සිටි පිරිසට එල්ල කළ පොලිස් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් එය දින දෙකක් දක්වා දීර්ඝ විය. ඒ හේතුවෙන් මෙරට පාසල් දරුවන්ට දින දෙකක අධ්‍යාපන කාලයක් අහිමි වී ගියේය.

ගුරු-විදුහල්පතිවරුන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ ඔවුන්ට හිමි විය යුතු වැටුප් වැඩි වූ ප්‍රමාණයේ තුනෙන් දෙකක හිඟ වැටුප් කොටස ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් බව සඳහන්ය. එම ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියාමාර්ගයේ එක් පියවරක් වූ කොළඹ කොටුවේ පැවැත්වූ විරෝධතාවට දිවයින පුරා සේවය කරන ගුරු විදුහල්පතිවරුන් බොහෝ පිරිසක් සහභාගි වී සිටි බවත්, ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගය පාලනය කිරීම සඳහා පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව යොදවා  තිබූ බවත්, කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබුණේ විරෝධතාකරුවන් මුදල් අමාත්‍යාංශය කරා ගමන් කිරීම වැළැක්වීම සඳහා බවත් සඳහන්ය.

ගුරු-විදුහල්පතිවරුන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම අකැප නැත. ඔවුන්ට ද වෘත්තීය සමිති අයිතියක් තිබේ. එහෙත් ඔවුන් ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගවලින් බලපෑම් එල්ලවෙන්නේ මේ රටේ පාසල් යන දරු පරපුරට බව ද මෙහිදී අමතක නොකළ යුතුය.

දින දෙකක් පිට පිටම පාසල් ගේට්ටුවලට ඉබි යතුරු වැටීමේ පාඩුව මුදලින් ගණන් බැලිය නොහැකිය. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් පද්ධතියට සිදුවූ හානිය වළක්වා ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග තවමත් අවසන් වී නොමැත. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග තවමත් නියමිත කාලසීමාවට පවත්වා ගැනීමට නොහැකි වී තිබෙන අතර, ඇතැම් වාරාවසාන පාසල් නිවාඩුව දින දෙක තුනකට සීමා වී තිබේ.

එසේ තිබියදීත් කොරේ පිටට මරේ කීවාක් මෙන් ගුරු-විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් පාසල් වැසීයාම දූ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පැහැර ගැනීමකි. තමන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට ගුරු-විදුහල්පතිවරුන්ට අවස්ථාව තිබුණ ද පාසල් සිසු දරුවන්ට තමන්ට සිදුවන අසාධාරණය කියාපෑමට හඬක් නැගිය නොහැක. ඔවුන්ට කළ හැක්කේ තම මවුපියන් දැනුවත් කිරීම පමණි. එහෙත් මවුපියන්ටද ඒ සඳහා පිළිතුරක් නැත. ඔවුන් සතු එකම විසඳුම දරුවන් පාසල් නොයවා නිවෙසේ රඳවා ගැනීම පමණි.

තමන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වීම ගැන ගුරු-විදුහල්පතිවරුන් වරක් දෙවරක් නොව කිහිප වරක්ම කල්පනාවට ගත යුතු යැයි අප අදහස් කරන්නේ එබැවිනි. අප එසේ කියන්නේ ගුරුවරුන් සතු වෘත්තීය අයිතිවාසිකම්වලට ගැරහීමට නොවේ. දහසකුත් එකක් පීඩා විඳිමින් පාසලට එන දරුවන්ගේ අනාගතය සැලකිල්ලට ගනිමිනි.

පාසලේ ගතකළ යුතු උදයවරුවේ මහ පාරට බැස අව්වේ වේළෙමින් වැස්සට තෙමෙමින් පොලිසියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර කමින් ගුරු විදුහල්පතිවරුන් මෙලෙස සටන් කරන්නේ කැමැත්තකින් නොවන බව ද අපගේ වැටහීමය. ඔවුන්ට විසඳා ගත යුතු බරපතළ වැටුප් විසමතා ගැටලුවක් ඇතුළු ගැටලු ගණනාවක් තිබෙන බවත්, සෑහෙන කාලයක් තිස්සේ ගොඩගැසුණු එම ගැටලු විසඳීමට කිසිදු රජයක් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම ඔවුන් පාරට තල්ලු කිරීමට උත්ප්‍රේරකයක් වී ඇති බවත් පැහැදිලිය. එයට ලබාදිය යුතු විසඳුම පොලිසිය ලවා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නොවන බව අධ්‍යාපන බලධාරීන්ට සිහිපත් කර දීමට ද කැමැත්තෙමු.

සරසවි අනධ්‍යයන සේවක ගැටලුව ද විසඳුමකින් තොරව තවදුරටත් ඇදෙමින් පවතී. එම වෘත්‍තීය සමිති එකතුවේ ප්‍රකාශකයකු කියා තිබුණේ විසඳුමක් ලැබෙන බවක් පෙනෙන තෙක් මානක නොමැති බවකි. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන කටයුතුවලටද බාධා පැමිණ තිබේ. විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට සිටින සිසුන්ගේ එම අවස්ථා කල්යන අතර, උපාධි ප්‍රදානෝත්සවය ද කල්දමා තිබේ. විශ්වවිද්‍යාලවල අැති පරිගණක ඇතුළු ඉතා වටිනා උපකරණ රාශියක් අනතුරේ බවටද තොරතුරු ලැබී තිබේ. මේ ගැටලුවලටද ඉක්මන් විසඳුමක් සියලු පාර්ශවවලට අවධාරණය කරමු.

(***)



අදහස් (1)

ගුරු වැටුප් ගැටලුව දිග්ගසන්න දෙනු එපා

Sammika Tuesday, 02 July 2024 02:38 PM

තව මාස ටිකක් ඉවසලා හිටියානම් හරි නේද අනුරගෙන්ම ගන්න පුළුවන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 289 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1249 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site