IMG-LOGO

ක්‍රිකට් වංශ කතාවේ අපේ අරවින්දය

පින්නදූවගේ අරවින්ද ද සිල්වා යනු ක්‍රිකට් පුරාවෘතයකි. මෙරටින් බිහිවූ සාර්ථකම ප්‍රහාරාත්මක පිතිකරුවා ඔහු බව ඒකාන්තය. මෙරට ක්‍රිකට් වංශ කතාව වෙනස් කිරීමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරය තුළ ඔසොවා තැබීමට අනූපමේය මෙහෙවරක් කළ අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ උපහාරයකින් ඉකුත්දා පිදුම් ලැබුවේය. ඒ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ අතිවිශිෂ්ටයන්ගේ නාමාවලියට අරවින්දගේ නම ඇතුළත් කිරීමෙනි.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ අරවින්ද ක්‍රීඩා සමාජ තරගවලදී පෑ දස්කම් විස්කම් හරහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොරගුළු විවර කර ගත්තේය. ඒ 1984 වසරේදී එංගලන්තයට එරෙහිව ටෙස්ට්වරම හිමිකර ගැනීමෙනි.

අප රටේ දෙකෝටි විසි ලක්ෂයකට අධික ජනතාවක් ජීවත් වුවද ක්‍රිකට් කණ්ඩායමට නම් කරනු ලබන්නේ ක්‍රීඩකයන් 11 දෙනකු පමණි. එසේනම් එම 11 දෙනා තමන් කණ්ඩායමට නම් කිරීමට සාධාරණය ඉටු කළ යුතුය. තමන් 11 දෙනා අතරට අාවේ  අනුපමේය හැකියා සම්පත්තියෙන් බව ඔප්පු කළ යුතුය. අරවින්ද සුවිශේෂී වන්නේ එම සාධාරණත්වය එයට හිමි නිසි අරුතෙන්ම නිසි බරින් හා ගැඹුරින් මෙන්ම නිසි පැහැයෙන්ම ඉටු කළ හෙයිනි. තමන් දක්ෂයකු පමණක් නොව අතිවිශිෂ්ටයකු බවද ඔප්පු කළ බැවිනි.

මෙරට ක්‍රිකට් ශ්‍රී ලංකාවේ ඉහළම අනගිතම ජයග්‍රහණය 1996 වසරේ දිනාගත් ක්‍රිකට් ලෝක කුසලානය වේ. අවසන් මහ තරගය පැවැතියේ පාකිස්තානයේ ලාහෝර්හි ගඩාපි ක්‍රීඩාංගණයේය. ප්‍රතිවාදියා බලසම්පන්න ඕස්ට්‍රේලියානුවෝය. ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම නොව අවසන් මහ තරගයට වරම් ලැබීමද මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සහනයක් බඳු විය.

පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 241ක් රැස් කළහ. ලකුණු හඹා යාම ඇරඹූ ලෝක කුසලාන තරගාවලිය පුරාම ගින්නෙන් ගිනි කෙළි සංදර්ශන පෙන්වූ සනත් ජයසූරියත්, රොමේෂ් කළුවිතාරණත් ඉක්මනින්ම දැවී ගියහ. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අන්ද මන්ද වූහ. පිටියේ සිටි අසංග ගුරුසිංහ සමග එක්වූ අරවින්ද සිය අත්දැකීම් හා පරිණත බව කදිමට ප්‍රදර්ශනය කරමින් ලකුණු පුවරුව ඉහළ දමන්නට පටන් ගත්තේය. කඩා වැටුණු ඉනිම සවිමත් කිරීමට මැනවින් දායක වූ අසංග ගුරුසිංහ ලකුණු 66ක් ලබා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පෙනෙන සීමාවේදී දැවී ගියේය. ඉන් සසල නොවුණු අරවින්ද නායක අර්ජුන රණතුංග සමග එක්ව ජයග්‍රහණය හඹා ගියේ අගනා වටිනා හැඩකාර ශතකයක්ද ලබා ගනිමිනි.

පන්දු යැවීමේදී කඩුලු තුනක් දවා ගත් අරවින්ද එය හා ශතකයේ මහිමයෙන් තරගයේ වීරයා බවටද පත් විය. අද දක්වාම ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ශතයක් සහ කඩුලු 3ක් දවාගත් එකම ක්‍රීඩකයා අරවින්දය.

ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කර ඇති අරවින්ද එහිදී ලකුණු 6361ක් රැස්කර ඇත. ටෙස්ට් ලකුණු හයදහස සීමාව පසුකර ගිය පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා අරවින්දය. එක්දින තරග 308කදී ලකුණු 9284ක් රැස් කිරීමට සමත් වූ අරවින්ද 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේය.

ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටු සභාපති, ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විවිධ වගකීම් දැරූ අරවින්ද මේ දිනවල ඇවිළී යන ක්‍රිකට් ගැටුමේදී ප්‍රකාශ කර සිටියේ ‘‘අපට බාර දෙන්න. අපි ක්‍රිකට් හදන්නම්’’ යනුවෙනි. සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ඔහු මෙරට පමණක් නොව ලෝක ක්‍රිකට් වංශ කතාවෙම අති විශිෂ්ටයකු බවය.

(***)

 



අදහස් (5)

ක්‍රිකට් වංශ කතාවේ අපේ අරවින්දය

ලාස්ටි මෑන් Saturday, 18 November 2023 07:11 PM

එදා තරගයේ දී "ගුරා" ඒ අන්තය ආරක්ෂා කරගෙන අල්ලා ගෙන සිටීමේ උපරිම ඵලය තමයි තරගය දිනීම. නමුත් "ගුරා"ගේ ඒ ඉවසීම, සුපුරුදු වාංමාලා පුංජය කින් දක්වා ඇති පරිදි එම සාධාරණත්වය එයට හිමි නිසි අරුතෙන්ම නිසි බරින් හා ගැඹුරින් මෙන්ම නිසි පැහැයෙන්ම ඉටු කළ හෙයිනි. තමන් දක්ෂයකු පමණක් නොව අතිවිශිෂ්ටයකු බවද ඔප්පු කළ බැවිනි. නැත්තං එදා සුම්මා තමයි.!!

:       5       9

sam Sunday, 19 November 2023 12:24 AM

මුදලට ගිජු දේශපාලන බලපෑම් මත නොව ශ්‍රී ලංකාව වෙනුවෙන් සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මනා අවබෝධයක් තිබෙන්නා වූ විනිවිද බවකින් කටයුතු කළහැකි කණ්ඩායමක් කැපවීමෙන් ක්‍රියාකරන කණ්ඩායමක් යටතට ක්‍රීඩා ආයතනය, තේරීම් කාරක සභාව සහ පරිපාලනය ඇතුළු සියල්ල පත්කළ යුතුවේ.

:       1       11

Senarath Monday, 20 November 2023 02:52 PM

අරවින්ද අති දක්ෂයෙක්... ඒක මුළු ලෝකයම පිළිගන්නවා. ඒකෙ කිසිම විවාදයක් නැහැ. ඔහු ලංකාවේ පමණක් නෙවෙයි.. එංගලන්තයේ මැච් ගහනකොටත් ඒ විශිෂ්ඨ භාවය හොඳින්ම පෙන්නුම් කළා. ඒ සුද්දන්ට අදටත් ඒ තරගවල ඔහු ක්‍රීඩා කළ ආකාරය මැවිලා පෙනෙනු ඇති. සියල්ලන් දැවීයන විටත් අරවින්ද එක් අන්තයක තනියම සටනේ යෙදෙමින් කණ්ඩායම දිනවපු ආකාරය අතිවිශිෂ්ඨයි.

:       1       14

pakeer Monday, 20 November 2023 09:07 PM

96 කණ්ඩායම සමග සසඳන විට දැන් අපට සිටින්නේ... බයියන් වැනි අය... 2000න් පසු ලංකාවේ ක්‍රිකට් ඉවරයි.. දැන් ක්‍රිකට් බලන්නෙත්, ගහන්නෙත් බයියන්..!

:       1       9

ඇන්ටන් Tuesday, 28 November 2023 11:36 AM

අරවින්දගේ සුපිරිම ඉනිම මම දැක්කේ 96 අවසන් පූර්ව තරගයේදී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 36 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site